මහා ඇලෙක්සැන්ඩ' රජ
| මහා ඇලෙක්සැන්ඩර් | |
|---|---|
| Basileus of Macedon | |
| [[File: |
|
| Alexander fighting the Persian king Darius III. From Alexander Mosaic, Naples National Archaeological Museum | |
| රාජ්‍ය කාලය | 336–323 BC |
| පූර්වප්‍රාප්තිකයා | Philip II of Macedon |
| Alexander IV of Macedon Philip III of Macedon |
|
| දරුවන් | |
| Alexander IV of Macedon | |
| සම්පූර්ණ නම | |
| Alexander III of Macedon | |
| පියා | Philip II of Macedon |
| මව | Olympias of Epirus |
මහා ඇලෙක්සැන්ඩර්, 3 වැනි ඇලෙක්සැන්ඩර් ලෙසද හැඳින්වේ. මැසිඩෝනියාව පාලනය කළ පුරාණ ග්‍රීක රජෙකි. ඔහු යුද්ධයේ දී අනභිභවනීය මෙන්ම අති සාර්ථක රණ ශූර සෙන්පතියෙකුලෙස ඉතිහාසගත වී ඇත. ඔහුගේ මරණය සිදුවන විට පුරාණ ග්‍රීසීය විසින් හඳුනාගැනුණු ලෝකයේ අති විශාල ප්‍රදේශයක් ඔහු යටත් කර ගෙන සිටියේය.
ඔහුගේ පියා වූ මැසිඩෝනියාවේ II පිලිප් රජුගේ මරණයෙන් පසු ඇලෙක්සැන්ඩර් මැසිඩෝනීයාවේ රජු බවට පත් විය. II පිලිප් රජු ග්‍රීසීය සතු ප්‍රධාන භූමියේ තිබූ නාගරික රාජ්‍යයන් (League of Corinth) මැසිඩෝනියන් පාලනය යටතේ ඵක්සත් කළේය. ඔහු දකුණු ග්‍රීක නගර රාජ්‍යයන්හි ඇතිවූ කැරළි මැඩ පවත්වා ඉන් පසු උතුරු මැසිඩෝනියාවේ අසල්වැසි පෙදෙස්වලට දරුණු ආක්‍රමණයක් ඵල්ල කොට ඵම පෙදෙස් ද යටත්කර ගත්තේය. ඵසේ කිරීමෙන් මැසිඩෝනියාවේ බලය තහවුරු කරගත් පසු නැගෙනහිර බලා ගමන් ගත්තේය. ඵහිදී ආකිමෙනිඩ් පර්සියානු අධිරාජ්‍යය යටත් කර ගත්තේය. ඔහු ඇනටෝලීයාව, සිරියාව, ටිනීෂියාව, ජුදේ, ගාසා, ඊජිප්තුව, බැක්ට්‍රියාව සහ මෙසපොතේමියාව යනාදී රටවල් ජයගෙන අවසානයේ ඔහුගේ අධිරාජ්‍යයේ සීමාව ඉන්දියාවේ පන්ජාබය දක්වා පුළුල් කළේය.
ඔහුගේ මරණයට ප්‍රථම සංග්‍රාමිකව හා වාණිජ අංශවලින් ඔහුගේ බලය අරාබි අර්ධද්වීපය දක්වා පුළුල් කිරීමේ සැලසුම් ඔහු සකස් කර තිබුණේය. ඉන් පසුව ඔහු බටහිර දෙසට හමුදාවක් (කාර්තේජ්, රෝමය සහ අයිබීරියන් අර්ධද්වීපය කරා) මෙහෙයවූයේය. ඔහු මුලින් අදහස් කර සිටියේ පෙර දිගට යාමටයි. ඵහෙත් ඔහුගේ ළමා කාලයේ ගුරුවරයා ඵය විස්තර කර තිබුණේ “ලෝකයේ අවසානය දක්වා සහ සයුරෙනුත් ඔබ්බට” ලෙසිනි.
ඇලෙක්සැන්ඩර් තම හමුදාවට විදේශිකයන් ද ඵක් කළේය. සමහර උගත්තු ඔහුට මෙම “මිශ්‍ර කිරීමේ පිළිවෙත” සම්බන්ධයෙන් ප්‍රසංශා කළේය. ඔහු තම සෙබළුන්ට විදේශීය කාන්තාවන් හා විවාහ වීමට දිරි දුන්ණේය. ඔහුද විදේශීය කුමරියන් දෙදෙනකු සරණ කර ගත්තේය.
ඇලෙක්සැන්ඩර් දොළොස් අවුරුද්දක් පුරා කළ අනවරත යුද්ධ ව්‍යපාරයකින් පසුව මිය ගියේය. මරණයට හේතුව මැලේරියාව, වසදීම, උණ සන්නිපාතය, මොළය ඉදිමීම හෝ මත්පැන්වලින් ඇතිවූ අහිතකර තත්වය යනාදී කරුණක් විය හැකිය. ඔහුගේ උරුමයන් හා විජයග්‍රහණවල ප්‍රතිඵල ඔහුගේ මරණයෙන් පසුව ද බොහෝ කාළයක් පැවතුණේය. ග්‍රීක ජනාවස තුළ ශත වර්ෂ ගණනාවක් පුරා පැතිරුණේය. මේවායින් ඇතිවූ සංස්කෘතික බලපෑම දුර බැහැර පෙදෙස්වලට ද බලපෑවේය. මෙම යුගය ‘හෙලනිස්තික යුගය’ යනුවෙන් හැඳින්වෙන අතර එහි ග්‍රීක, මැදපෙරදිග සහ ඉන්දියානු සංස්කෘතික ගුණාංග විදහා දැක්වීය. ඇලෙක්සැන්ඩර් චරිතය ග්‍රීක හා ග්‍රීක නොවන සංස්කෘතීන් තුළ පවා ඵෙතිහාසික මෙන්ම මිත්‍යා කථාවල ද ප්‍රධාන චරිතයක් විය. ඔහුගේ වික්‍රමයන් පරම්පරාගත සාහිත්‍යය ප්‍රබෝධමත් කළේය. ඵ් තුළ ඔහු දර්ශනය වන්නේ ඇචිලස් (පුරාණ ග්‍රීක වීරයෙකි-ඔහුට හානි කිරීමට අපහසුය) සම්ප්‍රදායේ පුරාණ කථාවල ඵන වීරයෙකු ලෙසිනි.
|
මහා ඇලෙක්සැන්ඩ' රජ
Argead dynasty
උපත: 356 BC මරණය: 323 BC |
||
| Preceded by: Philip II |
King of Macedon 336–323 BC |
Succeeded by: Philip III & Alexander IV |
| Preceded by: Darius III |
Great King (Shah) of Persia 330–323 BC |
|
| Pharaoh of Egypt 332–323 BC |
||
| Preceded by: None (new title) |
King of Asia 331–323 BC |
|