රතු යෝධ තරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
වම් පස කුඩා කහ පැහැති තරුව සූර්යයා දැනට පවතින ආකාරය වන අතර දකුණු පස විශාල රතු පැහැ තරුව අප සූර්යයා රතු යෝධ තරුවක් බවට පත් වූ පසු පෙනෙන ආකාරයයි

රතු යෝධ තරුවක් යනු සූර්ය ස්කන්ධ 0.5ත් 10ත් අතර ස්කන්ධයෙන් යුක්ත අති විශාල තරුවකි. එම තරු වලට මෙම නම ලැබී ඇත්තේද එහි රතු පැහැ වර්ණය සහ අති විශාල බව නිසාය. මෙම රතු යෝධ තරුවක් තුල අප සූර්යයා වැනි තරු දහස් ගණනක් අන්තර්ගත කළ හැක. මිරා, ඇඩෙල්බරාන්, ආක්ටෝරස්, ගැමා කෘසිස් යන තරු, රතු යෝධ තරු වලට උදාහරණ ලෙස නම් කල හැක.

මේ වන විට අප සූර්යයා ප්‍රධාන ධාරාවේ තරුවක් වන අතර රතු යෝධ තරුවක් බවට තවම පත් වී නැත. විද්‍යඥයන් විශ්වාස කරන අන්දමට තව අවුරුදු බිලියන 5කට පසු අප සූර්යයාද රතු යෝධ තරුවක් බවට පත් වේ. එවිට එය දැන් පවතින ප්‍රමාණය මෙන් 200 ගුණයක් බවට පත්වනු ඇත. බුධ, සිකුරු මෙන්ම අප වසන පෘථිවියද එය විසින් ගිල ගනු ඇත.

[සංස්කරණය] තරුවක් රතු යෝධ තරුවක් බවට පත් වන්නේ කෙසේද?

සියළුම නව තරු න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා මගින් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරවනු ලැබේ. මෙම ක්‍රියාවලිය නිසා අධික තාපයක් සහ ශක්තියක් පිට කෙරේ. අප සූර්යයා වැනි ප්‍රධාන ධාරාවේ තරු වල මෙම ක්‍රියාවලිය සිදුවන්නේ තරුවේ න්‍යෂ්ඨිය තුලයි. පිට කරන අධික ශක්තිය විකිරණ ස්වරූපයෙන් න්‍යෂ්ඨියෙන් නික්මෙන අතර විකිරණ ඝඛත්වයේ අධිකත්වය නිසා අධික විකිරණ පීඩනයක් තරුවේ පිටත ස්ථර වෙත දැනෙන්නට ගනී. මෙම පීඩනය නිසා පිටත ස්ථර වල තිබෙන ද්‍රව්‍ය අන්තර් තාරීය අවකාශයට නික්මීමට ඉඩ නොදී රඳවා ගනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ බලයයි.

කාලයක් ගතවන විට සියළුම හයිඩ්‍රජන් හීලියම් බවට පත් වී අවසන් වේ. මෙවිට න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා සිදුවීම නතර වන අතර විකිරණ පීඩනයක් නැති වීම නිසා තරුවේ මධ්‍ය ගුරුත්වය නිසා හැකිලීමට පටන් ගනී. එවිට මධ්‍යයට ඉතා ආසන්නයෙන් තිබෙන ස්ථරය අධික ලෙස රත් වීමට භාජනය වේ. මෙම ස්ථරයේ තවමත් හයිඩ්‍රජන් ඉතිරිව තිබේ. මෙම හයිඩ්‍රජන් න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවට භාජනය වී හීලියම් නිපදවීමට පටන් ගනී.

මෙවිට තරුවේ න්‍යෂ්ඨියේ සිට නොව ඊට ඉහළින් ඇති ස්ථර වලින් ශක්තිය (විකිරණ ලෙස) පිට කරනු ලැබේ. එයින් ඇතිවන විකිරණ පීඩනය නිසා තරුවේ ඉහළ ස්ථර පිම්බීමට පටන් ගනී. එමෙන්ම තරුවේ දීප්තිය කලින් තිබුණාක් මෙන් දස දහස් වාරයකින් වැඩිවේ. දැන් තරුවේ පිටතම පෘෂ්ඨය කලින් තිබුණාට වඩා විශාල හෙයින් ශක්තිය විශාල ප්‍රෙද්ශයක් පුරා පැතිරී යයි.එම නිසා මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය අඩුවී රතු හෝ තැඹිලි පැහැයකට හැරේ.

සමහරවිට රතු යෝධ තරු හීලියම්ද ප්‍රතික්‍රියා කර කාබන් නයිට්‍රජන් ඔක්සිජන් වැනි මූලද්‍රව්‍ය නිපදවයි. කාලයක් ගතවෙද්දී පිටත ස්ථර අන්තර් තාරීය අවකායට මුදාහැරේ. එවිට තරුව වට අන්තර්තාරීය වායු - ධූලි වලාවක් හට ගන්නා අතර තවත් කල් යද්දී එය සුදු වාමන තරුවක් බවට පත්වේ. බරින් වැඩි තරු සුපර්නෝවා පිපිරීමක් හරහා නියුට්‍රෝන තරුවක් හෝ කළු කුහරයක් බවට පත් වේ.

[සංස්කරණය] වෙනත් පිටු


සැකිල්ල:Sci-stub

"http://si.wikipedia.org/w/index.php?title=රතු_යෝධ_තරු&oldid=210709" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්