මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය
| Mir on 12 June 1998 as seen from the departing Space Shuttle ඩිස්කවරි during STS-91 | ||
| Mir insignia. | ||
| Station statistics | ||
|---|---|---|
| COSPAR ID | 1986-017A | |
| Call sign | Mir | |
| Crew | 3 | |
| Launch | 1986–1996 | |
| Launch pad | LC-200/39, and LC-81/23, Baikonur Cosmodrome LC-39A, Kennedy Space Center |
|
| Reentry | 23 March 2001 05:59 UTC |
|
| Mass | 129,700 kg (285,940 lbs) |
|
| Length | 19 m (62.3 ft) from the core module to Kvant-1 |
|
| Width | 31 m (101.7 ft) from Priroda to the docking module |
|
| Height | 27.5 m (90.2 ft) from Kvant-2 to Spektr |
|
| Pressurised volume | 350 m³ | |
| Atmospheric pressure | c.101.3 kPa (29.91 inHg, 1 atm) | |
| Perigee | 354 km (189 nmi) AMSL ![]() |
|
| Apogee | 374 km (216 nmi) AMSL ![]() |
|
| Orbital inclination | 51.6 degrees | |
| Average speed | 7,700 m/s (27,700 km/h, 17,200 mph) |
|
| Orbital period | 91.9 minutes ![]() |
|
| Orbits per day | 15.7 ![]() |
|
| Days in orbit | 5,519 days | |
| Days occupied | 4,592 days | |
| Number of orbits | 86,331 | |
| Statistics as of 23 March 2001 (unless noted otherwise) |
||
| References: [1][2][3][4][5][6][7][8][9][10][11][12] | ||
| Configuration | ||
| Station elements as of May 1996. | ||
මීර් (Мир, රුසියානු බසින් ලෝකය සහ සාමය යන අරුත් දෙකම ඇත) යනු සෝවියට් සංගමයේ (සහ පසුව රුසියාවේ) අති සාර්ථක අභ්‍යවකාශ මධ්‍යස්ථානයකි.
මීර් අජටාකාශ මධ්‍යස්ථානය [සංස්කරණය]
“මීර්” යනු රුසියානු (කලින් සෝවියට්) භාෂාවෙන් “සාමය” හා “ලෝකය” යන තේරුම් දෙකම දෙන්නා වූ වදනකි. මීර් අජටාකාශ මධ්‍යස්ථානය යනු රුසියානුවන් විසින් ගුවන්ගත කරනා ලද අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයකි. එසේම එය නිරන්තර මනුෂ්‍ය වාසයකින් යුක්ත වූ දිගුකාලීන විද්‍යා පර්යේෂණ සිදුකළ හැකි පහසුකම්වලින් සමන්විත “තුන්වන පරම්පරාවේ” කක්ෂගත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙහි ඉදිකිරීම් වසර ගණනාවක් පුරාවට සිදු කෙරිණි.
එනම් වසර දහයකට දින අටක් පමණක් අඩු වූ කාලයකි. අභ්‍යාවකාශයේ නොනැසී මනුෂ්‍ය වාසයක් පැවතුන දිගම කාලයට හිමි වාර්තාව ද මීර් සතුය. මීර් මධ්‍යස්ථානය සම්බන්ධ නොයෙකුත් හැල හැප්පීම්වලින් අනතුරුව එය ජාත්‍යන්තරව රුසියානු, ඇමරිකානු හා වෙනත් රටවල අභ්‍යවකාශගාමීන්ට පහසුකම් සැපයූ අන්තර්ජාතික මට්ටමේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් බවට පත් වුණි. මින් වැඩිපුරම අවධානයට පාත්‍ර වනුයේ “මීර් - ෂටල” වැඩසටහන යටතේ ඇමරිකානු අභ්‍යාවකාශ ගමන් වාර 11ක් මීර් අරබයා වෙන් කොට තැබීම වෙයි. මධ්‍යස්ථානයට සහ එහි රැදී සිටි අභ්‍යවකාශ ගාමීන්ට අවශ්‍ය දෑ සහ උපකරණ සැපයීම මේ ගමන් වාරවල අරමුණ විය. එසේම , අභ්‍යවකාශගාමීන්ගේ සේවා වාර මාරු කිරීම ද මෙම ගමන් වාරවල ප්‍රධාන අරමුණක් විය. මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහළ පෘථිවි කක්ෂයක දී 1986 සිට 1996 දක්වා අතර කාලයේ දී ගුවන්ගත කළ මොඩියුල එකලස් කොට ඉදිකරන ලදී.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය 2001 මාර්තු 23 වන දින අවසන් කරනු ලැබූයේ පෘථිවි වායුගෝලය තුළින් එය වැටීමට සලස්වා දැමීමට ලක්කොට විනාශ කරනු ලැබීමෙනි. එය කොටස්වලට කැඩී දකුණු පැසිපික් සාගර කලාපයට පතිත විණි.
මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය - වර්ධනය [සංස්කරණය]
1976 පෙබරවාරි 17, සැල්යුට් Dos-17k අභ්‍යවකාශ නැවතුම් පොළෙහි වැඩි දියුණු කරන ලද ආකෘතියක් නිර්මාණය වීමට තීරණය විය. මීර් එහි ප්‍රතිඵලයක් මෙන්ම සෝවියට් අභ්‍යාවකාශ පද්ධතියේ තුන්වන පරම්පරාවේ කොටසක් ද වේ. 1971 පටන් සැල්යුට් අභ්‍යාවකාශ මධ්‍යස්ථාන හතරක් දියත් කර ඇත. මීර් සංවර්ධනය කෙරෙන අතරතුර තවත් 3 ක් දියත් කෙරිණි. එය සැලසුම් කෙරුණු අවධියේදී පර්යන්ත පද්ධති දෙකෙහි (DOS-7, DOS-8) නැවතුම්පළ 4 ක් ඉදිරිපත් කිරීමට අදහස් විය. ඒ සැල්යුට් මධ්‍යස්ථානයේ මෙන් දෙකෙළවරෙහි හා මධ්‍යස්ථානය ඉදිරිපස ඇති ගෝලීය තටාකය දෙපස වශයෙනි. 1978 වන විට මෙය පසුපස එක් නැවතුම් පොළක් හා ඉදිරිපස ගෝලීය කොටසෙහි නැවතුම් පොළ 5 ක ආකෘතියක් දක්වා විකාශනය වී තිබුණි.
සොයුස්(z) අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ටොන් 7.5 මොඩියුලවලට නැවතුම්පළ සම්බන්ධ කිරීමට මුලදී සැලසුම්කර තිබුණි. මෙම මොඩියුල (“සොයුස්” හි මෙන් සොයුස් ප්‍රචාලන මොඩියුලයක් හා අවගමන මොඩියුලයක් ද කක්ෂීය මොඩයුලය) වෙනුවට ප්‍රතිස්ථාපිත පරීක්ෂණාගාර මොඩියුලයක් ද භාවිතා කිරීමට ඉඩ ඇත. ස්වෙස්ඩා සර්විස් මොඩියුලය මීර් 2 හි ගර්භය වන අතර මීර් එහි ගර්භය වෙයි. මීර් වැඩසටහන 1979 පෙබරවාරිහිදී යෝජනා වූ විලැඩ්මර් චෙලෝම්ගේ අල්මාස්(z) යුධමය අභ්‍යාවකාශ නවාතැන් වැඩසටහන සමග ඒකාබද්ධ වූවකි. TKS අභ්‍යාවකාශ යානය මත පදනම්ව, ටොන් 20 අභ්‍යවකාශ මොඩියුල රැඳවීමට මෙහි තටාකගත කිරීමේ පර්යන්ත වැඩි දියුණු කෙරිණි. අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිළිබඳ සමස්ත වගකීම දැරුවේ NPO Energia විසිනි. කෙසේ වුවද Energia, සැලියුට් 7, Soyuz-T හා Progress අභ්‍යවකාශ යානාවෙහි ඒ වන විට කෙරෙමින් තිබූ වැඩ කටයුතු නිසා Khrunichev හි සංවර්ධන ශාඛාව වූ KB – සැලියුට් ට උප කොන්ත්‍රාත්තුවක් පැවරිණි. KB-සැලියුට් 1979 දී වැඩකටයුතු ආරම්භ කළ අතර සැලසුම් 1982 – 1983 නිකුත් කෙරිණි. Kurs ස්වයංක්‍රීය මුණගැසීම් පද්ධතියක්, Altair චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්, Elektron ඔක්සිජන් උත්පාදනයක් Vozdukh කාබන්ඩයොක්සයිඩ් වායු පිරිසිදු කරණයක්, විභ්‍රම ඩයින ජවරෝද (Almoz ගෙන් ගන්නා ලද), සැලියුට් SB සංඛ්‍යාංක පියාසැරි පාලන පරිගණකයක් ඇතුලු අලුත් පද්ධති කිහිපයක් අභ්‍යවකාශ නැවතුම් පළට අතුළත් විය.
1984 මුල භාගයේදී Buran අභ්‍යවකාශ ෂටලය පියාසැරි පරීක්ෂාවකට සුදානම් කිරීම සඳහා වූ Buran වැඩ සටහන සඳහා සියලු සම්පත් යෙදවීම නිසා මීර් වැඩ සටහනේ කටයුතු ඇණ හිට තිබිණි. නමුත් 1986 දී 27 වන සමාජවාදී පක්ෂ කොන්ග්‍රසය පාලනයට එන විට Mir කක්ෂගත කිරීම සඳහා අභ්‍යවකාශ හා ආරක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිටි ලේකම් විසින් Valentin Glushko හට නියෝග කරන ලදී.1984 දීම ඒ සඳහා නැවත මුදල් සම්පාදනය කෙරිණි.
මේනිසා සැලසුම් කරන ලද ක්‍රියාවලිය අනුගමනය කිරීම හා 1986 අවශ්‍ය දිනයේදී දියත් කිරීමට නොහැකි බව පැහැදිලි විය. ඉන්පසු Cosmonaut’s day (අප්‍රේල් 12) දී පියාසැරි ආකෘතියද baikonur වෙත ගෙනයාමටත් එහිදී පද්ධති පරීක්ෂා කිරීම් හා ඒකාබද්ධ කිරීම් කිරීමට තීරණය විය. Khrunichev හිදී භූමි පරීක්ෂා ආකෘතිය මත කරන ලද පරීක්ෂාවන්හි ප්‍රතිඵල හේතුවෙන් කේබල 2500 න් 1100 නැවත අලුතෙන් සකස් කිරීමට සිදුවිය. ඔක්තෝබර්යේදීම මීර් එහි පිරිසිදු කිරීමේ කාමරයෙන් එළියට ගන්නා ලදී. 1986 පෙබරවාරි 16 දින ප්‍රථම දියත් කිරීමේ උත්සාහය අභ්‍යවකාශයානා සන්නිවේදනය දුර්වලවීම මත ව්‍යර්ථ විය.
බාහිර යොමු [සංස්කරණය]
| විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්රිත මාධ්‍ය සතු වෙයි: Mir |
- http://www.russianspaceweb.com/mir.html Site contains detailed diagrams, pictures and background info.
- http://www.astronautix.com/craft/mirodule.htm Site describes the Mir-Shuttle Docking Module
| Preceded by: සැලියුට් 7 |
Mir program 1986–2001 |
Succeeded by: International Space Station |
| USSR (to 1991) and Russian government manned space programs | ||
| Active: Soyuz | ISS (joint) | Kliper (planned) | ||
| Past: Vostok | Voskhod | සැලියුට් | Apollo-Soyuz Test Project (joint) | Mir | ||
| Cancelled: Zond (lunar Soyuz) | N1 rocket | Spiral | Almaz (incorporated into සැලියුට් program) | Buran |
| United States government manned space programs |
|---|
| Active: Space Shuttle | ISS (joint) | Crew Exploration Vehicle (future) |
| Past: Mercury | X-15 (suborbital) | Gemini | Apollo | Skylab | Apollo-Soyuz Test Project (joint, USSR) | Shuttle-Mir (joint, Russia) |
| Unbuilt: MISS | Project Orion | Dyna-Soar | Manned Orbiting Laboratory | Space Station Freedom (now ISS) | Orbital Space Plane |
උපන්‍යාස දෝෂය: <ref> ටැග පැවතුණත්, <references/> ටැග සොයාගත නොහැකි විය.
