මහජන සෞඛ්‍ය නීතිය

විකිපීඩියා වෙතින්

මහජන සෞඛ්‍යය නීතියේ දී මූලික වශයෙන් අවධානය යොමු වන්නේ මහජන සෞඛ්‍යය කටයුතූ වල දී ඇතිවන නෛතික ගැටළු සහ නෛතික කටයුතූ මහජන සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාරයයි. මහජන සෞඛ්‍යය නීතියේ දී ඊට සම්බන්ධ ප්‍රධාන ක්ෂේත්‍ර 03 ක් ඇත. ඒ පොලිස් බලය, රෝග සහ අනතූරු වැළැක්වීම සහ ජනගහන නීතිය යි.

පොලිස් බලය[සංස්කරණය]

මේ ක්ෂේත්‍රයේ රැකියා සඳහා බඳවා ගනු ලබන්නේ රාජ්‍ය ආයතන මඟිනි. මේ ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් පවතින්නේ ජෛවත්‍රස්තවාදය කෙරෙහිය.මහජන සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් රාජ්‍යය සැලසුම් ආපත්ති සෞඛ්‍ය බල පනත සහ රාජ්‍යය සැලසුම් මහජන සෞඛ්‍යය පනත නිර්මාණය සඳහා දායකත්වය සපයා ඇත.


රෝග සහ අනතූරු වැළැක්වීම[සංස්කරණය]

මහජන සෞඛ්‍යය නීතියට පුළුල් ක්ෂේත්‍රයක් අදාළ වේ. ඊට අදාළ ගැටළු නම් බෝ නොවන රෝග, අනතූරු හා සම්බන්ධ මහජන සෞඛ්‍ය ගැටළු වේ. නීතිඥයින් විසින් මහජන සෞඛ්‍යයේ මෙවලමක් ලෙස ව්‍යවස්ථාවන්, රෙගූලාසි, නඩුකර සහ ජාත්‍යන්තර නීතිය මහජන සෞඛ්‍යය ගැටළු විසඳීම සඳහා යොදා ගනී. මේ සඳහා හොඳම උදාහරණය ලෙස එක්සත් ජනපදයේ දුම්කොල සමාගම්වලට එරෙහිව නඩු පැවරීම සැලකිය හැක.

ජනගහන නීතිය[සංස්කරණය]

මහජන සෞඛ්‍ය නීතියේ සෛද්ධාන්තික පදනම වන්නේ ජනගහනය පදනම් කරගෙන සිදුකරන නෛතික විග්‍රහයයි. ජනගහන නීතිය නීති විද්‍යාවේ වසංගත අධ්‍යනයේ මෙවලම් භාවිතයෙන් නෛතික ගැටළු විග්‍රහ කිරීමට උපකාරී වන නව සෛද්ධාන්තික සැකිල්ලක් වේ. ජනගහනය පදනම් කරගෙන සිදුකරන නෛතික විග්‍රහය සාම්ප්‍රදායිකව මහජන සෞඛ්‍යය ගැටළු සඳහා යොදා ගත හැකිය. පාරිසරික නීතිය, කලාපකරණය, සාක්ෂි නීතිය සංකීර්ණ වූ සිවිල් වැරදි සඳහා ද යොදා ගත හැකිය

"https://si.wikipedia.org/w/index.php?title=මහජන_සෞඛ්‍ය_නීතිය&oldid=471558" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි