මුහම්මද් නබි
| මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ http://nabithumaa.wordpress.com/2011/08/01 හා බැඳි හිමිකම් කඩකිරීමක් නිසාවෙනි. මෙම උපමානය අදාල වන්නේ, පිටුව තුල සුරැකිය යුතුව ඇති නිදහස් අන්තර්ගතය නොමැති සහ ආරූඨ කිරීම අවශ්‍ය වන්නාවූ පසුකාලීන සංස්කරණ නොමැති සැකයක් විරහික අවස්ථාවන්ට පමණකි – වඩාත් සංකීර්ණ අවස්ථාවන් සඳහා, විකිපීඩියා:හිමිකම් උල්ලංඝනය බලන්න. CSD G12 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. Please be sure that the source of the copyright violation is not itself a Wikipedia mirror. Also, verify if the submitter of this page has been notified about our copyright policy.
|
|
|||||||
පටුන |
[සංස්කරණය] නබි තුමාට පෙර අරාබිය
අරාබිවරුන් අතර පිළිම වැදූම ප්‍රධාන ආගමක් ලෙස පැවැත් වින. සත්‍ය (ශක්තිමත්) ආගමට එරෙහී පිළිම වැදූමෙහි යෙදූ නිසා ඔවුන්ගේ කාලපරිචඡෙදය “අයියාමුල් ජාහිලියියා” (අZඥා න කාලය) යනුවෙන් හැදින්විය. අල්ලාහ් හැර ඔවුන් වැදූම කළ ප්‍රසිද්ධ පිළිමයන් ලෙස හැදින්වූයේ අල්-ලාත්, අල්-උස්සා, මනාත් හා හුබල් යනාදීන්ය. නමුත් අරාබිවරුන් අතර ක්‍රිස්තියානින්ද, යුදෙවවන්ද, ගිනි වැදූම්කරුවන්ද සිටියහ. තවද, ඔවුන් අතර නබි ඉබ්‍රාහිම් තුමාගේ පරිශුද්ධ ආගම පිළිපැදු පිරිස්ද ස්වල්ප වශයෙන් සිටියහ.
ආර්ථික වශයෙන් එහි වාසය කල “බදවි” යනුවෙන් හදූනන ගැමියන් සිව්පාවන් තණකෑම සදහා දක්කන එඩෙරවරුන් ලෙසද, නගර වැසියන් ව්‍යාපාර හා ගොවිතැන් කරමින්ද ජීවත් වූහ. ඉස්ලාම් ප්‍රසිද්ධවීමට කලකට පෙර සිට මක්කාව අරාබි අර්ධද්වීපයේ ශ්‍රේෂ්ඨ වෙළද නගරයක් ලෙස පත්ව තිබින. අන් ප්‍රදේශයන් මෙන්ම මෙහිද ශිෂ්ඨාචාර ජනපදයන්ද තිබින.
සමාජයීය අතින් එහි අපරාධයන් පිරිහී තිබින. අසරණයන් ගේ අයිතිවාසිකම් පැහැර හැරීම, ගැහැනු දරුවන් (පණ පිටින්) වළලීම, ගරුකම නොසැළකීම, බලවතුන් අසරණයන්ගේ සම්පත් සූරා කෑම, සීමාවෙන් තොරව බහු භාර්ය සේවනයේ යෙදීම, ස්තී දුෂණය පැතිරීම හා අල්ප හේතුන් මත ගෝත්‍රිකයන් අතර යුද්ධ කිරීම යනාදියන් පිරිහී තිබින. මෙවැන්නන් ඉස්ලාම් ප්‍රසිද්ධ වීමට පෙර අරාබි අර්ධද්වීපයේ පැවැතී විශේෂිත සිද්ධීන්ය.
කුරයිෂිවරුන්, නබි මුහම්මද්(සල්) තුමාගේ සීයාවූ අබ්දුල් මුත්තලිබ්ගේ ගෝත්‍රිකයන් හා ඔහුගේ සම්පත් මුල්කරගෙන ආඩම්බර වෙමින් සිටියහ. අබ්දුල් මුත්තලිබ් දිනක් _අල්ලාහ් තමාට පිරිමි දරුවන් දස දෙනෙක් ලබා දෙන්නේනම්, ඔවුන්ගෙන් කෙනෙක් දෙවියන් ලගාවීම සදහා බිලිදෙන බව භාරවිය. ඔහු භාරවූ පරිදී අල්ලාහ් ඔහුට පිරිමි දරුවන් දස දෙනෙක් ලබා ගන්නේය. ඔවුන් අතර මුහම්මද්(සල්) තුමාගේ පියාවූ අබදුල්ලාද කෙනෙකි. තම භාරය ඔප්පු කිරීමට අබදුල් මුත්තලිබ් සැරසූ විට “මෙය මිනිසාගේ පාරම්පරික කාර්‍යයක් නොවන” බව පවසමින් එය වළක්වාලීමට මිනිස්සු ඉදිරිපත්වූහ. පසුව ඔවුහූ ඒ සදහා වන්දියක් වශයෙන් අබදුල්ලාහ් හා ඔටුවන් දස දෙනා අතර කුසපත් ඇදී (තීරණය කිරී) මටද, එහිදී අබ්දුල්ලාහ්ගේ නම ඇදෙන්නේනම‘, ඒ සදහා ඔටුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමටද එකගවූහ. ඒ අනුව ඔවුන් කුසපත් ඇදුඟ. දස වතාවක්ම අබදුල්ලාහ්ගේ නමම ඇන්නේය. පසුව ඒ අනුව ඔවුන් ඔටුවන් සීයයක් කපා බිලි දුන්හ.
ආමිනාගේ ගැබි කාලය සම්පූර්ණවීමෙන් ඇයට ප්‍රසූත වෙද නාව ආරම්භ විය. නමුත් ප්‍රසූත වේලාවන්හි අන් ස්ත්‍රීන් ලබන දැඩී වේදනාව හෝ අසීරුතාවය ආමිනාට නොහැගීය. ක්‍රිස්තු වර්ෂ 570 රබීඋල් අව්වල් මස 12 වැනි සදුදා දින ඳජ්ර් උදාවීමත් සමගම ආමිනා තම දරුවාව ප්‍රසූත කළාය. මෙම වකවානුව “ආමුල් ෆීල්” (ඇත් වසර) යනුවෙන් හැදින්විය.
