මැල්කම් රංජිත් හිමිපාණෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
අති උතුම් 
මැල්කම් රංජිත්
කොළඹ අග රදගුරු කාදිනල් තුමා
පළාත කොළඹ
රද ගුරු පදවිය කොළඹ
පාරිදර්ශක ප්‍රදේශය කොළඹ, ශ්‍රී ලංකාව
පත් කලේ 16 ජූනි 2009
Enthroned
  • 5 අගෝස්තු 2009
  • (වර්ෂ &0000000000000002.0000002, දින &0000000000000295.000000295)
පූර්වප්‍රාප්තිකයා ඔස්වල්ඩ් ගෝමිස්
වෙනත් තනතුරු Cardinal-Priest of S. Lorenzo in Lucina
Orders
ප්‍රවජ්‍යාව 29 ජූනි 1975
by සයවන පාවුළු පාප් වහන්සේ
අභිෂේකය 17 ජූනි 1991
by නිකලස් මාකස් ප්‍රනාන්දු
කාදිනල් පදවිය ලැබුම 20 නොවැම්බර් 2010
පෙළ කාදිනල්-පූජාප්‍රසාදින් වහන්සේ
පෞද්ගලික තොරතුරු
උපතේදී නම ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්
උපත 15 නොවැම්බර් 1947 (1947-11-15) (වයස 64)
පොල්ගහවෙල, ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
නිකාය රෝමානු කතෝලික
දෙමව්පියන් දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා
පූර්ව තනතුර

සාමාන්‍යයෙන් මැල්කම් රංජිත් හෝ ඇල්බට් මැල්කම් රංජිත් ලෙසින්ද හැඳින්වෙන, ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන් (උපත 15 නොවැම්බර 1947), යනු නිල බලයෙන් ශ්‍රී ලංකාව තුල රෝමානු කතෝලික සභාවෙහි අග්‍රධරයා වෙයි. එතුමාණන්වහන්සේ දැනට කාදිනල් පදවියට-තෝරාගෙන ඇත්තාවූ කොළඹ අග රදගුරු වහන්සේ වන අතර එබැවින්ම ශ්‍රී ලංකාවේ කොළඹ පලාතෙහි පුරවර අග රදගුරු වහන්සේද වෙති.

අග රදගුරු රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) ද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) ද, ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005) ද, සහ ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.

[සංස්කරණය] දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය

මැල්කම් රංජිත් හිමිපාණන්, පොල්ගහවෙලදී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. 1956 දී බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ මෝදර ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා මහනුවර ජාතික දේවධර්මශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්