රාහුල විද්‍යාලය
| රාහුල විද්‍යාලය, මාතර | |
| ස්ථානය | |
|---|---|
| Matara, ශ්‍රී ලංකාව |
|
| තොරතුරු | |
| වර්ගය | පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි. |
| ආදර්ශ පාඨය | අත්‍තානං දමයන්ති පණ්ඩිතා ("බුද්ධිමතා තමා විසන් තමාව ම පාලනය කරගනි යි." යන්නෙහි පාලි අර්ථයයි) |
| ස්ථාපිත | 1923 |
| ශ්‍රේණි | 1–13 |
| සිසුන් ගණන | 6000 ට වඩා වැඩි |
| වර්ණය(න්) | නිල් සහ රන් |
| අනුබැඳිය | මාතර බෞද්ධ සංගමය (1923) |
| වෙබ් අඩවිය | www.rahulacollege.org |
රාහුල විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
1923 මැයි මස පළමු වැනි දින ශ්‍රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංගගේ මෙහෙයුමෙන් මාතර බෞද්ධ සංගමය විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස පරාක්‍රමබාහු විද්‍යාලය යන නමැතිව විද්‍යාලයක් අරඹන ලදී.
රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති පාසල් වලින් එකකි. රාහුල විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.
ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ ද්විත්‍වයෙකි.
පටුන |
[සංස්කරණය] අතීතය
1921 දී එවකට ගාල්ල මහින්ද විද්‍යාලයාධිපති එෆ්. ගෝර්ඩන් පියර්ස්, ඩී.ටී.ඩබ්. රාජපක්‍ෂ රාළහාමි සහ ශ්‍රීමත් ආර්. ඒ. ඩී. ගුණවර්ධන මහා කුලතුංග මාතර බෞද්ධ සංගමය ආරම්භ කළහ. 1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්‍රමබාහු විද්‍යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි.
පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය.
මඳ කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා විසින් පරාක්‍රමබාහු විද්‍යාලය වෙත පරිත්‍යාග කරන්නට යෙදුනු, වර්තමානයේ පුරාවිද්‍යා උරුමයක් ලෙසින් සංරක්‍ෂිත සරම් මුදලි වලව්ව වෙතට පාසල ගෙනයන ලදී. එතැන් පටන් පරාක්‍රමබාහු විද්‍යාලය රාහුල විද්‍යාලය යන නමින් හඳුන්වයි.
[සංස්කරණය] වත්මන් රාහුලය
අද දින වන විට රාහුල විද්‍යාලය, විද්‍යාලයාධිපති නිමල් දිසානායක විසින් මග පෙන්වන 200 කට වැඩි ගුරු මණ්ඩලයකින් හා 6000 කට වැඩි සිසුන් පිරිසකගෙන් සමන්විත වන්නේ ය. ශ්‍රී ලංකා වේ ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින රාහුලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. රාහුලය විසින් වාර්ෂිකව ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත රාහුලයන් රාශියක් ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වෙත දායාද කරනු ලබයි.
[සංස්කරණය] ප්‍රාථමික අංශය
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සුදර්ශන ආදර්ශ විද්‍යාලය ප්‍රතිස්ථාපනය කෙරෙමින් ක්‍රි.ව. 1991 දී ආරම්භ කරන ලද්දකි.
[සංස්කරණය] විද්‍යාලයාධිපතිවරු
| # | කාලය | නම |
|---|---|---|
| 1 | 1923 – 1932 | ජී. විලියම් ද සිල්වා |
| 2 | 1932 – 1936 | ආචාර්ය සී. අමිර්තලින්ගම් |
| 3 | 1936 – 1937 | ජේ. ආර්. බාර්ට් |
| 4 | 1937 – 1956 | ඩී. ජේ. කුමාරගේ |
| 5 | 1956 – 1973 | බී. පී. ආරියවංශ |
| 6 | 1973 – 1979 | බී. සූරියආරච්චි |
| 7 | 1979 – 1983 | ඒ. එච්. ගොඩවිතාරණ |
| 8 | 1983 – 1986 | පී. විජේවර්ධන |
| 9 | 1986 – 1987 | මහින්ද ජාගොඩ |
| 10 | 1987 – 1989 | එන්. වීරතුංග |
| 11 | 1989 – 1990 | ඒ. එම්. ලියනගේ |
| 12 | 1990 – 1998 | එන්. ආරියවංශ |
| 13 | 1998 – 2002 | සරත් ගුණරත්න |
| 14 | 2002 – 2010 | කිත්සිරි ලියනගමගේ |
| 15 | 2010 – | නිමල් දිසානායක |
[සංස්කරණය] රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම →[Team|RCMweb]
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2005 වසරේ උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ සමගම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම (Team|RCM Web) ඇරැඹිනි. එම ව්‍යාපෘතිය විද්‍යාලයීය ආචාර්යවරුන් වන පූජ්‍ය බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්‍ෂණයට ලක්විය.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග පවත්වන දෙනුවර සටන ක්‍රිකට් මහ තරගය සජීවීව අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ ප්‍රධාන කාර්යයකි.
[සංස්කරණය] විද්‍යාලයීය ගීතය
ශ්‍රී ලක නිළඹරයේ හි
තරිඳු ලෙසා වේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ
ශිල්ප සතර දෙන සාරා සිසු සෑමා
ගුණ නුවණ වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහි පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා
නේ දන සෑම පසස්නා
තුති කරනා නිති ගුණ සෝභා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ //
[සංස්කරණය] විද්‍යාලයීය නිවාස
විද්‍යාලයීය නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළ ගස්වා ඇත.
- අශෝක පැහැය : රතු
- ගැමුණු පැහැය : නිල්
- පරාක්‍රම පැහැය : කහ
- විජය පැහැය : කොළ
[සංස්කරණය] ක්‍රීඩා
[සංස්කරණය] දෙනුවර සටන (Battle of Two Cities)
රාහුල විද්‍යාලයීය වාර්ෂික ක්‍රිකට් මහ සටන පැවැත්වෙන්නේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමගිනි. පළමු “දෙනුවර සටන” පැවතියේ ක්‍රි.ව. 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය.
ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි.
ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.