රුක් හා ලඳු වගාව

විකිපීඩියා වෙතින්
හොඳ ආබොරි වගාවක් පවත්වා ගැනීමෙන් මෙම රෑපයේ මෙන් ගස්වල අතු කඩා වැටීමේ අනතුර අඩුකරගත හැක.

රුක් හා ලඳු වගාව යනු ගස් හා පඳුරු වගාවයි. මෙම ක්ෂේත්‍රයට ඒවා වර්ධනය වන ආකාරය වගා ක්‍රම වලට හා පරිසරයට දක්වන ප්‍රතිචාර මෙන්ම වගාකිරීමේ අංගයන් වන තේරීම ,අවධානය සහ ඉවත් කිරීම වැනිදේ ඇතුලත් වේ. සාමාන්‍ය අභිමතාර්ථය වන්නේ ගස් වල අලංකාර භාවය සලකා ගැනීමයි මෙම ශාකවල දැවමය අගයට වඩා භූ දර්ශණයට ලැබෙන අගය ඉතා ඉහළය. ශාක පාරිසරික ප්‍රතිලාභ ලබාදෙන අතර සංස්කෘතික, පාරම්පරික වටිනකම් හා සතුනට නිවහනක් සපයයි. සෞන්දර්‍ර්ය ඇතුළු ඒකාබද්ධ වටිනාකම වන ගත දැව වගාවක වටිනාකමට වඩා ඉහළ ය. අලංකාර ගස් සාමන්‍යයෙන් උද්‍යානයක හෝ නාගරික වටපිටාවක පවතින අතර ආබොරි වගාවේදී ශාකයේ සෞඛ්‍ය හා දීර්ඝායුෂ, පලිබෝධ හා රෝග වලට ප්‍රතිරෝධීවීම ආපදා කළමණාකරනය සහ අලංකාරභාවය හෝ සෞන්දර්ය කළමණාකරනය කරයි. මෙහිදී එය වන විද්‍යාවෙන් එනම් වාණිජ‍ය අරමුණු සඳහා දැව නිපදවීම හා පරිහරණය සහ වෙනත් වගා සහ වනාන්තර වලින් ගන්නා වෙනත් වන නිශ්පාදන වලින් වෙනස් වේ. ආබොරි වගාවේ ඇතැම් විස්තර කිරීම් වලදී එය ගස් වළට සාත්තුකිරීම ලෙස පමණක් දැක්වේ. රුක් හා ලඳු වගා කර්මය ආබෝ මූර්ති කලාවට සමානාර්ථ පදයක් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=රුක්_හා_ලඳු_වගාව&oldid=464206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි