මාල්හොස් (බා අතොළුව)
මාල්හොස් | |
---|---|
දූපත ගැන සාරාංශය | |
අයිතිව ඇත්තේ | බා අතොළුව |
ජනගහණය | 545 |
දිග | 7650මී |
පළල | 500මී |
මාලේ සිට දුර | 114.67කිමී |
- අනෙකුත් දූපත් සඳහා මාල්හොස් බලන්න
මාල්හොස් (දිවෙලි: މާޅޮސް) යනු "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, දකුණු මාල්හොස්මදුලු අතොළුවේ ජනාවාසී දූපත් අතුරින් එකකි.
මානව විද්‍යාව[සංස්කරණය]
වසරකට වරක් වෙනස්වූ ලිං හතක ස්නානය කිරීමේ සම්ප්රදායයක් මෙම දූපතේ පවතියි (හායි වල්හුන් ෆෙන් වෙරුන්). මෙය බොහෝවිට පෞරාණික ද්‍රවිඩ සම්ප්රදායයක් විය හැක. ඔවුන් අපවිත්‍ර යැයි හැඟුනු විට වෙනස් වැව් හතක ස්නානය කිරීමේ චාරිත්‍රයක් කේරල කෘෂිකාර්මික කුලයක් වන පුලායා හෝ චෙරුමන් නමැති කුලයේ ජනයා අතරද පවතියි. ඊඩ් උත්සව සමයෙහිදී පුරුෂ අරක්කැමියන් (ෆිරිහෙනුන් කෙකුන්) විසින් රාත්‍රි ආහාර පිළිපෙල කොට කාන්තාවන් සඳහා ආහාර සපයන අතර කාන්තා අරක්කැමියන් (අන්හෙනුන් කෙකුන්) විසින් ආහාර පිළියෙල කොට දූපතේ සියළු පිරිමින්ට රාත්‍රි ආහාර සැපයෙයි. මාල්හොස් හී ජනයා විසින් කෙරෙන වනාන්තර පෙළපාලිය යනු යුද්ධ හමුදා විසින් කෙරෙන පෙළපාලි වල විකරණයකි.
ඉතිහාසය[සංස්කරණය]
මාල්හොස් හි ආගම ලෙස පැවතියේ බුද්ධාගම බව ඓතිහාසික පර්යේෂණ සිදු කල පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. හසන් ඉබ්රාහිම් (ආවෙලි) විසින් පලුදුවූ බුදු පිලිම හිසක් පැරණි සොහොන් පිටියකින් සොයා ගෙන ඇත.
ආශ්රිත[සංස්කරණය]
- සේවියර් රොමේරෝ-ෆ්‍රියාස්, ද මෝල්ඩිව් අයිලන්ඩර්ස්, අ ස්ටඩි ඔෆ් ද පොපියුලර් කල්චර් ඔෆ් ඇන් ඒන්ෂන්ට් ඕෂව් කිංඩම්. බාර්සිලෝනා 1999, ISBN 84 7254 801 5
- ඊ. තර්ස්ටන්, ‘කාස්ට්ස් ඇන්ඩ් ට්‍රයිබ්ස් ඔෆ් සවුත් ඉන්ඩියා’, වෙළුම. 2.
ඛණ්ඩාංක: 05°08′06″N 73°06′30″E / 5.13500°N 73.10833°E