රුමේනියා–ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා වෙතින්
රුමේනියානු - ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of රුමේනියාව and ශ්‍රී ලංකාව

රුමේනියාව

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර මෑත කාලීන සබඳතා ආරම්භ වන්නේ 1957 වර්ෂයේ සිටයි. ඉන්දියාවේ නව දිල්ලිය හී පිහිටුවා තිබෙන සිය තානාපති කාර්යාලය හරහා රුමේනියාව ශ්‍රී ලංකාව සමග කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව සිය වර්සෝ පිහිටුවා තිබෙන තානාපති කාර්යාලය හරහා රුමේනියාව සමග ගණුදෙනු කරයි.[1] 2003 වර්ෂයේදී එවකට ශ්‍රී ලංකා ජනපතිනිය වූ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, දෙරට අතර පවත්නා සබඳතාව "සමීප සහ මිත්‍රශීලී" එකක් ලෙස හඳුන්වන ලදී.[2]

මුල් යුගය[සංස්කරණය]

1957 සැප්තැම්බර් 15 වන දිනදී, ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර විදේශ සම්බන්ධතා ආරම්භ කෙරුණි. මුල් සමයේදී දෙරට අතර සාමාන්‍ය මට්ටමේ තානාපති සබඳතා පවත්වා ගෙන යනු ලැබූ අතර, 1967 වසරේදී එය තානාපති සේවය සහ සම්බන්ධ අනෙකුත් අනුබද්ධ සබඳතා සහිත මට්ටමක් දක්වා වර්ධනය කෙරුණි. 1963 වසරේදී රුමේනියාව විසින් ශ්‍රී ලංකාවේ කොළඹ වාණිජ කාර්යාලයක් විවෘත කල අතර, 1976 දී එය භාරකාරත්වයක් සහිත (chargé d'affaires) තානාපති කාර්යාලයක් දක්වා වර්ධනය කෙරිණි. 1995 වර්ෂයේදී කොළඹ වෙනුවෙන් වූ රුමේනියානු මෙහෙයුම් (The Romanian Mission in Colombo) නවත්වා දැමුණත්, 1998 වසරේදී නැවතත් රුමේනියානු වාණිජ කාර්යාලයක් කොළඹ පිහිටුවන ලදී.

සංචාර[සංස්කරණය]

1978 වසරේදී, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා රුමේනියාවේ සංචාරයක නිරත විය.[1]

ආධාර[සංස්කරණය]

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව බැට කෑ අවස්ථාවේදී, රුමේනියාව යූරෝ 32,000 ක මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී.[3]

සිදුවීම්[සංස්කරණය]

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලදුව සිටි රුමේනියානු තානාපතිවරයෙක් වූ Clarence Felician Chinniah මහතා[3], 2009 ජනවාරියේදී අභවප්‍රාප්ත වූ අතර,[4][5] එම වසරේ දෙසැම්බරයේදී, Valerica Epure මහත්මිය ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ රුමේනියානු තානාපතිවරිය ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.[6][7][8][9]

2009 දෙසැම්බරයේදී, එනම් ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් වූ වසරේදී, නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකික දමිල සරණාගතයින් 46 දෙනෙකු, ඉන්දුනීසියාව විසින් රුමේනියාවට හරවා යවනු ලැබූහ.[10]

වෙළෙඳාම[සංස්කරණය]

2006 වර්ෂයේදී දෙරට අතර සිදුවූ වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 7.9 ක් වූ අතර, එය 2007 වර්ෂයේදී මිලියන 8.87 ක් දක්වා වර්ධනය විය.[11] රුමේනියාවේ වෙළෙඳපල ඉලක්ක කර ගනිමින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තේ අපනයනය කරනු ලබයි.[12]

ද්විපාර්ශ්වික එකඟතා/ගිවිසුම්[සංස්කරණය]

  • සිලෝන් රජය (THE GOVERNMENT OF CEYLON) සහ මහජන රුමේනියානු ජනරජය (THE GOVERNMENT OF THE RUMANIAN PEOPLE'S REPUBLIC) අතර ගෙවීම් පිළිබඳ ගිවිසුම. (1956 මාර්තු 16)[13]
  • සිලෝන් රජය (THE GOVERNMENT OF CEYLON) සහ මහජන රුමේනියානු ජනරජය (THE GOVERNMENT OF THE RUMANIAN PEOPLE'S REPUBLIC) අතර වෙළෙඳ ගිවිසුම. (1956 මාර්තු 16)[14]
  • සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම පිළිබඳ එකඟතාවය. (1974)
  • ආයේජන දිරිමත් කිරීම සහ එහි ආරක්ෂාව පිළිබඳ එකඟතාවය. (1987)[15]
  • ද්විත්ව බදුකරණය වැලැක්වීමේ එකඟතාවය. (1987)[16]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]