රාමඤ්ඤ නිකාය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රාමඤ්ඤ නිකාය ශ්‍රි ලංකාවේ පවතින ප්‍රධාන බෞද්ධ නිකායකි. රාමඤ්ඤ නිකාය තායිලන්තයේ පවතින තම්මයුක්ත නිකායට සමරූපී වේ. වර්තමනය වනවිට රාමඤ්ඤ නිකාය තායිලන්තය, බුරුමය හා ශ්‍රී ලංකාවේ පවතී.

ආරම්භය[සංස්කරණය]

එය ආරම්භ වුයේ 1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උපෝසථාගාරයේදී උපසම්පදා කර්මය සිදුකිරීමෙනි[1]. අඹගහවත්තේ සරණංකර සාමනේර වහන්සේ බුරුමයට ගොස් එහි විසු රත්නපුන්න විහාරයේ ගරු ඥානධර්ම සංඝරාජ ස්වාමින් වහන්සේගෙන් උපසම්පදාව ලබා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුවය.

එක් කුලයක භික්‍ෂූන් මෙම නිකායේ බහුල වීම[සංස්කරණය]

අඹගහවත්තේ සරණංකර හිමියන් උපතින් සලාගම කුලයට අයත් බැවින් සහ සලාගම, කරාව වැනි කුල වල (එනම් ගොවි කුලයෙහි නොවන) පුද්ගලයන් සියම් නිකායෙහි සසුන්ගත ‍කරගන්නේ නොමැති බැවින්, සලාගම කුලයේ දරුවන් සසුන්ගත කරවීමේදී රාමඤ්ඤ නිකාය තෝරාගැනීම බොහෝවිට සිදුවිය. මෙය බුදුන්වහන්සේ වදාල ධර්මයට විරුද්ධ පැවැත්මකි.

ආශ්‍රිත වෙනත් ලිපි[සංස්කරණය]

  1. http://www.divaina.com/2014/01/20/news04.html
"http://si.wikipedia.org/w/index.php?title=රාමඤ්ඤ_නිකාය&oldid=287041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි