රතු ඇස සංසිද්ධිය

විකිපීඩියා වෙතින්
(රතු ඇස සංසිද්ධිය මගහරවා ගැනීම වෙතින් යළි-යොමු කරන ලදි)
අධික රතු ඇස් සංසිද්ධිය
බොහෝ සතුන්ගේ පවා රතු ඇස් සංසිද්ධිය දැකගත හැකි වේ.

ෆ්ලෑෂරයකද උපකාරය ඇතිව ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ෆ්ලෑෂරය කැමරා කාචයට ආසන්න විට මෙම රතු ඇස් සංසිද්ධිය ඇති වේ.

ෆ්ලෑෂරයේ ආලෝකයේ වේගවත් කම වැඩිවීම නිසා ඇසේ කළු ඉංගිරියාව වැසීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොලැබේ. එවිට ආලෝකය රුධිරය බහුල ප්‍රදේශයක් පසු කර යන බැවින් එම ප්‍රදේශ හඳුනාගන්නේ රතු පැහැ ප්‍රදේශ ලෙසිනි. මෙම සංසිද්ධිය අළු පැහැති හා නිල්වන් ඇස් ඇති අයගේ මෙන්ම කුඩා ළමුන්ගේ බහුලව දැකගත හැකිය. මීට හේතුව මෙම ඇස් ඇත්තවුන්ගේ අක්ෂි පටලයේ මෙලනින් දර්ශකය අඩු බැවින් ඒවා මගින් වැඩි ආලෝක ප්‍රමාණයකට ඇස තුළට යාමට ඉඩ සලසා දීමය. කුඩා ළමුන්ගේ කළු ඉංගිරියාව ඉතා කුඩා ආලෝක ප්‍රමාණයකට වුවද ‍සම්පුර්ණයෙන් විවෘත වීම නිසා මෙම සංසිද්ධිය සිදු වේ.

රතු ඇස සංසිද්ධිය මඟහරවා ගැනීම[සංස්කරණය]

right
Adobe Photoshop වැනි චිත්‍රණ මෘදුකාංග භාවිතා කොට රතු ඇස් ඉවත් කිරීමේ ක්‍රම කිහිපයක් ඇත. රූපයේ දක්වා ඇත්තේ ස්ථර මිශ්‍ර කිරීමේ ක්‍රමය මඟින් එය සිදු කරන ආකාරයයි.
ඇතැම් විට එය රතු වේ.
ඇතැම් පූසන්ගේ රතු ඇස් සංසිද්ධිය නිසා ඇස් රතු නොවේ.

රතු ඇස සංසිද්ධිය ක්‍රම කිහිපයකින් මඟ හරවා ගත හැකිය,

  1. අසල ඇති දීප්තියෙන් අඩු මුහුණකට දීප්තිමත් ආලෝකය වැටීමට සලස්වා එයින් පරාවර්තනය වන ආලෝකය පුද්ගලයා මත පතිත වීමට සැලැස්වීම. මෙමඟින් දීප්තිමත් ආ‍ලෝක කිරණ ඇසට ඇතුළු වීම වළක්වා විසිරුණු ආලෝකය ඇසට ඇතුල් කරයි.
  2. කැම‍රාවේ ප්‍රකාශ අක්ෂයට ඈතින් ෆ්ලෑෂරය සවිකිරීම. මෙමඟින් ෆ්ලෑෂරයෙන් නිකුත් වන ආ‍ලෝක කිරණ ඇස මත සෘජුකෝණිකව පතනය වන බව තහවුරු වේ. මෙහිදී ප්‍රකාශ අක්ෂයට වෙනස් අක්ෂයකින් ආලෝකය ඇතුළු වන අතර, අක්ෂි කාච මෙම අක්ෂය ඔස්සේ නාභිගත කිරීම සිදුකරයි. එවිට ඡායාරූපයේ ඇස සාමාන්‍ය පරිදි දිස්වේ.
  3. හාත්පස ආ‍ලෝකය වැඩි කොට ෆ්ලෑෂරය නොමැතිව ඡායාරූපය ගැනීම. ෂටර වේගය අඩුකර, කාච සිදුර විවෘත කර වේගවත් සේයා පටල හෝ සංවේදක යොදාගත හැකිය.
  4. පසුතල ආලෝකය වැඩිකර, ඡායාරූපයේ දීප්තිය වැඩි කිරීමට පසුව සංඛ්‍යාංක සකස් කිරීම හෝ දෘශ්‍යමාන තිරයේ වේග‍ය වැඩිකිරීම.
  5. නුතන කැමරාවල ඇති රතු ඇස සකස් කිරීමේ උපක්‍රම භාවිතය.
  6. ඡායාරූපයට පෙනී සිටින්නාට කෙලින්ම කැමරාව දෙස නොබැලීමට උපදෙස් දීම.
  7. ඡායාරූපය ගන්නා ස්ථානයේ ආලෝකය වැඩි කිරීම.
  8. සංඛ්‍යාංක රූප සකස්කරණවල ඇති රතු ඇස නිවැරදි කිරීමේ ක්‍රම භාවිතය.

ෆ්ලෑෂරය භාවිතා කිරීම අවශ්‍ය නම් වස්තුවට කැමරා‍වේ සිට ඇති දුරෙන් 1/20 ක් දුරින් ෆ්ලෑෂරය තැබීම යෝගය වේ. වෘත්තීය ඡායාරූප ශීල්පින් රතු ඇස් නිවැරදි කිරීම සඳහා පසුතල ආලෝකය භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.