රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකා
පේරාදෙණිය මල්වත්ත
වර්ගය උද්භිද උද්‍යානය
පිහිටීම පේරාදෙණිය, ශ්‍රී ලංකා
ඛණ්ඩාංක 7°16′16″N 80°35′44″E / 7.27111°N 80.59556°E / 7.27111; 80.59556 (Botanical Garden of Peradeniya)ඛණ්ඩාංක: 7°16′16″N 80°35′44″E / 7.27111°N 80.59556°E / 7.27111; 80.59556 (Botanical Garden of Peradeniya)
වපසරිය අක්කර 147
විවෘත කිරීම වර්ෂ 1750 පමණ කාලයේ
නඩත්තු කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව
තත්වය වසර පුරාම විවෘතයි

ශ්‍රී ලංකාවේ රාජකීය උද්භිද උද්‍යානය, පේරාදෙණියේ පිහිටා ඇත.

ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිත උද්‍යාන හතරෙන් ප්‍රධානම උද්භිත උද්‍යානය පේරාදෙණිය උද්භිත උද්‍යානයයි . මෙහි භූමී ප්‍රමාණය අක්කර 147 ක් වේ .මුහුදු මට්ටමේ සිට මීටර් 460 ක් උසින් පිහිටා ඇත . නුවර සිට කිලෝමීටර් 5.5 ක් බටහිරට වෙන්න පිහිටා ඇත .වසරේ දින 365 න් දින 200 ක් ම වාර්ෂික වර්ෂා පතනයක් මෙයට ලැබේ .වාර්ෂිකව දෙස් විදෙස් ආකර්ශකයින් මිලියන 2ක් පමණ මෙහි පැමිණේ . මෙම උද්‍යානය ඔකිට් විශේෂයන් සදහා ප්‍රසිද්දියක් උසුළයි එසේම මෙහි ශාක විශේෂයන් 4000 ට වඩා ඇත .ඒ අතර විශේෂයෙන්ම බෙහෙත් පැළඇටි ,කුළු බඩු ශාක ,තාල වර්ගයට අයත් ශාක සහා ඔකිට් විශේෂයන් වේ .වර්තමානයේ මෙහි වැඩකටයුතු කරගෙන යන්නේ උද්භිත උද්‍යාන දෙපර්තුමෙන්තුවත් කුෂිකර්ම දෙපර්තුමෙන්තුවත් ඒකාබද්ධවය. මෙහි ඉතිහාසය 1371 දක්වා දිවයයි .තුන්වන වික්‍රමබහූ රජුගේ රාජ සභාව පිහිටා තිබි තියෙන්නේ වර්තමානයේ මෙම උද්‍යානය පිහිටා තිබු ප්‍රදේශයේ මහවැලි ගග අසලය .එසේම මෙම භුමියේ විමලධර්ම රජු විසින් විහාරයක් ඉදිකළ බවත් පසුව ලංකාව 1815 වේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු එම විහාරය කඩා බිද දමා විනාශ කළ බවත් සදහන් වෙයි .පසුව මෙහි උද්භිත උද්‍යානයක් සැකසීමට අවශ්‍ය බිම් සැකැස්ම කර ඇත්තේ 1821 ඇලෙක්සැන්ඩර් මූං විසින්ය .1912 දී මෙහි අයිතිය කුෂිකර්ම දෙපාර්තුමේන්තුවට පැවරී ඇත .මෙහි ඉපැරණි තාල වර්ගයට අයත් ශාක දැකිය හැකි අතර ලංකාවේ පළමු තේ පැළය සිටුවා ඇත්තේ මෙම උද්‍යානයේදීය .ඉංග්‍රීසින් විසින් මෙම උද්‍යානය කර ඇත්තේ තම විවේක කාලය නිදාසේ ගෙවීමටය .

ගැලරිය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පිහිටි අනෙකුත් උද්භිද උද්‍යාන[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]