මුදු කරවලා

විකිපීඩියා වෙතින්
මුදු කරවලා
ගොනුව:Ceylonkrait.gif
Ceylon krait,
Bungarus ceylonicus karavala
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
උපවංශය: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Elapidae
ගණය: 'Bungarus'
විශේෂය: B. ceylonicus
ද්වීපද නාමය
Bungarus ceylonicus
Günther, 1858
කරවලා

මුදු කරවලා, හක් කරවලා, පොළොන් කරවලා ආදී නම් වලින් හදුන්වනු ලබන ඉලැපිඩේ කුලයට අයත් මාරාන්තික විශ සහිත ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂයකි.

උප විශේෂ[සංස්කරණය]

මෙරටින් වාර්ථාවන උප විෙශේෂ දෙකකි.

  1. Bungarus ceylonicus ceylonicus
  2. Bungarus ceylonicus karavala

හඳුනා ගැනීම[සංස්කරණය]

දේහය[සංස්කරණය]

මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් ඇත. දිලිසෙන සුලුය. වටකුරු කෙටි හොම්බක් සහිත හිසකි.ගෙල පැහැදිලිව ශරිරයෙන් වෙන් වී නොමැති අතර ක්‍රමයෙන් උල් වන කෙටි වල්ගයක් හා කුඩා ඇස් ඇත.

වර්ණය[සංස්කරණය]

දීප්තිමත් කළු පැහැති ශරීරයේ හිසේ සිට වලිගය තෙක් විහිදුන සුදු පැහැති මුදු හැඩති සලකුනු දක්නට ඇත. මෙම සුදු පැහැති මුදුවක පළල එම මුදු දෙකක් අතර පරතරයට වඩා අඩුවේ.

B. c. ceylonicus උප විශේෂයේ බොහෝවිට මෙම මුදු ශරීරයේ පහළ කොටසේදී දෙකට බෙදී තිබිය හැකිය. වයසත් සමග මෙම මුදු හදුනාගත නොහැකි තරමට මැකී යයි. හිස පිටුපස සහ උගුර ප්‍රදේශ සුදු පැහැතිය. ඉදිරිපස පෘෂ්ඨීය ප්‍රදේශය හා හොම්බ කළු පැහැතිය.

B. c. karavala උප විශේෂයේ මුදු හැඩති සලකුණු වඩාත් පැහැදිලිව දැකිය හැකිය. හිසේ සුදු පැහැති කොටස හිසෙන් අඩකට වඩා ඉදිරියට ව්‍යාප්තව ඇති අතර වයසත් සමග මුළු හිසම කළු හෝ තද අළු පැහැති වේ. උදරය, පැටවුන්ගේ තනි සුදු පැහැති වන අතර වැඩුනු සතුන්ගේ එහි කළු පැහැති හරස් පටි ඇත

දිග[සංස්කරණය]

පැටවෙකු සාමාන්‍යයෙන් සෙ.මී 20-25ක් වන අතර වැඩුනු සතෙකු සාමාන්‍යයෙන් සෙ.මී 80-100 ත් අතර දිගකින් යුක්ත වේ. B. c. karavala උප විශේෂය දිගින් අඩු වන අතර සාමාන්‍යයෙන් සෙ.මී 70ක් පමණ වේ.

ව්‍යාප්තිය සහ වාසභූමි[සංස්කරණය]

තෙත් සහ අතරමැදි කලාප වලින් බහුල වශයෙන් හමුවේ. භෞමිකව ජීවත් වන සර්පයෙකි.
Bungarus ceylonicus ceylonicu උප විෂේශය බලංගොඩ, පේරාදෙනිය, මතුගම, මහනුවර, රත්නපුර හා රඹුක්කන ආදී ප්‍රදේශ වලින් වාර්තා වී ඇති අතර Bungarus ceylonicus karavala උප විෂේශය වාර්ථා වී ඇත්තේ කදුකර ප්‍රදේශ වලින් පමණි.

හැසිරීම[සංස්කරණය]

නිශාචරය. බොහෝ විට සපා කෑමට තැත් නොකරන අතර කලබල වූ විට හිස සගවාගැනීමට තැත් කරයි.

ආහාර[සංස්කරණය]

විෂ රහිත කුඩා සර්පයින්, මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් කටුස්සන් වැනි සතුන්

විශ[සංස්කරණය]

උග්‍ර විශ සහිතය. ස්නායු පද්ධතිය අඩපන කිරීමට බලපායි.

ස්ථානීය රෝග ලක්ෂණ[සංස්කරණය]

  • දෂ්ඨන ස්ථානය අවට ඉදිමීම හා සාමාන්‍යය වේදනාව

ශාරීරික රෝග ලක්ෂණ[සංස්කරණය]

  • උදරයේ වේදනාව
  • ඇසිපිය කඩා හැලීම
  • ඇසේ කළු ඉංගිරියාව වැසී තිබීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • මුඛය විවර කිරීමේ හා දිව පිටතට දැමීමේ අපහසුව
  • සිහිසුන්වීම

නිසි ප්‍රතිකාර ලබා නොදුන්නහොත් රෝගියා මරණයට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත.

දශ්ට කළ ස්ථානය අවට සේදිය යුතුවේ. නැත්නම් මරනය සිදුවිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මුදු_කරවලා&oldid=620420" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි