මහමෙව්නාව භාවනා අසපුව

From Wikipedia


මහමෙව්නාව භාවනා අසපුව


මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!
විස්තරය සෙනසුන් සංවිධානයකි
අරමුණ ආධ්‍යාත්මික දියුණුව
මූල ස්‍ථානය පොල්ගහවෙල, ශ්‍රී ලංකාව
පිහිටුම ශ්‍රී ලංකාව (ශාඛා 36); ටොරොන්ටෝ, කැනඩාව; නිව් ජර්සි, ඇමෙරිකා එක්සත් ජනපදය; සිඩ්නි, ඕස්ට්‍රේලියාව[වැඩි විස්තර ]
සාමාජිකත්වය බොදු මඟෙහි හැසිරෙන්නන්
ස්ථාපකයා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ස්ථාපිත දිනය 1999 අගෝස්තු 14
වෙබ් අඩවිය http://www.mahamevna.org, http://www.buddhavision.com

මහමෙව්නාව[5] යනු "ක්‍රි.පූ. 500 පමණ උපත ලද සක්‍යමුණි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීම උදෙසා ම පිහිටුවන ලද සෙනසුන් සංවිධානයකි. අපගේ එකම අභිප්‍රාය වන්නේ (අසීමිත විමුක්තිය වන) නිවන් සුව ළඟා කර ගැනීමට අවශ්‍ය ලෙස ඔබේ සිත පිරිසිදු කර ගැනීමට ආධ්‍යාත්මික වශයෙන් සහය වීම යි."[1]

මෙම සංචිතය ශ්‍රී ලංකාව පුරා විසිරුණු (සහ මෑතක දී පිහිටුවනන ලද කැනඩාවේ [6], ඇමෙරිකා එක්සද් ජනපදයේ [7] හා ඕස්ට්‍රේලියාවේ [8] ශාඛා ඇතළුව) භාවනාව සඳහා වන අසපු 40න් පමණ සමන්විත වේ[2].

මහමෙව්නාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන යතිවරයා වන්නේ, බුදු දහමේ එකම ඉලක්කය වන: සියළු දුකින් අත් මිදීම (හෙවත් අමා මහ නිවන) පිළිබඳ සැම විටම අවධාරණය කරමින්, දේශීය මෙන්ම විදේශීය වශයෙන් බුදු දහම තත්‍ය ලෙස පැතිරවීමෙහි නියුතු වී සිටින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ ය.

මහමෙව්නාව පැවිදි පිංකම...

පටුන

[edit] දහමෙහි හැසිරීම

බුදු පිළීමයක්
බුදු පිළීමයක්

බුදු රජාණන්වහන්සේ ගේ ඉගැන්වීම අනුව මිනිස් උපතක් ලැබීම ම ඉතා දුලබ භාග්‍යයකි. බුදු දහම ගැන අසන්නට ද ලැබෙන වාසනාවන්තයින් කළ යුත්තේ අවසන් ඉලක්කය වන නිවන අරමුණු කර සිත දියුණු කර ගැනීමයි.

යමෙකු ට නිවන සාක්‍ෂාත් කර ගත හැක්කේ බුදු දහමට අනුකූලව හැසිරීම්න් අරි අට මග (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) නම් වූ ඒ උතුම් මග සම්පූර්ණ කිරීමෙන් පමණි. ආධ්‍යාත්මික වර්ධනයේ මුල් පියවරවල්: උදා. සෝවාන් (සෝතාපන්න) හා සකෘදාගාමී (සකදාගාමී), එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අතරේ වුව ද ළඟා කර ගත හැක.

දුකින් මිදීම (නිවන සාක්‍ෂාත් කර ගැනීම) උදෙසා මුල් ම පියවර බුදුන් වදාළ ධර්මය දැන ගැනීම යි. බුදු දහම ඉගැන්වීම, සාකච්ඡා කිරීම සහ එහි හැසිරීම සඳහා අනුබල දිම ආදී ලෙස, ඒ අරබයා මහමෙව්නාවෙන් කෙරෙන කාර්ය භාරය වැදගත් ය.

එමෙන්ම, නිවන් මගෙහි කොටසක් ලෙස ම සිහිය (සති) ප්‍රගුණ කිරීම ඇසුරින්, සමාධිය හා ප්‍රඥාව දියුණු කර ගැනීමෙ හි වැදගත් ම කොටස වන භාවනාව වැඩීමට ද මහමෙව්නාවෙන් පහසුකම් සැලසී ඇත.

අවධාරණය කෙරන වැදගත් ම කරුණක් වන්නේ: බුදු දහම හුදෙක් ජීවිතය දුක් සහගත බැව් පැවසීමෙන් නො නැවතී, එයින් මුළුමනින් ම අත් මිදීමේ මාර්ගය ද පෙන්වන බව ය.

දහමෙහි හැසිරෙන්නෙකු ගේ ඉලක්කය: "මෙම ජීවිතයේදීම දුකින් අත්මිදීම"(මහමෙව්නාව බෝධිඥාන සභාව මඟින් හුවා දක්වා ඇති ආකාරය)
දහමෙහි හැසිරෙන්නෙකු ගේ ඉලක්කය: "මෙම ජීවිතයේදීම දුකින් අත්මිදීම"
(මහමෙව්නාව බෝධිඥාන සභාව මඟින් හුවා දක්වා ඇති ආකාරය)


[edit] දහම පැතිරවීම

තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො
තථාගතයන් වහන්සේ විසින් පනවන ලද ශ්‍රී සද්ධර්මයත් විනයත් බබළන්නේ විවර වුන විටය, සැඟවුණ විට නොවේ.

— පටිච්‌ඡන්‌නසුත්‌තං [3]

චරථ, භික්‌ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දෙවමනුස්‌සානං. මා එකෙන ද්‌වෙ අගමිත්‌ථ. දෙසෙථ, භික්‌ඛවෙ, ධම්‌මං ආදිකල්‍යාණං මජ්‌ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‌ථං සබ්‍යඤ්‌ජනං කෙවලපරිපුණ්‌ණං පරිසුද්‌ධං බ්‍රහ්‌මචරියං පකාසෙථ. සන්‌ති සත්‌තා අප්‌පරජක්‌ඛජාතිකා , අස්‌සවනතා ධම්‌මස්‌ස පරිහායන්‌ති, භවිස්‌සන්‌ති ධම්‌මස්‌ස අඤ්‌ඤාතාරො.
පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස ද, බොහෝ දෙනාගේ සැපය පිණිස ද, ලොවට අනුකම්පාවෙන් දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත සුව පිණිස හැසිරෙන්න. එක මග දෙදෙනෙකු නොම යන්න. පින්වත් මහණෙනි, ඇරඹුම කලණ (යහපත්) වූ, මැද කලණ වූ, අවසන ද කලණ වූ මනා අරුත් සහිත, මනා ව්‍යවහාර සහිත, මුළුමනින් ම පිරිපුන් වූ, පිරිසිදු නිවන් මග ම පවසන්න. අල්ප වූ රජස් (කෙලෙස්) ඇති සත්වයෝ සිටිත්; ශ්‍රී සද්ධර්මය ඇසීමට නොලැබුණහොත් ඔවුන් පිරිහී යනු ඇත; සදහම් ඇසුනහොත් ඔවුන් එය අවබොධ කර ගනු ඇත.

— මාරකථා [4]

දහම් සාකච්ඡාවක්, බුද්ධගයාවෙහි (ඉන්දියාවේ)
දහම් සාකච්ඡාවක්, බුද්ධගයාවෙහි (ඉන්දියාවේ)

බුදු රජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ සාමීචිපටිපන්න වෙති. එනම් දුකින් මිදීම උදෙසා ම දහමෙහි හැසිරෙන අතර ම, අන් අය ගැන අනුකම්පාවෙන් ම සද්ධර්මය පතුරවත්. මහමෙව්නාව ඇසුරු කරන ගිහි පැවිදි දෙපිරිසම ඉඩ ලැබෙන සැම විටම මෙලෙස හැසිරෙති.

මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේ ලා දහම් දෙසන්නේ/උගන්වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාළ අන්දමට ය.

යම් භික්‍ෂුවක් රූපය ගැන අවබෝධයෙන්ම කළකිරිම (නිබ්‌බිදාය ) පිණිස ම, එහි නොඇල්ම පිණිස ම (විරාගාය ), එය නිරුද්‍ධ වීම (නිරොධාය ) පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...

යම් භික්‍ෂුවක් විඳීම (වේදනා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් හඳුනා ගැනීම් (සඤ්ඤා) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් චේතනාව තුළ සැකසීම (සංඛාර) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...
යම් භික්‍ෂුවක් (විශේෂ වූ) දැනීම(විඤ්ඤාණ) ගැන අවබෝධයෙන්ම කළකිරිම පිණිස ම, එහි නොඇල්ම පිණිස ම, එය නිරුද්‍ධ වීම පිණිස ම ශ්‍රී සද්ධර්මය දේශනා කරයි නම්, 'ධර්ම කථික භික්‍ෂුවක්' ලෙස හැඳින්විය මනාය...

— ධම්‌මකථිකසුත්‌තං[5]

මහමෙව්නාව සදහම් ප්‍රකාශන [4]
මහමෙව්නාව සදහම් ප්‍රකාශන [4]

එනිසා ජීවිතයේ යථාර්තය හෙළිදරවු කරන, දුකින් මිදීමට නොපමා විය යුතු ආකාරය ම අවධාරණය කරන, බුදු රජුන්ගේ මූලික ඉගැන්වීම මත ම පදනම් වූ (පටිගත කළ) දහම් දේශනා සහ දහම් පොත් පත් මහමෙව්නාව ඇසුරු කරන්නන් අතර සංසරණය වෙනු දැකිය හැක.

ආරම්භක ශ්‍රී ලාංකික පසුබිම නිසා මෙම ප්‍රකාශන බොහොමයක් ඇත්තේ සිංහලයෙ නි; නමුත් Buddha Vision (බුද්ධා විෂන්) [9] වෙබ් අඩවිය ඔස්සේ ඉංග්‍රීසි සංස්කරණ හෙළි දැක්වෙනු දැන් දැකිය හැක.

මහමෙව්නාවේ කැනඩා සහ ඇමරිකා එක්සත් ජනපද ශාඛා මඟින් "අමා සදහම් මණ්ඩපය"[10] නමින් සජීවි සිංහල මාධ්‍ය අන්තර්ජාල (Internet) ධර්ම සාකච්ඡාවක් මෑතක සිට අරඹා ඇත. ලොව පුරා විසිරී සිටින සිංහල බෞද්ධයන් ට සද්ධර්මය පිළිබඳ ඇති සැක දුරු කරගැනීමට එයින් මග සැළසී ඇත.

[edit] යොමුව

  1. නිල වෙබ් අඩවිය - මහමෙව්නාව බොදු සෙනසුනෙහි (පරිවර්තනයකි)
  2. මහමෙව්‍නාව සෙනෙසුන - සිදුවීම්
  3. අඞ්‌ගුත්‌තරනිකායො→අඞ්‌ගුත්‌තරනිකායො→කුසිනාරවග්‌ගො(භාරංඩුවග්ගො)→පටිච්‌ඡන්‌නසුත්‌තං[1]
  4. විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→මාරකථා [2]
  5. සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ධම්‌මකථිකවග්‌ගො→ධම්‌මකථිකසුත්‌තං[3]


[edit] වැඩි දුර කියවීම සඳහා

[edit] අඩවි‌යෙන් බැහැර පිටු

මහමෙව්නාව

ත්‍රිපිටකය

වෙනත්

අදාළ සෙවුම් ප්‍රතිඵල

පුද්ගලික මෙවලම්
වෙනත් භාෂා වලින්