මිල ඉල්ලුම් නම්‍යතාවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනෙකුත් සාධක ස්ථාවර ව තිබියදි භාණ්ඩයක මිල වෙනස්විමට සාපෙ‍ක්ෂව ඉල්ලුමෙහි සිදුවන ප්‍රතිචාරාත්මක වෙනස ගණනය කිරිම මිල ඉල්ලුම් නම‍‍‍‍‍්‍යතාවය මගින් සිදුවේ.‍‍ එසේ සිදුවන ප්‍රතිචාරාත්මක වෙනස නම‍ය්‍යතාවය නම් වේ. මේ පිලිබද ව මුල්වරට කරුණු දක්වන ලද්දේ ඇල්ප්‍රඩ් මාෂල් විසිනි.

මිල ඉල්ලුම් නම‍‍‍‍‍්‍යතාවය සැමවිට ම සෘණ අගයක් ගනු ලබයි. එයට හේතුව භාණ්ඩයක මිලත් ඉල්ලුම් ප්‍රමණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පැවතිමයි. එම ප්‍රතිලෝම සම්බන්ධය ඉල්ලුම් නීතිය ලෙස හදුන්වයි. නමුත් ගණනය කිරීම් වලදී මෙම සෘණ සලකුණ නොසලකා හරිනු ලබයි. ගිෆන් භාණ්ඩ සදහා මිලත් ඉල්ලුම් ප්‍රමණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නොමැත. එම භාණ්ඩ සදහා ඇත්තේ අනුලෝම සම්බන්ධයකි. මිල ඉල්ලුම් නම‍ය්‍යතා සංගුණකය එකට වඩා අඩු අගයක් ගන්නා භාණ්ඩ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ ලෙස හදුන්වන අතර මිල ඉල්ලුම් නම‍ය්‍යතා සංගුණකය එකට වඩා වැඩි අගයක් ගන්නා භාණ්ඩ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ ලෙස හදුන්වයි.

අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල විශාල වශයෙන් වෙනස් වුවද එයට ප්‍රතිචාර වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් නොවන අතර සුළු ප්‍රමාණයක් වෙනස්වේ. නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල ඉතා සුළු වශයෙන් වෙනස් වුවද එයට ප්‍රතිචාර වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස්වේ. මිල ඉල්ලුම් නම‍‍‍‍‍්‍යතා සංගුණකය එකක් වන භාණ්ඩ ඒකීය නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ ලෙස හදුන්වයි. මෙම භාණ්ඩ වල මිල වෙනස් වන ප්‍රමාණයට සමාන ලෙස ම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වේ.


නිර්වචනය[සංස්කරණය]

මිල ඉල්ලුම් නම‍ය්‍යතාවය යනු කිසියම් අවස්ථාවක අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට සාපේක්ෂව එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන ප්‍රතිශතක වෙනසයි. එය පහත සූත්‍රය මගින් ගණනය කල හැක.


මි:ඉ:න: = ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස / මිලෙහි ප්‍රතිශතක වෙනස = dQd% / dP%


ඉහත සමීකරණයට අනුව ලැබෙන පිලිතුර නිතර ම සෘණ අගයක් ගනු ලබයි. එයට හේතුව භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධයයි. එය ඉල්ලුම් නීතිය ලෙසද හදුන්වයි. උදාහරණයක් ලෙස කිසියම් භාණ්ඩයක මිල 5% කින් ඉහල යන විට එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමණය 5% කින් අඩු වන්නේයැයි සිතමු. එවිට එම භාණ්ඩයේ මිල ඉල්ලුම් නම‍ය්‍යතා සංගුණකය වනුයේ -5%/5% =-1% නමුත් ගිෆන් භාණ්ඩ සදහා මිල ඉල්ලුම් නම‍ය්‍යතා සංගුණකය සැම විටම ධන අගයක් ගනු ලබයි. ඇතැම් විටෙක වෙනත් භාණ්ඩයක මිල වෙනස් වීමක් තවත් භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කෙරෙහි බලපානු ලබයි. මෙය හරස් මිල ඉල්ලුම් නම‍‍‍‍‍්‍යතාවය ලෙස හදුන්වනු ලබයි. මෙහිදී වෙනත් භාණ්ඩ ලෙස හදුන්වනුයේ ආදේශක භාණ්ඩ හා අනුපූරක භාණ්ඩ වේ. එකම භාණ්ඩයක් සඳහා දෙන ලද විවිධ මිලයන් සඳහා විවිධ මිල ඉල්ලුම් නම‍ය්‍යතා සංගුණකයන් ලැබේ. මේ සඳහා ප්‍රධන වශයෙන් හේතු දෙකක් බලපානු ලබයි.

පලමුවැන්න නම් කිසියම් භාණ්ඩයක මිල ඉල්ලුම් නම‍‍‍‍‍්‍යතාවය එම භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රයේ බෑවුම අනුව වෙනස් වීම. ඉල්ලුම් වක්‍රයේ විවිධ ලක්ෂ්‍ය වලදී විවිධ මිල ඉල්ලුම් නම‍ය්‍යතා සංගුණක ලැබේ. එයට හේතුව බෑවුම මිල හා ප්‍රමාණය යන දෙකෙහිම ප්‍රතිශතක වෙනස මත රඳා පැවතීමයි.

දෙවැනි හේතුව වනුයේ සිදුවන ප්‍රතිශතක වෙනස්වීම් එකිනෙකට සමනුපාතික නොවීමයි. සාමාන්‍යයෙන් කිසියම් සංඛ්‍යා දෙකක් අතර ප්‍රතිශතක වෙනස රඳා පවතිනුයේ එහි ආරම්භක හා අවසාන අගය අනුවය. උදාහරණයක් ලෙස ඉල්ලුම් ප්‍රමාණය ඒකක 10 සිට ඒකක 15 දක්වා වැඩි වූයේ නම් ප්‍රතිශතක වෙනස වනුයේ 50% වේ. නමුත් ඒකක 15 සිට ඒකක 10 දක්වා අඩු වූයේ නම් ප්‍රතිශතක වෙනස වනුයේ 33.33% `කි. එබැවින් මෙම දෝෂ මඟහරවා ගැනීමට මි: ඉ: න: ස: ගණනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් යොදා ගනී.


ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම‍ය්‍යතාවය[සංස්කරණය]

මෙහිදී කිසියම් මිලකට අදාලව මිල ඉල්ලුම් නම‍ය්‍යතාවය ගණනය කිරීම සිදුකරනු ලබයි. එනම් ඉල්ලුම් වක්‍රයේ කිසියම් ලක්ෂ්‍යයකට අදාලව ගනනය කරනු ලබයි. ඒ සඳහා පහත සූත්‍රය භාවිතා කරයි.

මි: ඉ: න: ස: = මිල / ප්‍රමාණය * ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස / මිලෙහි වෙනස = p / Qd * dQd / dp


චාප මිල ඉල්ලුම් නම‍ය්‍යතාවය[සංස්කරණය]

ඉල්ලුම් වක්‍රයේ තෝරගත් ලක්ෂ්‍ය දෙකක් අතර නම‍ය්‍යතාවය ගණනය කිරීම චාප නම‍ය්‍යතාවය මගින් සිදුකරයි. මෙහිදී මිල ගණන් දෙකක් අතර නම‍ය්‍යතාවයේ සාමාන්‍ය ගණනය කෙරේ. නම‍ය්‍යතාවය ගණනය කිරීමේ නිවැරදි ක්‍රමය ලෙස සැලකෙන්නේ චාප නම‍ය්‍යතාවයි. එය පහත පරිදි ගණනය කල හැක.

E_d = \frac{\frac{P_1 + P_2}{2}}{\frac{Q_{d_1} + Q_{d_2}}{2}}\times\frac{\Delta Q_d}{\Delta P} = \frac{P_1 + P_2}{Q_{d_1} + Q_{d_2}}\times\frac{\Delta Q_d}{\Delta P}
  • P1- සලකා බලන මිල
  • P2 - නව මිල
  • Q1 - සලකා බලන මිලේදී ප්‍රමණය
  • Q2 - නව මිලේදී ඉල්ල්ම් ප්‍රමණය
  • ΔP - මිලෙහි වෙනස
  • ΔQd - ප්‍රමාණයේ වෙනස


ඉතිහාසය[සංස්කරණය]

ඇල්ප්‍රඩ් මාෂල්ගේ මිල ඉල්ලුම් නම‍‍‍‍‍්‍යතාවය අදාල මූලික නිර්වචනයට අදාල ප්‍රස්තාරය


වර්ෂ 1890 දී ආර්ථික විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් මාෂල් විසින් සම්පාදනය කරන ලද ආර්ථික විද්‍යාවේ මූලධර්ම නම් ග්‍රන්ථය මගින් නම‍ය්‍යතාවය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරන ලදි. කිසියම් භාන්ඩයක් සඳහා වෙළඳපලක පවතින මිල ඉහල යනවිට එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වන බවත්, මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන බවත් ඔහු මෙම සංකල්පයෙන් ඉදිරිපත් කරන ලදී. ඔහු ඉදිරිපත් කරන ලද මෙම සංකල්පය මූලික වශයෙන් ලක්ෂ්‍ය මිල ඉල්ලුම් නම‍ය්‍යතාවය මත පදනම් වී ඇත.


මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය කරන සාධක[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය වීමට පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හා කැමැත්ත බලපානු ලබයි. අනෙකුත් සධක වනුයේ,

1 ආදේශක භාන්ඩ වල සුලභත්වය
කිසියම් භාණ්ඩයකට ආසන්න ආදේශක භාන්ඩ සුලභව ඇත්නම් එම භාණ්ඩය සඳහා ඇත්තේ නම්‍ය ඉල්ලුමකි. එනම් මිල සුළු ප්‍රමාණයකින් වෙනස් වුවද ඉල්ලුම් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් වෙනස් වේ. එයට හේතුව
පාරිභෝගිකයාට පහසුවෙන් වෙනත් භාණ්ඩයකට මාරු විය හැකි වීමයි. ආදේශක භාන්ඩ නොමැති නම් හෝ අඩු නම් එම භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. එනම් මිල විශාල ප්‍රමාණයකින් වෙනස් වුවද ඉල්ලුම් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් වෙනස් නොවේ.
2 භාණ්ඩය නිර්වචනය කර ඇති ආකාරය
පුළුල් ලෙස නිර්වචනය කල භාණ්ඩ සඳහා ඇත්තේ අනම්‍ය ඉල්ලුමක් වන අතර පටු ලෙස නිර්වචනය කල භාණ්ඩ සඳහා ඇත්තේ නම්‍ය ඉල්ලුමකි. උදාහරණයක් ලෙස පාන් ගතහොත් ඒ සඳහා විශාල ආදේශක ප්‍රමාණයක් ඇත. එය පටු නිර්වචනයයි.
නමුත් පොදුවේ පිටි සහිත ආහාර ලෙස ගතහොත් ඒ සඳහා ආදේශක භාන්ඩ ඇත්තෙ සුළු ප්‍රමාණයකි.
3 අත්‍යාවශ්‍ය භාවය
අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මි: ඉ: න: ස: අඩු අගයක් ගනී. එනම් අනම්‍ය ඉල්ලුමක් පවතී. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා නම්‍ය ඉල්ලුමක් පවතී. එනම් නම‍ය්‍යතා සංගුණක විශාල අගයක් ගනු ලබයි.
4 සලකා බලන කාල සීමාව
සලකා බලන කාල සීමාව වැඩි නම් නම්‍යතාවය වැඩි අගයක් ගන්න අතර ඇත්තේ නම්‍ය ඉල්ලුමකි. කාල සීමාව අඩු නම් නම්‍යතාවය අඩු අගයක් ගන්න අතර ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි.
උදාහරණයක් ලෙස ඉන්ධන මිල කෙටි කාලසීමාවක් තුලදී මිනිසුන් ඉල්ලුම් කරන ප්‍රමාණය එතරම් අඩු නොකරයි. එනම් ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. නමුත් ඉත දිගු කාලයකදී ඔවුන් වෙනත් ලාභදායී ආදේශකයට යා හැකිය.එවිට ඇත්තේ නම්‍ය ඉල්ලුමකි.
5 සන්නම් පක්ෂපාතීත්වය
එනම් කිසියම් සන්නමක් කෙරෙහි ඇති බැදීමයි. එවිට එම භාන්ඩයේ මිල ඉහල ගියද ඉල්ලුම් ප්‍රමාණය එතරම් අඩු නොවේ. එම නිස ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. කිසියම් භාණ්ඩයක් කෙරෙහි සන්නම් පක්ෂපාතීත්වයක් නැත්නම් එම භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණ්යකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වේ. එවිට ඇත්තේ නම්‍ය ඉල්ලුමකි.


මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකයෙන් ගම්‍ය වන අගයන්[සංස්කරණය]

පූර්ණ අනම්‍ය ඉල්ලුම
පූර්ණ නම්‍ය ඉල්ලුම


මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීමෙන් ලැබෙන අගය අනුව ඉල්ලුම පහත පරිදි වර්ග කල හැක.

අගය ඉල්ලුම් නම්‍යතා වර්ගය
Ed = 0 පූර්ණ අනම්‍ය ඉල්ලුම
0 < Ed <1 අනම්‍ය ඉල්ලුම
Ed = 1 ඒකීය නම්‍ය ඉල්ලුම
1< Ed <∞ නම්‍ය ඉල්ලුම
Ed = ∞ පූර්ණ නම්‍ය ඉල්ලුම

ඉල්ලුම් නීතියට අනුව සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය ඉහල යන අතර මිල ඉහල යන විට ඉල්ලුම් ප්‍රමාණය පහල යයි. ඉහත වගුවේ දක්වා ඇති ආකාරයට මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය එකට වඩා වැඩි වන්නේද, අඩු වන්නේද යන කරුණ මත එම භාණ්ඩය කුමන ඉල්ලුම් නම්‍යතාවයට අයත් වන්නෙදැයි තීරණය වේ.

  • කිසියම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් එම භාණ්ඩය සඳහා අනම්‍ය ඉල්ලුමක් පවතී.
  • භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් එම භාණ්ඩය සඳහා නම්‍ය ඉල්ලුමක් පවතී.
  • භාණ්ඩයේ මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් එම භාණ්ඩය සඳහා ඒකීය නම්‍ය ඉල්ලුමක් පවතී.

ප්‍රස්තාර සටහන් දෙකෙහි පෙන්වන අන්දමට පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල ඉල්ලුම් වක්‍රය ප්‍රමාණ අක්ෂයට සමාන්තර ලෙස තිරස් රේඛාවක් ලෙස පිහිටයි පූර්ණ අනම්‍ය ඉල්ලුම නිරූපණය කරන ඉල්ලුම් වක්‍රය මිල අක්ෂයට සමාන්තරව සිරස් රේඛාවක් ලෙස පිහිටයි.මිල ඉල්ලුම් නම්‍යතාවය හා ඉල්ලුම් වක්‍රයේ බැවුම යන දෙකම ස්ථාවරව පවතින්නේ ඉහත අවස්ථාවන් දෙකෙහිදී පමනි.එමෙන්ම මි:ඉ:න:ස: ගණනය කිරීමට ඉල්ලුම් වක්‍රයේ බැවුමේ ප්‍රතිලෝමය පමණක් යොදා ගන්නේද මෙම අවස්ථාවන් දෙකෙහිදී පමනි.අන් සෑම අවස්ථාවකදීම වමේ සිට දකුණට පහලට බෑවුම් වන ඉල්ලිම් වක්‍රයක් ලැබේ.


ආදායම මත බලපාන ආකාරය[සංස්කරණය]

ඉල්ලුම හා අදායම අතර සම්බන්ධය මෙම ප්‍රස්තාර මගින් පෙන්වයි. ඉල්ලුම් වක්‍රයේ නම්‍ය ඉල්ලුමක් ඇති පරාසයේදි මිල අඩු වන විට මුළු ආදයම ඉහල යන අතර අනම්‍ය පරාසය තුලදි මුළු අදායම පහළ යයි. අදායම උපරිම වන්නෙ මි:ඉ:න:ස: = 1 අවස්ථාවේදිය.

මිල ඉල්ලුම් නම්‍යතාවය භාණ්ඩයකින් ලැබෙන ආදායම මතද බලපැම් ඇති කරයි. ආදායම මිල ප්‍රමාණය සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල වෙනස් වීම ප්‍රධාන වශයෙන් ප්‍රතිවිපාක දෙකක් ඇති කරයි. මිල ප්‍රතිවිපාකය:- අනම්‍ය භාණ්ඩ සඳහා ඒකක මිල වැඩි වීමක් එම භාණ්ඩයෙන් ලැබෙන ආදායම වැඩි වීමට හේතු වන අතර මිල අඩු වීමක් ආදායම අඩු වීමට බලපායි. නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා මෙහි ප්‍රතිලෝමය සිදුවේ. ප්‍රමාණ ප්‍රති විපාකය:-ඒකක මිල වැඩි වීමක් විකුණා ගත හැකි ඒකක ප්‍රමාණය අඩු කිරීමට හේතු වන අතර මිල අඩු වීමක් විකුණා ගත හැකි ඒකක ප්‍රමාණය වැඩි කිරීමට බලපායි.

එබැවින් ආයතනයක් භාණ්ඩයක මිල වැඩි කිරීමේදී එමඟින් ඇතිවන ශුද්ධ බලපැම හඳුනාගත යුතුය. මේ සඳහා නම්‍යතාවය යොදා ගත හැක.සාමාන්‍යයෙන් ආදායමේ සිදුවන ප්‍රතිශතක වෙනස ආසන්න වශයෙන් මිලෙහි සිදුවන ප්‍රතිශතක වෙනස හා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස යන අගයන් දෙකෙහි එකතුවට සමාන වේ. මිල ඉල්ලුම් නම්‍යතාවය හා ආදායම අතර සම්බන්ධය පහත පරිදි විස්තර කල හැක.

  • පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල මිල කොතෙක් වැඩි වුවද ඉල්ලුම් ප්‍රමාණය අඩු නොවේ.එබැවින් මෙවැනි භාණ්ඩ වල මිල වැඩි කිරීමෙන් අනිවාර්‍ය්යෙන්ම ආදායම වැඩි වේ
  • අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා මිල වැඩි වන ප්‍රතිශතයට වඩ අඩු ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වන නිසා මිල වැඩි කිරීම මඟින් ආදායම වැඩි කර ගත හැක.
  • ඒකීය නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල මිල වෙනස් වන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වන නිසා මිල වැඩි කලද ආදායමට බලපැමක් ඇති නොකරයි.
  • නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ වල මිල වෙනස් වන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉල්ලුම් ප්‍රමණය වෙනස් වන බැවින් මිල වැඩි කලහොත් ඉල්ලුම් ප්‍රමාණය විශාල ලෙස අඩු වන බැවින් අදායම වැඩිවීමක් සිදු නොවේ.
  • පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ එකම මිලකදී ඕනැම ප්‍රමාණයක් මිලදී ගත හැක. මිල වැඩි කලහොත් ඉල්ලුම ශූන්‍ය විය හැක. එබැවින් මිල වැඩි කිරීමක් මගින් ආදායම වැඩි කර ගත නොහැක.

ඉහත ප්‍රස්තාරයේ පෙන්වා ඇති ආකාරයට උපරිම ආදායමක් ලැබෙන්නේ ඉල්ලුම් වක්‍රයේ ඒකීය නම්‍ය ඉල්ලුමට අදාල ලක්ෂ්‍යයේ මිල හා ප්‍රමාණයේදීය. තවත් වැදගත් කරුණක් වනුයේ කිසියම් මිල පරාසයක් තුල ඉල්ලුම් නම්‍යතාවය ස්ථාවර අගයක් නොගන්නා අතර විවිධ අගයන් විය හැක. ඉහත ප්‍රස්තාරයට අනුව ඉල්ලුම් වක්‍රයේ ඉහල සිට පහලට පූර්ණ නම්‍ය ඉල්ලුමේ සිට පූර්ණ අනම්‍ය ඉල්ලුම දක්වා අගයන් පිහිටන්නේ යැයි උපල්කල්පනය කෙරේ.


බදු මත බලපාන ආකාරය[සංස්කරණය]

සැපයුමට වඩා ඉල්ලුම නම්‍ය වන විට පාරිභෝගිකයාට වඩා වැඩි බදු බරක් නිෂ්පාදකයාට දැරීමට සිදුවේ.

භාණ්ඩයක මිල මත වක්‍ර බදු පැන පැනවීමේදී ඇති වන ප්‍රති විපාකය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මිල ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය යොදා ගත හැක. මිල මත බදු පනවීමේදී මිල ඉහලයයි. එබැවින් එම බදු බර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යන ප්‍රමාණය තීරණය වන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය මතවේ. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා මිල කොතෙක් වැඩි වුවද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවේ. එනම් පාරිභෝගිකයට වෙනත් විකල්ප නොමැත. එබැවින් බද්ද සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට විතැන් කල හැක පූර්ණ නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක බදු පැනවීම නිසා මිල වැඩිවීමක් සිදු වුවහොත් පාරිභෝගිකය මිලදි ගන්න ප්‍රමනය නවත දැමිය හැක. එබැවින් සම්පූර්ණ බදු බර නිශ්පාදකයාට දැරීමට සිදුවේ. අනම්‍ය ඉල්ලුමක් ඇති භාන්ඩ සඳහා බදු පැනවූ විට බද්දෙන් වැඩි ප්‍රමාණයක් නිශ්පාදකයාට දැරීමට වන අතර පාරිභෝගිකයාට දැරීමට වන්නේ අඩු බදු ප්‍රමාණයකි. නම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩ සඳහා බදු පනවූ විට වැඩි බදු බරක් පාරිභෝගිකයාට දැරීමට සිදු වන අතර නිෂ්පාදකයාට දැරීමට වන්නෙ අඩු බදු බරකි.


තෝරාගත් මිල නම්‍යතා[සංස්කරණය]

සැබෑ ලෝකයේදී මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම සඳහා විවිධ පර්යේෂණයන් යොදාගනී. අතීත වෙලඳ පල දත්ත විශ්ලේශණය,වෙළඳපල අත්හදාබැලීම් සඳහා වර්ථමාන පාරිභෝගික කැමැත්ත පිලිබඳ සමාලෝචනය යනදී ක්‍රම මේ සඳහා යොදා ගනී. එමෙන්ම සංයුක්ත විශ්ලේෂණයද මේ සඳහා යොදා ගනී. බොහෝ ඉල්ලුම් ලේඛන සඳහා මිල ඉල්ලුම් නම්‍යතාවය මිල මත තීරණය වේ. එබැවින් ස්ථාවර ඉල්ලුම් නම්‍යතාවයක් ඇතයි උපකල්පනය කරමින් ඉල්ලුම් ලේඛණය පිළියෙල කරනු ලබයි.තෝරාගත් භාණ්ඩ කිහිපයක් සඳහා ගණනය කරන ලද ඉල්ලුම් නම්‍යතා සංගුණක කිහිපයක් පහත දැක්වේ.

  • සිගරට් (එක්සත් ජනපදය)
    • 0.3 − 0.6 (සාමාන්‍යය)
    • 0.6 to −0.7 (තරුණ)
  • මධ්‍යසාර(එක්සත් ජනපදය)
    • 0.3 හෝ −0.7 සිට 0.9 දක්වා 1972 (බියර්)
    • 1.0 (වයින්)
    • 1.5 (ස්ප්‍රීතු)
  • ගුවන් ගමන්(එක්සත් ජනපදය)
    • 0.3 (පළමු පන්තිය)
    • 0.9 (වට්ටම්)
  • පශුසම්පත්
  • තෙල් (ලෝකය)
    • 0.4
  • මෝටර් රථ ඉන්ධන
    • 0.25 (කෙටි කාලීන)
    • 0.64 (දිගු කාලීන)
  • ඖෂධ(එක්සත් ජනපදය)
    • 0.31 (වෛද්‍ය රක්ෂණය)
  • සහල්
    • 0.47 (ඕස්ට්‍රේලියාව)
    • 0.80 (බංග්ලාදේශය)
    • 0.80 (චීනය)
    • 0.25 (ජපානය)
    • 0.55 (එක්සත් ජනපදය)
  • සිනමා ප්‍රවේශය (එක්සත් ජනපදය)
    • 0.87(සාමාන්‍යය)
  • සජීවී කලා දර්ශන(රංගශාලා)
    • 0.4 සිට 0.9 දක්වා
  • ප්‍රවාහනය
    • 0.20 (බස් රථ, එක්සත් ජනපදය)
  • පැනිබීම
    • 0.8 සිට 1.0 දක්වා (සාමාන්‍යය)
    • 3.8 (කොකාකෝලා)
  • වානේ
    • 0.2 සිට 0.3 දක්වා
  • බිත්තර
    • 0.1 (එක්සත් ජනපදය)
    • 0.35 (කැනඩාව)
    • 0.55 (දකුණු අප්‍රිකාව)


ආශ්‍රිත ලිපි[සංස්කරණය]


මූලාශ්‍ර[සංස්කරණය]


බාහිර සබැඳුම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=මිල_ඉල්ලුම්_නම්‍යතාවය&oldid=263619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි