යාපනය ශික්‍ෂණ රෝහලේ සමූලඝාතනය

විකිපීඩියා වෙතින්
යාපනය ශික්ෂා රෝහලේ සමූලඝාතනය
Jaffna hospital massacre
ස්ථානයයාපනය, ශ්‍රී ලංකාව
දිනය1987 ඔක්තෝම්බර් 21-22 (+6 GMT)
ඉලක්කයශ්‍රී ලාංකික දමිළ ජාතික රෝගීන්, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලය[1][2]
ප්‍රහාර මාදිලියවෙඩිතැබීම, අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම[2][3]
ආයුධය(න්)තුවක්කු, බෝම්බ
මරණ60[4]–70[2]
තුවාලකරුවන්50+ (est.)
අපරාධකරුවෝඑකල ශ්‍රී ලංකාවේ රඳවා සිටි ඉන්දියානු සාම සාධක හමුදාව[2][5][6]
ඉන්දියානු - ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of ඉන්දියාව and ශ්‍රී ලංකාව

ඉන්දියාව

ශ්‍රී ලංකාව

යාපනය ශික්ෂා රෝහලේ සමූලඝාතනය යනු 1987 ඔක්තෝම්බර් 21 හා 22 යන දිනයන්හීදී ශ්‍රී ලංකාවේ යාපනය ශික්ෂණ රෝහල් භූමිය තුල, ඉන්දියානු සාම සාධක හමුදාව විසින් සිදුකල සමූලඝාතනයකි. රෝහලේ සිටි ශ්‍රී ලාංකික දමිළ ජාතික රෝගීන්, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලයේ 70 දෙනෙක් පමණ මෙමගින් ඝාතනය කර දමනු ලැබිණි.[4] ත්‍රස්ථවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය,[7] ශ්‍රී ලංකා රජය,[1] මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාල ගුරුවරු වැනි ස්වාධීන නිරික්ෂකයින්[3] හා අනෙකුත් විවිධ සංවිධානද[2][5][6] මෙම සිදුවීම, සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද සමූලඝාතනයක් ලෙස හඳුන්වන ලදී.

කෙසේ නමුදු මෙම හමුදා මෙහෙයුම භාරව සිටි නිළදාරියා වූ ලුතිනන් ජනරාල් දෙපින්දර් සිං (Depinder Singh) විසින් පවසා සිටියේ, මෙම සිවිල් වැසියන් ඝාතනයට ලක්වූවේ කොටි කැරළිකරුවන් හා ඉන්දියානු හමුදාව අතර සිදුවූ ප්‍රහාර වලට මැදිවීමෙන් බවයි.[8] එසේම මෙම ඝාතනයන්ට වගකිව යුතු හමුදා නිළදාරීන්ට එරෙහිව නඩු පැවරීමට, එකල ඉන්දියානු රජය පියවර නොගන්නා ලදී.[3]

පසුබිම[සංස්කරණය]

1987 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය විසින් ඇතිකරගත් ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම නිසා එරට ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF), දෙමළ කොටි ත්‍රස්ථවාදීන් නිරායුධ කිරීම සහ ගිවිසුම් කටයුතු නිරික්ෂණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. නමුත් දෙමළ කොටි සංවිධානය, ඉන්දියානු හමුදාව සමග ගැටුමක් නිර්මාණය කර ගනිමින්, ඔක්තෝම්බර් 8 වන දින ඉන්දියානු සාම සාධක හමුදාව වෙත මාරාන්තික ප්‍රහාරයක් කිරීම නිසා, අවසානයේදී ඔවුන්ද (සාම සාධක හමුදාව) කොටි ත්‍රස්තවාදීන් (LTTE) වෙතට ප්‍රහාර දියත් කිරීම අරඹන ලදී. ඒ අනූව 1987 ඔක්තෝම්බරයේදී ඉන්දියානු හමුදාව, එල්ටීටීඊ යට අයත්ව තුබූ යාපනය අර්ධද්වීපය තුල බලය තහවුරු කර ගැනීමට උත්සාහ දරණ ලදී.[3]

ප්‍රහාරය එල්ල වීම[සංස්කරණය]

යාපනය ශික්ෂණ රෝහල/යාපනය මහ රෝහල එවක ගැටුම් අතරතුරදී පවා යාපනය අර්ධද්වීපය තුල ක්‍රියාත්මකව තිබූ, ජනතාවගේ ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානය විය. නමුත් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සහ ඉන්දියානු සාම සාධක හමුදාව අතර එම කාලයේ පැවැති සම්බන්ධතා ක්‍රමයෙන් දුර්වල වී යාම නිසා සහ ඉන්දියානු සාම සාධක හමුදාව යාපනය නගරයේ බලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වීමත් නිසා, ඉන්දියානු හමුදාවන් විසින් ක්‍රියාත්මක කල මෙහෙයුම් හේතුවෙන් හටගත් බිය හා සැක සංකා කරණකොට ගෙන රෝහලේ සමහරක් ක්‍රියාකාරීත්වයන්ට එම කාලය තුලදී යම් යම් බාධා එල්ල වූ බව පැවසෙයි.

ඒ අනූව 1987 ඔක්තෝම්බර් 21 වන දින (හින්දු දීපවාලි උත්සව දිනයේදී), ඇවිලී ගිය හමුදාමය ගැටුම් හේතුවෙන්, රෝහලේ මෘතශරීරාගාරය 70 කට වැඩි පිරිසකගේ මළ සිරුරු වලින් පිරී ගිය බව සඳහන්ය.[3]

කාලානුරූපී සිදුවීම[සංස්කරණය]

1987 ඔක්තෝම්බර් 21[සංස්කරණය]

  • පැය 11 – යාපනය ලන්දේසි බළකොටුව ආශ්‍රිත ප්‍රදේශයෙන් සහ ඉහලින් ගමන් ගත් හෙලිකොප්ටර් මගින් එල්ල වූ කාල තුවක්කු සහ අනෙකුත් ප්‍රහාර වලට රෝහල් පරිසරය ගොදුරු වීම.
  • පැය 11 30 – රෝහලේ භාහිර රෝගී අංශ (O.P.D) ගොඩනැගිල්ලට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වීම.
  • පැය 13 – ශාන්ති රංගහල වීදිය අසල (Shanti Theatre Lane) ඉන්දියානු හමුදාවන් ගැවසෙනු දුටු බවට, රෝහලේ රාජකාරියේ නිරතව සිටි ප්‍රධාන උපදේශකවරයා විසින් වාර්ථා කිරීම.
  • පැය 13 30 – වාට්ටු අංක 8 ට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් පුද්ගලයෝ 7 දෙනෙකු ඝාතනය වීම. තවත් වෛද්‍යවරයෙකු සමග පිටතට පැමිණි ප්‍රධාන උපදේශකවරයා විසින්, රෝහල් භූමිය තුල වැටී තුබූ හිස් පතොරම් දැකීම සහ යම් අයෙකු රෝහල් භූමිය තුල සිට වෙඩි තබා ඇතැයි අදහස් කිරීම.
  • පැය 14 – රෝහල් භූමියෙන් ඉවත් වන ලෙස, ආයුධ සන්නද්ධව රෝහල් භූමියේ ගැවසෙමින් සිටි එල්ටීටීඊ සාමාජිකයන් කීපදෙනෙකුගෙන්, ප්‍රධාන උපදේශකවරයා සහ වෛද්‍ය. ගණේෂරත්නම් (Dr. Ganesharatnam) ඉල්ලා සිටීම.
  • පැය 14 5 – තවත් එල්ටීටීඊ ත්‍රස්ත පිරිසක් රෝහල් භූමිය තුලට පැමිණ සිටින බවට වාර්ථා වීම.
  • පැය 14, පැය 16 – කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් දිවා ආහාරය වෙනුවෙන් රෝහලෙන් බැහැරට යාම.
  • පැය 16 – රෝහල පාරේ ගැසලින් පොළක් ආශ්‍රිතව, මිනිත්තු 15 ක් 20 ක් පමණ කාලයක් පුරාවට වෙඩි ප්‍රහාර කිහිපයක ශබ්ද වාර්තා වීම.
  • පැය16 20 සහ ඉන් ඉදිරියට – ඇසින් දුටු සාක්ෂිකරුවෙකුට අනූව, ඉන්දියානු සාම සාධක හමුදාව රෝහලේ ඉදිරිපස ගේට්ටුවෙන් ඇතුළුව, කොරිඩොර් ඔස්සේ ගමන් ගනිමින් එහි සිටි (රෝහලේ) සියළු දෙනාට අනතුරු හඟවා තිබිණි.[2][3] තවත් සාක්ෂිකරුවෙකුට අනූව, සාම සාධක හමුදාව රෝහලේ විකිරණ කාමරයේ සිටි රෝගීන් ඇතුළු පිරිසට, වෙඩි තබා තිබිණී.[2][3]
  • එදින රාත්‍රිය පුරාම බෝම්බ පිපිරීම් කිහිපයක් ඇසුනු බව වාර්ථා වෙයි.[3]

1987 ඔක්තෝම්බර් 22[සංස්කරණය]

  • පැය 8 30 – වෛද්‍ය. සිවපදසුන්දරම් (Dr. Sivapathasundaram) මහතා, හෙදියන් තිදෙනෙකු සමග රෝහලෙන් පිටතට පැමිණීම. ඔවුන් දෑත් ඔසවාගෙන "අපි යටත්වනවා, අපි අහිංසක වෛද්‍යවරුන් සහ හෙදියන්" යනුවෙන් කෑගැසූ බව සඳහන්ය.[3] කෙසේ නමුද් සිවපදසුන්දරම් මහතා ඝාතනය වූ අතර, හෙදියෝ තුවාල ලැබූහ.
  • පැය 11 – රෝහල් කාර්ය මණ්ඩලයේ සිටි 10 දෙනෙකු පමණ, ඉන්දියානු හමුදා ආරක්ෂාව යටතේ පිටතට පැමිණීම. වෛද්‍ය. ගණේෂරත්නම් (Dr. Ganesharatnam) මහතා ඝාතනයට ලක්ව තිබීම.
  • දිනයේ පශ්චාත් සමයේදී, ඝාතනයට ලක්වූ සිරුරු එකතුකොට ගිනිදැල්වූ බව පැවසෙයි.[3]

ප්‍රතිචාර[සංස්කරණය]

සිදුවීම සම්බන්ධව ඉන්දියානු හමුදාව ප්‍රකාශ කලේ, කැරළිකරුවන් සහ හමුදා අතර ඇතිවූ ගැටුම් වලට රෝහලේ සිටි පිරිස් මැදිවූ බවයි.[9] හමුදා මෙහෙයුම භාරව සිටි නිළදාරියා වූ ලුතිනන් ජනරාල් දෙපින්දර් සිං විසින්ද මෙම ප්‍රකාශය නැවත නැවතත් තහවුරු කරන ලදී.[8] නමුත් එල්ටීටීඊ සංවිධානය (LTTE) සහ ශ්‍රී ලංකා රජයද, මෙය සිවිල් වැසියන් ඝාතනයට ලක්කල සමූලඝාතනයක් ලෙස හඳුන්වන ලදී. එසේම 2008 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් මෙම සිද්ධිය, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද අපරාධයක් ලෙස නම් කරන ලදී.[1] බොහොමයක් ස්වාධීන නිරික්ෂකයින් සහ, දිවයිනේ හා භාහිර මානව හිමිකම් සංවිධානද,[6][2][5][10] මෙම සිදුවීම, සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද සමූලඝාතනයක් ලෙස හඳුන්වන ලදී.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Dayasri, Gomin (2008-04-26). "එමිනන්ට් පර්සන්ස්' ඩිස්ප්ලෙයිඩ් ලැක් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස්". මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්, ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 2008-12-19. These crimes against humanity include the Mass Murders committed by the IPKF at the Jaffna Hospital on the 20th October 1987 when they entered the hospital and indiscriminately murdered patients, doctors, nurses and attendants by shooting and exploding grenades indiscriminately
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 Krishna, Sankaran (2005). Postcolonial Insecurities: India, Sri Lanka, and the Question of Nationhood. University of Minnesota Press. pp. 190–2. ISBN 0-8166-3330-4.
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 Hoole, Ranjan; Thiranagama, Ranjani (1992). "ද බ්‍රෝකන් පල්මයිරා, ද ටැමිල් ක්‍රයිසිස් ඉන් ශ්‍රී ලංකා, ඇන් ඉන්සයිඩ් එකවුන්ට්". ද ශ්‍රී ලංකා ස්ටඩීස් ඉන්ස්ටිටියුට්: 265–71. ASIN: B000OGS3MW. {{cite journal}}: Cite journal requires |journal= (help)
  4. 4.0 4.1 Somasundaram, Daya; Jamunanantha, CS (2002). de Jong, Joop (ed.). ට්රෝම, වෝර්, ඇන්ඩ් වයලන්ස්: පබ්ලික් මෙන්ටල් හෙල්ත් ඉන් සෝෂියෝ-කල්චරල් කන්ටෙක්ස්ට්. Springer. p. 213. ISBN 978-0-30646709-7.
  5. 5.0 5.1 5.2 De Jong, Joop, ed. (2002). Trauma, වොර් ඇන්ඩ් වයලන්ස්: පබ්ලික් මෙන්ටල් හෙල්ත් ඉන් සෝෂියෝ-කල්චරල් කන්ටෙක්ස්ට්. Springer. p. 213. ISBN 0-306-46709-7.
  6. 6.0 6.1 6.2 Richardson, John (2005). පැරඩයිස් පොයිසන්ඩ්: ලර්නින් අබවුට් කන්ෆ්ලික්ට්, ටෙරරිස්ම් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ෆ්‍රොම් ශ්‍රී ලංකා'ස් සිවිල් වෝර්ස්. ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆෝ එත්නික් ස්ටඩීස්. p. 546. ISBN 955-580-094-4.
  7. "ජෆ්නා හොස්පිටල් මැසක්‍රෙ". LTTE පීස් සෙක්‍රටේරියට්. 2006-11-22. සම්ප්‍රවේශය 2008-12-19.
  8. 8.0 8.1 Ghosh, PA (1998). එත්නික් කන්ෆ්ලික්ට් ඉන් ශ්‍රී ලංකා ඇන්ඩ් රෝල් ඔෆ් ඉන්ඩියන් පීස් කීපිං ෆෝර්ස්. APH Publishing. ISBN 81-7648-107-6. p.125
  9. Pathak, Saroj (2005). වෝර් ඔර් පීස් ඉන් ශ්‍රී ලංකා. ඉන්ඩියා: Popular Prakashan. p. 122. ISBN 81-7991-199-3.
  10. Somasundaram, D (1997). "Abandoning jaffna hospital: Ethical and moral dilemmas". Medicine, Conflict and Survival. 13 (4): 333–47. doi:10.1080/13623699708409357.

භාහිර සබැදි[සංස්කරණය]