රයිබොසෝම

විකිපීඩියා වෙතින්
(රයිබසෝම වෙතින් යළි-යොමු කරන ලදි)
සෙෙල ජීවවිද්‍යාව
සත්ව සෙෙලය

රයිබොසෝම යනු සෛල තුළ ඇති පටලයකින් වටනොවූ ඉන්ද්‍රිකාවකි. ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයෙන් කුඩා කණිකා සේ දිස්වේ. සෛල ප්ලාස්ම පූරකයේ බහුල ය. ඇතැම් ඒවා අන්ත:ප්ලාස්මීය ජාලිකා පෘෂ්ඨයට සබැඳිව, හරිතලව තූළ හා මයිටොකොන්ඩ්‍රියා තුළ පවතී. කාණ්ඩ වශයෙන් පිහිටි විට පොලිසෝම හෙවත් පොලිරයිබොසෝම නම් වේ. 70s හා 80s ලෙස රයිබොසෝම ආකාර දෙකකි.

ව්‍යුහය[සංස්කරණය]

උප ඒකක ද්‍විත්‍වයකින් සෑදී ඇත. එක් උප ඒකකයක් අනිකට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. rRNA සහ විශේෂ ප්‍රෝටීන මගින් සෑදේ. න්‍යෂ්ටිකාව තුළ මීට අවැසි rRNA නිපැයේ.

කෘත්‍ය[සංස්කරණය]

සෛලයේ ප්‍රෝටීන සංස්ලේෂණය සිදුවන මධ්‍යස්ථානය වේ. ප්‍රෝටීන සෑදීමට අවැසි ඇමයිනෝ අම්ල එකිනෙක සමූහනය වන්නේ රයිබොසෝම ආශ්‍රිතව ය. නිදහස් රයිබොසෝම වැඩි ප්‍රමාණයක් ප්‍රෝටීන නිපදවයි.

"https://si.wikipedia.org/w/index.php?title=රයිබොසෝම&oldid=491101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි