යුරෝපානු ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යුරෝපීය ඉතිහාසයේ Timeline
Abraham Ortelius Map of Europe.jpg
Europe depicted by Antwerp cartographer Abraham Ortelius in 1595.
700 ක්‍රි.පූ. Epic poem Iliad by Homer, earliest account on the continent.
360 ක්‍රි.පූ. Plato attacks Athenian democracy in the සමූහාණ්ඩුව.
323 ක්‍රි.පූ. Alexander the Great dies and his Macedonian Empire fragments.
44 ක්‍රි.පූ. Julius Caesar is murdered. The Roman Republic drawing to a close.
27 ක්‍රි.පූ. Establishment of the Roman Empire under Octavian.
AD 330 Constantine makes Constantinople into his capital, a new Rome.
395 Following the death of Theodosius I, the Empire is permanently split into eastern and western halves.
527 Justinian I is crowned emperor of Byzantium.
800 Coronation of Charlemagne as Holy Roman Emperor.
1054 Start of the East-West Schism, which divides the Christian church for centuries.
1066 Successful Norman Invasion of England by William the Conqueror.
1095 Pope Urban II calls for the First Crusade.
1340 Black Death kills a third of Europe's population.
1337 - 1453 The Hundred Years War
1453 Fall of Constantinople to the Ottoman Turks.
1492 Christopher Columbus lands in the New World.
1497 Vasco da Gama departs to India starting direct trade with ආසියාව.
1498 Leonardo da Vinci paints The Last Supper in Milan, as the Renaissance flourishes.
1517 Martin Luther nails his demands for Reformation to the door of the church in Wittenberg.
1648 The Peace of Westphalia ends the Thirty Years' War.
1707 The United Kingdom of Great Britain is formed by the union of England and Scotland.
1789 The French Revolution.
1815 Following the defeat of Napoleon Bonaparte the Treaty of Vienna is signed.
1860s Russia emancipates its serfs and Karl Marx completes the first volume of Das Kapital.
1914 Archduke Franz Ferdinand of Austria is assassinated and පළමුවන ලෝක යුද්ධය begins.
1945 දෙවන ලෝක යුද්ධය ends with Europe in ruins.
1950 The Schuman declaration begins European unity.
1989 The Berlin Wall comes down leading to the end of Communism in Europe.
2004 The European Union takes in most of the former communist east, reuniting the continent.
විලා මෙඩිසිහි මුහුදු වරාය 1638 දී දිස් වූ අයුරු , ක්ලවුඩි ‍ලොරේන් විසින්

මධ්‍යතන යුග[සංස්කරණය]

බයිසැන්ටියම[සංස්කරණය]

මුල් මධ්‍යතන යුග[සංස්කරණය]

වැඩවසම් ක්‍රිස්තියානි ලෝකය[සංස්කරණය]

ඉහළ මධ්‍යතන යුග[සංස්කරණය]

බෙදුණු සභාව[සංස්කරණය]

ආගමික යුද්ධ[සංස්කරණය]

ඇන්ටිඔච් බලකොටුව වටලෑම,කෘසේඩ් සමයේ මධ්‍යකාලීන ක්ෂුද්‍ර රූප සිතුවම්

නැගෙනහිර, බටහිර ආගමික බෙදීමත් සමග මධ්‍යම යුරෝපය තුළ අලූතින් බිහි වූ රාජ්‍ය බටහිර ක‍්‍රිස්තියානිය සිය ආගම බවට පත් කර ගත්හ. එනම්, පෝලන්තය, හංගේරියාව සහ බොහිමියාවයි. රෝමානු කතෝලික පල්ලිය පාප්තුමා සහ අධිරාජ්‍යයා අතර ගැටුම්වලට මඟ පාදමින් විශාල බලවේගයක් බවට පත්වන්නට විය. ක‍්‍රි: ව: 1129 දී රෝමානු කතෝලික පල්ලිය බටහිර යුරෝපානුවන් සෝදිසි කරන්නට විය. එහිදි මිථ්‍යා දෘෂ්ටිකයන්ට දඬුවම් දෙන ලදී. එසේ නොමැති නම් මරණයට පත් කරන ලදී. මේ කාලය තුළ බොහෝ සාමිවරු පල්ලිය පාලනය කළහ. පූජකවරු ඊට එරෙහි වූහ. ¼,, වන ග්‍රෙගරි පාප්තුමා පූජකවරුන්ට ඉලක්ක දෙකක් යටතේ වැඩ කිරීමට සැලස්වීමෙන් එය සාර්ථක විය. එනම් රජවරුන්ගේ පාලනයෙන් පල්ලිය මුදවා ගැනීම සහ පාප්තුමාගේ බලය වැඩි කර ගැනීමයි. ස්කැන්ඞ්නේවියාව, ලිතුවේනියාව, පෝලන්තය, හංගේරියාව යන රටවල මිථ්‍යා දෘෂ්ටික රජවරු ආගම වැළඳ ගැනීමත් සමග සහ කුරුස යුද්ධයත් සමග රෝමානු කතෝලික පල්ලියේ බලය අතිශයින් විශාල විය. 15 වන සියවස වන විට යුරෝපයේ වැඩි ප‍්‍රමාණයක් රෝමානු කතෝලිකයන් විය.

ඉතාලිය තුළ වෙළඳාම ආරම්භ වී, වැනිසිය හා ෆ්ලොරන්ස් වැනි නගර රාජ්‍ය තුළ ආර්ථික හා සංස්කෘතික පිබිදීමත් සමග බටහිර යුරෝපය තුළ ශිෂ්ටාචාරයේ යළි නැඟී සිටීමක ළකුණු පහළ විය. මේ කාලය තුළ ප‍්‍රංශය, එංගලන්තය, ස්පාඤඤය හා පෘතුගීසිය වැනි රටවල ජාතික රාජ්‍ය සංකල්පය බිහි විය. (එහෙත් රාජාණ්ඩුව. ප‍්‍රභූ වැඩවසම් ක‍්‍රමය හා පල්ලිය අතර ගැටුම් හරහා මෙම ජාතික රාජ්‍ය බිහිවීම සඳහා ශතවර්ෂ ගණනාවක් ගත විය) සම්ප‍්‍රදායික ලතින් බව වෙනුවට මෙම රාජ්‍ය ස්ව භාෂාවන් වර්ධනය කර ගත්හ. මෙහි කැපී පෙනෙන චරිත නම්, ප‍්‍රංශ බසින් ලියූ ක‍්‍රිස්ටීන් ඩි පිසාන් සහ ඉතාලි බසින් ලියූ ඩාන්ටේ ය. අනෙක් අතට, ජර්මනිය හා ඉතාලිය එක්ව සෑදුණු ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය කුඩා නගර රාජ්‍යයන් බවට කැඞී ගිය අතර, අධිරාජ්‍යයින් නාම මාත‍්‍රිකව පමණක් නම් කළහ.

මොන්ගෝලියානු අධිරාජ්‍යය බලයට පත් වූ 13 වන හා 14 වන සියවස් මොන්ගෝලියානු යුගය ලෙෂ හැඳින්වේ. මොන්ගෝලියානු හමුදා ‘බටු කාන්’ යටතේ බටහිර ප‍්‍රදේශවල බලය පැතිර වූහ. ඊට රුසියාවෙන් වැඩි ප‍්‍රමාණයක්, හංගේරියාව හා පෝලන්තය අයත් විය. මොන්ගෝලියානු වාර්තා සඳහන් කරන්නේ ඉතිරිව තිබූ යුරෝපීය ප‍්‍රදේශ, එනම් ඔස්ටි‍්‍රයාව, ඉතාලිය සහ ජර්මනිය ශීත සෘතුව තුළ යටත් කර ගැනීමට බටු කාන් සැලසුම් කළ බවයි. එහෙත්, ‘කාන් එගෙඩි’ අධිරාජ්‍යයාගේ මරණයත් සමග බටු කාන් නැවත මොන්ගෝලියාවට කැඳවන ලදී. බොහෝ ඉතිහාසඥයින්ගේ අදහස වන්නේ එම හේතුව නිසා යුරෝපය සම්පූර්ණයෙන් යටත්වීම වැළකි ගිය බවයි. රුසියාව තුළ වසර 250කට ආසන්න කාලයක් ‘රන් වංශිකයින්’ ලෙස මොංගෝලියානුවෝ කිරුළු දැරූහ.

පශ්චාත් මධ්‍යතන යුග[සංස්කරණය]

මුල් නූතන යුරෝපය[සංස්කරණය]

පුනරුදය[සංස්කරණය]

ගවේෂණය හා වෙළඳාම[සංස්කරණය]

පැවති යුද්ධයන්ට නව රාජ්‍යයන් ලෝකයේ පුළුල් කොටස් ( විශේෂයෙන් ආසියාව හා අළුතෙන් සොයා ගත් ඇමරිකාව) ආක්‍රමණය කිරීමෙන් හා ගවේෂණය කිරීමෙන් නැවැත්වීමට නොහැකි විය. 15 වන සියවසේදී පෘතුගාලය භූ විද්‍යාත්මක ගවේෂණවල මූලිකත්වය ගත් අතර 16 වන සියවසේ මුල් භාගයේදී ස්පාඤ්ඥය විසින් ඔවුන්ව අනුගමනය කරන ලදී. ඇමරිකාවෙහි ජනපද පිහිටුවීමට හා අප්‍රිකාවේ හා ආසියාවේ වෙරළ තීරවල වෙළඳ මධ්‍යස්ථාන ඇති කිරීමට මුල් වරට පියවර ගත්තේ ඔවුන්ය. නමුත් පසුව ප්‍රංශය , එංගලන්තය

ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

වාණිජ වාදය සහ යටත් විජිත වාදී ව්‍යාප්තිය[සංස්කරණය]

අවබෝධය[සංස්කරණය]

යුරෝපානු ඉතිහාසයේ ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

මෙම යුගය තුළ කතෝලික පල්ලියේ සිදු වූ දූෂණ නිසා ප්‍රොතෙස්තන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණ තුළ පසුගාමීත්වයක් ඇති විය. එමගින් බොහෝ රජවරුන් හා කුමාරවරුන්හට රාජ්‍යය පිළිබඳ බලපෑම් කිරීම අවම විය. මාර්ටින් ලූතර් හැරුණු විට එබඳු චරිත බිහිවන්නට වූ අතර, කැල්වීනියානුවාදය හඳුන්වා දුන් ජෝන් කැල්වින් එබන්දෙකි. එහි බලපෑමට ලක් වූ එංගලන්තයේ ¼,,, වන හෙන්රි රජු කතෝලික පල්ලියෙන්, ඉවත්ව ඇන්ග්ලිකන් පල්ලිය ගොඩ නැංවීය. මෙකී ආගමික බෙදීම් යුද්ධයන් ඇතිවීමට මඟ පෑදු අතර, බටහිර යුරෝපා රාජ්‍ය වඩාත් කේන්ද්‍රීය හා බලවත් වීමේ අපේක්ෂාව සහිත ඒවා බවට පත් කෙරිණ.

ප්‍රොතෙස්තන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධව කතෝලික පල්ලිය තුළ ද ව්‍යපාරයක් බිහිවිය. එහි අරමුණ වූයේ දූෂණය අවම කිරීම මෙන්ම කතෝලික පල්ලියේ බලය ව්‍යාප්ත කිරීමයි. මොවුහු නැගෙනහිර යුරෝපා රටවලට සහයෝගය දැක්වූවන් වූහ. එහෙත්, ප‍්‍රතිසංස්කරණ හමුවේ තවදුරටත් කතෝලික පල්ලිය දුර්වල වූ අතර, රජවරු තම රාජ්‍ය තුළ පල්ලියේ ආධිපත්‍යය තමා යටතට ගත්හ.

බටහිර යුරෝපයේ මෙන් නොව පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්‍යය සහ හංගේරියාව වැනි මධ්‍යම යුරෝපා රටවල් වඩාත් ඉවසන සුළු ස්ථාවරයක් දැරූහ. කතෝලික පල්ලියට ප‍්‍රමුඛත්වය දුන් නමුත්, ඔවුහු කුඩා කණ්ඩායම්වලට වෙනත් මත දැරීමේ අවසරය ලබා දුන්හ. මධ්‍යම යුරෝපය කතෝලික, ප්‍රොතෙස්තන්ත‍්‍ර, ඕතොඩොක්ස් හා යුදෙව් යනුවෙන් කොටස්වලට බෙදුණි. මෙම යුගයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් නම් සමස්ත යුරෝපය පිළිබඳ අදහස්වල වර්ධනයයි. එමරික් කෲස් 1623 දී යුරෝපා කවුන්සිලය පිළිබඳ යෝජනාව ගෙන ආවේය. 1518 දී ලන්ඩන් ගිවිසුම මගින් යුරෝපා රටවල් (රුසියාව හා ඔටෝමන් අධිරාජ්‍යය හැර) සාම ගිවිසුමකට එළඹුණ ද එය අසාර්ථක විය. පසුව එළඹුණු වසරවල බොහෝ යුද ගැටුම් ඇති වූ අතර, ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් ද බොහෝ රටවල් සාමයට නොඑළඹුනි.

තවත් වර්ධනීය තත්ත්වයක් නම් යුරෝපා ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අදහසයි. ශිෂ්ටාචාරය පිළිබඳ පරමාදර්ශයක් ලබා ගත්තේ පුරාණ ග‍්‍රීසියෙන් සහ රෝමයෙනි. විනය, අධ්‍යාපනය හා නාගරීක ඡීවිතය ශිෂ්ට සම්පන්න ලෙස සලකන ලදී. යුරෝපා වැසියන් යුරෝපා නොවන වැසියන්ට වඩා ශිෂ්ට සම්පන්න බවට සැලකුණි. ‘මොන්ටේන්’ වැනි ව්‍යාපාර ද නැඟී ආ අතර, ඔවුන් සලකන ලද්දේ යුරෝපා නොවන වැසියන් ස්වභාවික හා ප‍්‍රාථමික මිනිසුන් වන බවයි. ආගමික බෙදීම් නොතකා මිනිසුන් අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීමට තැපැල් ව්‍යාපාරය සමත් විය. එහෙත්, බොහෝ ප‍්‍රමුඛ විද්‍යාත්මක කටයුතු රෝමානු කතෝලික පල්ලිය මගින් තහනම් කරන ලදී. මෙය ප්‍රොතෙස්තන්ත‍්‍ර රටවලට වාසිදායක විය. ෆ‍්‍රැන්සිස් බේකන් සහ වෙනත් විද්‍යාඥයින් උත්සාහ කළේ, ස්වභාව ධර්මයේ ඒකීයත්වයව යන සංකල්පය හරහා යුරෝපය ඒකරාශී කිරීමට ය. 15 වන සියවසේ දී, එනම් මධ්‍යතන යුගයෙන් පසුව ප‍්‍රංශය, එංගලන්තය හා ස්පාඤ්ඤය තුළ නව රාජාණ්ඩු යටතේ බලවත් රාජ්‍ය බිහිවන්නට විය. අනෙක් අතට, පෝලන්ත රජුගෙන් බලය පවරා ගත් පෝලන්ත - ලිතුවේනියානු පොදු රාජ්‍ය පාර්ලිමේන්තුව වඩා බලවත් වන්නට විය. නව රාජ්‍ය බලතල එංගලන්තය වැනි රටවල පාර්ලිමේන්තු සාකච්ඡාවට බඳුන් විය. ප්‍රාදේශීය නායකයින්, නගර, ගොවි ජනපද හා නයිට්වරුන් අතර සන්ධානගත වීම් මගින් නව ආකාරවල රාජ්‍ය බිහිවන්නට විය.

එක්සත් වීමේ පනත 1707[සංස්කරණය]

‘එක්සත් වීමේ පනත්’(Acts of union) යනු 1706 දී හා 1707 දී පිළිවෙලින් ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් කීපයකි. ඵම දෙරට අතර සාකච්ඡා කොට තීන්දු කර ගත් ‘එක්සත් වීමේ ගිවිසුමෙහි’. (Treaty of union) කොන්දේසි බලගැන්වීම පිණිස ඵම පනත් සම්මත කර ගන්නා ලදි. මෙම පනත්වලින් ඵංගලන්ත රාජ්‍යය සහ ස්කොට්ලන්ත රාජ්‍යය ද (කලින් වෙන්ව පැවතුනි. වෙනම නිතී සංග්‍රහයක් තිබුණි. ඵහෙත් ඵක් රජෙක් යටතේ පාලනය විය.) ඵකාබද්ධ විය. ඵසේ සැදුණු තනි රාජ්‍යය මහා බ්‍රිතාන්‍යය නම් විය.

මෙම රාජ්‍යයන් දෙකම ඵක් රජෙක් යටතේ අවුරුදු 100ක පමණ කාලයක් පාලනය විය. (6 වැනි ‍ජෝර්ජ් රජු තම ඤාති සොයුරිය වූ 1වැනි ඵළිසබෙත් රැජිනියගෙන් 1603 දී ඉංග්‍රීසි කිරුලේ හිමිකම ලබාගත් තැන් සිට). ඔටුනුවල ඵකතුවක් (Union of crown) යනුවෙන් විස්තර වෙතත් සත්‍ය කාරණය නම් 1707 දක්වා සිදු වූයේ ඵක හිස මත ඔටුනු දෙකක් දරා සිටීමයි. පාර්ලිමේන්තු පනත් මගින් අවස්ථා තුනකදී ඵනම් 1606, 1667 සහ 1689 දී රටවල් දෙක එක්සත් කිරීම සඳහා උත්සාහ ගැනුණි. ඵහෙත් 18 වෙනි ශත වර්ෂය මුල දක්වා ඵය සිදු වූයේ නැත.

1707 මැයි 1වෙනි දින මෙම පනත් ක්‍රියාත්මක විය. මෙදින ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව සහ ඉංග්‍රිසි පාර්ලිමේන්තුව, මහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම අරභයා ඵක් වූහ. ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ මූලස්ථානය වූ ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් මාළිගාව මූලස්ථානය කර ගෙන මෙය සිදුවිය. (ඵංගලන්ත පාර්ලිමේන්තුව හා ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.) ඵබැවින් මෙම පනත් හඳුන්වනු ලැබුවේ පාර්ලිමේන්තු ඵක්වීම (Union of parliaments) යනුවෙනි. ස්කොට්ලන්තය හා ඵංගලන්තය, උතුරු සහ දකුණු බ්‍රිතාන්‍යය ලෙස නම් කිරීමේ උත්සාහයක් ද තිබුණි. මෙම අදහස පැවතුනේ ටික කාලයකි. විශේෂයෙන්ම දකුණු බ්‍රිතාන්‍යයෙහිය. ‘උතුරු බ්‍රිතාන්‍ය’ වශයෙන් ඇතැම් ආයතනවල ටික කලක් භාවිතාවුණු නමුදු දකුණු බ්‍රිතාන්‍යය යන නම විශේෂයෙන්ම භාවිතා නොවිණි. මෙම භාවිතාව දැන් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.

යුරෝපානු ඉතිහාසයේ ජාතීන්ගේ නැගීම[සංස්කරණය]

වර්ෂ 1848 දී බර්ලින් විප්ලවයේදී ඔල්වරසන් දීම

ප‍්‍රංශ විප්ලවයෙන් පසුව, අනෙකුත් ජාතීන් උත්සාහ දැරුවේ 1789 ට පෙර යුගල යළි ස්ථාපනය කිරීමට ය. 1815 දී මෙටර්නිච් ක‍්‍රමය යටතේ යුරෝපයේ බලවත් රටවල් එක්රැුස් වී සකස් වුණු වියානා කොන්ග‍්‍රසය විසින් නැපෝලියන් යුද්ධයෙන් පසු බල තුලනයක් සිදු කරනු ලැබීය. (එහෙත්, වරින් වර අභ්‍යන්තර කැරැුලි ද හට ගැණුනි) එහෙත් මෙම උත්සාහය කැරලි ඇතිවීම වැළැක්වීමට අසමත් විය. ප‍්‍රංශ විප්ලවයෙන් බිහි වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් මධ්‍යම පංතියට දැඩි ලෙස බලපෑ අතර, කාර්මික විප්ලවය මගින් වැදගත් ආර්ථික හා සමාජීය වෙනස්කම් සිදුවිය. පහළ පංතිකයින් සමාජවාදී, කොමියුනිස්ට් සහ අරාජික අදහස්වලින් පෝෂණය වූ අතර, (කාල් මාක්ස්ගේ කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුළින්) නව ධනවාදයේ තෝරා ගැනීම වූයේ ලිබරල්වාදයයි. එසේම තවත් බොහෝ ජාතික ව්‍යපාර ජර්මනිය, ඉතාලිය, පෝලන්තය වැනි රටවල බිහි විය. මේවායේ අරමුණ වූයේ ජාතික ඒකීයත්වයක් ඇති කිරීම හා විදේශ පාලකයින්ගෙන් මිඳීමයි, එහි ප‍්‍රතිඵලයක් ලෙස, 1815 සිට 1817 දක්වා කාලය තුළ විප්ලවීය ව්‍යාපාර හා යුද්ධ ගණනාවක් දක්නට ලැබුණි. , වන නැපෝලියන්ගේ බෑණා වන ,,, වන නැපෝලියන් 1848 දී එංගලන්තයට නැවත පැමිණි අතර, ප‍්‍රංශ පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. ඉන් අනතුරුව, ඔහු අධිරාජ්‍යයකු ලෙස නම් කරන ලදී. ඔහු ඕස්ටි‍්‍රයානු අධිරාජ්‍යය හා සටන් කොට ඉතාලිය එක්සත් කළ අතර, එංගලන්තය සමග ක‍්‍රිමියානු යුද්ධයේ දී ද, රුසියාවට එරෙහිව එටෝමන් අධිරාජ්‍යය තුළ ද සටන් කළේය. රුසියානු යුද්ධයේ දී ඔහු පරාජයට පත් වූ අතර ඔහු සිරකරුවකු ලෙස අල්ලා ගන්නා ලදී. ප‍්‍රංශය ඉන්පසුව බිඳ වැටුණු අතර, සාකච්ඡුා කිරීමට නොකැමති වූ ඔවුහු රුසියාවේ පහර දීමට ලක්විය. වර්සෙල්ස් හි දී රුසියාවේ , වන විල්හෙල්ම් රජු ජර්මන් අධිරාජ්‍යයා ලෙස දිවුරුම් දීමත් සමග නූතන ජර්මනිය ඇරඹුණි. බොහෝ විප්ලවීය ව්‍යාපාර පරාජය කරන ලද නමුත්, 1871 වන විට බොහෝ යුරෝපා රාජ්‍ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩු බවට පත් වූ අතර, ජර්මනිය හා ඉතාලිය ජාතික රාජ්‍ය ලෙස වර්ධනය විය. මහ පරිමාණ කාර්මික විප්ලවය සහ නැපෝලියානු යුද ජයග‍්‍රහණ හේතුවෙන් 19 වන සියවසේ දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ප‍්‍රමුඛ ගෝලීය බලවතා බවට පත්විය.


යුරෝපානු ඉතිහාසය - යළි සමගි වීම හා ඒකාබද්ධ වීම[සංස්කරණය]

1992 දී යුරෝපා සංගමයේ සාමාජිකයින් විසින් යුරෝපා සංගමයේ ගිවිසුමට අත්සන් තැබූහ. මෙය දේශපාලනමය අරමුණු සහිත ආර්ථික ප‍්‍රජාවක් වීමේ යුරෝපා ව්‍යාපෘතිය, ජාතික ස්වාධිපත්‍යයන් දේශපාලනිකව ඒකරාශී කිරීමේ ගැඹුරු සහයෝගිතාවයක් බවට පත් කරන ලදී. 1985 දී අත්සන් තබන ලද ෂෙන්ගන් එකඟතාව මගින් අදාළ රාජ්‍යවල ගමන් බලපත් පරීක්ෂාවකින් තොරව දේශසීමා විවෘතව තැබීමට එකඟ වූහ.

1999 දී යුරෝ නම් පොදු මුදල් ඒකකය හඳුන්වා දෙනු ලැබීය. 2002න් පසුව සාමාජික රටවල් 15න් ඊට එකඟ නොවූ රටවල් 3ක් විය. එනම්, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය හා ස්වීඩනයයි. 2004 දී යුරෝපා සංගමය නැගෙනහිර ප‍්‍රදේශයේ තවත් රටවල් 10ක් එක්කර ගත්තේය. (ඉන් 8ක් පැරණි කොමියුනිස්ට් රටවල් විය.* 2007 දී සාමාජික රටවල් සංඛ්‍යාව 27ක් බවට පත් කරමින් තවත් රටවල් 2ක් ඊට ඇතුලූ විය.

යුරෝපා සංගමයේ ව්‍යවස්ථාව හඳුන්වා දුන් ගිවිසුම 2004 දී රෝමයේ දී අත්සන් තැබිණි. මෙමගින් සියලූ පෙර ගිවිසුම් අහෝසි කොට තනි ලියවිල්ලකට එක් කරන ලදී. එහෙත්, ප‍්‍රංශ හා ලන්දේසි ඡන්ද නොලැබීම නිසා එය තහවුරු කිරීම ප‍්‍රමාද විය. 2007 දී පැරණි ගිවිසුම් අහෝසි කිරීම වෙනුවට සංශෝධනය කිරීම හඳුන්වා දෙමින් ‘ප‍්‍රතිසංස්කරණ ගිවිසුම’ අත්සන් තබන ලදී. මෙය 2007 දෙසැම්බර් 13 අත්සන් තබන ලද අතර, 2009 ජනවාරි මස දී තහවුරු කෙරිණි. මෙමගින් යුරෝපා සංගමයට පළමුවරට නිත්‍ය ජනාධිපත් ධූරයක් හා විදේශ ඇමතිවරයකු හඳුන්වා දෙන ලදී.

බෝල්කන් ඊළඟ ඇතුළත් වීමේ රට විය හැකි අතර, ක්‍රොඑෂියාවද ඒ සඳහා අපේක්ෂා කරයි.


සටහන්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=යුරෝපානු_ඉතිහාසය&oldid=280716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි