මෝටාරය (කොට කාලතුවක්කුව)
මෝටාරයක් යනු තුවක්කු කටෙන්-උණ්ඩ ඇතුළු කරන වක් අයුරින් එල්ලය ගන්නාවූ අවියක් වන අතර, එය අඩු ප්‍රවේගයකින් ෂෙල් උණ්ඩ නිකුත් කරනුයේ කෙටි පරාසයකට, සහ දිගු-චාප හැඩැති ප්‍රක්ෂේප පථයකින් ගමන් කරන අයුරිනි. එය සාමාන්‍යයෙන් එහි තුවක්කු කටෙහි විෂ්කම්භය මෙන් 25 ගුණයකට වඩා අඩු දිගකින් යුතු තුවක්කු කාණුවක් සහිතයි.
[සංස්කරණය] ක්‍රියාකාරිත්වය
ක්‍රියාත්මක කිරිමට පහසු හා සරල උපකරණයකි . නවීන මෝටාර් එකක් සමන්විත වන්නේ නලයක් / බටයක් වැනි එකකින් වන අතර කාලතුවක්කුකරැ ඒ තුළට වෙඩි උණ්ඩයක් ඇතුළු කරයි. බටයේ යට කොටස තුළ වෙඩි තැබීම සදහා භාවිතා කරන ඇණයක් මගින් ප්‍රචාලකය පුපුරැවා හැර වෙඩි උණ්ඩය ඉවතට යොමු කරයි. මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්‍ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය. මේවා ඉතා ඉහළ ප්‍රවේගයකින්, විශාල පරාසයක, Flatter arcs හා සමහර අවස්තාවල සෘජුව වෙඩි තැබීමට හැකියාව ඇත. 19වන හා 20වන සියවස් වලදී බර අධික, විශ්කම්භය 1m පමණ වන තෙක් විශ්කම්භය ඇති මෝටාර් භාවිතා කර ඇත. මෝටාර්, ගිනිකෙළි, ආදිය රදවන්නක් ලෙසත් ෂෙල් හෝ..................................
සැහැල්ලු මධ්‍යම ප්‍රමාණයේ මෝටාර් අතේ ගෙන යා හැකි අතර පාබල සේනාවන් වලදී බොහෝ විට යොදා ගනී. මෝටාර් අංශයක් සතුව කාලතුවක්කු බැටරි පැවතීමේ ප්‍රධාන වාසිය වන්නේ ඒවා ප්‍රමාණයෙන් එහා මෙහා ගෙන යා හැකි වීමත් හමුදාව, භට පිරිසක් හෝ ස්ථානයක් හදිසි ගින්නකින් රැක ගැනීමට හැකි වීමත් නිසාය. එමෙන්ම අගලකට මුවා වී හෝ කපොල්ලකට මුවා වී සිට ප්‍රහාර එල්ල කළ හැකි වේ. මේ අනු ව බලන කළ මෝටාරය යනු පාබල හමුදාවකට ඉතා උපකාරි වන ආයුධයක් වන්නේ එය ඔනෑම පොළොවක / බිමක ප්‍රවාහනය කළ හැකි වීමත් කාලතුවක්කු සදහා වන සවිස්තරාත්මක උපකාරය අවශ්‍ය නොවීමයි. මීට අමතරව මි.මි 120 – 300 ත් අතර විශ්කම්භය ඇති බර අධික මෝටාර් ද පවති. මේවා බොහෝ විට ඇදගෙන යාම හෝ රථයක් මත සවිකර ඇති ඒවා වන අතර සේනාංක මට්ටමෙන් පාබල හමුදාවේ භාවිතා කරයි. මේ මට්ටමේ වුවද මෝටාර් Howitzer හෝ ක්ෂෙත්‍ර තුවක්කු වලට වඩා සරල හා අඩු වියදම් වේ.
මෝටාරයත් පුද්ගලයන් එක් කෙනෙකු හෝ කිහිප දෙනෙකුට ඔසවා ගෙන යාමට හැකිය. (විශාල මෝටාර් කෑලි කිහිපයකට වෙන් කොට ගෙන යා යුතුය. පාබල මෝටාරයක් මෝටාර් රැගෙන යන වාහනයක එහා මෙහා ගෙන යා හැකි අතර එහි රදවා තබා වෙඩි තැබිමද සිදු කළ හැකිය.
බර මෝටාර් ඇද ගෙන යන වාහනයක තැබීම හෝ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන මෝටාර් රදවා තබන ස්ථිර වාහනයක් අත රදවන ලද්දක් ලෙසත් මෙය භාවිතා කළ හැකිය. උදා වශයෙන් යනු Patria Amos PTI මෙම බර මෝටාර් වල ඉතා මෑත කාලීන නිර්මාණයකි.