මානව සම්පත්
Wikipedia වෙතින්
මානව සම්පත් (Human Resources)
- This article is about human resources, as it applies to business, labor, and economies.
පටුන |
[සංස්කරණය] Human resources in political economy and social sciences
[සංස්කරණය] Human resource development in relation to recruitment and selection
ශිෂ්ඨාචාරයටත් සමාජයටත් ශ‍්‍රම ශ්‍රේණි දායකත්වයක් දක්වන නිර්මාණාත්මක සමාජමය හැසිරීම් රටාවක් ඇති සත්ත්වයින් වීම නිසාත් මානවයින් වෙළඳ ද්‍රව්‍ය හෝ සම්පත් ලෙස සැලකිය නොහැකි බව නූතන විශ්ලේෂණය පැහැදිලි කරයි. මානව ප‍්‍රාග්ධනය යනුවෙන් යෙදෙන පුළුල් වැකිය මෙම සංකීර්ණතාවය යම්තාක් දුරකට අඩංගුවීමට පරිනාමය වී ඇති අතර සූක්ෂම ආර්ථික විද්‍යාවේ සමාගමට නිශ්චිත ප‍්‍රාග්ධනය යන්න මානව සම්පත් යන වැකියේ අදහස නියෝජනය වීමට පරිවර්තනය වී ඇත.
මානව සම්පත්වල කේන්ද්‍රගත භූමිකාව පැහැදිලි කරන එසේත් නැතිනම් ආයතන සහ සමාජවල මානව ප‍්‍රාග්ධනය, මානව සම්පත් හා සමාජවාදී පක්ෂවල සාම්ප‍්‍රදායික චරිතය වේ. ඔවුනි විසින් අගය ප‍්‍රාථමිකව නිර්මාණය වී ඇත්තේ ඔවුන්ගේ ක‍්‍රියාවන් තුළිනි. ඒ අනුව ලාභවලින් වඩා විශාල කොටසක් ඉල්ලූම් කිරීම එසේත් නැතිනම් සමාජවලින් සහ ආයතනවලින් වඩා සහනකාරී තත්වයක් ඉල්ලූම් කිරීම සාධාරනීකරණය කරනු ලැබේ. විචාරකයින් පවසන අන්දමට මෙය ගණුදෙනු ක‍්‍රමයේ උපක‍්‍රමයක් යැයි පවසන අතර මධ්‍ය යුගයේ යුරෝපීය සංවිධානවල විවිධ පරිචයන් අතරින් මතුවූ උපක‍්‍රමයක් යයි පවසමින් එය නූතන වෘත්තීය සමිති බවටත්, එක් රැස්ව ගණුදෙනු කිරීමේ ඒකකයක් බවටත් පත්වී ඇතැයි පවසයි. මීට වෙනස් දර්ශනයක් වන ධනවාදී පක්ෂවලට පොදු අදහසක් වන්නේ එය ව්‍යුහගත ප‍්‍රාග්ධනයේ කොටසක් ලෙසය. ඔවුන් එය බුද්ධිමය ප‍්‍රාග්ධනය ලෙස ද හඳුන්වා දෙන අතර කළමනාකරණය මගින් සංවිධානය වන සහ කළමනාකරණයට හිමිවන බවත් එමගින් මූල්‍යමය ප‍්‍රාග්ධනය අනුව වැඩිම අගයක් දෙන දෙය වේ. මෙය ද ඉල්ලීම් කිරීමට තරම් තත්ත්වයක් සාධාරනීකරණය කරයි. තවද පොදු දර්ශනයක් වන්නේ ”මානව සම්පත්” එකිනෙකා අතර මාරු කිරීමට හැකිය යන්නයි.
1994 දී නැවත සංශෝධනය කිරීමේ අයි එස් ඕ 9000 ප‍්‍රමිතිගත කිරීමට මෙම දෙවනි කරුණ පිළිබඳව එකඟතාවයකට පැමිණියේය. එයින් අදහස් කරනු ලැබුවේ නිෂ්පාදන ආයතනයක සෑම සහභාගිකරුවෙකුටම රැකියා විස්තරයක් හෙවත් කි‍්‍රයාකාරකම්වල විස්තරයක් අවශ්‍යවන බවයි. වසර 2000 දී අයි එස් ඕ 9001 වශයෙන් සංශෝධනයට ලක්කිරීමේදී ඊට වෙනස්ව අවශය වූයේ කි‍්‍රයාවලිය හඳුනාගැනීමත් එහි පිළිවෙලත්, අන්තර්කී‍්‍රය සහ වගකීම් සහ බලඅධිකාරිය නිර්වචනය කිරීමත්, එය සන්නිවේදනයට ලක් කිරීමත්ය. සාමාන්‍යයෙන් විශාල වශයෙන් වෘත්තීය සමිතිකරණයකට ලක්වුණු රටවල් වන ප‍්‍රංශය සහ ජර්මනිය එවැනි රැුකියා විස්තර විශේෂයෙන්ම වෘත්තීය සමිති තුළ සංශෝධන සමග ඵිළිගෙන ඇති අතර දිරිගන්වා ඇත. මෙම ප‍්‍රවනතාවයේ එක් දැක්මක් වන්නේ ශක්තිමත් සමාජ සම්මතයක් දේශපාලන ආර්ථිකය තුළ හොඳ සමාජ සුභසාධන ක‍්‍රමවේදයක් මගින් ශ‍්‍රම සංචලනයට පහසුවීමක් වන අතර එමගින් මුල් ආර්ථිකයම වඩාත් ඵලදායී එකක් කිරීමයි. ඊට හේතුව වන්නේ ශ‍්‍රමයට සංවාද රහිතව වෙනස්වීමේ අපහසුතා අවම වශයෙන් තබාගෙන එක් ආයතනයකින් තවත් ආයතනයකට මාරුවීමට ඉඩ ලැබෙන බවයි. ශ‍්‍රම සංචලනය පිළිබඳව වැදගත් සංවාදයක් තිබේ. එයින් නිරූපණය කරන්නේ මානව සම්පත් යන වැකිය භාවිතයත් සමග පුළුල් දර්ශනාත්මක ගැටළුය. සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍යයන් බොහෝ විට සංවර්ධනය වූ රටවල් දකින්නේ සංක‍්‍රමණිකයින් ආකර්ශනය කරගැනීම එම රටට නීත්‍යානුකූලව හිමි ශිෂ්ඨාචාරය වර්ධනය කිරීමට අවශ්‍ය මානව ප‍්‍රාග්ධනය සූරාකෑමක් ලෙසය. ඔවුන්ගේ තර්කය වනනේ මෙම යටත්විජිතවාදී වෙළඳ ද්‍රව්‍ය ලබාගැනීම සාධාරණ යැයි දකින, සනාථ කිරීමට සමාන යටත්විජිතවාදී යුරෝපීය බලයකට අභිමතේ මිලක් ස්වභාවික සම්පත්වලට නියම කිරීමෙන් එම යටත්විජිතයේ ධනය සූරාකෑමට හා සමානවය. ස්වභාවික ප‍්‍රාග්ධනය සහ ස්වභාවික සම්පත් පිළිබඳව තිබෙන සංවාදයට මානව සම්පත් සහ මානව ප‍්‍රාග්ධනය අතර සංවාදය බොහෝ ආකාරයෙන් සමාන වේ. කාලයත් සමග එක්සත් ජාතීන් සංවර්ධනය වෙමින් පවතින රටවල දර්ශනය යම්තාක් දුරකට පිළිගන්නා අතර මානව ප‍්‍රාග්ධනය අහිමිවෙමින් පවතින සංවර්ධනය වෙමින් පවත්නා රටකට සුදුසු ආකාරයේ විදේශීය ආධාර තුළින් ඔවුන්ට නැවත එම ක්ෂේත‍්‍රවලත්, වෘත්තීන්වලත්, කලාවන් තුළදීත් පුහුණු කිරීමේ හැකියාව අහිමි කිරීමට ලබාදිය යුතුයි යනුවෙනි.
මෙම දර්ශනයේ අන්තවාදී පිටපතක් ලෙස අප‍්‍රිකානු වහල් යුගයේදී සිදුවූ අසමානතා වර්තමාන සංවර්ධනය වූ රටවලින් වන්දි ලෙස ලබාදිය යුතු බව පැවසීමය. මෙම රටවල් සොරාගත් මානව සම්පත්වලින් ඔවුන් සංවර්ධිතව සිටි අවස්ථාවක වාසි ලබාගැනීම ඊට හේතුවයි. මෙය දැඩි සංවාදයට ලක්වන තත්ත්වයකි. නමුත් එමගින් පෙන්වන්නේ මානව ප‍්‍රාග්ධනය සාමාන්‍ය තේමාවක් යටතේ මානව සම්පත් බවට පත්වීමයි. එමගින් සත්කාර සමාජයේ අගය විශාල වශයෙන් අඩුවීමක් එනම් අප‍්‍රිකාව සහ ශ‍්‍රමය එය භාවිතා කරන සමාජයේ පටුකම පෙන්වීමත්ය.
එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා පසුගිය දශකයේදී වාර්තාවන් ගණනාවක්ම සංවිධානයේ සාමාන්‍ය රැස්වීම්වලදී ඉදිරිපත් කර තිබේ. උදාහරණයකට -ඒ -56-162 2001 පුළුල් විෂයන් ගණනාවක් තුළින් මානවයන්ගේ උපාය දක්ෂභාවය සංවර්ධනය කිරීමට පිවිසුම් මාර්ගයක් පෙන්නුම් කරදී තිබේ. එය සමාජ ආර්ථිකමය සංවර්ධනයටත්, විශේෂයෙන් දිළිඳුකම තුරන් කිරීමේ උපක‍්‍රම අතර ඉහළ පෙලේ අවශ්‍යතාවයක් ලෙසත් පෙන්වා දී තිබේ. මෙයින් ඉල්ලූම් කරන්නේ අධ්‍යාපන, සෞඛ්‍යය සහ රැුකියා ක්ෂේත‍්‍රවල සමෝධානිත උපක‍්‍රම මගින් වෘත්තිමය නිපුණත්වය, දැනුම සහ කාර්යඵලය වැඩිදියුණු කිරීමත් ප‍්‍රවර්ධනය කිරීමත් ය. වැඩපලේ විවිධත්වය තුළින් අපට සිතාගත හැකි ගෝලීය පාරිභෝජික පදනමේ විවිධත්වය අනුව කැපීපෙනෙන ආකර්ෂණයක් සමාගමක් තුළ මානව සම්පත් පටු සන්දර්භයක් පවතින නිර්වචන තුලද ඒ අනුව අවශ්‍යතාවයක් පෙන්වීම අතර ඇද ගැනීමක් ද තිබේ. විදේශ භාෂාවක් සහ සංස්කෘතියක්, නිපුණතා, නිර්මාණ ශක්තියක් ඇති බුද්ධිය, හාස්‍යය සහ සංවේදීව සවන්දීම මෙවැනි වැඩපිළිවෙලට විශේෂයෙන් අවශ්‍යවන මානව ලක්ෂණ වේ. මෙමගින් දැකිය හැක්කේ වැඩ යන්නට වඩා යමක් නිෂ්පාදන ආයතනයක් තුළට මානවයන් විසින් ලබාදීමත් එය පිළිගැනීමත්ය. ඔවුන් ඔවුන්ගේ චරිත සහ ආචාරධර්ම, ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියා සහ සමාජමය බැඳීම් සහ සමහර අවස්ථාවලදී ඔවුන්ගේ සුරතලූන් සහ ළමයින් ද වැඩපලට කැඳවීම නිසා සේවා ස්ථානයේ චරිතය ද වෙනස්වීම්වලට ලක්වේ. මෙම කි‍්‍රයාවලියේ හඩගැන්වීම සංස්ථාමය සංස්කෘතිය ලෙස විස්තර කෙරේ. සම්ප‍්‍රදායී නමුත් ඉතා පටු සේවා වියුක්තිය සහ රැකියා විස්තරය යන පටු සන්දර්භය අද දකින්නේ 20 වන ශතවර්ෂයේ විකෘතිකයක් ලෙසය. බොහෝ නූතන ගෝලීය ආර්ථිකයේ තරඟ කරන සංස්ථා සංවිධාන ඉහත විස්තර වුනු සම්මතය පරාවර්තනය කරන මානව ප‍්‍රාග්ධනය පිළිබඳ දර්ශනයක් යොදාගෙන ඇත. මෙයින් සමහරක් මානව සම්පත් යන වැකියේ අගය අනුව ප‍්‍රයෝජනවත් නොවේ.
මානව ප‍්‍රාග්ධනය යනුවෙන් හඳුන්වා දෙන දෙය අනාවැකි පල කිරීමට හැකි එක් සන්දර්භයක් තුළ හෝ තවත් එකක සූරාකෑමට ලක්වේ. එය තවමත් කුලී ශ‍්‍රමය, මහා පරිමාණ කෘෂිකර්මය සහ අඩු හැකියාවන් අවශ්‍ය සේවා කර්මාන්තවල, හමුදාවල සහ වෙනත් පැහැදිලි රැකියා විස්තර නැති වෙනත් රැුකියාවල යෙදේ. එමගින් නිර්මාණාත්මක හෝ සමාජමය දායකත්වයක් එම රැුකියාවන් මගින් ඉල්ලූම් නොකෙරේ. සාමාන්‍ය වශයෙන් ගතකල සාර්ව ආර්ථිකයන්වල කල්පනා මාත‍්‍රය මේ ආකාරයට යැයි සලකන අතර එය මගින් චරිතගත නොවන්නේ විවිධත්වයත්, විශේෂ හැකියාවනුත් නියෝජනය වන යාන්ත‍්‍රණයක් නොමැති වීමයි. එම නිසා ආයතනයක නිශ්චිත මානව ප‍්‍රාග්ධනයෙහි එක් පරිවර්තනයක් වන්නේ සාර්ව ආර්ථිකවල නිර්වචනය වන ආකාරයට එය නූතන සහ නිවැරදි මානව සම්පත් යන්නෙහි නිර්වචනය ලෙසයි. ඕනෑම නූතන දේශපාලන ආර්ථික න්‍යායක් තුළ මානව සම්පත්වලින් විස්තර කෙරෙන දායකත්වය නියෝජනය කිරීමට මෙය ප‍්‍රමාණවත් නොවේ.
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/Human_resources#Human_resources
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."