මැක්ස් වෙබර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මැක්ස් වෙබර් | |
|---|---|
ජර්මානු ජාතික සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි. |
|
| උපත | 21 අප්‍රේල් 1864 Erfurt, Prussian Saxony |
| මියගියේ | 14 ජුනි 1920 (වයස 56) Munich, Bavaria |
කාල් එමිල් මැක්සිමිලියන් වෙබර් ( 1864 අප්‍රේල් 21 – 1920 ජූනි ) යනු ජර්මානු ජාතික, නිලධාරීවාදය මුල් කොටගත් පාලන ක්‍රම පිළිබඳව ලොවට කියා දුන් සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි.
වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්‍රමයේ ගතිගුණ:
- නිශ්චිත අයුරින් අර්ථකථනය කරන ලද ධූරාවලිය (Hierarchy). මුළු පරිපාලන ව්‍යුහයේම ඇති සියළු තනතුරු දරනන්හට පහලින් ඇති අයවළුන් සුපරික්ෂාකාරීව පාලනය කල හැකි ව්‍යුහයක් පවත්වාගෙන යාම.
- විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වශයෙන් පුද්ගලයින් යෙදවීම.
- එක් එක් කාර්ය්‍යයන් සඳහා වෙනම නීති හා රෙගුලාසි පැනවීම.
- පුද්ගල සබඳතාවලින් බැහැරවීම. මෙය ඉක්මන් හා තාර්කික තීරණ ගැනීමේදී වැදගත් වේ.
- උසස්වීම්, වැඩ පැවරීම් ආදී දේ සඳහා තීරණ ගැනීමේදී හැකියාව පමණක් සැළකීම.
- සෑම කාර්ය්‍යක් උදෙසාම වෙන වෙනම ලිපිගොනු පවත්වාගෙන යාම.