[සංස්කරණය] නබිතුමාණන්ගේ උපත
අරාබි දේශය අද එකම රජෙකුගේ පාලනය යටතේ පවතී. නමුත් අතීතයෙහි පාලනහ නොයෙකුත් පවුල් බලධාරින් අත පැවතුණි. එවැනි පවුල් බොහොමයක් එවකට විය. රටේ විවිධ පzාන්ත විවිධ කණ්ඩායම් විසින් පාලනය කරන ලදී. ඔවුන් අතර කිසිම දිනක සාමÞනයක් නම් නොවීය. එක් කණ්ඩායමක් සමග තවත් කණ්ඩායමක් සÞකල්හිම යුද්ධයේ පැටලි සිටියෝය. ඕනෑම සුZ කරුණක් විසඳා ගැනීමට වුවද ඔව්හු එකිනෙකාට විරුද්ධව යුදවදුනහ. අවුරුදු ගණනාවක් මෙම යුද්ධ නොකඩවා පැවතිනි. එම වකවානුවේ හිජාස් කමැති පzදේශයේ ‘කුරයිෂි’ වංශයට අයත් අය ජීවත් වූහ. මෙම පzදේශයේ මක්කම නගරයේ කඃබා නමැති ඉතා පැරණී දේවස්ථානයක් විය. අවුරුදු දහස් ගණනකට පෙර නබි ඉබ්රාහිම් තුමාණෝ එකම දෙවියක් වැඳීමට මෙම දේවස්ථානය තැනුවෝය. කුරයිෂි වංශයේ අය මෙම දේවස්ථානයේ පාලකයන් වශයෙන් කටයුතු කළ නිසා අනෙක් පවුල් වලට අයත් උදවිය ඔවුන් හට ගෞරව දැක්වූහ.
එක් සමයකදී අබ්දුල් මුත්තලිබ් නමැත්තා කුරයිෂි පවුලේ පzධානියා විය. ඔහුට දරුවන් කීප දෙනෙක් විය. ඔහුන් අබ්දුල්ලා නමැති පුතාට වැඩි ආදරයන් දැක්විය. අබ්දුල්ලා ව්‍යාපාර කටයුතු සඳහා නිතර විදේශ ගමන් බිමන් වල යෙදින. අබ්දුල්ලා තම තරුණ වියේදී ආමිනා නමැති කාන්තාව සමඟ විදේශ ගමනක යෙදුන අවස්ථාවකදී අබ්දුල්ලා මදීනා නමැතී ස්ථානයේදී අභාවප්‍රාර්ත විය. මදීන් නමැති ස්ථානය කලින් හැදින්වූයේ යත්රිබ් නමිනි.
ඔහුගේ අභාවයට පසුව ආමිනා තුමියට දරුවෙක් ලැබින. එම දරුවාට මුහම්මද් යන නම තැබීය.
මුල් අවුරුදු හතරේදී මුහම්මද් තුමන් හÞ වඩා ගත්තේ හලීමා නමැති සිතzියයි. ඇය හෙදියෙකි. හලීමාගේ පවුලේ අය අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් නොදැක්වූ නිසා ඔවුන්ට මෙන්ම ඔවුන් අතර වැඩුණු මෙම දරුවාට ද කියවීමට හෝ ලිවීමට නොහැකි විය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු කිසිම උනන්දුවක් නොදැක්විය. එයට හේතු වූයේ අධ්‍යාපනයට සුදුසු පරිසරයක් එහි නොතිබීමය.
මුහම්මද්තුමාණන්ට වයස අවුරුදු හය වන විට එතුමාණන්ගේ මව මිය ගියාය. මවගේ නැතිවීමත් සමගම එතුමෝ මවක හෝ පියකු නොමැති අනාතයෙක් බවට පත් වූහ. නමුත් එතුමාණන්ගේ පියාගේ පියා (සීයා) වන අබ්දුල් මුත්තලිබ් තම මුණුපුරා රැක බලා ගත්තේය. අවුරුදු ·අ·ට පසුව අබ්දුල් මුත්තලිබ්ද අභාවපzාප්ත විය. ඉන් පසුව එතුමාණන්ගේ සුZ පියාවූ අබුතාලිබ් එතුමාණන් හÞ වඩා ගත්තේය.
තමාගේ නමවත් ලියන්නට නොදත් මුහම්මද්තුමාණන් අනාගත ලෝකයේ ඉතා ශක්ති සම්පන්න ඉස්ලාම් ආගම පැතිර වීමට සමතෙක් වන බව එවකට කවුරුත් දැන සිටියේ නැත. කලින් කල දෙවියන් විසින් ලොවට යවන ලද දුතයන් ගේ අන්තිම දුතයා වන බවක් වත් එවකට දැන සිටියේ නැත. තව ද මුහම්මද්තුමාණන් අනාගතයේදී පිබිදිය හැකි විශිෂ්ඨයකු බවටත් හැඟීමක් ඇතිවී නොතිබින.
[සංස්කරණය] තරුණවිය
මුහම්මද් තුමාණන්ගේ තරුණ වයස ලඟාවන විට එතුමෝ එZවන් රැක බලා ගැනීමෙන් එඬේර ජීවිතයක් ගත කළෝය. පසුව ව්‍යාපාර කටයුතු වල නිරත වූහ. සිරියා වැනි විදේශවල පවා වෙළඳ සංවාරක කටයුතුවල යෙදුනහ.
එතුමන්ගේ චාම් ජීවිතය සහ යහපත් සිරිත් විරිත් දුටු අනෙක් අය එතුමාණන්ට ගරු කළහ. ආදරය දැක්වූහ තරුණ වියේදී එතුමො දුප්පත් මිනිසකු ලෙස ජීවිතය ගත කළෝය. සÞකල්හිම සත්‍ය කළෝය. එතුමන්ගේ අවංක බව නිසා සියලිලෝ එතුමන් විශ්වාස කළහ. වෙනත් අය විසින් ආරක්ෂාව සඳහා තමා වෙත් ගෙනවුත් තබන ලද මුදල් හෝ වෙනත් භාණ්ඩ ඉතා ආරක්ෂා සහිතව තබා නැවත ඉල්ලන විට අයිතිකරුවන් වෙත ඒ සියල්ල ආපසු භාර දෙන ලදී.
ඒ නිසාම එතුමාණන්ට ‘අල් අමීන්’ නමැති නමක් ද ලැබින. අල් අමීන් යන්නෙහි අර්ථය ‘විශ්වාස වන්තයෙක්’ යන්නයි. ‘මුහම්මද්’ යන්නනෙහි අර්ථය ‘පzශංසකීය’ යන්නයි.
බොරු කීම සොරකම් කිරීම වැනි නරක සිරිත් විරිත් එතුමන් ලඟ නොමීය. අධ්‍යාපනය නොලද්දකු වුවත් නුවණක්හ යහපත් සිරිත් විරිත් එතුමන් ලඟ විය. එක් සමයක කුෙරෙෂිවරු ‘කඃබා’ නමැති සුද්ධවූ දේවස්ථානය අZත් වැඩියා කරමින් සිටියෝය. හිජාස් පzදේශයේ විසු සියZම පවුල්වල සහාය හා සහයෝගය මෙම කාර්ය සඳහා ලැබුණි. මෙම දේවස්ථානයෙහි සුවර්ගයේ සිට වැටුණු කZ ගලක් විය. එය ‘හජ්රුල් අස්වද්’ යන නමින් හැඳින්විය. එම ගල නියමිත ස්ථානයෙහි තැන්පත් කිරීමේ අවස්ථාව තම තමාට ලැබිය යුතුය කියා සිටියහ. ඒ ගැන තීරණයකට එළඹීමට නොහැකිවූ තත්වයක් උද්ගත වූ බැවින් ඔවුන්නොවුන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්වයක් උÞවිය. එවැනි අවස්ථාවකදී සුදුසු තීරණයක් ගන්නා ලෙස සියZම පවුල් වල අය එතුමාණන් ගෙන් ඉල්ලා සිටියෝය.
එතුමාණන් කවර අන්දමේ තීරණයක් ගත්තේ දැයි ඔබ දන්නවාද? ‘රෙදි නැබැල්ලක් ගන්න· ඒ මත ගල තබන්න· සියZදෙනාම ඔසවන්න· ගෞරවය සියZ දෙනාටම හිමිවේයයි එතුමාණන් කීහ. මෙම තීරණයෙන් සියල්ලෝම සතුටට පත් වූහ. මේ අනුව එම ගල රෙදි කැබැල්ල මත තබා සියල්ලෝම ඔසොවාගෙන ගිය විට මුහම්මද් තුමාණෝ එය බිත්තිය මත තැබූහ. එයින් සියල්ලෝම තෘප්තියට පත් වූහ. එපමණක් නොව එම කzියාව නිසා පවුල් අතර සිදුවීමට ඉXතිබුණු ගැටුම්ද වැලකිනි. තරුණ මුහම්මද්තුමාණන්ගේ නුවණක්කාර කම ගැන සියල්ලෝම ඔහුට පzශංසා කළහ.
මුහම්මද්තුමාණන් ගේ අවංක භාවය ගැනත් නුවණක්කාරකම ගැනත් කථා මක්කමේ සියලු දෙනා අතර පැතිරගියේය. මෙම කථාව මක්කමේ ජීවත්වූ එක්තරා පොහොකත් කාන්තාව ගේ කන්වලට වැටුණි. කදීජා නමැති මෙම කාන්තාව කුලී ගෙවා පුද්ගලයින් වෙළඳාම සඳහා සිරියාව ආදි රටවලට යැවුවාය. වරක් මුහම්මද්තුමාණන්ද මෙවැනි වෙළඳාම් කටයුත්තක් සඳහා මේ කාන්තාව විසින් සිරියාවට යවන ලදී. මුහම්මද්තුමෝ තමාට පැවරූ කාර්යය ඉතාමත් දක්ෂ ලෙස ඉටු කොට පෙරළා පැමිණියෝය. දක්ෂ ලෙස කාර්යයන් ඉටුකර පැමිණිම නිසා කදීජා, මුහම්මද්තුමන් කෙරෙහි ආදරය දැක්වූවාය. පසුව දෙදෙනා අතර විවාහය සිදුවිය. පසුව මුහම්මද් තුමාණන්ගේ පzියතම දුව වන පාතිමා නමැති දරුවා කදීජාට ලැබුණි.
[සංස්කරණය] දෙවියන්ගේ දුතයා
මක්කමට තරමක් දුරින් පිහිටි හිරා නමැති ගුහාවට ගොස් භාවනා කිරීම තම බාල වයසේ සිටම මුහම්මද් තුමාණන්ගේ සිරිතක් විය. එම ගුහාව තුළ හුදකලාව වාඩිවී දෙවියන් ගැනත්, දෙවියන් මැවූ ලෝකය ගැනත්, ලෝකයේ ඇති පුදුම සහගත දේ ගැනත් එතුමෝ මෙනෙහි කළහ. එතුමන්ගේ හතළිස් වන වියෙහි දිනක් ගුහාව තුළ භාවනා කරමින් සිටියදී දේවදුතයෙක් (මලක්) එතුමා ඉදිරියේ පෙනී සිටියේය.
එසේ පෙනී සිටි ඔහු ‘මුහම්ද් කීයවන්න’ යි පැවසීය. එවිට මුහම්ද්තුමාණෝ, කොහොමද කියවන්නේ කුමක්ද කියවන්නේ යි ඇසූහ. ‘උතුම්වූ දෙවියන්ගේ නාමයෙන් කියවන්න’ යි දේව දුතයා නැවතත් කීවේය. ‘ඔහු සියලු දේ මැවූයේය· මනුෂ්‍යයා පෙර නොදත් සියලු දේ පෑනෙන් ඉගැන්වූයේය.’
දේව දුතයා කිවූ දේම මුහම්ද්තුමාණෝ නැවත කීහ. දේවදූතයා පළමු වරට දුටු මුහම්ද්තුමාණෝ මවිත යට පත්වූහ. මෙම ආශ්චර්ය ගැන ඉක්මනින් ගෙදර ගොස් තම භාර්යාවට දැන්වූහ. ඇය තමාගෙු ඥාතියෙකු වෙත මුහම්ද්තුමාණන්ව කැඳවා ගෙන ගියාය. එම වයෝවෘධ ඥාතිවරයා මනාව උගත් කෙනෙකි. ඔහු පුරාන ආගම් පිළිබඳ හොඳින් දැන සිටියේය.
දෙවියන්ගේ පණිවුඩය රැගෙන එන ජිබ්රිල් නමැති දේවදූතයෙකුගේ කථාවටයි ඔබ සවන් දුන්නේ. දෙවියන් තමාගේ දූතයා වශයෙන් ඔබ තෝරගෙන ඇතැයි කියා අර වයෝවෘධ ඥාතියා පzකාශ කළේය. එම පzකාශය සම්පූර්ණයෙන්ම කදීජා විශ්වාස කළාය. මුහම්ද්තුමාණෝ කෙතරම් දැයි කිවහොත් අවංක කමින් අංශ=වක් වත් බැහැර නොගිය කෙනෙකු බව ඇය හොඳින් දැන සිටි නිසාම වයෝවෘද්ධ ඥාතියාගේ පzකාශය කදීජා තුමිය සම්පූර්ණයෙන්ම සත්‍යබවට විශ්වාස කළාය.
ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය පළමුවරට තැබූ තැනැන්තිය කදීජාය. ඊට පසුව අබූතාලිබ් නැමැත්තාගේ පූතzයා වූ අලි නමැති තරුණයා ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය තැබීය.
මෙම තරුණයා බාල වියෙහි සිටම ඉතා ශක්ති සම්පන්න කෙනකු විය.
සමස්ත ලෝකයේ සෑම පzදේශයකට ජීවත්වන මිනිස් සංඛ්‍යාවෙන් සමග පස්දෙනකුටම එක් අයෙකු විශ්වාසය තැබු ආගම වන ඉස්ලාම් ආගම ආරම්භ වූයේ මෙසේය. ඉස්ලාම්ආගම අදහන කොයිම රටකට අයත් වැසියෙක් වුවත් එම රටේ මුස්ලිම් යන නාමයෙන්ම හැදින්වේ. ශzී ලංකාවේ වාසය කරන ඉස්ලාම් භක්තිකයෝ ලංකා මුස්ලිම් වරුය. ඉන්දියාවේ වාසය කරන මුස්ලිම් භක්තිකයෝ ඉන්දියානු මුස්ලිම්වරුය. අරාබි දේශයේ ජිවත් වන අය අරාබි මුස්ලිම්වරුය. අන්‍යෝන්‍ය වශයෙන් කිසි දිනෙක හේදයක් ගැන නොසලකත අය වශයෙන් මුස්ලිම් වරුන් දැක්විය හැක. කොයිම රටකට අයත් වූවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදර යෝය. ඔව්හූ එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වූවත් උස් පහත් හේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත.
දෙවියන්ගේ දූතයෙකු ලෙස පෙනී සිට ලෝනයේ ජීවත්වන මිනිසාට හොඳ මාර්ගය පෙන්නා දෙන අය ‘නබී’ යන නාමයෙන් අරාබි බසින් හැඳින්වේ. එම නිසා මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමානන්ට තමාගේ හතලිස්වැනි වියෙහිදී දෙවියන්ගේ දූතයා වීමේ භාග්‍ය ලැබුණි. එය රමලාන් මාසයේ අවසාන දිනයන්හි යෙදුන එක් රාතzියකදීය. මක්කම නගරය අසල හිරා ගුහාවේ පළමු වරට ජිබ්රයිල් (අෙලෙහිස්සලාම්)යන දේවදූතයා පෙනී සිටියේ. මහිමය ලත් එම රැයෙන් පටන්ගෙන පසුව මුහම්මද් නබි නායකානන්ගේ ඉතිරි විසිතුන් අවුරුදු ජීවිත කාලය තුළදීම ශ=ද්ධ වූ කුර්ආනය පහළ විය. මෙසේ ඒ ඒ කාලයේ තත්වයට සහ අවශ්‍යතාවයන්ට සරිලන සේ කාලෝවිතව ශ=ද්ධවූ කුර්ආනය කොටස් වශයෙන් පහල විය. නබි නායකයානන්ගේ අවසාන අවුරුද්දේදී කුර්ආනය සම්පූර්ණ විය.
දෙවියන් විසින් මුස්ලිම් වරුනට හොඳ දිවිපෙවෙතක් පවත්වාගෙන යෑමට මග පෙන්වා ඇති ශ=ද්ධවූ කුර්ආනය නරක දේ වලින් ඈත්වී ජීවත් වීමට මග පෙන්වන මාර්ගෝපදේශකයකු බඳුය. ශ=ද්ධවූ කුර්ආන්හි අසුහත්වැනි සුරාවෙහි හත්වැනි වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි ඔබ දන්නවංද? ‘අල්ලාහ් සිතුවානම් මිස ඔබට කිසිවක් අමතක නොවේවි’. ශ=ද්ධවූ කුර්ආන් පහලවූ මුල් කාලයේම ජීබ්රයිල් (අෙලෙහිස්සලාම්) නබි නායකයානන්ට මෙසේ දැනුම් දුන්හ. එම නිසා ශ=ද්ධවූ කුර්ආන් මුහම්මද් නබි තුමානන් හට අමතක නොවී පාඩම්කර ගතහැකි විය. එතුමානන්ගේ මිතzයෝද ශ=ද්ධවූ කුර්ආනය කට පාඩම්කර ගත්හ. කලකට පසුව ශ=ද්ධවූ කුර්ආනය ලේඛණගත කරන විට මෙම මිතzවරු එම කර්තව්‍යයට ඛෙහෙවින් උදව් වූහ. එÞ ලේඛණ ගතකළ අන්දමට කිසිදු වෙනස්කමක් නොමැතිව අද දක්වාත් ශ=ද්ධවූ කුර්ආනය පවතී. අදහස්වල හෝ වේවා, අකුරු වල හෝ වේවා කිසිදු වෙනිසක් කවරකාලකදීවත් සිදු නොකරන ලද්දේය.
[සංස්කරණය] සතුරු උවදුර
යහපත් මිනිස් ජීවිතයකට මග පෙන්වා දෙමින් සිටි මුහුම්මද් නබි නායකතුමාණන්ට පවා සතුරෝ ඇති වූහ. යහපත් පුද්ගලයින් හට වූවද සතුරන් ඇතිවීම පුදුමයක් නොවේ. යහපත් කzියාවලට විරුද්ධ වන අධර්මිෂ්ථයෝ ලෝකයේ වෙසෙති. මෙවැන්නෝ යහපත් කzියාවල යෙදෙන අයට හතුරුකම් කිරීමට උත්සාස දරති. මේ කාලයේ අරාබිවරු ජීවත්වූයේ පිරිහුණු සමාජ පරිසරයකය. එබැවින් එවැනි පරිසරයක ජීවත්වු අය තුළ ඇබ්බැහිව තිබූ නරක සිරිත් විරිත් හා පලපුරුදු අතහැර දැමීමට කී පමණින්ම, ඒවා අත්හැර දැමීමට ඔවුහු සූÞනම් නොවූහ. පුද්ගලයින් යහමග සැවීමට උත්සාහ ගත් අය විනාශ කිරීමට උපකzම යෙදුහ. නබිතුමාණන් ජීවිතක්ෂයට පත් කිරීමට පවා එවැනි අරාබිවරු කැමතිවී සිටියෝය. උන්වහන්සේට දෙවියන් වැඳීමට පවා ඉඩක් නොදී කරදර කළෝය. ඉස්ලාම් භක්තිය වැළඳගත් අයට හිරිහැර කරන ලදී. එක් අයෙකුගේ අත්පා දෙකම ලනුවලින් බැඳ පිලිස්සෙන අව්වේ තැබූහ. එපමනක් නොව ඒ අයට කෑම බීම් ද නොදුන්හ. මෙවැනි කෘෘර දඩුවම් සහ අපරාධ කzියා කිසා සමහර අය මිය ගියහ. නමුත් ඒ අය ඉස්ලාම් ආගම තදින් විශ්වාස කළහගතමන්ගේ ජීවිත රුකගනීමට හෝ ඉස්ලාමි ආගම අත්හැර දැමීමට හෝ කැමති වූයේ නැත. මුල් අවදි වලදී මුස්ලිම්වරු අරාබිවරුන්ගේත් තාඩන පීඩන වලට ලක්වූහ. මෙම තාඩන ජීඩන ඉවසීමට නොහැකි වූ සමහරුන් අබිසිනියා නමැති අපzිකානු රටකට යාම, නබි නායකතුමෝද අනුමත කළහ.
සතුරන්ගේ මෙවැනි තාඩන පීඩන කzියා කිසිවක් නොසැලකු නබි නායකයාණෝ ඉස්ලාම් ආගම තව දුරටත් කරගෙන ගියෝය. සතුරෝ උන්වහන්සේට ගල්, මුල් දමා ගැසූහ. වැලි සහ අZ හිස මත දැමූහ. මේ අන්දමින් නබි නායකයාණන් වහන්සේට කරදර කළෝය.
‘බොරු කාරයා, මායා කාරයා, උන්මන්තකයා’ යනු වෙන් ෙÞස් නැගුහ. ඒ කිසිවක් පලක් නොවීය. ආරාබි වරුන්ගේ නායකයින් සියලු දෙනාම එකතුවී නබි නායකයාණන් ලඟට ගොස්, ඔබ තුමාට ගොඩක් රත්රන්, ඉඩකඩම් අපි දෙන්නෙමු. අපගේ රජකම ඔබට පවරමු. ඔබ ඔබගේ ‘එකම දෙවියන්’ කියන අදහස අත්හැර දැමීය යුතුයයි පැවසූහ. නබි නායකනාණෝ ඒ කිසිම දේකට එකඟ නොවී තව දුරටත් ඉස්ලාම් ආගම පzවාරය කර ගෙන ගියහ. සතුරන්ගේ කෝපය ද උගz විය.
නබි නායකතුමාණන්ගේ සුZ පියා වන අබුතාලිබ් වෙත අරාබිවරුන්ගේ පzධානීහු ගියෝය. ‘අපගේ දෙවි වරුන්ට විරුද්ධව ඔබගේ පුතා ගෙනයන පzචාරය තව දුරටත් ගෙන ගියොත් ව්ශාල අනතුරකට මුහුණ දෙන්නට සිදු වෙතැයි’ කියා සිටියෝය. අරාබි වරුන්ගේ පzධානියා කිවූදේ ඇසූ අබූතාලිබ් බියට පත්වී නබි නායකයාණන් වෙත ගොස් ‘ඔවුන්ගේ දෙවිවරුන්ට විරුද්ධව පzචාරය නොකරන්නැයි’ කීවේය. ‘එසේ නොකළහොත් මට ඔබව බේරාගත නොහැකි’ ය ද කියා සිටියේය. අබුතාලිබ් මෙසේ පzකාශ කළේ තමාගේ පුතzයා සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. නමුත් නබි නායකයානෝ ‘අරාබි පzධාදීන් වගේ දකුණතෙහි සූර්යයාත් වමතෙහි චන්Þයාත් ගෙනතැබුවත් මම මගේ දේශනය අත් නොහරින්නේමැයි’ යි උත්තර දුන්නෝය. මෙවැනි ධෛර්යවත් පිළිතුරක් ලැබීම නිසා අබූතාලිබ් සතුටු විය. ඉන්පසු ‘ඔබගේ වටිනා දේශන ඉදිරියටත් කරගෙන යන්න’ ඔබට කිසිවකු ගෙන් හානියක් නොවන්නේ’ යයි පවසා නික්ම ගියේය.
මේ වන විට නබි නායකයාණන්ට නිරන්තරයෙන් සතුරු උවදුරු ඇති විය. උන්වහන්සේ සමග අනෙකුත් අය කිසි සම්බන්ධතාවක් පැවැත්වූයේද නැත. උන්වහන්සේට තම නිවසේ ජීවත් වීමටද ඉඩ නොතැබූහ. විරුද්ධ වාදීන් උන්වහන්සේගේ පzචාරක කටයුතු කඩාකප්පල් කිරීමට ගත් නොයෙකුත් පzයත්නයන් ව්‍යර්ථ විය. ඒ නිසා නබි නායකයාණන් වහන්සේ ජීවිතක්ෂයට පත්කිරීමට ඔව්හු වෑයම් කළෝය. මේ කාලයේම, මෙතෙක් නබි නායකයාණෝ ආරක්ෂා කල සුZ පියා වන අබුතාලිබ් මිය ගියේය. ඉන් ඉක්බිතිව අබු සුපියාන් නමැත්තා කුෙරෙෂි පවුලේ පzධානියා ලෙස කටයුතු කිරීමට පවන් ගත්තේය.
[සංස්කරණය] කුමන්ත්‍රණයක පරාජය
නබි නායකයාණන් වහන්සේගේ පzචාර අබුසුපේයාන් අනුමත නොකළේය. ඔහු පිළිම වන්දනාව අනුමත කළ අයෙකි. ‘පිළිම වන්දනාවෙන් කිසි පලක් නොමැත පිළිමයක් තුල කිසි ශක්තියක් නැත’ යි කියා නබි නායකයාණෝ අබුසුපේයාන්ට පැවසුවෝය. ඒ නිසා අබුසුපේයාන් මුහම්මද් නබි තුමානන්ට විරුද්ධ විය. මේ බව දැනගත් සතුරෝ දිනක් අබුසුපේයාන්ගේ ‘එකම දෙවි’ යන පzතිපත්තිය අත්හැර දැමීමට නම්, කුමක් කළ යුත්තේ දැයි කියා උපායන් සොයා බැලීම සඳහා මෙම රැසිවීම පවත්වන ලදී.
එම රැසිවීමේදී, ‘ඔහුඅට එලියට ඒමට බැරි හිරගෙටක දමා වසා තබමු. එවිට ඔහු එහි තුළම මැරේවි’ යි කෙනෙක් අදහස් පzකාශ කළේයග නමුත් තවත් අයත් මේ අදහසට විරුද්ධවී ඔහු සිර ගෙදරින් පැන ගියහොත් නවතත් එය අපට කරදරයකැයි කියා සිටියෝය. අරාබි දේශයෙන් පිටු වහල් කර දමන්න ඕනෑ යයි ද, නැවත පැමිණීමට ඉඩ නොදිය යුතු යයිද තවත් අයෙක් අදහස් පzකාශ කළේය. එය හොඳ පිලියමක් නොවන බවත්, ඔහු අරාබි දේශයෙන් පිටුවහල් කළ විට එම බපzචාරක කටයුතු ගෙන යෑමට ඉඩ ඇති බවත් දක්වමින් කෙනෙක් ඒ අදහසට විරුද්ධ විය.
“”එසේනම් වෙන කිසිම දෙයක් නොකළ හැක· ඔහු මරා දමමුයි”" තවත් අයෙක් අදහස් දැක්විය. “”එය හොඳ අදහසකි· නමුත් එය කzියාත්මක කරන්නේ කවුදැ”"යි අබුසුපේයාන් පzශ්න කළේය.
ඒවිට සියල්ලෝම නිශ්ශබ්ද වූහ. නබි තුමානෝද කුෙරෙෂි පවුලේ අය කෝපයට පත් වීමට ඉඩ ඇත. නබි නායක තුමානෝ ජීවිතක්ෂයට පත් කළහොත් එවැන්නක් කළ පුද්ගලයාද කුෙරෙෂි පවුලේ අය අතින් මරුමුවට පත් වීමට ඉඩ ඇත. එවැන්නක් නිසා අරාබි දේශයේ විශාල යුද්ධයක් හට ගන්නටද අවකාශ ඇතයි මෙහි රැස්වූ අය සාකච්ඡා කළහ. අවසානයේදී සෑම පවුලකින්ම එක් අයෙකු බැගින් තෝරා ගෙන ඔවුන් සියල්ලෝම එකතුවී නබි නායකයානන්ට පහර දීමට තීරණය කළෝය. සියZම පවුල්වල අය එකතුවී එක වරම පහර දුනහොත් කළ වරදට විරුද්ධව කුෙරෙෂි පවුලේ අයට යුධ වැදීමට අවසිථාවක් නොමැති බවත්, එක පවුලක අයට අනික් සියZම පවුල්වල අයට විරුද්ධව සටන් කිරීමට නොහැකි බවත් තීරණය කරගත් පසු සියZම පවුල් වලින් මේ සඳහා එක් අයෙකු බැගින් තෝරා ගන්නා ලදී. එක් රැයක ඒ සියZ දෙනාම නබි නායකයානන්ගේ ගෙදර වටා රැස් වූහ මේ බව දැනගත් නබි නායකයානන් වහන්සේ සතුරන් නොදකිනා සේ ගෙදරෙන් පිටවී ගියහ.
නබි නායකයානන් නිවසින් පිටවී ගිය පසු අබූතාලිබ් ගේ පුතා වන අලී, නබි තුමානන්ගේ ඇෙඳහි නිÞ ගත්තේය. නබි තුමානන්ගේ පොරෝනා වලින් හොඳින් සිරුර ආවරණය කර ගත්තේය. මුලින්ම ඉස්ලාම් ධර්මය වැළඳගත් තරුණයෙක් වන අලි වීරෝධාරයෙකි. ධෛර්ය වන්තයෙකි. නබි නායකයානන්ට අසීමිත ආදරය දැක්වූ කෙනෙකි. අලි ඇෙඳහි සිටිනා බවත් නොදන්නා සතුරන් නිවසට කඩා වැදී කාමරය තුළට ගියෝය. කෙනකු ඇෙඳහි නිදැ සිටිතියි සිතූහ. එවිට කඩු අතැතිව ඇඳ ලඟට රොක් වූහ. පොරෝණය ඉවත් කල පසු පුදුමයට පත්වූහ. මුහම්මද් නබි නායකයාණන්ගේ ඇඳේ සිටියේ ‘අලි’ ය.
දැන් කුමක් කරමුදැයි කියා සිතමින් සිටි සතුරෝ අලි මරා දමමුද, නැතහොත් අත්හරිමු දැයි තීරණයකට එළඹීමට නොහැකිව සිටියෝය. වයසෙන් ඉතාම බාල තරුණයෙක් වූ අලි ඉතා හොඳින් ආගම විශ්වාස කළ කෙනෙකි. සතුරෝ මොහුට ආදරය කළෝය. ඒ නිසා අලි නොමරා හැරීමට තිරණය කළහ.
[සංස්කරණය] මදීනාවට නික්මීම
මක්කම නගරයේ සිට සැතපුම් දෙසීය හැත්තා පහක් පමණ දුරින් මදිනාව පිහිටා ඇත. මදීනාව මුලින් හැඳින් වූයේ යත්රිබ් නමින්. මෙම නගරය එකරම් දුරින් පිහිටා ඇතත් ගමන් බිමන් දුෂ්කරතා තිබුනත් ඒ කාලේ මදීනා වාසිහු විටින් විට මක්කා නගරයට ගියෝය. එසේ ගිය අවසිථාවලදී නබි නායකයානන් වහන්සේද හමු වූහ. ඒ අය කීප දෙනෙක්ම ඉස්ලාම් ආගම ගැන අනික් අයටත් පැහැදිලා කළෝය, මුසිලිම් වරුන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින විට මදීනා වාසිහු නබි තුමාණන්ට මදීනාවෘ පැමිනෙන ලෙෂ ආරාධනා කළෝය. නබි තුමානන් වහන්සේ ගමන් සමග ජීවත් විය යුතු යයි ඔව්හු කියා සිටියෝය
තම නිවසේ ෙÞරටුව අහුරා සිටි අය නිÞවැටිද්දී නිවසෙන් පිටත්වූ නබි නායක තුමානෝ මදීනාවට ගමන් කළෝය. එතුමන් සමග අබූබක්ර් (රලියල්ලාහු අන්හු) තුමාණන්ද සහායට ගියෝය. මුZ රාතzියේම පයින් ගමන් කළ ඔවුහු පසුවදා අZයම වන විට තවර් නමැති ගුහාවේ නවාතැන් ගත්තෝය. දින තුනක් තිස්සේ මේ දෙදෙනා මෙම ගුහාවේ නැවතී සිටි බව කවුරුත් දැන සිටියේ නැත.
නබි තුමාණෝ මක්කමෙන් නික්මුණ බව දැනගත් සතුරෝ ‘ඔහු සොයා අල්ලා ගන්නය’ යි පzකාශ කළහ. කුෙරෙෂි නායකයා වෙතට ඔහු ගෙනවුත් දුන් කෙනෙකුට ඔටුවන් තෑගි වශයෙන් දී ඔහුව ධනවතෙකු කරන බව කියා සිටියෝය. මක්කාවේ සිටි දුප්පත් අය මෙම තෑග්ග ලබාගැනීම සඳහා බොහෝ දුරට සොයා ඇවිද්දෝය. නමුත් කිසි තැනක නබි තුමන් දැක ගන්නට බැරි විය. එක් අවස්ථාවක සමහරු තෞර් ගුහාව අසලටම ගියෝය. එම ගුහාව ඇතුලට ගොස් සොයා බැලීමටද අදහස් කළහ. තෞර් ගුහාවේ ෙÞරටුවෙහි මකුලු දැලි බැඳී තිබීමත් පරෙවියන් කුඩූ සාÞගෙන තිබිමත් නිසා එම ගුහාව ඇතුලත කිසිවකු සිටින්නට නොපිලිනෙැයි සිතා එතනින් පිටත්වී ගියහ. ගුහාවෙන් පිට මිනිසුන්ගේ කථා ශබදය ඇසූ අබූබක්ර් (රලියල්ලාහු අන්හු) බියට පත් විය. ‘අපි කුමක් කරමුද අපි දෙදෙනා පමණක් මෙහි සිටින්නේ සතුරෝ අප අල්ලා ගනීවි’ යි කියා නබි තුමානන්ට පැවසුවේය. ‘නැහ’ අපි තුන් දෙනෙක් මෙහි සිටිමු. දෙවියෝද අප සමග සිටිතියි නබි තුමනෝ පැවසූහ. ඔවුන්ගේ තද විශ්වාසය නිසා දෙවියන් විසින් ඔවුන් දෙදෙනාටම ආරක්ෂාව සලසන ලදී.
ඉන් පසුව දෙදෙනාම ගුහාවෙන් පිටත්වී මදීනාවට ගියෝය. මදීනා නගරය අසලදී නබි තුමානෝ ඉතා උසස් අන්දමින් පිළිගනූ ලැබූහ. විශාල ජන සංඛ්‍යාවක් එක් රැස්වී ඉතා පzීතියෙන් පිළිගත්හ. බාල විටයහි ගැහැණු ළමයි ගී කියවින් නබි නායක තුමානන්ගේ ගුණ ගැයූහ. සියZ මදීනා වැසියෝ තම තමන්ගේ නිවෙස් වලට පැමිණෙන ලෙසට නබි තුමානන් හට ආරාධනා කළෝය. ‘මා නවතින්නේ කොහේදැයි කියා තීරණය වන්නේ අල්ලාය් ගේ කැමැත්ත උඪයි’ කියා නබි තුමානෝ එවිට පැවසූහ. ‘එම කැමැත්ත ඇති නිවස ඉදිරියේ මගේ ඔටුවා නවතිවි’ කියා නබි තුමානෝ එවිට පැවසූහ. ඒ ආකාරනේම අබු අයියූබ් නමැත්තාගේ ගෙදර ඉදිරියේ නබි තුමාණන් ගමන් කළ ඔටුවා නතර විය. එම නිවසේ නබි තුමාණෝද නතර වූහ.
යත්රිබ් නමැති පුරාන නාමය වෙනුවට මෙම නගරය මදීනතුන් නබි කියා නම් කෙරිණි. ‘නබි තුමන්ගේ නගරය’ යනුවෙන් මෙයින් හැඳින්වේ. නබිතුමානෝ මක්කම සිට මදීනාවට කළ ගමන හිජ්රත් හෙවත් නික්මිම කියා හඳුන්වනු ලැබේ. ඉස්ලාම් අවුරුද්ද හිජරි කියා හැඳින්වේ. නබි නායක තුමාණෝ අවසාන කාලය දක්වාම මදීනාවෙහි වූහ. එතුමන් අභාවපzාප්ත වීමෙන් පසුව මදීනා. මස්ජිදුනි නබි නමින් හැඳින්වෙන නබි නායක තුමානන්ගේ මස්ජිදය අසල එතුවන් භූමÞනය කර ඇත.
[සංස්කරණය] මහා යුද්ධ දෙකක්
නබි නායකයාණන් මදීනාවට ගොස් පදංචි වූ පසු මක්කමෙහි වාසය කළ මුස්ලිම් වරු බොහෝ දෙනෙක් ද මදීනාවට ගොස් පදිංචිවිමට කැමති වූහ. එසේ පදංචිවූ සියල්ලෝම මරා දැමීය යුතුයයි එවකට මක්කමෙහි ජීවත් වූ කුෙරෙෂිවරුන් විසින් තීරණය කරන ලදී. කුෙරෙෂිවරු අපරාධකරුවෝය. එම නිසාම ඔවුහු විශාල යුද්ධ හමුÞවක් එක්රැස් කොට මදීනාවේ සිටි මුස්ලිම්වරුන් සමග සටන් වැදීමට පිටත්ව ගියෝය.
බද්ර් යුද්ධය
මුස්ලිම්වරුන් සහ විරුද්ධ පාක්ෂිකයන් අතර ඇතිවූ පළමුවන යුද්ධවන බද්ර් යුද්ධය නමින් හැඳින්වේ. මදීනාවෙන් සැතපුම් තිහක් ඔබ්ඛෙහි බද්ර් නමැති ස්ථානයේ දී දෙපාක්ෂිකයන් හමුවී යුද්ධ කළ නිසා මෙම යුද්ධය බද්ර් යුද්ධය නමින් හැඳින්වේ. මෙම යුද්ධය පැවැත්වන ලද්දේ දෙවෙනි හිජ්රි වර්ෂයේදිය. කුෙරෙෂි හමුÞවේ පිරිස දහසකටත් අධිකය. මුස්ලිම්වරුන්ගේ හමුදාවේ භට පිරිස වූයේ තුන්සිය දහතුන් දෙනෙකු පමණය. සතුරු හමුදාව වෙත අශ්වයින් දෙසීයක් සිටි නමුත්, මුස්ලිම්වරුන්ට සිටියේ අශිවයින් දෙදෙනෙකු සහ ඔටුවන් අට දෙනෙකු පමණි. මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව මදිවූ බැවින්, චවුන් පරාජයට පත්වීමට ඉඩ තිබේ යයි සැක සිතීමට ඉඩ තිබිනි. නමුත් නබි නායකතුමාණෝ ජය ලබාගැනීම සදහා අල්ලාහ් වෙත යාඥ පැවැත්වූහ. තවද ධෛය්‍ය_ දෙන සටන් පාඨ පzකාශ කළහ. අවසාන යේදී මුස්ලිම්වරු ජය ලැබූහ.
උහද් යුද්ධය
පරාජයට පත්වූ කුෙරෙෂිවරු අධෛර්යමත් නොවූහ. නැවත වරක් මුස්ලිම් වරුන් සමග සටන් වැදීමට උත්සාහ දැරූහ. මීළඟ වර්ෂයේදී තුන්Þහසකින් යුත් සේනාවක් සමග මදීනාව බලා පිටත් වූහ. කුෙරෙෂි හමුÞවේ නායකයා වූයෙ අබූ සුපියාන් නැමැත්තාය. මොහු නබිනායකතුමාණන්ගේ හතුරෙකු වශයෙන් කටයුතු කළේය. කුෙරෙෂි හමුදාවට මක්කම සිටි ස්තzීන් විශාල සංඛ්‍යාවක් ද එකතු වුහ. යුද්ධ අවසිථාවේදී එම ස්තzීහු සටන් සඳහා පිරිමින් උද්‍යෝගිමත් කළහ. යුද්ධය පැවැති සිථානයට නුදුරින් සිට රබන් ගසමින් යුද්ධ හටයින් උනන්දු කළෝය. මෙම යුද්ධයේ අරමුණ වූයේ බද්ර් යුද්දයේදී මරුමුවට පත්වූ අය වෙනුවෙන් පලි ගැනීමයිග උහද් කඳු සමීපයේ මෙම යුද්දය සිදුවූ බැවින් මෙය උහද් යුද්ධය නමින් හැදින්වේ. ඉතා දරුණු අන්දමින් පැවැත්වූණු මෙම යුද්ධයේදී මුස්ලිම් වීරයෝ ඉතා ධෛර්යමත්ව සටන් කළහ. මුස්ලිම්වරුන්ගේ සංඛාව ඉතා අඩුය. කුෙරෙෂිවරු තුන්දහසක් වෙනුවෙන් මුස්ලිම්වරු සිටියේ හත්සියයක් පමණි. යුද්ධය පවතිද්දී එක් අවස්ථාවක නබි නායකතුමාණන්ගේ අණ පරිදි තවන් ආරක්ෂා කරමඅන් සිටි එක් ස්ථානයකින් මුස්ලිම් වීරයන් කීප දෙනෙක්ම තම කණ්ඩායමට ජය ලැබුණැයි සිතා එම සිථානය හැර ගොස් කුෙරෙෂාවරුන්ගේ කඳවුර තුළ තිබු භාණ්ඩ ගැනීමට පටන් ගත්හ එබැවින්. ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ තැන කිසිවෙක් නොවීය. එබැවින් එම සිථානයෙන් ඇතුල්වූ සතුරෝ මුස්ලිම්වරුන්ට පහරදීමට පටන් ගත්හ. මේ සිද්ධියෙන් මුස්ලිම්වරුන් කීපදෙනෙක්ම මරුමුවට පත්වූහ. මේ අවස්ථාවේ කුෙරෙෂි වරු සමග සිටි කාලිද් ඉබ්නු වලීද් නමැත්තා නබිනායක තුමාණන් මරා දැමු බවට බොරු පzචාරයක් ගෙන ගියේය. මේ නිසා මුස්ලිම්වරු වැඩිදෙනෙක් අධෛර්යමත් වූහ. නබිනායකතුමාණන් මරුමූවට පත්වූයේ නැතත් මෙම බොරු පzචාරය ගෙන ගියේ එතුමාණන් දකින්නට නොසිටි නිසාය. සොයා බැලූ විට මුහම්මද් නබිතුමාණන් ඉක් ගුහාවක සිහිසන් නැතුව සිටින බව අබූබක්ර් (රලියල්ලාහු අන්හු) දැක්කේය. පසුව වෙනත් අයද එතැනට ගොස් නබි තමාණන් එලියට ගෙනාවෝය. පසුව සිහිසන් ලැබූ නබි නායකයානෝ සුවපත් වූහ. සතුරෝ විනාශකර දැමීමට අල්ලාහ් වෙත යාඥා කරන ලෙස මුස්ලිම්වරුන් ඉල්ලූ විට ‘මිනිස් සංහතියට හොඳ මාර්ගය පෙන්වාදීමටයි මා පැමිණ සිටින්නේ’ ඔවුන් විනාශ කිරීමට නොවේය’ යි එතුමාණෝ පැවසුවෝය. කුෙරෙෂිවරු යහපත් පිරියක් කරදෙන ලෙස ඉල්ලා නබි නායකතුමාණන් යාඥා කළහ. මේ සිද්ධියෙන් එතුමාණන් සතුරන්ට ආදරය දැක්වූ බව අපට දැනගත හැක. තම සතුරන්ට පවා විරුද්ධව උන්වහන්සේ කිසිදිනෙක යාඥා නොපැවත්වූ සේක.
නබිනායක තුමාණන් සුවපත් වී සිටිනුදුටු මුස්ලිම් වීරයෝ ධෛර්යමත් වූහ. නැවත වරක් සියලූම විරයෝ එකතුව හතුරන්ට බලවත්සේ පහර දුන්හ. සතුරෝ පරාජයට පත්වූහ. දෙවෙනි අවස්ධාවේදී ද මුස්ලිම්වරුන් හට මහා ජයගzහනයක් අත්පත් විය. මෙම උහද් යුද්ධයට පසුවද මුස්ලිම්වරුන් හට වෙනත් යුද්ධවලට මුහුණ දීමට සිදුවිය. ඒවායින් ජය ලබා ගත්හ. මුස්ලිම්වරුන්ගේ ජයගzහනය දුටු අනෙකුත් අයද ඉස්ලාම් ආගම වැළඳ ගත්තෝය. මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව දවසින් දවස වැඩිවීය. මුස්ලිම්වරු සිථීර, ශක්තිමත් සමාජයක් බවට පරිවර්ථනය වෙමින් පවතින සමයේදී පවා නබි නායකයාණන් විසින් සතුරන්ගේ සියලුම වැරදි වලට සමාව දෙන ලදී. විශිෂ්ඨ ගුණංගවලින් නබි නායක තුමාණන්ගේ ජීවිත තොර තුරු අවබෝධ කරගෙන එතුමාණන් ආදර්ශයට ගෙන ජීවත්වීම මුස්ලිම් ජනයාගේ යුතුකමයි. මෙම යුද්ධයේ මුලදී බොරු පzචාර ගෙනගිය කාලිද් ඉබ්නු වලීද් පවා පසුව ඉසිලාම් ධර්මය වැළදගෙන නබිනායක තුමාණන්ට සම්පූර්ණ සහාය දුන්නේය. එම සහාය මුස්ලිම්වරුන්ගේ යුද්ධ ජයගzහනලෙට හේතුවක් ද විය.
නබිනායක තුමාණෝ ඉපදී හැදුණු වැඩුනු මක්කමේ වැසියන් එතුමාණන්ට හිරිහැර කළ නිසා එතුමාණෝ මක්කම ගැර ගොස් මදීනාවෙහි පදිංචි වූහ. නමුත් එතුමාණන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ නොතබා සතුරෝ යුද්ධ වලින් කරදර කළහ. දරුණු යුද්ධ නිසාම පzභූවරුන් සහ වැදගත් පුද්ගලයින් කීපදෙනෙක්ම මරුමූවට පත්වූහ. මේ අවාසනාවන්ත තත්වයේ කෙලවරක් දැකීමේ අභිපzායෙන් නබිනායකතුමාණෝ මක්කම වැසියන් සමග සටන් වදීමට තීරණය කළහ. විශාල හමුÞවක් ද රැස් කළහ. මෙම හමුÞ වේ නායකයා වශයෙන්ද එතුමාණෝ කටයුතු කළහ.
මක්කම නගරයට නුදුරින් යුද්ධය ආරම්භ විය. සතුරෝ ධෛය්‍යිමත්ව සටන් කළහ. නමුත් සතුරන්ට ඉඩ නොදී මුස්ලිම්වරුද වඩාත් ධෛය්‍යිමත්ව සටන් කළහ. අවසානයේදී සතුරෝ පරාජයට පත්වූහ. මක්කම වාසීන්ගේ පzධානියා වූ අබූසුපියාන් ද ඉස්ලාම් ආගම වැලඳ ගත්තේය. එම නිසා මක්කම නගරය තුළ යුද්ධ ඇති වීමෙන් වැළකින. යුද්ධයක් නොමැතිව නබිනායක තුමාණන්ට සහ එතුමාණන්ගේ පිරිසට මක්කමට ඇතුල් වීමට අවස්ථාව ලැබින.මක්කම ජයගzහනය කිරීමත් සමගම නබිනායක තුමාණන්ගේ කීර්තිය ද පැතිර ගියේය.
[සංස්කරණය] වෙන්වී යෑම
තම හැටතුන්වන වියේදී නබිනායකයාණෝ රෝගාතුර වූහ. තමාට දෙවියන් විසින් පවරන ලද කාර්යයන් නිමවූ බව උන්වහන්සේ වටහා ගත්සේක. මෙම ලෝකයෙන් වෙන්වී යා යුතු කාලය ලඟවෙන බව වටහා ගත්සේක. දෙවියන්ගේ පණිවුඩය ලෝක වාසීන්ට වටහා දීම සඳහා දුනයා වශයෙන් තෝරා ගනු ලැබූ එතුමාණෝ අරාබි දේශවාසීන්ට එම පණිවුඩය දැනුම්දී අවසන් කළහ. මින් පසු මෙම පණිවුඩය අරාබි දෙශවාසින් විසින් මුZ මහත් ලෝක ජනතාවටම දැනුම් දෙනැයි උන්වහන්සේ විශ්වාස කළසේක.
එකොළොස්වන හිජ්රි වර්ෂයේ රබිඋල් අව්වල් මාසයේ ෙÞළොස්වෙනි දින නබිනායක (සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්) තුමාණෝ අභාවපzාප්ත වූහ. වර්තමාන පzවලිත බටහිර දින දර්ශනය අනුව කzි. ව. 632 ජූනි මස 8 වෙනි දින මෙයයි. එතුමාණන්ගේ ශzී දේහය මදීනාවෙහි දී භූමිÞනය කරන ලදී.