රසායනික මූලද්‍රව්‍ය

විකිපීඩියා වෙතින්
(රසායනික මූලද්‍රව්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
රසායනික මූලද්‍රව්‍යයන් දැක්වෙන ආවර්තිතා වගුව

රසායනික මූලද්‍රව්‍යයක් යනු, එහි පරමාණුක ක්‍රමාංකය හෙවත් එහි න්‍යෂ්ඨියෙහි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව වෙතින් ප්‍රභේදනය වන්නාවූ, එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත සංශුද්ධ රසායනික ද්‍රව්‍යයකි. සමස්ත රසායනික පදාර්ථය සමන්විත වන්නේ මෙම මූලද්‍රව්‍ය වලිනි. මූලද්‍රව්‍ය සඳහා පොදු නිදසුන් වන්නේ යකඩ, තඹ, රිදී, රන්, හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් වෙති.

මහා පිපිරුමෙහිදී ජනිත වූයේ යැයි විශ්වාස කෙරෙන, විශ්වයෙහි ඇති හයිඩ්‍රජන් සහ හීලියම් හැරුණු විට, ඉතිරි බොහෝ රසායනික මූලද්‍රව්‍යයන් පසුකාලීන ක්‍රියාවලියන් තුලින් ජනිත වූයේ යැයි සැලකෙයි.

මෙම ක්‍රියාවලීන් පහත පරිදී බෙදා දැක්විය හැක:

විස්තරය[සංස්කරණය]

Estimated distribution of dark matter and dark energy in the universe. Only the fraction of the mass and energy in the universe labeled "atoms" is composed of chemical elements.

සැහැල්ලුතම මූල ද්‍රව්‍යයන් වනුයේ හයිඩ්‍රජන් හා හීලියම්ය. මේවා විශ්වයේ මහා පිපුරුමේ (Big Bang nucleosynthesis) තුලදී විශ්වයෙහි ආයු කාලයෙන් මුල් විනාඩි 20 තුලදී නිපදවූනු අතර ඒවායේ ස්කන්ධ අතර අනුපාතය 3 : 1 වේ. (ආසන්න වශයෙන් පරමාණු ප්‍රමාණය අතර අනුපාතය ගත් විට 12 : 1 වේ) හයිඩ්‍රජන් හා හීලියම් ඇතිවුණු පසු අනෙක් මූල ද්‍රව්‍යයන් ස්වාභාවික සහ කෘත්‍රීමව කරන ලද න්‍යෂ්ටික සංස්ලේෂණ ක්‍රම, හා න්‍යෂ්ටික විඛණ්ඩනය වැනි ක්‍රම මගින් ඇති විණි.

වසර 2006 වන විට මූල ද්‍රව්‍ය 117 ක් තේරුම් ගෙන සිටි අතර (මෙහි තේරුම් ගත් යනු අනෙක් මූලද්‍රව්‍යවලින් පැහැදිලිව වෙන් කොට ගත් කාලයක් පවතී යන්න වේ.) මෙයින් 94 ස්වාභාවික පෘථිවියේ පවතී. මෙයින් 6 ක් අංශු මාත්‍රීය ප්‍රමාණ වලින් පවතී. ඒවා නම් ටෙක්නීටියම් පරමාණුක ක්‍රමාංකය 43, ප්‍රොමේතියම් පරමාණුක ක්‍රමාංකය 61, ඇස්ටටීන් පරමාණුක ක්‍රමාංකය 94 වේ. මීට අමතරව (සමහර විට) පරමාණුක ක්‍රමාංකය 98 වූ කැලිෆෝනියම් ඇතැම් වේලාවට අනාවරණය කරගෙන ඇති අතර එය තාරකා සහ අද්භූත තාරකාවල වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙම මූල ද්‍රව්‍ය කෘත්‍රීම ක්‍රම මගින් ව්‍යුත්පන්න කරන ඉතා කෙටි අර්ධ ආයු කාලයක් සහිත විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා ‍තැනෙන්නකි.

ඉතිරි මූල ද්‍රව්‍ය 22 පොළොවේ හෝ කක්ෂ වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙලෙස කෘත්‍රීමව ව්‍යුත්පන්න කරන ලද මූලද්‍රව්‍යයන් සියල්ලම විකිරණශීලී වන අතර ඉතා කුඩා අර්ධ ජීවිත කාලයක් ඇත. මෙම මූලද්‍රව්‍ය පොලොවේ තිබුණහොත් ඒවා බොහෝ දුරට දිරාපත් වේ. යම් හෙයකින් පොළොවේ හෝ නව තරුවක පැවතුණහොත් ඒ හදුනා ගැනීම පවා හැකි නොවන ඉතා කුඩා ප්‍රමාණ වලිනි. පළමුව කෘත්‍රිමව නිර්මාණය කරන ලද මූල ද්‍රව්‍ය වනුයේ ටෙක්නීටියම්ය. (ඒ 1937 දීය. ඒ අංශු මාත්‍රීය ලෙස ටෙක්නීටියම් පවතින බව 1925 දී සොයා ගත්තද, එතෙක් මූල ද්‍රව්‍ය හඳුනාගත නොහැකි වුනි. නැතහොත් එය 1925දී සොයා ගත හැකිව තිබුණි.) මෙම ක්‍රියාවලිය කිහිපවරක් ස්වාභාවිකව අංශු මාත්‍රීයව පවතින මූලද්‍රව්‍ය සඳහා සිදු කෙරුණි.

මූල ද්‍රව්‍ය ලැයිතුවක්, නමෙන් , ලකුණෙන් , පරමාණුක ක්‍රමාංකයෙන් , ද්‍රවාංකයෙන්, තාපාංකයෙන් සහ පරමාණුවල අයනීකරණ ශක්තිය ලබා ගත හැක. හොඳම මූලද්‍රව්‍යවල වර්ගීකරණ ආවර්ථිතා වගුවේ වන අතර සමාන ගුණැති මුලද්‍රව්‍ය එකට ගෙන එහි දක්වා ඇත.

නාමාවලිය සහ සංකේත[සංස්කරණය]

මූලද්‍රව්‍ය ලැයිස්තුව
පරමාණුක ක්‍රමාංකය නම සංකේතය කාණ්ඩය ආවර්තය ගුටකය State at STP සිදුවීම සටහන
1 හයිඩ්‍රජන් H 1 1 s Gas Primordial Non-metal
2 හීලියම් He 18 1 s Gas Primordial Noble gas
3 ලිතියම් Li 1 2 s Solid Primordial Alkali metal
4 බෙරිලියම් Be 2 2 s Solid Primordial Alkaline earth metal
5 බෝරෝන් B 13 2 p Solid Primordial Metalloid
6 කාබන් C 14 2 p Solid Primordial Non-metal
7 නයිට්‍රජන් N 15 2 p Gas Primordial Non-metal
8 ඔක්සිජන් O 16 2 p Gas Primordial Non-metal
9 ෆ්ලූවොරින් F 17 2 p Gas Primordial Halogen
10 නියොන් Ne 18 2 p Gas Primordial Noble gas
11 සෝඩියම් Na 1 3 s Solid Primordial Alkali metal
12 මැග්නීසියම් Mg 2 3 s Solid Primordial Alkaline earth metal
13 ඇලුමිනියම් Al 13 3 p Solid Primordial Metal
14 සිලිකන් Si 14 3 p Solid Primordial Metalloid
15 පොස්පරස් P 15 3 p Solid Primordial Non-metal
16 සල්fපර් S 16 3 p Solid Primordial Non-metal
17 ක්ලෝරීන් Cl 17 3 p Gas Primordial Halogen
18 ආගන් Ar 18 3 p Gas Primordial Noble gas
19 පොටෑසියම් K 1 4 s Solid Primordial Alkali metal
20 කැල්සියම් Ca 2 4 s Solid Primordial Alkaline earth metal
21 ස්කැන්ඩියම් Sc 3 4 d Solid Primordial Transition metal
22 ටය්ටේනියම් Ti 4 4 d Solid Primordial Transition metal
23 වැනේඩියම් V 5 4 d Solid Primordial Transition metal
24 ක්‍රෝමියම් Cr 6 4 d Solid Primordial Transition metal
25 මැන්ගනිස් Mn 7 4 d Solid Primordial Transition metal
26 අයන් Fe 8 4 d Solid Primordial Transition metal
27 කොබෝල්ට් Co 9 4 d Solid Primordial Transition metal
28 නිකල් Ni 10 4 d Solid Primordial Transition metal
29 තඹ Cu 11 4 d Solid Primordial Transition metal
30 සිzන්ක් Zn 12 4 d Solid Primordial Transition metal
31 ගැල්ලියම් Ga 13 4 p Solid Primordial Metal
32 ජර්මේනියම් Ge 14 4 p Solid Primordial Metalloid
33 ආසනික් As 15 4 p Solid Primordial Metalloid
34 සෙලිනියම් Se 16 4 p Solid Primordial Non-metal
35 බ්‍රොමය්න් Br 17 4 p Liquid Primordial Halogen
36 ක්‍රිප්ටෝන් Kr 18 4 p Gas Primordial Noble gas
37 රුබීඩියම් Rb 1 5 s Solid Primordial Alkali metal
38 ස්ට්‍රොන්ටියම් Sr 2 5 s Solid Primordial Alkaline earth metal
39 වය්ට්‍රියම් Y 3 5 d Solid Primordial Transition metal
40 සිzර්කෝනියම් Zr 4 5 d Solid Primordial Transition metal
41 නයොබියම් Nb 5 5 d Solid Primordial Transition metal
42 මොලිබ්ඩෙනම් Mo 6 5 d Solid Primordial Transition metal
43 ටෙච්නේටියම් Tc 7 5 d Solid From decay Transition metal
44 රුතේනියම් Ru 8 5 d Solid Primordial Transition metal
45 රෝඩියම් Rh 9 5 d Solid Primordial Transition metal
46 පැලේඩියම් Pd 10 5 d Solid Primordial Transition metal
47 සිල්වර් Ag 11 5 d Solid Primordial Transition metal
48 කැඩ්මියම් Cd 12 5 d Solid Primordial Transition metal
49 ඉන්ඩියම් In 13 5 p Solid Primordial Metal
50 ටින් Sn 14 5 p Solid Primordial Metal
51 ඇන්ටිමනි Sb 15 5 p Solid Primordial Metalloid
52 ටෙලුරියම් Te 16 5 p Solid Primordial Metalloid
53 අයඩීන් I 17 5 p Solid Primordial Halogen
54 සෙzනෝන් Xe 18 5 p Gas Primordial Noble gas
55 කේසියම් Cs 1 6 s Solid Primordial Alkali metal
56 බේරියම් Ba 2 6 s Solid Primordial Alkaline earth metal
57 Lanthanum La 3 6 f Solid Primordial Lanthanide
58 Cerium Ce 3 6 f Solid Primordial Lanthanide
59 Praseodymium Pr 3 6 f Solid Primordial Lanthanide
60 Neodymium Nd 3 6 f Solid Primordial Lanthanide
61 Promethium Pm 3 6 f Solid From decay Lanthanide
62 Samarium Sm 3 6 f Solid Primordial Lanthanide
63 Europium Eu 3 6 f Solid Primordial Lanthanide
64 Gadolinium Gd 3 6 f Solid Primordial Lanthanide
65 Terbium Tb 3 6 f Solid Primordial Lanthanide
66 Dysprosium Dy 3 6 f Solid Primordial Lanthanide
67 Holmium Ho 3 6 f Solid Primordial Lanthanide
68 Erbium Er 3 6 f Solid Primordial Lanthanide
69 Thulium Tm 3 6 f Solid Primordial Lanthanide
70 Ytterbium Yb 3 6 f Solid Primordial Lanthanide
71 Lutetium Lu 3 6 d Solid Primordial Lanthanide
72 Hafnium Hf 4 6 d Solid Primordial Transition metal
73 Tantalum Ta 5 6 d Solid Primordial Transition metal
74 Tungsten W 6 6 d Solid Primordial Transition metal
75 Rhenium Re 7 6 d Solid Primordial Transition metal
76 Osmium Os 8 6 d Solid Primordial Transition metal
77 Iridium Ir 9 6 d Solid Primordial Transition metal
78 Platinum Pt 10 6 d Solid Primordial Transition metal
79 Gold Au 11 6 d Solid Primordial Transition metal
80 Mercury Hg 12 6 d Liquid metal Primordial Transition metal
81 Thallium Tl 13 6 p Solid Primordial Metal
82 Lead Pb 14 6 p Solid Primordial Metal
83 Bismuth Bi 15 6 p Solid Primordial Metal
84 Polonium Po 16 6 p Solid From decay Metalloid
85 Astatine At 17 6 p Solid From decay Halogen
86 Radon Rn 18 6 p Gas From decay Noble gases
87 Francium Fr 1 7 s Solid From decay Alkali metal
88 Radium Ra 2 7 s Solid From decay Alkaline earth metal
89 Actinium Ac 3 7 f Solid From decay Actinide
90 Thorium Th 3 7 f Solid Primordial Actinide
91 Protactinium Pa 3 7 f Solid From decay Actinide
92 Uranium U 3 7 f Solid Primordial Actinide
93 Neptunium Np 3 7 f Solid From decay Actinide
94 Plutonium Pu 3 7 f Solid Primordial Actinide
95 Americium Am 3 7 f Solid Synthetic Actinide
96 Curium Cm 3 7 f Solid Synthetic Actinide
97 Berkelium Bk 3 7 f Solid Synthetic Actinide
98 Californium Cf 3 7 f Solid Synthetic Actinide
99 Einsteinium Es 3 7 f Solid Synthetic Actinide
100 Fermium Fm 3 7 f Solid Synthetic Actinide
101 Mendelevium Md 3 7 f Solid Synthetic Actinide
102 Nobelium No 3 7 f Solid Synthetic Actinide
103 Lawrencium Lr 3 7 d Solid Synthetic Actinide
104 Rutherfordium Rf 4 7 d Synthetic Transition metal
105 Dubnium Db 5 7 d Synthetic Transition metal
106 Seaborgium Sg 6 7 d Synthetic Transition metal
107 Bohrium Bh 7 7 d Synthetic Transition metal
108 Hassium Hs 8 7 d Synthetic Transition metal
109 Meitnerium Mt 9 7 d Synthetic
110 Darmstadtium Ds 10 7 d Synthetic
111 Roentgenium Rg 11 7 d Synthetic
112 Copernicium Cn 12 7 d Synthetic Transition metal
113 (Ununtrium) Uut 13 7 p Synthetic
114 (Ununquadium) Uuq 14 7 p Synthetic
115 (Ununpentium) Uup 15 7 p Synthetic
116 (Ununhexium) Uuh 16 7 p Synthetic
117 (Ununseptium) Uus 17 7 p Synthetic
118 (Ununoctium) Uuo 18 7 p Synthetic

රසායනික සංකේත[සංස්කරණය]

විශේෂිත රසායනික මූලද්‍රව්‍ය[සංස්කරණය]

රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත්වීමට ප්‍රථමයෙන්, රස විද්‍යාඥයින් ලෝහ හා බහුල වශයෙන් යොදා ගැනෙන සංයෝග යන දෙවර්ගය සඳහාම ගුප්ත සංකේත සැලසුම් කරනු ලැබූහ. කෙසේ වෙතත් මේවා ක්‍රියාවලින් හෝ රූප සටහන්වල කෙටි යෙදුම් ලෙස භාවිතා කර ඇත. එහිදී අණු සෑදීම සඳහා පරමාණු සම්බන්ධවීම පිළිබඳ සංකල්පයක් නොවීය. ජෝන් ඩෝල්ටන් පදාර්ථයේ පරමාණුක වාදයෙන් ඉදිරියට යාමත් සමග අණු දැක්වීමට යොදා ගත හැකි වෘත්ත මත පදනම් වූ ඔහුගේම සරල සංකේත පිළිබඳ උපක්‍රමයක් යොදා ගෙන ඇත.

වර්තමාන රසායන ද්‍රව්‍ය අංකනය පිළිබඳ ක්‍රමය බර්සීලියස් විසින් මුල්වරට සොයාගන්නා ලදී. මෙම මුද්‍රණය කළ හැකි ක්‍රමයේදී රසායනික සංකේත හුදු කෙටි යෙදුම් ලෙස යොදා නොගැනේ. සියලුම භාෂා හා අක්ෂර මාලාවන් භාවිතා කරන මිනිසුන් මෙම ලතින් සංකේත භාවිතා කරනු ඇතැයි අදහස් කෙරේ. මෙම සංකේත සම්පූර්ණයෙන්ම විශ්වීය ඒවා බවට පත්වනු ඇතැයි මූලිකවම අදහස් කෙරිණ. මෙම කාලය තුළ ලතින් භාෂාව විද්‍යාවේ පොදු භාෂාව වීම නිසා , ලෝහවල ලතින් ලෝහවල ලතින් නාමය ඒවායේ කෙටි යෙදුම් සඳහා පදනම් විය. ෆෙරම්ගෙන් (Ferum) Fe , ආජන්ටම්ගෙන් (Argentum) Ag . මෙම සංකේතවලද කෙටි යෙදුම්වලදී මෙන්ම නැවතීමේ ලකුණ යෙදීම අනුගමනය නොකෙරේ. රසායනික මූලද්‍රව්‍යයන්ට එම මූලද්‍රව්‍යයේ නම මත පදනම් වූ නමුත් ඉංග්‍රීසි වීම අනිවාර්ය නොවූ අනන්‍ය රසායනික සංකේත ද පසුකාලීනව නියම කරන ලදී. උදාහරණයක් ලෙස සෝඩියම් සඳහා ලතින් නම වන නේට්‍රියම් (Natrium) අනුව “Na” රසායනික සංකේතය වේ. එයම ටංග්ස්ටන් සඳහා වොල්ෆ්‍රම් (Wolfram) W , රසදිය සඳහා හයිඩ්‍රාගයිරම් (Hydrorgyrum) “Hg” පොටෑසියම් සඳහා කේලියම් (Kalium) “K” , රත්රන් සඳහා Au “අවුරම්” (Aurum) ඊයම් සඳහා “Pb” “ප්ලම්බම්” (Plumbum) , ඇන්ටිමනි සඳහා Sb “ස්ටිබියුම්” (Stibium) ලෙස යොදාගෙන ඇත.

මූලද්‍රව්‍යවල නම් පරිවර්තනය කිරීමට අවශ්‍ය වූවත් රසායනික සංකේත ජාත්‍යන්තරව අවබෝධ කරගත හැක. සමහර අවස්ථාවලදී මෙය වෙනස් වේ. උදාහරණයක් ලෙස ජර්මාණුවන් අයඩීන් සදහා “I” වෙනුවට “J” යොදාගනී. එමනිසා මෙහිදී රෝමාණු ඉලක්කම් සමග මෙහි පැටලීමක් සිදු නොවුණු ඇත.

පෙර උදාහරණවල මෙන්, රසායනික සංකේතයක පළමු අකුර සෑමවිටම කැපිටල් විය යුතු අතර පසුව සඳහන් කරන අකුරු වේ නම් ඒවා සෑම විටම කුඩා අකුරු (සිම්පල්) විය යුතුය.

සාමාන්‍ය රසායනික සංකේත[සංස්කරණය]

සංසන්දනාත්මක සූත්‍ර සඳහා රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩවලට ද සංකේත පවතී. ඒවා එක කැපිටල් අකුරකින් සමන්විත වන අතර සුවිශේෂ මූලද්‍රව්‍යවල නම් ලෙස යෙදාගැනීමට අවසර ලබා දී නැත.උදාහරණයක් ලෙස “X” සංයෝග කාණ්ඩයක ඇතුළත් විචල්‍ය කාණ්ඩයක් දැක්වීමට යොදාගනී. (නමුත් බොහෝවිට හැලජන) මේ අතර “R” හයිඩ්‍රොකාබන් දාමයක් වැනි සංයෝග ව්‍යුහයක් අදහස් කරන මුක්ත ඛණ්ඩකයක් දැක්වීමට යොදාගනී. “Q” අකුර රසායනික ප්‍රතික්‍රියාවක් තුළ “තාපය” නියෝජනය කරයි. “Y” ද බොහෝ විට සාමාන්‍ය රසායනික සංකේතයක් ලෙස යොදාගත්ත ද , එය “යිට්‍රියම්” වල සංකේතය ද වේ. “Z” ද නිතරම සාමාන්‍ය විචල්‍ය කාණ්ඩයක් ලෙස යොදා ගනී. “L” අකාබනික රසායනයේ දී හා ලෝහ කාබනික රසායනයේ දී සාමාන්‍ය ලිගන්ඩ් දැක්වීමට යොදාගනී. “M” ද බොහෝ විට සාමාන්‍යයෙන් ලෝහ ඇති ස්ථානවලදී යොදා ගනී.

සමස්ථානික සංකේත[සංස්කරණය]

හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ ප්‍රධාන සමස්ථානික තුන ප්‍රොටොනියම් සඳහා H ද, ඩියුටීරියම් සඳහා D ද , ට්‍රිටියම් සඳහා T ද ලෙස බොහෝ විට ලියනු ලැබේ. එක් එක් පරමාණුවේ ස්කන්ධ අංකය ලියා තැබීම වෙනුවට , රසායනික ප්‍රතික්‍රියාවලදී ඒවා යොදා ගැනීම වඩා පහසු වේ.

(2H2O මෙසේ ලිවීම වෙනුවට D2O බැර ජලය)

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

වැඩිදුර අධ්‍යයනය සඳහා[සංස්කරණය]

  • Ball, Philip (2004). The Elements: A Very Short Introduction. Oxford University Press. ISBN 0192840991.
  • Emsley, John (2003). Nature's Building Blocks: An A-Z Guide to the Elements. Oxford University Press. ISBN 0198503407.
  • Gray, Theodore (2009). The Elements: A Visual Exploration of Every Known Atom in the Universe. Black Dog & Leventhal Publishers Inc. ISBN 1579128149.
  • Scerri, E.R. (2007). The Periodic Table, Its Story and Its Significance. Oxford University Press.
  • Strathern, Paul (2000). Mendeleyev's Dream: The Quest for the Elements. Hamish Hamilton Ltd. ISBN 024114065X.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රසායනික_මූලද්‍රව්‍ය&oldid=581967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි