මේස පන්දු
Table tennis at the highest level |
|
| Highest governing body | ITTF |
|---|---|
| Nickname(s) | Ping-pong |
| First played | 1880s England |
| Characteristics | |
| Contact | No |
| Team members | Single or doubles |
| Mixed gender | men, women or other |
| Categorization | Racquet sport, indoor |
| Equipment | celluloid, 40 mm |
| Olympic | 1988 |
මේස පන්දු යනු ක්‍රීඩකයින් දෙදෙනෙකු හෝ හතරදෙනෙකු සැහැල්ලු පන්දුවකට ඉදිරියට සහ පසුපසට එකිනෙකා වෙත පැඩලයන් මඟින් පහර දීමයි. ක්‍රීඩාව සිදු කරන්නේ දැලකින් දෙකට බෙදු ද ෙම්‍සයක් මතදීය. ක්‍රීඩකයන් තමන් දෙසට එන පන්දුව එක් වතාවක් පමණක් තම පැත්තේ වැද්දවීමෙන් අනතුරුව අනිත් පැත්තට යොමු කල යුතුය. පන්දුව විරුද්ධවාදියාගේ පැත්තේ නොගැටුනහොත් හෝ විරුද්ධවාදියා පන්දුව අවසාන ඉර පසුකිරීමට ප්‍රථම පහර නොදුනහොත් එය මල පන්දුවක් ලෙස හැදින් ෙව්. ක්‍රීඩාව ඉතා ඉක්මනින් සහ ඉක්මන් ප්‍රතික්‍රියාකාරී විය යුතුය. දක්ෂ ක්‍රීඩකයෙකු හට දඟර කවා පන්දුව යැවිය හැකිය. එලෙස යැවීෙමන් විරුද්ධ පැත්තේ සිටින ක්‍රීඩකයාට පන්දුව එන ආකාරය සහ එයට පහරදෙන ආකාරය කල්‍ෙව්ලා ඇතිව සැලසුම්‍කර ආත්ම විශ්වාසයකින් යුතුව පන්දුවට පහරදීම් හැකියාව වලක්වයි.
මෙම ක්‍රීඩාව 1880 දී එංගලන්තයේදී ආරම්‍භ කරන ලද්දේ රාත්‍රී ආහාරයට පසු ඉහල පෙලේ වික්ටෝරියානුවන් විනෝදය සඳහා කරන ලද ක්‍රීඩාවක් ලෙසිනි. එහිදී දැලක් ලෙස පොත් පේලියක් ද රවුම්‍කර ගත් ෂැම්‍පේන් මූඩියක් හෝ ගැට ගසා ගත් නූල් බෝලයක් ලෙසද , සිගරට්‍පෙට්‍ටියක පියනක් පැඩලය ලෙසද භාවිතා කරන ලදී.
නූතන ක්‍රීඩාවක් ලෙස මේස පන්දු යුරෝපයේ ඇෙමරිකාෙව් සහ ජපානයේ විකසනයට පත්ව ඇත. මෙම ක්‍රීඩාව පාලනය කරනු ලබන්නේ 1926 දී පිහිටුවා ගන්නා ලද අන්තර්ජාතික ෙම්‍ස පන්දු සම්මේලනය මගිනි.(ITTF)