රසායනික ඉංජිනේරු විද්‍යාව
රසායනික ඉංජිනේරු විද්‍යාව යනු ඉංජිනේරු විද්‍යාවෙහි උප කොටසක් වන අතර එය අමුද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ප්‍රයෝජනවත් වටිනා ආකාර බවට හැරවීමේ ක්‍රියාවලියක් සඳහා වූ භෞතික විද්‍යාවල (උදාහරණ - රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව) හා ගණිතමය යෙදීම් සමඟ කටයුතු කරයි. ප්‍රයෝජනවත් ද්‍රව්‍ය නිපදවන අතරම රසායනික ඉංජිනේරු විද්‍යාව වටිනා නව ද්‍රව්‍ය හා තාක්ෂණික ක්‍රම දියුණු කරලීමට ද සැලකිල්ලක් දක්වයි. මෙය පර්යේෂණ හා දියුණු කිරීම්වල වැදගත් ආකාරයකි. මෙම ක්ෂේත්‍රයෙහි සේවයෙහි යෙදී සිටින පුද්ගලයා රසායනික ඉංජිනේරුවරයෙකු ලෙස හැඳින්වෙනු ලැබේ.
රසායනික ඉංජිනේරු විද්‍යාව මහා පරිමාණ නිෂ්පාදනය සඳහා රසායනික ක්‍රියාවලි නිෂ්පාදනය හා නඩත්තු කිරීම සමඟ ඉතා විශාල ලෙස සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයෙහි වැඩකටයුතු කරන රසායනික ඉංජිනේරුවරුන් සේවයෙහි යොදවන්නේ ක්‍රියාවලි ඉංජිනේරුවරුන් යන නාමය යටතේය. කර්මාන්තකරණය භාජනය වූ ආර්ථිකයන් සඳහා මහා පරිමාණ ක්‍රියාවලි දියුණු කිරීම රසායනික ඉංජිනේරු විද්‍යාවේ කොටසක් වන අතර එය රසායනික විද්‍යාවේ කොටසක් නොවේ. එමෙන්ම කර්මාන්තීය ආර්ථිකය ධාවනය කිරීමට අත්‍යවශ්‍ය නූතන උසස් අමුද්‍රව්‍ය සැපයීම සඳහා ද වගකිව යුත්තේ රසායනික ඉංජිනේරුවරුන්ය