මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
මහා බ්‍රිතාන්‍ය රාජධානියෙහි පාර්ලිමේන්තුව
Coat of arms or logo
වර්ගය
වර්ගය
ද්විමණ්ඩල
මන්ත්‍රී මණ්ඩලසාමි මන්ත්‍රී මණ්ඩලය
මහජන මන්ත්‍රී මණ්ඩලය
ඉතිහාසය
සංස්ථාපනය1 මැයි 1707
විසුරුවාහැරීම31 දෙසැම්බර් 1800
පූර්ව ප්‍රපාප්තියඑංගලන්තයේ පාර්ලිමේන්තුව
ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව
අනු ප්‍රාප්තියඑක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව
නායකත්වය
මැතිවරණ
මහරජ විසින් කුලීනතාව පිරිනැමීම හෝ වංශ පෙළැන්තිය වෙතින්
සීමිත ඡන්ද බලය සමග එක් වටයකදී ජයග්‍රාහකයා තේරීම
රැස්වන ස්ථානය
Westminster 16C.jpg
වෙස්ට්මිනිස්ටර් මාළිගය, වෙස්මිනිස්ටර්, ලන්ඩනය
Footnotes
මෙයද බලන්න:
අයර්ලන්තයේ පාර්ලිමේන්තුව


1707 වසරෙහිදී, එංගලන්තයේ පාර්ලිමේන්තුව සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව යන ආයතන දෙකම විසින් එක්සත් වීමේ පණත අපරානුමත කිරීමෙන් පසුව, මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව සංස්ථාපනය කෙරිණි. මෙම පණත් විසින්, නව එක්සත් මහා බ්‍රිතාන්‍ය රාජධානිය තැනුනු අතර ලන්ඩන් නගරය අසබඩ වෙස්ට්මිනිස්ටර් මාළිගයෙහි, එංගලන්ත පාර්ලිමේන්තුව මුලින් පැවති ස්ථානයෙහි තනි පාර්ලිමේන්තුවක් පිහිටුවනු හැකි වන පරිදී, වෙන්ව පැවති එංගලන්ත සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තු විසුරුවා හරින ලදි. එක්සත් වීමේ පණත 1800 විසින්, 1801 ජනවාරි 1 දින සිට බලපවත්වන පරිදී, තනි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ස්ථාපනය කරමින්, වෙන්ව පැවති බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත පාර්ලිමේන්තු ඒකාබද්ධ කරන තෙක්, ශත වර්ෂයකට කිට්ටු කාල සීමාවක් මෙම පාර්ලිමේන්තුව පැවතියේය.

සම්භවය[සංස්කරණය]

1706 වසරෙහි එක්සත් වීමේ සම්මුතියට අනතුරුව, එම සම්මුතිය අපරානුමත කරමින්, එංගලන්තයේ පාර්ලිමේන්තුව සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව යන ආයතන දෙකෙහිම, එක්සත් වීමේ පණත සම්මත වීමෙන් පසුව, නව මහා බ්‍රිතාන්‍ය රාජධානිය තැනිණි.[1][2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. යුනයිටිං ද කිංඩම්? nationalarchives.gov.uk, සම්ප්‍රවේශය 18 ජනවාරි 2011
  2. මේකිං දි ඇක්ට් ඔෆ් යූනියන් 1707 scottish.parliament.uk, සම්ප්‍රවේශය 18 ජනවාරි 2011


මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
එංගලන්තයේ පාර්ලිමේන්තුව
1215 පමණ–1707
ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව
1235 පමණ–1707
මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව
1707–1800
අනුප්‍රාප්තිකයා 
මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධායේ පාර්ලිමේන්තුව
1801–1927
මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව
1927–වර්තමානය