මහජන සෞඛ්‍ය නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

මහජන සෞඛ්‍යය නීතියේ දී මූලික වශයෙන් අවධානය යොමු වන්නේ මහජන සෞඛ්‍යය කටයුතූ වල දී ඇතිවන නෛතික ගැටළු සහ නෛතික කටයුතූ මහජන සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාරයයි. මහජන සෞඛ්‍යය නීතියේ දී ඊට සම්බන්ධ ප්‍රධාන ක්ෂේත්‍ර 03 ක් ඇත. ඒ පොලිස් බලය, රෝග සහ අනතූරු වැළැක්වීම සහ ජනගහන නීතිය යි.

පටුන

[සංස්කරණය] පොලිස් බලය

මේ ක්ෂේත්‍රයේ රැකියා සඳහා බඳවා ගනු ලබන්නේ රාජ්‍ය ආයතන මඟිනි. මේ ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් පවතින්නේ ජෛවත්‍රස්තවාදය කෙරෙහිය.මහජන සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් රාජ්‍යය සැලසුම් ආපත්ති සෞඛ්‍ය බල පනත සහ රාජ්‍යය සැලසුම් මහජන සෞඛ්‍යය පනත නිර්මාණය සඳහා දායකත්වය සපයා ඇත.


[සංස්කරණය] රෝග සහ අනතූරු වැළැක්වීම

මහජන සෞඛ්‍යය නීතියට පුළුල් ක්ෂේත්‍රයක් අදාළ වේ. ඊට අදාළ ගැටළු නම් බෝ නොවන රෝග, අනතූරු හා සම්බන්ධ මහජන සෞඛ්‍ය ගැටළු වේ. නීතිඥයින් විසින් මහජන සෞඛ්‍යයේ මෙවලමක් ලෙස ව්‍යවස්ථාවන්, රෙගූලාසි, නඩුකර සහ ජාත්‍යන්තර නීතිය මහජන සෞඛ්‍යය ගැටළු විසඳීම සඳහා යොදා ගනී. මේ සඳහා හොඳම උදාහරණය ලෙස එක්සත් ජනපදයේ දුම්කොල සමාගම්වලට එරෙහිව නඩු පැවරීම සැලකිය හැක.

[සංස්කරණය] ජනගහන නීතිය

මහජන සෞඛ්‍ය නීතියේ සෛද්ධාන්තික පදනම වන්නේ ජනගහනය පදනම් කරගෙන සිදුකරන නෛතික විග්‍රහයයි. ජනගහන නීතිය නීති විද්‍යාවේ වසංගත අධ්‍යනයේ මෙවලම් භාවිතයෙන් නෛතික ගැටළු විග්‍රහ කිරීමට උපකාරී වන නව සෛද්ධාන්තික සැකිල්ලක් වේ. ජනගහනය පදනම් කරගෙන සිදුකරන නෛතික විග්‍රහය සාම්ප්‍රදායිකව මහජන සෞඛ්‍යය ගැටළු සඳහා යොදා ගත හැකිය. පාරිසරික නීතිය, කලාපකරණය, සාක්ෂි නීතිය සංකීර්ණ වූ සිවිල් වැරදි සඳහා ද යොදා ගත හැකිය


[සංස්කරණය] සටහන්

Public health law
"http://si.wikipedia.org/w/index.php?title=මහජන_සෞඛ්‍ය_නීතිය&oldid=176452" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්