මැක්පේන්ට්

විකිපීඩියා වෙතින්
මැක්පේන්ට්
ඇපල් - මැක්පේන්ට්හි එක් විකාශකයෙක්
සංවර්ධක(යෝ)ඇපල් පරිගණක, ක්ලැරිස්
ප්‍රථම නිකුතුව1984
ස්ථායි නිකුතුව
2.0 / 1988
මෙහෙයුම් පද්ධතියSystem 1,2,3,4,5
System 6
System 7
වර්ගයබිට්මැප් මත පදනම් වූ පින්තුර සංස්කරණය
බලපත්‍රයහිමිකාර

මැක්පේන්ට් යනු ඇපල් පරිගණක සමාගම මඟින් සැකසූ, 1984 ජනවාරි 22වන දින ප්‍රථම මැකින්ටොෂ් පුද්ගලික පරිගණකය සමඟ මුදා හැරුනු, bitmap මත පදනම් වූ ග්‍රැෆික් සිතුවම් කිරීමේ මෘදුකාංගයකි. එය වෙනමම එහි වචන පිරිසැකසුම(Word Processor) වන මැක්රයිට්[1] සමඟ ඇමෙරිකානු ඩොලර් 195කට අලෙවි කරන ලදී. වෙනත් උපයෝගීතාවයන්හී(Applications) පාවිච්චි කල හැකි ග්‍රැෆික්ස් නිර්මාණය කිරීමේ හැකියාව නිසා මැක්පේන්ට් ප්‍රසිද්ධත්වයට පත්වුණි. මූසිකය, clipboard සහ QuickDraw පින්තූර භාෂාව යොදා ගනිමින් MacPaint මඟින් පින්තූරය ඉවත් කර ගෙන(cut) MacWrite ලිපිවල ඇලවීමට(paste) හැකි වුණි. [2] එසේම උපයෝගීතා ජාත්‍යන්තරනීකරණයට ඉඩ දෙමින් MacPaint මඟින් පින්තූර ඉවත් කර(cut) ResEdit හරහා ඕනෑම උපයෝගීතාවයක(application) resource fork තුළට ඇලවීමට(paste) හැකි වුණි.

ඇපල්හී ප්‍රථම මැකින්ටොෂ් සංවර්ධන කණ්ඩායමෙහි සාමාජිකයෙකු වූ බිල් ඇට්කින්සන් විසින් මැක්පේන්ට්හි මුල් පිටපත නිර්මාණය කර ඇත.[3] මැක්පේන්ට්හි පෙර නිමවුම් සංස්කරණ(versions) MacSketch ලෙස හැඳින්වූ අතර, මේ සඳහා මුල් හේතුව වූ LisaSketchහි නමින් කොටසක් තවමත් මෙම මෘදුකාංගයේ නමෙහි පවතී.[4] එය පසුව 1987දී Claris නම් ඇපල් පරිගණක සමාගමේ උපකාරක මෘදුකාංග සමාගමක් මඟින් වැඩ් දියුණු කරන ලදී. 1988දී මුදා හැරුණු MacPaint 2.0 වන අදියර එහි අවසාන අදියර විය. විකුණුම් අඩු වීම හේතු කොට ගෙන 1998දී Claris විසින් මෙය නවත්වා දමන ලදී.[5]

සංවර්ධනය[සංස්කරණය]

ඇපල්හී ප්‍රථම මැකින්ටොෂ් සංවර්ධන කණ්ඩායමෙහි සාමාජිකයෙකු වූ බිල් ඇට්කින්සන් විසින් මැක්පේන්ට් කේතනගත(write) කරන ලදී.[3] මැක්පේන්ට් මුල් පිටපතේ පැස්කල් පරිගණක කේත පේළි 5804ක්, තවත් ඇසෙම්බ්ලි භාෂාවේ පේළි 2738ක් එකතු කිරීමෙන් විස්තාරණය කරන ලදී.[6] මැකින්ටොෂ් කණ්ඩායමෙහිත් සාමාජිකයෙකු වූ සුසෑන් කැරේ විසින් මැක්පේන්ට් පරිශීලක අතුරු මුහුණත නිර්මාණය කළාය.[7] එමෙන්ම මැක්පේන්ට් නිකුත් කිරීමට ප්‍රථම එහි බීටා පරීක්ෂණය කරනු ලැබුවේත් ඇය විසින්ම ය.[7]

මැක්පේන්ට්හි තිරය හරහා රූප සහ හැඩතල ඇදගෙන යාමේදී ඒවා සෙලවීම වැළැක්වීමට එහි offscreen memory buffer 2ක් යොදා ගැනේ.[8] මින් එක් බෆරයක ලේඛනයේ පවතින පික්සෙල් අඩංගු වූ අතර, අනෙකෙහි එහි පෙර තත්වයේ ඇති විට තිබූ පික්සෙල් අඩංගු වුණි.[8] මෘදුකාංගයේ පියවර අහෝසි කිරීමේ(undo) ලක්ෂණයේ පදනම ලෙස දෙවෙනි බෆරය යොද ගැනුණි.[8] 1983දී මෙම මෘදුකාංගයේ නම වූ මැක්ස්කෙච් මැක්පේන්ට් ලෙස වෙනස් කරන ලදී.[9] මැක්පේන්ට්වල මුල් පිටපත නිර්මාණය කලේ තනි ලේඛන අතුරු මුහුණතක්(single-document interface) ආකාරයටය. ලේඛන කවුළුවේ(document window) මෙන් සිත්තර පුවරුවේද(palette) පිහිටීම සහ ප්‍රමාණය වෙනස් කිරීමට හැකියාවක් නොතිබිණි. එකල පැවති අනෙකුත් මැකින්ටොෂ් මෘදුකාංගවලින් මැක්පේන්ට් වෙනස් විය. මීට හේතු වූයේ එම මෘදුකාංගවල කවුළු එහා මෙහා ගෙන යාමට සහ කවුළුවල ප්‍රමාණය වෙනස් කිරීමට පරිශීලකයාට නිදහස ලබා දී තිබූ බැවිනි

මැක්පේන්ට් හි මුල් පිටපතේ විශාලනය(zoom) කිරීමේ ක්‍රියාව අන්තර්ගත කර නොතිබුණි. ඒ වෙනුවට එහි ෆැට්බිට්ස්(FatBits) නම් වූ විශේෂ විශාලනය කිරීමේ ආකාරයක්(magnification mode) යොදා ගෙන තිබුණි. ෆැට්බිට්ස් මඟින් සෑම පික්සෙල් එකක්ම සුදු දාරයක් සහිත ක්ලික් කළ හැකි සෘජුකෝණාස්‍රයක් ලෙසට පෙන්වන ලදී. බොහෝ අනාගත සංස්කාරකවරුන් හට ෆැට්බිට්ස්වල සංස්කරණය කිරීමේ ආකාරය සම්මතයක් ලෙසට පිහිටු වන්නට විය.[10] ෆැට්බිට්ස් මෙවලම අන්තර්ගත වූ "ගුඩීස්" (Goodies) ලේඛනයක්(menu) මැක්පේන්ට් හි අඩංගු වුණි. පෙරනිකුත් වූ සංස්කරණවල මෙම ලේඛනය "ඒඩ්ස්"(Aids) ලෙස හැඳින්වූ නමුත් 1983 ගිම්හාන කාලයේ ඒඩ්ස්(AIDS) නැමැති වසන්ගත රෝගය පිළිබඳ මහජනයාගේ දැනුමත්කම වර්ධනය වීම නිසාවෙන් මෙහි නම "ගුඩීස්" ලෙස වෙනස් කරන ලදී.[11]

නිකුත් කිරීම[සංස්කරණය]

1983 දෙසැම්බර් මාසයේ දී මැකින්ටොෂ් 128k පරිගණකය පිළිබඳ පූර්ව නිවේදනයෙන් පසුව පිටු 18ක අත් පත්‍රිකාවක් මඟින් මැක්පේන්ට් මෘදුකාංගය ගැන ප්‍රථම වරට ප්‍රචාරය කරන ලදී.[12] 1984 ජනවාරි 24වන දින මැක්පේන්ට් සහ මැක්රයිට් යන උපයෝගිතා දෙක සමඟ මැකින්ටොෂ් පරිගණකය නිකුත් කළහ. මැතිවරණයෙන් පසු 1984 නොවැම්බර් මාසයේදී එළි දැක්වූ නිව්ස්වීක් සඟරාවේ විශේෂ නිකුතුවේ වෙළඳ ප්‍රචාරක පිටු 39ක් තිබූ අතර එම පිටු සියල්ලම ඇපල් පරිගණක සමාඟම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කටත් වඩා වැඩි මුදලක් ගෙවා මිලදී ගන්නා ලදී. නිව්ස්වීක් ප්‍රචාරක දැන්වීමේ බොහෝ පිටුවල අන්තර්ගත වූයේ මැක්රයිට් සහ මැක්පේන්ට් එකට ක්‍රියා කරන අයුරු පිළිබඳ විස්තරයි.[13] මෙය එළි දැක්වීමෙන් පසුව නිව්යෝක් ටයිම්ස් හි විචාරකයෙකු විසින් සටහන් කලේ පුද්ගලික පරිගණකයක් භාවිතයෙන් ග්‍රැෆික් සම්බන්ධයෙන් කළ හැකි දේ බොහොමයකට මැක්පේන්ට් අවස්ථා විවර කරන බවය. ඔහු තවදුරටත් පැවසූයේ එය පුද්ගලික පරිගණක් සමඟ පිරිනමන එම වර්ගයේ ඕනෑම දෙයකට වඩා හොඳ බවය.[2] 1986දී මැකින්ටොෂ් ප්ල්ස් හ්ඳුන්වා දෙන තුරු සෑම නව මැකින්ටොෂ් පරිගණකයක් සමඟ දිගටම නොමිලයේ මැක්පේන්ට් මෘදුකාංගය ලබා දෙන ලදී. පසුව තෙවන පාර්ශවයේ මෘදුකාංග නිර්මාණකරුවන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් එනම් ඔවුන්ගේ නිෂ්පාදනවලට තරඟ වැදීමට නොහැකි වීම හේතුවෙන් මෙය වෙනමම විකුණන ලදී

පසුකාලීන සංස්කරණ[සංස්කරණය]

ගොනුව:MacPaint 2.0 screenshot.png
MacPaint 2.0

1988 ජනවාරි 11 වන දින ක්ලැරිස් විසින් මැක්පේන්ට් 2.0 නිකුත් කළේය.[14] මෙයට නොයෙක් දියුණු කරන ලද හැකියාවන් ඇතුළත් කරන ලදී. ඒවා අතර එකවර ලේඛන 9ක් විවෘත කර ඒවා භාවිතා කිරීමේ හැකියාව ද අන්තර්ගත වුණි.[15] මැක්පේන්ට් හි මුල් පිටපත එහා මෙහා ගෙන යා නොහැකි තනි ලේඛන උපයෝගීතාවයක් ලෙසට ක්‍රියා කළේය. 8 x 10" ප්‍රමාණයක් දක්වා විශාල කළ හැකි සම්පූර්ණ ක්‍රියාකාරීත්වය සහිත ලේඛන කවුළුවක් හඳුන්වා දීම නිසා මෙම සීමාවන් මැක්පේන්ට් 2.0න් ඉවත් වී ගියේය.[15] විශාලනය කිරිමේ මෙවලම, පියවර අහෝසි කිරීම සහ ලේඛන සඳහා වූ මකා දැමීමේ මෙවලම වැනි වෙනත් විව්ධ ලක්ෂණද මෙයට හඳුන්වා දෙන ලදී.[15] ක්ලැරිස් හි සේවය කළ ඩේවිඩ් රැම්සේ(David Ramsey) නම් මෘදුකාංග නිර්මාණකරුවා විසින් මැක්පේන්ට් 2.0 නිර්මාණය කරන ලදී.[16] මැක්පේන්ට් 2.0 ඇමරිකානු ඩොලර් 125කට විකිණූ අතර එවකට සිටි මැක්පේන්ට් පරිශීලකයින්ට ඇමරිකානු ඩොලර් 25කට මැක්පේන්ට් අළුත් කිරීමේ සංස්කරණයක් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දුන්හ.[15] 1989දී ක්ලැරිස් විසින් මැක්පේන්ට් සඳහා ලබා දුන් තාක්ෂණික සහය නතර කළේය.[15] පසුව 1998දී ක්ලැරිස් විසින් විකුණුම් පහළ යාම හේතුවෙන් මැක්පේන්ට් අලෙවිය නවත්වන ලදී.[5]

මූලාශ්‍ර කේත නිකුත් කිරීම[සංස්කරණය]

මැක්පේන්ට් 1.3හි මූලාශ්‍ර කේත (ඇසෙම්බ්ලි සහ පැස්කල් සංයෝජනයෙන් ලියන ලද) කුවික්ඩ්‍රෝ හි (බිට්මැප් ග්‍රැෆික්ස් ඇඳීම සඳහා වූ පුස්තකාලයක්(library)) මූලාශ්‍ර කේත සමඟ පරිගණක ඉතිහාස කෞතුකාගාරයේ(Computer History Museum)[17] පවතී.

බලපෑම[සංස්කරණය]

මැක්පේන්ට් වෙනත් සමගම්වලට වෙනත් වේදිකාවන්(platforms) සඳහා ඒ හා සමාන නිපැයුම් කිරීමට අනුබලයක් විය.[18] ඇපල් II සඳහා නිපැයූ ඇමරිකානු ඩොලර් 50ක් මිලැති බ්‍රොඩර්බන්ඩ්ගේ ඩැසල් ඩ්‍රෝ මේවායින් සමහරකි.[19] IBM PC සඳහා මවුස් සිස්ටම් සමාගම විසින් PC පේන්ට් නිකුත් කළ අතර එහි මිල ඇමරිකානු ඩොලර් 100ක් විය.[19] IBM විසින් IBM PCjr පරිගණකය සඳහා ඇමරිකානු ඩොලර් 100කට කලර් පේන්ට් යනුවෙන් ඔවුන්ගේ සිතුවම් කිරීමේ පැකේජයක් නිකුත් කළේය.[19]

සංස්කරණ ඉතිහාසය[සංස්කරණය]

සංස්කරණය නිකුත් වූ දිනය නිකුතුව පිළිබඳ තොරතුරු
1.0 1984 ජනවාරි 24 පද්ධති මෘදුකාංග 1.0 සමඟ ප්‍රථම නිකුතුව[20]
1.3 1984 මැයි[21] පද්ධති මෘදුකාංග 1.1 සමඟ නිකුත් කරන ලදී.[22]
1.4 1984 සැප්තැම්බර් මැකින්ටොෂ් 512k සමඟ නිකුත් කරන ලදී.
1.5 1985 අප්‍රේල් පද්ධති මෘදුකාංග 2.0 සමඟ නිකුත් කරන ලදී.
2.0 1988 ජනවාරි[23] අවසාන නිකුතුව

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Young, J.S (1984). "MacPaint: The Electronic Easel". Macworld. pp. 50–61.
  2. 2.0 2.1 .Sandberg-Diment, Erik (January 31, 1984). "Software for the Macintosh: Plenty on the way". New York Times.
  3. 3.0 3.1 Elmer-DeWitt, Philip (December 3, 1984). "Let us now praise famous hackers: a new view of some much maligned electronic pioneers". Time. p. 76.
  4. Hertzfeld, Andy (2005). Revolution in the Valley. O'Reilly. pp. 153–155. ISBN 0596007191.
  5. 5.0 5.1 Walsh, Jeff (November 24, 1997). "Claris puts old Mac applications out to pasture". InfoWorld. p. 35.
  6. Hertzfeld (2005), p. 174
  7. 7.0 7.1 McGeever, C (September 10, 1984). "Q&A: Susan Kare: 'I Never Planned to Be a Guiding Force in the Macintosh Design'". InfoWorld. p. 64.
  8. 8.0 8.1 8.2 Hertzfeld (2005), p. 171
  9. Hertzfeld (2005), p. 172
  10. Hertzfeld (2005), p. 147
  11. Hertzfeld (2005), pp. 155-156
  12. "Apple Macintosh 18 Page Brochure". DigiBarn Computer Museum. සම්ප්‍රවේශය 2006-04-24.
  13. "1984 Newsweek Macintosh ads". GUIdebook, Newsweek. සම්ප්‍රවේශය 2006-04-24.
  14. "Apple Computer unit introduces enhanced versions of MacDraw, MacProject, MacWrite and MacPaint". Reuters. January 11, 1988.
  15. 15.0 15.1 15.2 15.3 15.4 Martinez, Carlos Domingo (July 1988). "MacPaint (Software Review)". MacUser. p. 103.
  16. "Apple fires key programmer". Newsbytes. July 4, 1989.
  17. "MacPaint and QuickDraw Source Code". Computer History Museum. July 20, 2010.
  18. Bartimo, J (October 8, 1984). "Programs Paint a Rosy Picture". InfoWorld. pp. 38–39.
  19. 19.0 19.1 19.2 Elmer-Dewitt, Philip (March 18, 1985). "The New Breeds of Software". Time. සම්ප්‍රවේශය 2008-04-26. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  20. Apple's new MacIntosh: specs
  21. "Macintosh MacPaint: Fill". Apple Inc. March 9, 1998. සම්ප්‍රවේශය 2008-04-26.
  22. Mac Finder..etc.. upgrade available FREE
  23. MacExpo: Bursting at the seams

බාහිර ඇමුණුම්[සංස්කරණය]

සැකිල්ල:Apple software

"https://si.wikipedia.org/w/index.php?title=මැක්පේන්ට්&oldid=592927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි