මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්

විකිපීඩියා වෙතින්
මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්
Manhunt International
සංස්ථාපනය1993
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් (Manhunt International) යනු 1993 වසරේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. තරඟයේ මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබන්නේ මෙට්‍රොමීඩියා සිංගප්පෝර් (Metromedia Singapore) සහ ප්‍රොකොන් ලෙෂර් ඉන්ටර්නැෂනල් (Procon Leisure International) යන ආයතන විසිනි.

ඉතිහාසය[සංස්කරණය]

කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ රූප රාජිනී තරඟ බොහොමයක් පැවතියද, පිරිමින් වෙනුවෙන්ම වෙන්වූ තරඟ වල අඩුවක් දක්නට ලැබෙන බව දුටු මෑන්හන්ට් තරඟ අධ්‍යක්ෂක Alex Liu, 1987 වර්ෂයේදී ප්‍රථම වතාවට මෑන්හන්ට් තරඟයක් සිංගප්පූරුවේදී පැවැත්වීමට පියවර ගන්නා ලදී.

පසුව එහි නාමය 1993 වසරේදී මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් නමින් වෙනස් කොට, එය ජාත්‍යන්තර තරඟකරුවන්ටද විවෘත වූ තරඟයක් ලෙස හඳුන්වාදීමට ඔහු කටයුතු කල අතර, එහි පළමු තරඟය 1993 දී ඔස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් (Gold Coast) හීදී පවත්වනු ලැබිණි.

ඇතුල්වීමේ සුදුසුකම්[සංස්කරණය]

ස්ත්‍රී පුරුෂ භාවය: පුරුෂ
වයස් පරාසය: 18 සිට 30 දක්වා
විවාහක අවිවාහක බව: අවිවාහක විය යුතුයි
උස: අවම වශයෙන් මීටර 1.8 / 5'11"
තිබිය යුතු සාමාර්ථයන්: ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව, නිරූපණ හැකියාව
සැළකිලිමත් වන වෙනත් කරුණු: විශිෂ්ඨ රූපකාය, පෞර්ෂත්වය, හැසිරීම, උද්‍යෝගීත්වය

තරඟය[සංස්කරණය]

තරඟය අදියර දෙකකින් පවත්වනු ලබන අතර, මූලික වටය සහ අවසන් වටය එම අදියර ද්විත්වය වේ. පළමු වටයේදී තරඟකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන, දේශීය විලාසිතාව, නාන ඇඳුම, සැඳෑ ඇඳුම, සහ නවීන විලාසිතාව යන අංගයන් සඳහා ලකුණු ලබා දීම සිදු කෙරේ. ඉන් වැඩිම ලකුණු හිමිකරගන්නා තරඟකරුවන් අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.

ප්‍රධාන මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තනතුරට අමතරව, වෙනත් අතිරේක කුසලතාවයන් වෙනුවෙන්ද තරඟකරුවන්ට මෙහිදී සම්මාන පිරිනැමීම සිදුවෙයි. හොඳම දේශීය විලාසිතාව, හොඳම නිරූපණය, හොඳම ඡායාකාන්ත තරුණයා (Mister Photogenic), සුහදශීලීම තරුණයා, හොඳම පෞර්ෂත්වය හිමි තරුණයා, විශිෂ්ඨතම දේහය සහිත තරුණයා, සහ ජනප්‍රියම තරුණයා (අන්තර්ජාලය හරහා වැඩිම මනාප හිමිකරගන්නා තරුණයා), යන අංශ සඳහා මෙලෙස සම්මාන පිරිනැමීම සිදුකරනු ලබයි. මීට අමතරව 2005 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟයේදී, එක් එක් මහද්වීපයෙන් ඉදිරිපත් වූ හොඳම තරඟකරුවන් සඳහා වෙනමම සම්මාන පිරිනැමීමක් සිදුවිණි. එසේම 2007 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟයේ පටන්, ජනප්‍රියම තරුණයා සම්මානය හිමිකර ගන්නා තරඟකරුවාට, නිතරඟයෙන් අවසන් වටයට පිවිසීමේ හැකියාව ලබා දුනි.

ජයග්‍රාහකයින්[සංස්කරණය]

1996, 2003, 2004, 2009, 2013 සහ 2014 යන වසර වලදී තරඟය නොපැවැත්විණි.

වසර මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් රට පැවැත්වූ ස්ථානය
2015 බෙයිජිං, චීනය
2012 June Macasaet  පිලිපීනය බැංකොක්, තායිලන්තය
2011 Chen Jiang Feng  චීන මහජන සමූහාණ්ඩුව සෝල්, දකුණු කොරියාව
2010 Peter Meňky  ස්ලොවැකියාව Taichung, තායිවානය
2008 Abdelmoumen El Maghraouy  මොරොක්කෝව සෝල්, දකුණු කොරියාව
2007 Jeffrey Zheng Yu Guang  චීන මහජන සමූහාණ්ඩුව Gangwon, දකුණු කොරියාව
2006 Jaime Augusto Mayol  ඇමරිකානු එක්සත් ජනපද Jinjiang, චීනය
2005 Tolgahan Sayisman  තුර්කිය බූසෑන්, දකුණු කොරියාව
2002 Fabrice Wattez  ප්‍රංශය ෂැංහයි, චීනය
2001 Rajeev Singh[1]  ඉන්දියාව බෙයිජිං, චීනය
2000 Brett Wilso  ඕස්ට්‍රේලියාව සිංගප්පෝර් සිටි, සිංගප්පූරුව
1999 Ernesto Calzadilla  වෙනිසියුලාව මැනිලා, පිලිපීනය
1998 Peter Eriksen  ස්වීඩනය ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව
1997 Jason Erceg  නවසීලන්තය සිංගප්පෝර් සිටි, සිංගප්පූරුව
1995 Albe Geldenhuys  දකුණු අප්‍රිකාව සිංගප්පෝර් සිටි, සිංගප්පූරුව
1994 Nikos Papadakis  ග්‍රීසිය ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව
1993 Thomas Sasse  ජර්මනිය ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව[සංස්කරණය]

වාර සංඛ්‍යාව රට ජයගත් වසර
2  චීන මහජන සමූහාණ්ඩුව 2007, 2011
1  පිලිපීනය 2012
 ස්ලොවැකියාව 2010
 මොරොක්කෝව 2008
 ඇමරිකානු එක්සත් ජනපද 2006
 තුර්කිය 2005
 ප්‍රංශය 2002
 ඉන්දියාව 2001
 ඕස්ට්‍රේලියාව 2000
 වෙනිසියුලාව 1999
 ස්වීඩනය 1998
 නවසීලන්තය 1997
 දකුණු අප්‍රිකාව 1995
 ග්‍රීසිය 1994
 ජර්මනිය 1993

හොඳම තරඟකාරී රටවල්[සංස්කරණය]

ස්ථානය රට මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් පූර්ව වටයට එකතුව
1  චීන මහජන සමූහාණ්ඩුව 2 1 1 1 0 5 10
2  ඉන්දියාව 1 2 0 0 3 5 11
3  ස්වීඩනය 1 2 0 0 0 3 6
4  වෙනිසියුලාව 1 1 1 1 1 6 11
5  තුර්කිය 1 1 1 1 0 3 7
6  ඕස්ට්‍රේලියාව 1 1 0 1 0 4 7
7  ජර්මනිය 1 1 0 0 0 1 3
8  ඇමරිකානු එක්සත් ජනපද 1 0 3 1 0 3 8
9  පිලිපීනය 1 0 1 1 0 3 6
10  ග්‍රීසිය 1 0 1 0 0 3 5
11  දකුණු අප්‍රිකාව 1 0 0 0 1 3 5
12  ස්ලොවැකියාව 1 0 0 0 1 0 2
13  ප්‍රංශය 1 0 0 0 0 2 3
14  මොරොක්කෝව 1 0 0 0 0 0 1
 නවසීලන්තය

එක් එක් කලාපීය ජයග්‍රාහකයින් සංඛ්‍යාව[සංස්කරණය]

කලාපය සංඛ්‍යාව එක් එක් රටවල ජයග්‍රාහකයින්
යුරෝපය
6
ජර්මනිය, ග්‍රීසිය, ස්වීඩනය, ප්‍රංශය, ස්ලෝවේකියා ජනරජය සහ තුර්කිය (1).
ආසියාව
4
චීනය (2), ඉන්දියාව සහ පිලිපීනය (1).
අප්‍රිකාව
2
දකුණු අප්‍රිකාව සහ මොරොක්කෝව (1).
අමෙරිකාව
2
වෙනිසුවෙලාව සහ එක්සත් ජනපදය (1).
ඕෂනියාව
2
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය (1).

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]