මුනිදාස කුමාරතුංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මුනිදාස කුමාරතුංග (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥයකු අර්ථ කතාකරුවකු, කවියකු සහ පත්‍ර කලා වේදියකු ද වේ. ඔහු විසින් හෙල හවුල නම් සංවිධානය පිහිටුවා සිංහල භාෂාව තුළ අරක් ගෙන තිබූ සංස්කෘතික බලපෑම් ඉවත් කිරීමට ඉමහත් පරිශ්‍රයක් දරනු ලැබීය.

මෙතුමන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඩිවරයකු ලෙස සලකනු ලබයි. ඔහු අන්‍ය සාහිත්‍ය කරුවන් අතරින් විශේෂ වුයේ ඔහු තුළ පැවති අසාමාන්‍ය භාෂා ඥානයත් නිර්මාණශීලී චින්තනය සඳහා සිංහල භාෂාව හැසිරවීමත් නිසාය. සිංහල, පාලි, සංස්කෘත භාෂා හැසිරවීමේ පාසල් දැනුමත් සහිත වූ මෙතුමා දමිළ, මලයාලම්, ඉංගීසි, ලතින් සහ ග්‍රීක් භාෂා හැසිරවීමේ දක්ෂවකු ද වුයේය.

යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය බලපෑම් හේතුකොටගෙන 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිටම සිංහල සාහිත්‍යයේ පිරිහීමක් දක්නට ලැබිණ. කුමාරතුංග මුනිදාස, මහගමසේකර, මඩවල එස් රත්නායක, ආදීන් සිංහල සංස්කෘතිය රැක ගැනීමට මහගු පරිශ්‍රමයක් දැරීය.

ප්‍රථම සිංහල නවකතා රචනා වූයේ ද මේ අවධියේය. ඇල්බට් සිල්වාගේ විමලා (1892) සහ ආදර හසුන (1894) මෙම ප්‍රථම සිංහල නවකතාවලින් සමහරකි. සයිමන්ද සිල්වාගේ මීනා (1905) නමැති නවකතාවද වඩා ජනප්‍රියත්වයකට පත් වූ නවකතාවකි. කුමාරතුංග මුනිදාසයන් සාහිත්‍යකරුවකුට අමතරව පර්යේෂකයකු ලෙස ශ්‍රී ලංකාවටම ආවේණික වූ සංගීත ශෛලියක් තැනීම සදහා පර්යේෂණයන් රැසක් දියත් කළේය.

මුනිදාස කුමාරතුංගයන් තම ජීවිත කාලයේ විවිධ කාල වලදී සාහිත්‍යකරුවකු, ගුරුවරයකු, ගුරුවරු පුහුණු කරන්නකු, පාසල් පරීක්ෂකයෙකු ලෙස කටයුතු කළේය.

වර්තමානයේදීද ළමුන් අතර වඩාත් ජනප්‍රිය කෘතීන් වන ශික්ෂා මාර්ගය, කියවන නුවත්, හත්පණ, මගුල් කෑම, හීන්සැරය, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කටුවෙකි, කවි ශික්ෂාව, කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත කෘතීන් වේ.

ළමා සාහිත්‍යය සදහා දායකත්වය

සිංහල භාෂාව සහ සාහිත්‍යමය ක්ෂේත්‍රයේ පතාක යෝධයකු බව කුමාරතුංග මුනිදාසයන්ගේ කෘති පරිශීලනයෙන් පෙනී යන්නේය. ආසාමාන්‍ය ආකෘතිය ස්වරෑපයකින් යුතු කාව්‍ය නිර්මාණ ඔහුගේ සාහිත්‍ය දිවියේ කැපී ‍පෙනෙන අංග වේ. ‘හා හා හරි හාවා’ (හාවාගේ වග කෘතියෙන්), ‘මහ පුදුමෙකි, මලෙක මලකි, නැහැ එහි සකි, සමණලයෙකි’ (‘මල් බස්’) වැනි ඒවා ඒ සදහා කදිම උදාහරණ වේ.

කුමාරතුංගයන් තුළ පැවති ගැඹුරු සංවේදී අදහස් ‘දරු සුරතල්’, ‘අවසාන’, ‘සොහොයුරු වියෝව’ සහ ‘මගේ වරද’ ගැන කාව්‍ය සංග්‍රහ වලින් දැකිය හැක. ‘මගේ වරද’ කෘතියේ සඳහන් වනුයේ බොරුවක් කීම සම්බන්ධව තම බාල පුතුට පහර දුන් ආකාරය පිළිබදවයි. එය ඔහු විස්තර කරන්නේ ‍මෙසේය.

‘දරුවනේ අනාගතේ කුසුම් හටගන්වන්නට මයි මා තැත් කියා, වැනසුම් හැම වන්මගේ කුසුම්’

හෙළ හවුලේ විප්ලවය[සංස්කරණය]

මෙම පරිච්ඡේදය කථන යන සාහිත්‍ය භාෂාවල දැඩි වෙනස කැඩිම සදහා දායක විය. භාෂාවේ පිරිසිදු බව පිළිබව වු වෙන අදියර, සිංහල භාෂාව අමත කිරිම සහ විවේචනය කිරිමට එරෙහි වු බාධකයක් ලෙස පැන නැගිනි. මෙහිදි සාහිත්‍යයේ භාවිතයේ නැඹුරුතාව දෙමුහුන් වු අතර සිංහල සහ සම්භාව්‍ය ව්‍යාකරණය පන්ති කාමරයේ ඉගැන්වීම ශක්තිමත් විය.

හෙළ හවුලේ ව්‍යාපාරය ප‍්‍රධානිත්වය කුමාරතුංග මුනිදාස දැරු අතර ඔහු එහි ජනප‍්‍රිය ගුරුවරයා විය. මුනිදාස සහ ඔහුගේ අනුගාමිකයන් සිංහල, සංස්කෘති භාෂාවේ ව්‍යුත්පන්යන් ගැන විශ්වාසයට විරුද්ධ වු අතර, සිංහල ජාතියේ සහ භාෂාවේ ඉපැරණි සිරිත් විරිත් අගය කිරිම යන විශ්වාස කරන ලදි. ඔව්හු සිංහල, සංස්කෘත හෝ ග‍්‍රිස භාෂාවන්ට වඩා පැරණි බව විශ්වාස කරන ලදි.

මෙම විශිෂ්ටයෝ ප‍්‍රධාන කදවුරු දෙකකට බෙන ලදි. මෙහි විචිත‍්‍ර බවත් ඇති කිරිම සදහා සියලූම සම්භාව්‍ය ලේඛන වැඩ වල ව්‍යාකරණ යොදාගත යුතු යැයි විශ්වාස කළ අය පොදුවේ පිළිගත් පුර්ණ පවිත‍්‍රතා අනුදත්තයන් වු සම්ප‍්‍රදායන් පවත්වාගෙන යන ලදි. සංස්කෘතික වාග්කෝෂය සදහා අසිමීත ඉඩ දෙන අතර, අක්ෂර මාලාව මෙම කාර්යය සදහා ප‍්‍රමාණවත් වේ. සංස්කෘතික වාග් කෝෂය සදහා ලිවිය හැකි පොහොසත් සිංහල අක්ෂර මාලාවක් ඇති අතර එය මිශ‍්‍ර සිංහල හෝඩිය ලෙස හදුන්වනු ලැබේ. (ද සිල්වා 1970) හෙළ හවුලේ පුර්ණ පවිත‍්‍රතාව අනුදත්ත අය සංස්කෘතික වාග් කෝෂය භාවිතා පිළිබදව එකග නොවේ. ඔව්හු එතැන දිගු වචනයක් භාවිතය පිළිබද විරුද්ධ වන අතර 13 වන සියවසට පෙර ශබ්ද අධයයනය වැඩට නෑකම් කියන ශබ්ද අධ්‍යයනය විද්‍යාව භාවිතය පාලවනය කරන ලදි. ආළ අක්ෂර මාලාව සංස්කෘතිය අතුරා වන මහාප‍්‍රාණාක්ෂරය, තාලූජ යන ආපන්යනට... ඌෂ්මාක්ෂර ආදිය ඉවත් කර ඇත. එය කාව්‍යමය අක්ෂර මාලාවක් ලෙස සෑම විටම පවතින අතර, ශුද්ධ සිංහල හෝඩිය ලෙස හදුන්වයි. (වලි පලිග 1970 බලන්න) ව්‍යාකරණ සහ භාෂාව අතර සම්බන්ධය අර්ථ දැක්විමේදී නිතිය යන සමාජිය රූපක සදහන් කළ අතර තම මෙම මතයන් කාණ්ඩ ප‍්‍රමිතින්ට සමානදැයි ස්ගුරෝටි විස්තර කරන ලදි.

කුමාරතුංග (1493) මෙසේ සදහන් කරයි,

මේ දිනවන සමහර පුද්ගලයන් ව්‍යාකර්ණ අදාල නොවන බව සිතිමට පුරුදු වී ඇත. අජිර්ණයෙන් පෙලෙන අයට ආහාර ඇත්ත වශයෙන්ම කරදරයකි. ආදි කල්පිත දඩයම්වරුන්ගේ දැකිම අනුව ඔවුන් හාසයයට ලක්වන එකම දෙය ඇදුම වේ. කවුරු හෝ දේවල් මේ ආකාරයෙන් දකි නම්, ව්‍යාකරණ වලට වෛර කරන පද්ගලයන් ගැන විස්මිත නොවිය යුතුය. කෙසේ නමුත් ශිලිචාර සමාජයක් තුල භාෂාවට ව්‍යාකරණය අවශ්‍ය වේ. මෙම නිතිය කඩ කිරිමට අවසර තිබේ නම්, එය අපරාධයක් සිනහවට ලක් කිරිමකි. සතුට සහ සැපපහසු සදහා අපරාධයක් කිරිමේදී සමාජ නිති කඩකිරිමට සිදුවන අතර සභ්‍යත්වය කෙලින්ම ඉවත්විමට පටන් ගනි. භාෂාමය නිතින් කඩ කිරිමට අවසර ඇත්නම් නුගත් අය ඇත්ත වශනේම සතුටට පත් වේ. එමගින් ඔවුන්ගේ නුගත්කම සැගවිමට මාර්ගයක් සපයනු ලබයි. මෙම රටෙහි අහෝ නුගත්කම පාණ්ඩිත්‍යය වේ. දැනුම පරිහාසයට දක්වා දෙයක් වේ. මෙම තත්ත්වය පිලියමක් ගැනිම ඉතා ඉක්මනින් කල යුතුව ඇත. හැදින්විම පිටුව (සංස්කරණය) තේරු ලිපි (පුවත්පත් ලිපි)

  • අසරණයාගේ කන්නලව්වු ලක්මිණි පහන
  • දෙව්-ඉල්පත
  • ගඩුබු-ස්වභාෂා
  • මගුල් කැට
  • හින් සැරය
  • පිය සමර
"http://si.wikipedia.org/w/index.php?title=මුනිදාස_කුමාරතුංග&oldid=236385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි