මුදල්
Wikipedia වෙතින්
යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගෑනීම සඳහා භාවිතා කරන ඹ්නෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය.
පටුන |
[සංස්කරණය] මුදලේ පරිණාමය
මුදලේ පරිණාමය විවිධ අවස්ථාවන් කිහිපයක් යටතේ පැහැදිලි කළ හැක.
[සංස්කරණය] ඍජු භාණ්ඩ හුවමාරුව
මෙම ක්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩයේ අතිර්‍රක්තය වෙනත් අයෙකුට දි ඹහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදි. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවිය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය අසාර්ථක විය.buttmuncher
[සංස්කරණය] භාණ්ඩ මුදල්
ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා වී ඇත.
උදා: සිප්පිකටු, ලුණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන්
රැගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනාදී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.
[සංස්කරණය] කඩදාසි මුදල්
කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනිමද පහසුය.
[සංස්කරණය] බැංකු මුදල්
බැංකු මුදල් යනු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් මගින් මුදල් වෙනුවට වෙක්පත් භාවිතා කිර්‍රමයි.
[සංස්කරණය] මුදල් වල ලක්ෂණ
- සමජාතීය වීම
- පහසුවෙන් හදුනාගත හැකිවීම
- කල්පැවතීම
- පහසුවෙන් ගෙනයා හැකිවීම
- කුඩා කොටස්වලට බෙදිය හැකිවීම
- හිඟකමක් තිබීම
- වටිනාකම සමබරව පැවතීම
- පහසුවෙන් නිපදවිය නොහැකිවීම
[සංස්කරණය] මුදලේ කාර්යයන්
- විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිර්‍රම - එනම් භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියෙකු ලෙස ක්‍රියාකිර්‍රම
- වටිනාකම මැනීමේ මිනුම්දණ්ඩක් වීම - නූතන මුදල් ආර්ථීකයන්හි වටිනාකම සැසඳීමට, වටිනාකම මැනීමට මුදල් භාවිතය ඉතා වැදගත් වී ඇත.
- විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම - වර්තමාන ගණුදෙනුවක වටිනාකම අනාගතයේදී ගෙවිය හැකිවීම.
- වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියාකිර්‍රම
- ආයෝජන මාධ්‍යයක් ලෙස ක්‍රියාකිර්‍රම
[සංස්කරණය] මුදලේ වටිනාකම
මුදලේ වටිනාකම යනු භාණ්ඩයක් හෝ සේවාවක් සමඟ හුවමාරුවේදී එහි ඇතිවන වටිනාකම හෙවත් මුදලේ ක්‍රයශක්තියයි. එනම් මුදලින් මිලදී ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙය මිලමට්ටම මත රඳා පවතිනු ඇත.
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ මුදල්
මුදල් නීති පනතේ 49වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අධිකාරිය හා බලය ශ්‍රී ලංකා මහ බැංකුවට හිමිවේ. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු හා කාසි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම් වන අතර ඒවා ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා නීත්‍යානුකූල මුදල් ලෙස සැලකේ.
1952/1953 වර්ෂයන්හි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත්කරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඦන යොදා ගැනීමත්, සිංහළ භාෂාව යොදා ගැනීමත් 1956දී සිදුවිය. 1963දී මහ බැංකුව ප්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රු 2000, රු 1000, රු 500, රු 100, රු 50, රු20 හා රු 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රු 5, රු 2, රු 1 හා ශත 50, ශත 25 යන අගයන්ගෙන් යුත් කාසිද නිකුත් කෙරේ.