රැහැ සමාජය

විකිපීඩියා වෙතින්

රැහැ සමාජයක් යනු මානව සමාජයක සරලතම ආකාරයයි. රැහැයක් සාමාන්‍යයෙන් සමන්විත වන්නේ විතත පවුලක් හෝ වරිගයක් නොඉක්මවන කුඩා ඥාති සමූහයකිනි; එය අර්ථ දක්වා ඇත්තේ පුද්ගලයන් 30 සිට 50 දක්වා ප්‍රමාණයකට වඩා අඩංගු නොවන ලෙසටය.[1]

රැහැයකට ඇත්තේ ලිහිල් සංවිධානාත්මක ව්‍යුහයකි. ඔවුන්ගේ බල ආකෘතිය බොහෝ විට මානව සමානතාවාදී වන අතර අනාකෘතික නායකත්වයක් සහිත වෙයි; මාර්ගෝපදේශය හා උපදෙස් තකා රැහැයෙහි වියපත් සාමාජීකයන් වෙත පිවිසෙන අතර, තීරණ ගැනීම බොහෝවිට සම්මුතිමය පදනමක් මත සිදුවන නමුත්,[2] ලිඛිත නීති කිසිවක් නොමැති අතර වඩාත් සංකීර්ණ සමාජයන්හී හමුවන විශේෂිත බලාත්කාර භූමිකාවන් (නිද. පොලීසිය) කිසිවක් මෙහි නොපවතියි. රැහැයන්ගේ චාරිත්‍ර බොහෝවිට එවිටම වාචිකව සම්ප්‍රේෂණය කෙරෙයි. විධිගත සමාජීය ආයතන අල්ප වශයෙන් පවතියි හෝ නොපවතියි. ආගම සාමාන්‍යයෙන් පවුල් සම්ප්‍රදායය, පෞද්ගලික පලපුරුද්ද, හෝ යකැදුරෙකු වෙතින් උවදෙස් ගැනුම මත පදනම් වෙයි. අප දන්නා සියළුම රැහැ සමාජ විසින් ඔවුන්ගේ යැපීම සඳහා දඩයම් කිරීම හා ඵලවැල රැස්කිරීම සිදුකරති.

ආශ්‍රිත[සංස්කරණය]

  1. බෑන්ඩ් (1973). එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා, 15වන සංස්., වෙළුම. I. ලන්ඩනය: එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා, සමාගම. 780.
  2. Erdal, D. & Whiten, A. (1996) "Egalitarianism and Machiavellian Intelligence in Human Evolution" in Mellars, P. & Gibson, K. (eds) Modelling the Early Human Mind. Cambridge Macdonald Monograph Series
"https://si.wikipedia.org/w/index.php?title=රැහැ_සමාජය&oldid=251519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි