මාස්ට්‍රිච්ට් ගිවිසුම

විකිපීඩියා වෙතින්

මාස්ටි‍්‍රච්ට් ගිවිසුම ( පෙරදී යුරෝපියානු සංගමය පිළිබඳ ගිවිසුම) 1992 පෙබරවාරි 7 වන දිනදී නෙදර්ලන්තයේ මාස්ටි‍්‍රච්ට්හිදී යුරෝපියානු ප්‍රජාවේ සාමාජිකයන් විසින් අක්සන් තබන ලදී. [1][2] 1991 දෙසැම්බර් 9-10 දිනයන්හීදී, මෙම නගරයම, ගිවිසුම කෙටුම්පත් කල යුරෝපියානු කවුන්සිලය සඳහා සත්කාරකත්වය සැපයීය. [3] ඩෙලෝර් කොමිසම පැවතියදී, 1993 නොවැම්බර් 1 දිනදී එය බලාත්මක වීමත් හා සමගම, [4] එය විසින් යුරෝපියානු සංගමය තැනුනු අතර තනි යුරෝපියානු ව්‍යවහාර මුදල, යුරෝ තැනීමට පාදක විය. [5] ඇම්ස්ටර්ඩෑම්, නිස් සහ ලිස්බන් යන ගිවිසුම් මගින් මාස්ට්‍රිච්ට් ගිවිසුම සංශෝධනය කර ඇත. මෙයද බලන්න යුරෝපියානු සංගමයේ ගිවිසුම්.

අන්තර්ගතය[සංස්කරණය]

මෙම ගිවිසුමට අදාළ වෙනම ප්‍රොටකොලයක් මගින් යූරෝ හඳුන්වා දුන් අතර, යුරෝපා සංගමයේ බලකණු තුනක් නම් කොට තිබේ. ( යුරෝපා ප‍්‍රජාව, පොදු විදේශ හා ආරක්ෂක ප‍්‍රතිපත්තිය, යුක්තිය හා අභ්‍යන්තර කටයුතු* මින් දෙවැන්න යුරෝපා දේශපාලන සහයෝගිතා සංගමය පදනම් කරගෙන ගොඩ නැඟුුවක් වන අතර, ගිවිසුම හරහා එය පුළුල් විය. තුන්වැන්න නීතිය ක‍්‍රියාත්මක කිරීම, අපරාධ යුක්ති විනිශ්චය, සිවිල් අධිකරණ කටයුතු, සරණාගතයින් හා සංක‍්‍රමණය පිළිබඳ ව අදාළ වේ. යුරෝපා ප‍්‍රජාව අදාළ වන්නේ ආර්ථික, සාමාජීක හා වෙළඳ කරුණු පිළිබඳ ව ය. යුරෝපා කොමිසම හා යුරෝපා යුක්ති අධිකරණය සාමාජීක රාජ්‍ය විසින් පත්කරනු ලැබුව ද, ඒවායින් ස්වාධීනව ක‍්‍රියාත්මක වේ. යුරෝපා පාර්ලිමේන්තුව පත් කරනු ලබන්නේ සාමාජික රාජ්‍යවල ජනතාව විසිනි. 1980 දශකයේ මැද භාගයෙන් පසුව බොහෝ තීරණ ගන්නා ලද්දේ අමාත්‍ය කවුන්සිලයේ බහුතර ඡුන්දයෙනි. (71% ක් පමණ* මෙම ක‍්‍රමය ප‍්‍රජා ක‍්‍රමය, නොඑසේනම් උත්තරජාතිකවාදය :ීමචැරබ්එසදබ්කසිප* ලෙස හඳුන්වයි. එනම්, සාමාජිකයින්ට ඡුන්දය ඉක්මවා ගිය තීරණ ගැනීමේ බලයක් හිමි වීමයි.

යුරෝපා ප‍්‍රජාව තුළ විදේශ ප‍්‍රතිපත්ති, හමුදා හා අපරාධ කටයුතු පිළිබඳ හැකියාවන් අඩංගු කිරීම අත්‍යවශ්‍ය කරුණක් විය. එහෙත් බොහෝ රාජ්‍ය තර්ක කළේ එම බලතල රාජ්‍යයන්ට තනිව හිමිවිය යුතු බවයි. එනම්, අන්තර් ආණ්ඩු ක‍්‍රමයක් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු බවයි. තවත් සමහර රටවල් තර්ක කළේ එමගින් යුරෝපා කොමිසම, යුරෝපා යුක්ති අධිකරණය හා යුරෝපා පාර්ලිමේන්තුව යන ආයතනවල බලතල අඩු විය හැකි බවයි. ඒ අනුව, යුරෝපා ප‍්‍රජාවට හිමි වූයේ ආර්ථිකය පිළිබඳ කටයුතු ය. මාස්ටි‍්‍රච්ට් ගිවිසුම මගින් ඔම්බුඞ්ස්මන් ධූරයක් ද ඇති කර තිබේ.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "1990-1999". ද හිස්ට්‍රි ඔෆ් දි යුරපියන් යූනියන්- 1990-1999. යුරෝපා. සම්ප්‍රවේශය 1 සැප්තැම්බර් 2011.
  2. europa.eu: "Summaries of Treaties: Treaty of Maastricht on European Union"
  3. "1991". දි ඊයූ ඇට් අ ග්ලාන්ස් - ද හිස්ට්‍රි ඔෆ් දි යුරපියන් යූනියන්. යුරෝපා. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2010.
  4. "1993". දි ඊයූ ඇට් අ ග්ලාන්ස් - ද හිස්ට්‍රි ඔෆ් දි යුරපියන් යූනියන්. යුරෝපා. සම්ප්‍රවේශය 9 අප්‍රේල් 2010.
  5. ට්‍රීටි ඔෆ් මාස්ට්‍රිච්ට් (7 පෙබරවාරි 1992)