මිහිදුහිමිගේ දායාද

විකිපීඩියා වෙතින්


දේවානම්පියතිස්‌ස[permanent dead link] රජුගේ රාජ්‍ය කාලයේදී මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කළ බව නොදන්නේ කවරහුද?

ඇත්තටම මුටසීව රජුගේ දෙවැනි පුත්‍රයා වූ "දේවානම්පියතිස්‌ස" රජතුමාගේ කාලයේදී මහින්දාගමනය සිදුවීද? මුළුමහත් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේම පදනම වන්නේ දේවානම්පියතිස්‌ස රාජ්‍ය කාලයේදී සිදුවූ බව කියන මහින්දාගමනයයි. එහෙත් ඇත්ත වශයෙන්ම මහින්දාගමනය සිදුවූයේ එකී දේවානම්පියතිස්‌ස යුගයේදී ද? මහින්දාගමනය පිළිබඳව සාහිත්‍යමය කරුණු හා පුරාවිද්‍යාත්මක කරුණු තුලනාත්මකව පරීක්‍ෂා කළ විට එය තිස්‌ස රජුගේ කාලයේ සිදු වී ඇති බවට මානව තහවුරු වන තොරතුරුද හමුවිය. මේ සටහන එම වංශකතා[permanent dead link] මූලාශ්‍රවල තොරතුරු සහ ශිලා ලේඛනවල තොරතුරු තුලනාත්මකව සැසඳීමෙන් මහින්දාගමනයේ සැබෑම තත්ත්වය හෙළිකිරීම පිණිසයි.

වංශකතා සහ ශිලා ලේඛන යන මූලාශ්‍ර වර්ග දෙකින්ම තිස්‌ස රජු හෝ වෙනත් රජ කෙනකු මහින්දාගමනයට සම්බන්ධ රජු ලෙස තහවුරු වේද, ඔහු සැබවින්ම මහින්දාගමනයට සම්බන්ධ රජු ලෙස පිළිගත හැකිය. එබැවින් අප තහවුරු කරගත යුත්තේ,

01. වංශකතා අනුව මහින්දාගමනය[permanent dead link]ට සම්බන්ධ රජු කවුද?

02. ශිලා ලේඛන අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු කවුද?

එලෙස සාහිත්‍යමය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර වෙන් වෙන්ව සහ තුලනාත්මකව විග්‍රහ කර නිගමනයකට පැමිණිය යුතුය.

01. වංශකතා අනුව මහින්දාගමනයට සම්බන්ධ රජු කවුද?

පැරැණිම වංශකතාවල මහින්දාගමනය වන විට ලංකාවේ සිටි පාලකයා කවුද? දැනට හඳුනාගෙන ඇති පැරැණිම වංශකතා දෙක වූ දීපවංශයේ සහ මහාවංශයේ මිහිඳු මා හිමියන් වඩින විට ලංකාවේ සිටි රජු ලෙස සහ ශිලා ලිපි වල අදාළ යුගයේ පාලකයා එක්‌ අයෙක්‌දැයි බලමු. මහින්දාගමනය සිදුවන විට ලංකාවේ සිටි පාලකයා මුටසීව රජුගේ අනුප්‍රාත්තිකයා වූද, මහින්දාගමනයට පෙර දෙවැනි වරද අභිෂේක වූද, මිහින්තලේ ඇටසැට ලෙන් පූජා කළා වූද, මහා විහාරය පූජා කළා වූද, දෙවනපිය නමැති විරුද පදයක්‌ මුලින්ම භාවිත කළ රජුය. එසේනම් අප කළ යුත්තේ මේ එක්‌ එක්‌ කාර්යන් කළ රජු වංශකතාවලින් හඳුනාගෙන ඔහු සහ දේවානම්පියතිස්‌ස රජු එක්‌ අයෙක්‌ දැයි බැලීමයි.

ද්විතීය අභිෂේකය පවත්වා ඇත්තේ කුමන රජුටද?

දීපවංශය,

"දුතියං අභිසිඤත්ථ රාජානං දේවානමපියං - අභිසත්තෝ දුතියාභිසෙකො විසාඛමාසේ උපොසථෙ

(දීපවංශය ( 11 පරි ( 40 ගාථාව)

අදහස, මෙසේ දෙවැනි වරද ලක්‌දිව්හි "දෙවනපිය" අභිෂේක කළේය. වෙසක්‌ මස පෞර්ණමී පෞෂිත දිනයෙහි උහු ද්විතීයාභිෂෙක කරන ලද්දේයෑයි දත යුතුය.

මහාවංශය,

"දේවානම්පිය යන උපපද නම්කොට ඇති ජනයාට සැප දෙන්නා වූ ඒ නරේන්ද්‍රයා වෙසක්‌ මස පුණු පොහෝදා ලක්‌දිවිහි ඉතා ප්‍රසිද්ධ සම්පූර්ණ උත්සවයකදී මෙසේ තමන් (නැවත) අභිෂේක කළේය.

(මහාවංශය 11( පරි( 42 ගාථාව)

දීපවංශය අනුව, දෙවන වරද "දෙවනපිය" අභිෂේක කළ බව සඳහන්ය. මහාවංශයේ "දේවානම්පිය" යන උපපද නම් කර ඇති ලෙස අදාළ රජු හඳුන්වා ඇත. උපපද යනු විරුදයකි. අභිධ්‍යානයකි. කෙනකුගේ නමක්‌ නොවේ. වංශකතා අනුව දීපවංශයේ සහ මහාවංශයේ බුදු දහම වැළඳ ගැනීම සම්බන්ධ රජුට දෙවනපිය අභිධානය ලබා දී ඇත්තේ වෙසක්‌ පොහෝ දිනෙක විශේෂ උත්සවයකදීය. මහාවංශයේ ඉතාමත් පැහැදිලිවම දෙවනවර අභිෂේකය ලැබූ රජු "දේවානම්පිය යන උපපද නම් කොට ඇති" බව කීමෙන් දෙවනපිය කිසියම් කෙනකුගේ පුද්ගල නමක්‌ නොවන බව වැඩිදුරටත් තහවුරු වෙයි. මේ පරිච්ඡේදයේ දේවානම්පියතිස්ස රජු ගැන බව පරිච්ඡේදය ආරම්භයේ සඳහන් වන බැවින් මේ දෙවනපිය අභිධානය ලබා දුන්නේ දේවානම්පියතිස්ස රජුට බව තහවුරු වෙයි.


"දේවානම්පිය" යන්නෙහිම "තිස්‌ස" අන්තර්ගත බවත් රජු පින්කම්හි ඇලුනෙකු බැවින් මහජනයා ඔහු දේවත්වයට ළඟා කර තිස්‌ස යන නාමය අතහැර දෙවනපිය රජු ලෙස හැඳින්වූ බව ටීකාවේ අදහසයි. රජු අසීමිත ලෙස බුදු දහමට අනුග්‍රහ කළ නිසා ඔහුගේ පුද්ගල නාමය කුමක්‌ වුවත්, එය අතහැර උප පදය හෙවත් අභිෂේකයේදී ලැබුණු නිල නාමය (විරුදය) වූ දෙවනපිය රජු ලෙස හඳුන්වා ඇත.

මහින්දාගමනයෙන් වසර හයසියකට වඩා පසුව වංශකතා ලියා ඇති නමුත්, ශිලා ලේඛන එම යුගයේදීම ලියන ලද්දක්‌ නිසාත්, වරින් වර වෙනස්‌ නොකර ඇති නිසාත් වඩාත් විශ්වසනීය මූලාශ්‍රය වෙයි. ක්‍රි. පූ. 3 වැනි සියවසට අයත් බ්‍රාහ්මී ශිලා ලිපිවලද "දෙවනපිය" නමැති නිර්නාමික රජ කෙනකු පිළිබඳව සඳහන්ය. මේ මිහින්තලෙන් හමුවූ එවැනි එක්‌ ශිලා ලිපියකි. මේ සෙල් ලිපිය පිළිබඳව විමර්ශනය කරන සෙනරත් පරණවිතාන මහතා සිය Inscription of ceylon volume one කෘතියේ මේ පැහැදිලිවම දේවානම්පියතිස්ස ලෙස වංශකතා වල හදුන්වන රජු බවට තහවුරු කරයි.


මේ දෙවනපිය නමැති විරුද පදයෙන් හඳුන්වන ලද පාලකයා කවුද? මුටසීව රජුගේ පුත් තිස්‌සද? නැතිනම් වෙනත් අයෙක්‌ද?

03. ශිලා ලේඛන අනුව [1]ට සම්බන්ධ රජු කවුද?

"දෙවනපිය" යනු කුමක්‌ද? අතීත ලංකාවේ රජවරු "ගාමිණී මහරජ", මහරජ ගාමිණී දෙවනපිය "බුද්ධදාස, ත්‍රී සිංහලේශ්වර ආදී විවිධ විරුද පද භාවිත කර ඇත. "දෙවනපිය" ආදී වචන පුද්ගල නමට මුලින් යෙදූ ගෞරවාන්විත පද මිස රජවරුන්ගේ පුද්ගලික නම් නොවේ. දෙවනපිය" ලෙස අප දන්නා සුප්‍රකට දේවනපිය තිස්‌ස රජු වුවත් උත්තිය රජුගේ සිට අමණ්‌ඩ ගාමිණී අභය" රජු දක්‌වා රජවරු විශාල ගණනක්‌ "දෙවනපිය" පදය විරුද පදයක්‌ ලෙස පුද්ගල නමට එකතු කර භාවිත කර ඇති බවට බ්‍රාහ්මී ශිලා ලේඛන වලින්ම තහවුරු වෙයි. රජවරුන් භාවිත කළ විරුද නැතහොත් ගෞරවනාම පදවල ඉතිහාසය පරීක්‍ෂා කළ විට විරුද පද භාවිතයේ ප්‍රධාන පරිණාමීය අවධි කීපයකි. ඒවා ඉපැරැණි ආර්ය ජනාවාස නාගරීකරණය වී රාජ්‍යයන් ලෙස ක්‍රමයෙන් දේශපාලන සංකල්ප දියුණු වීමට සමාන්තරව විරුද පද සංවර්ධනය වීම සිදු වී තිබේ. මෙකී විරුද පදවල සංවර්ධනය පරීක්‍ෂා කර "දෙවනපිය" විරුදය ආරම්භ කළ රජු හෙවත් මිහිඳු හිමි වඩින විට සිටි ලංකාවේ පාලකයා හඳුනාගත හැකිය. එනම් අශෝක රජුගේ සමාන්තර කාලයේ ලංකාව පාලනය කළ දේවානම්පියතිස්ස රජු බවත් දෙවන පිය යන අභිධානය පමණක් අශෝක රජු අනුගමනය කරමින් භාවිත කළ රජු බවත් මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතා සඳහන් කරයි. එනම් දෙවනපිය අභිධානය පළමුව භාවිතා කළ දෙවනපෑතිස් රජු පමණක් එම අභිධානය සමග මහරජ ලෙස සෙල් ලිපිවල හඳුන්වා ඇති බවයි.

අනුරාධපුර රජු පමණක්‌ ගාමිණී මහ රජ ලෙස හඳුන්වා ඇති බව ශිලා ලේඛන මගින් තහවුරු වෙයි. එම නිසා විරුද පදවලින් රජවරුන්ගේ බලවත්කම කොතෙක්‌දැයි නිරූපණය කරයි. දෙවියන්ට ප්‍රිය යන අරුතින් "දෙවනපිය" අශෝක අධිරාජ්‍යයා විසින් භාවිත කළ විරුද පදය ලංකාවට හඳුන්වා දී ඇත්තේ මිහිඳු හිමියන්ය. ධාර්මික රජු මහජනයා සතුටින් තබන බැවින් ඔහු දෙවියන්ට ප්‍රියවෙයි. වංශකතා අනුව "දෙවනප්‍රිය" විරුදය මහින්දාගමනය හා සම්බන්ධ රජතුමා පළමුවරට භාවිත කළ බව නොඅනුමානය. මහාචූලී මහ රජුගේ ශිලා ලිපිවල එතුමා හඳුන්වා ඇත්තේ තමන් "දෙවනපිය කුලයෙන් පැවත එන බවයි. ලඡ්ජිතිස්‌ස, භාතිකාභය, අමණ්‌ඩගාමිණී අභය වැනි රජවරුන්ගේ ලිපිවල ඔවුන්ගේත්, පිය රජවරුන්ගේත් නම් සමඟ දෙවනපිය විරුදය ලියා ඇත. මේ නිසා ඔවුන්ගේ එකම ශිලා ලේඛනයේ "දෙවනපිය" රජවරු දෙදෙනකුගේ නම් දක්‌නට ඇත. එසේම දෙවනපිය විරුදය යම් රජ කෙනකු ආරම්භ කළේද, එය එතැන් සිට අමණ්‌ඩගාමිණී රජ දක්‌වා අඛණ්‌ඩව භාවිත කළ බවට ශිලා ලේඛනමය සාධක ඇත. මෙලෙස විරුද පද සංවර්ධනය වීමේ ඉතිහාසය අනුව මහින්දාගමනය සිදු වූ කාලය මෙරට සිටි පාලකයාද සහ මුල්වරට දෙවනපිය විරුදය භාවිත කළ පාලකයා ද එක්‌ අයකු විය යුතුය.

කෙසේද යත්, "දෙවනපිය" විරුදය හඳුන්වා දීමට පෙර අනුරාධපුර රජු භාවිත කළ ඉහළම විරුදය වූයේ "ගාමිණී මහරජ" නමැති විරුදයයි. එබැවින් "ගාමිණී මහරජ" විරුදය පමණක්‌ භාවිත කළ අවසන් රජතුමා සහ "දෙවනපිය" විරුදය මුලින්ම භාවිත කළ යම් රජෙක්‌ වේද, එම රජුගේ කාලයේදී මහින්දාගමනය සිදු වී තිsබිය යුතුය. ගාමිණී මහරජ" විරුදය අවසානයට භාවිත කළ රජුත්, "දෙවනපිය" පළමුවෙන්ම භාවිත කළ රජුත්, වංශකතාවල මහින්දාගමනයට සම්බන්ධ "දෙවනපිය" රජුත් එක්‌ අයකු විය යතුය. එනම් දෙවනපිය ගාමනී තිස ලෙස හඳුන්වා ඇත්තේ ද දෙවනපිය මහරජ ලෙස හඳුන්වා ඇත්තේ ද දේවානම්පියතිස්ස රජු බව තහවුරු වන බව සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි.

මෙම කරුණු අනුව ලක්දිවට බුදු දහම ගෙන එන සමයේ ලක්දිව පාලනය කළේ දේවානම්පියතිස්ස රජු බව සෙල් ලිපි හා වංශකතා සාධක අනුව තහවුරු වෙයි.

මිහින්තලා ඉතිහාසය[සංස්කරණය]

භෞතික වශයන් මිහින්තලයේ වැදගත්කම[සංස්කරණය]

භෞතික වශයෙන් මිහින්තලය අපට ඉතා වැදගත් වේ.සිංහල බෞද්ධයාගේ ඓතිහාසික උරුමයන් එමෙන්ම සිංහල කලා ශිල්පියා ගේ හැකියා දක්ෂතා නැණ නුවණ විදහා දක්වන ස්ථානයක් වශයෙන් ද මිහින්තලය දැක්විය හැකය.මිහින්තලා පුඡා භුමියේ පිහිටි ගොඩනැඟිලි ගත්විට ඒවා කොටස් කර අධ්‍යනය කිරිම ඉතාමත් පහසු වේ.මූර්ති,පොකුණු,චෛත්‍ය ද ඊට අමතරව වෙනත් මූර්ති හා කැටයම් ද දක්නට ලැබේ.මේ සියල්ල අපට මහින්දාගමනය තුලින් ලැබුණු සංස්කෘතික දායාදයක් වේ.

ගෘහ නිර්මාණ[සංස්කරණය]

මිහින්තලයේ ගෘහ නිර්මාණ අතර ආරාම ද ඉඳිකර තිබුණි.වෙදහලටත් කඳු පාමුල පියගැට පෙළටත් අතර ප්‍රාකාරයකින් සමන්විත වු පැරණි ආරාම ගොඩනැඟිල්ලක නෂ්ටාවශේෂ දක්නට පුළුවන.චතුරාශ්‍රකාර මෙම ආරාම ගොඩනැඟිල්ල වර්ග අඩි 125ක් පමණ ‍වේ. මෙම චතුරශ්‍රය මැද ප්‍රාසාදයකි. එයට නිරිත හා ගිණිකොන දිගින් තවත් අතුරු ප්‍රාසාද දෙකකි. ආරාමයට ඇතුළු වන තැන දොරටු පාල රූප ,මකර කොරවක්ගල හා නාග ‍දොරටුපාල රූප සහිත සෝපාන මාලාවෙන් සමන්විතය එමෙන්ම පාරේ වම්පසද එවැනි ආරාම ගොඩනැඟිල්ලක නෂ්ටාවශේෂ හමුවේ. මෙම ආරාම සිමාමැද පිළිම ගෙයක් හා ඒ පිළිබඳ ගෙයි සතරකොණ පිරිවෙන් සතරක්ද දක්නට පුළුවන.මේ අයුරින් ආරාම කිහිපයක් ද මිහින්තලා ගෘහ නිර්මාණ අතර දක්නට ලැබේ. පුරාණ ලංකාවේ භික්ෂුන් වහන්සේ ජිවත් වු ආරාමවල කටයුතු සංවිධානය හා භික්ෂු ජිවිතයට අදළ වෙනත් පොදු කරුණු ද සාකච්ඡා කිරිම පිණිස සංඝයා වහන්සේ එක්තැන් වු ස්ථානය සන්නිපාත ශාලාව නම් විය.එය නුතන රැස්විම් ශාලාවක ස්වරුපය ගත්තේය.සන්නිපාත ශාලාව පිහිටියේ මිහින්තලා විහාරයේ මැද කාහටත් පහසුවෙන් ළාගාවිය හැකි භුමි භාගයකය.සමචතුරාශ්‍රාකාර එම ගොඩනැඟිල්ල එක් පැත්තකින් අඩි 63ක් පමණ වේ.මෙම ශාලාව ස්වරුපය ගත්තේය.

දාගෙය නම් චතුරාශාකාර ගොඩනැඟිල්ලක් ඇත.එය සමහර විටක ඉහළ මාලයකින් ද සමන්විත වුවා විය හැක.එසේ නම් ඉහළ මාළය දැවෙන් නිර්මිතව තබි කාලයාගේ ඈවැමෙන් විනාශවී යන්නට ඇත.එම මාලය දරා සිටි ගල් කණුවලින් කිහිපයක් හෝ අද දින දැක ගත හැකිය.දාගෙයි පහත මාලය පිළිම ගෙයක් වශයෙන් සකස් වී ඇත.දාගෙය ද මිහින්තලා ගෘහ නිර්මාණ අතර විශේෂ ස්ථානයක් ගනී.

මිහින්තලයේ 2වෙනි සේන රඡු විසින් ආරෝග්‍ය ශාලාවක් කරවු බව මහාවංශයේ සඳහන් වෙයි.5වෙනි කාශ්‍යප රඡු හා සේන නැමැති අමාත්‍යවරයෙකු විසින් තවත් ආරෝග්‍ය ශාලා දෙකක් කරවු බවද කිය වේ.අනුරාධපුර යුගයේ දී ආරෝග්‍යශාලා සේවය හා වෛද්‍ය වෘත්තිය ඉතාම උස්සව පැවති බව මිහින්තලයේ දක්නට ලැබුණු මෙම ආරෝග්‍යශාලාවේ මිනිසෙකුගේ ප්‍රමාණයේ බෙහෙත් ඔරුවක් දක්නට ලැබේ මෙම ආරෝග්‍යශාලාව විහාරයට ගිණිකාණින් පිහිටා ඇත.මෙහි දිග 6ක්ද වෙයි.පිටතින් තාප්පයක් දිගේ එක හා සමාන කාමර 27ක් තිබු බව පේනේ.

ගොනුව:Mihinthalaya dagoba.jpg
මිස්සක දාගැබ

‍චෛත්‍ය[සංස්කරණය]

මිහින්තලය නම් වු ඇති උත්තම ස්ථානයේ චෛත්‍ය කිහිපයක්ද පිහිටා ඇත.ඒ අතර කණ්ඨක චේතිය,මහා සෑය,මිහිඳු සෑය ,ඇත්වෙහෙර,ඉඳිකටු සෑය ආදී චෛත්‍ය ප්‍රධාන තැනක් ගනී.මිහින්තලයේ පළමුවෙනි පඩි පේළිය අවසන් වු තැන දකුණු පසින්වු විසිතුරු සේවනේ මෙම කණ්ඨක ථුපය පිහිටා ඇත.මෙම ථුපය කිරිබඩපවු දාගැබ නමින්ද ව්‍යවහාරයේ පැවති ඇත.මෙම ථුපයේ බාහිර බැම්මට තරමක් දුරින් ඇතුළු බැම්ම පිහිටා තිබු අතර තවත් හරස් බැම්ද පිහිටා ඇත.මෙම ථුපය ඉතා වැදගත් වන්නේමෙහි පිහිටා ඇති වාහල්කඩ හේතුවෙනි.දැනට හමු වී ඇති ඉතා සුරක්ෂිතම වාහල්කඩ වේ මේ අයුරින් කණ්ඨක චේතිය පෞරානික වශයෙන් අපට ඉතා වැදගත්වේ. මිහින්තලා කඳු මුදුනේ සුදෝ සුදට බැබළෙන මහා සෑය නෙතට හමුවන්නේ ඈත සිටය.මිහින්තලාව හඳුනාගත හැකි සංකේතය මහා සෑයයි. මහාදාඨික මහානගරඡු විසින්මෙම ස්ථුපය ගොඩනඟන ලදී.ජන විශ්වාසය අනුව බුදුන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නිදන්කොට බඳනා ලදැයි කියන මෙම මහාසෑය පුඡාවලියේ හා සතරවන මිහිදුරඡුගේ මිහිදු පුවරු ලිපියේද හැඳින්වෙන්නේ අම්බුළු දාගැබ් පාදයේ විශ්කම්භය අඩි 136ක්වන අතර,උස අඩි 45ක් පමණවේ.ස්තූපයේ පේසා වළලු තුනකි.සුදෝ සුදට බැබළෙන මෙම මහා සෑය නෙතට හමුවෙත්ම සිංහල බෞද්ධයා ගේ සිත ශ්‍රද්ධාවෙන් පිරි ඉතිරි යන්නෙය. මිහින්තලයේ හමු වු චෛත්‍ය අතර තවත් වැදගත් චෛත්‍යයක් වන්නේ ඉඳිකටු සෑයයි.මෙය ලංකාවේ දක්නට ලැබෙන ඉතාම දුර්ලභ ගනයේ ථුපයකි.මෙම ථුපය දිගටි ගර්භයකින් යුතු එකකි.මෙහි පාදමේ ශෛලමය නෙළුම් පෙති බොරදම් යොදා තිබේ.මෙහි පාදම අටපට්ටම් එකකි.පැත්තක දිග අඩි දහයයි අඟල් හයකි විෂ්කම්භය අඩි විසිහතයි අඟල් හයකි අඩිතාලම බොරදම් සහිතව ගලින් නිමවා ඇති අතර ගර්භවල පාදය තනි කළු ගලින් නිමවා ඇති බව දක්නට ලැබේ.

ගොනුව:Mihinthalaya2.jpg
කඑදිය පොකුණ


ගල්බැම් බැඳ නයි පෙන පහකින් අලංකාර කොට ඉහළ කඳු මතින් ගලා එන දියපාර එක්රැස් කළ මෙම පොකුණ හඳුන්වන්නේ නාග පොකුණ නමිනි එය වංශ කථාවේ නාග සොන්චි කියා හැදින්වේ.මිහිඳුමාහිමියන් අනුරාධපුරයේ සිට වස් වැසිම පිණිස සෑගිරියට පැමිණ මොහොතේ මෙම පොකු‍ණේන් නාගත් බව මහාවංශය කියයි නාග පොකුණ ප්‍රමාණයෙන් මිටර් දොළහක් පමණ දිගවන අතර පළලින් එය මිටර් පහක් පමණ වේ.

රාජගිරිය ලෙණෙන් නැගෙනහිර පැත්තට වන්නට කඑ දිය පොකුණ පිහිටා ඇත.නිසංසල පරිසරයක පිහිටි මෙම පොකුණ අවට ඇත්තේ ගල්ලෙන් ස්නානාගාර,භාවනා ශාලා,දාගැබ් පිරිවෙන් ආදියෙන් පිරි පුරාණ ආරාමයක නටබුන්ය.මෙම පොකු‍ණේ දිය කඑ පාට නිසාම මේ නම ලැබි ඇති බව පෙනේ.බැඩි කල කන්දෙන් ගලන දිය එකතු කොට සැදු මෙම පොකුණ පරිසරයට අමුතුම සිරියාවක් ගෙනදෙයි.අඩි 200ක් පමණ දිගින්ද අඩි 70ක් පමණ පළලින්ද යුත් කඑ දිය පොකුණ නිමවා ඇති අයුරින් පරිසරය ස්වාභාවික ලක්ෂණ වඩාත් ඔපවත් වෙයි.

ගොනුව:මිහින්තලය.jpg

අභෞතික වශයෙන් මිහින්තලයේ වැදගත්කම[සංස්කරණය]

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට පැමිණ මුල්ම ධර්මදුත මෙහය ආරම්භ කරනු ලැබුවේ මිහින්තලා කදු මුදුනෙදිය ඒ බැවින් සිංහල බෞද්ධයාට මිහින්තලය ඉතා වැදගත් ස්ථානයක් වන්නේය.මේ අනුව මිහින්තලා පුඡා භුමිය අභෞතික වශයෙන්ද අපට ඉතා වැදගත්වේ.දඹදිව ආශෝක මහා අධිරාඡයාගේ රාඡ්‍ය කාලයේ පැවති තුන්වෙනි ධර්ම සංගායනාව අවසානයේ ද විවිධ ප්‍රදේශවලට ධර්ම දුතයන් වහන්සේලා යන ලද බව සඳහන් වේ.මේ අනුව අශෝක අධිරාඡයාගේ පුත්‍ර මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දුත පිරිස ලක්දිව මිහින්තලා කඳු මුදුනට වැඩම කළහ.එහිදි මිහිදු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රඡතුමා හමුවුහ. මහ රඡාණෙනි අපි ධර්ම රාඡානන්වු බුදුන් සචි ශ්‍රමණයම්හ තොපට අනුකම්පා පිණිසම දඹදිවින් මෙහි ආම්හ මිහිදු මහරහතන් වහන්සේ ගේ බස අසා රඡතෙමේ පහ වු බිය ඇතිව තම යහඑ ධාර්මාශෝක මහ රඡුගේ හසුන් මෙනෙහි කොට ශ්‍රමණයෝයි විනිශ්චය කරන ලද්දේය.දෙදෙනා අතර කෙටි පිළිසදරකින් පසුව මහණුවණැති ස්ථවිර තෙමේ රඡු පණ්ඩිත යැයි දැන රඡහට චුල්ලහත්ථිපදෝම සුත්‍රය දේශනා කළ සේක.දේශනා කෙළවර රඡතෙමේ තිසරණ ශිලයෙහි පිහිටියේය.මෙම අවස්ථාවේ සිට සිංහල ශිෂ්ටාචාරයේ නව උදාවක් ඇතිවුවේය.සිංහලයින්ට සියලු සංස්කෘතික දායාදයන් හිමිවුයේ මහින්දාගමනය ඇසුරෙනි. මිහිදුහිමියන්ගේ ලංකාගමනෙන් සිදු වු ප්‍රතිඵලය ඉතා විශිෂ්ටය.ඒ පිළිබඳ ඉතිහාසඥායින් සඳහන් කරන්නේ "බුදු සමයෙහි ආභාසයට ලක්වුයේ සිංහල ජනයාගේ හුදු ආගමික ඡිවිතය පමණක් නොවේ.එහි බලපෑම ඊට බෙහෙවින් තියුණු එකක් විය. බුදු සමය සිංහල ජනයාගේ සංස්කෘතික ජිවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලිය.එබැවින් එය බලපෑම කලාත්මක හා සාහාත්‍ය කෘතින්ද පිළිබිඹු විය.සිංහලයින්ට අලුත් ජිවන මාර්ගයක් ද ජිවත්විවේ අලුත් පරමාර්ථයක්ද බුදු සමය නිසා ලැබුනේය.

සබැඳි පිටු[සංස්කරණය]

මිහින්තලය

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

01.දිසානායක ඡෙ.බි - මිහින්තලේ මුද්‍රණය 2001 ගොඩගේ සහ සහෝදරයෝ

02.උදය මල්ලවාරච්චි - මිහිදු සංස්කෘතිය හා මිහින්තලය

03.සුරවිර ඒ.බි. - කතිකාවත හා භික්ෂු සමාඡය

04.විඡෙතුංග නවනැලියේ - අපේ දායාද

  1. මහින්දාගමනය
"https://si.wikipedia.org/w/index.php?title=මිහිදුහිමිගේ_දායාද&oldid=592974" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි