මහජන සෞඛ්‍යය

විකිපීඩියා වෙතින්
Delivery of malaria treatment by community health worker in Djénébougou, Mali. October 2013.
COVID-19 vaccination center, fair grounds Cologne, 1st vaccination
Installing E. 80th Street pipeline, Seattle, Washington, USA, 1931
The Addl. Secretary, Ministry of Health and Family Welfare, Shri Keshav Desiraju addressing at the launch of the media campaign of National Tobacco Control Programme, in New Delhi on February 02, 2012. The WHO Representative, Dr. Nata Menabde and other dignitaries are also seen.
මහජන සෞඛ්‍යය හා සබැඳි විවිධ අංග: ඉහළ වම සිට දක්ෂිණාවර්තව: Community health worker in Mali, vaccination example (COVID-19 vaccination in Germany), anti-smoking campaign in India, historical sewer installation photo from the United States.

මහජන සෞඛ්‍යය යනු ප්‍රජාවෙහි සෞඛ්‍ය පිළිබදව ඇති අවධානම් තත්වය කළමණාකාරිත්වය පිළිබදව අධ්‍යයනය කිරීම සහ පුහුණු කිරීම. මෙම ක්ෂේත්‍රය මගින් රෝග සහ ශාරීරික සෞඛ්‍ය පිළිබදව සමාජයෙන් ඇති කරන බලපෑම පිළිබදව විශේෂ අවධානය යොමු කරයි. මෙමගින් එන්නත්කරණය , පානීය ජලය ක්ලෝරිනීකරණය, රථවාහනවල ගමන් කිරීමේ දී ආරක්ෂක පටි පැලදීම සහ දුම්පානයෙන් වැළකීම සදහා නීති ඇති කිරීම වැනි ක්‍රමෝපායන් මගින් සමාජයෙහි සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගැනීම සදහා අවධානය යොමු කරයි.

මහජන සෞඛ්‍යයෙහි ඉලක්කය වනුයේ රෝග සදහා ප්‍රතිකාර කිරීම හා වළක්වා ගැනීම මගින් ජීවිතවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය පිළිබදව සිදුකරන ලද නිර්වචනයකට අනුව සෞඛ්‍ය යනු “පුර්ණ ශාරීරික, මානසික සහ සමාජීය සුවතාවක් ඇති කරන තත්වයක් වන අතර එය රෝගයක් හෝ දුබලතාවයක් නොමැතිකම ම නොවේ.” 1920 දී C.E.A Winslow විස්තර කළ අන්දමට මහජන සෞඛ්‍ය යනු “සමාජයෙහි, සංවිධානවල, පොදු සහ පෞද්ගලික අංශවල, ප්‍රජාවන්හි හා තනි පුද්ගලයන්ගේ සංවිධානාත්මක ශක්තිය සහ තෝරා ගැනීම මගින් රෝග වළක්වා ගැනීමේ , දිර්ඝායුෂ ලබාගැනීමේ සහ සෞඛ්‍ය වැඩි දියුණු කරගැනීමේ විද්‍යාවක් සහ කලාවකි.”

මහජන සෞඛ්‍ය සදහා යොදා ගන්නා ක්‍රියාකාරකම් මිනිසුන් කීපයක් සදහා හෝ සියළුම මානව ජනගහනය සදහා සිදුකළ හැකිය. මහජන සෞඛ්‍ය වසංගතවේදය, ජෛව සංඛ්‍යානය , සෞඛ්‍ය සේවය, අවට පරිසරය, වෘත්තීමය සෞඛ්‍ය සහ සමාජීය හා චර්යාත්මක ලෙසට උපක්ෂේත්‍රයන්වලට‍ මූලික වශයෙන් බෙදා වෙන්කළ හැකිය.

මූලික අරමුණු[සංස්කරණය]

මහජන සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීමේ මූලික අභිප්‍රායන් වනුයේ පරීක්ෂණ සිදුකිරීම මගින් සහ සෞඛ්‍ය පුරුදු වැඩි දියුණු කර ගැනීම මගින් රෝග සඳහා ප්‍රතිකාර කරනවාට වඩා රෝග වළක්වා ගැනීම පිණිස මැදිහත් වීමයි. මෙම කර්තව්‍යයන්ට අමතරව රෝගයක් අනෙකුත් අයට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සදහා එම රෝගය සදහා බොහෝ අවස්ථාවන්හි දී ප්‍රතිකාර ලබාදීම තීරණාත්මක වේ. උදාහරණයක් ලෙස වසංගත රෝග ඇති වූ අවස්ථාවක දී හෝ ආහාර හා පානීය ජලය සපයන මාර්ග අපවිත්‍ර වීම වළක්වා ගැනීමේදී එන්නත්කරණ වැඩ සටහන් සහ උපත් පාලන ක්‍රම බෙදා හැරීම මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම සදහා උදාහරණ‍ වේ.

බොහෝ රටවල ඒවාටම අදාල රජයේ මහජන සෞඛ්‍ය ඒජන්සි පවතී. ගෘහස්ත සෞඛ්‍ය ගැටළු සඳහා වග කියනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය මේ සඳහා නිදසුනකි. ඇමරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය වැඩසටහන් මූලාරම්භ කිරීමට පුරෝගාමි වූයේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි. ඇමරිකා එක්සත් ජනපදයෙහි මහජන සෞඛ්‍ය සේවාව සහ එහි කොටසක් වන ඇට්ලන්ටාවෙහි මූලික මධ්‍යස්ථානය පිහිටි රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය ඒවා මගින් සිදු කරන ජාතික සේවාවන්ට අමතරව ජාත්‍යන්තර වශයෙන් ද ඇතැම් සෞඛ්‍ය ක්‍රියාකාරිත්වයන් සිදුකරනු ලබති.

සංවර්ධිත හා සංවර්නය වෙමින් පවතින ජාතීන් අතර සෞඛ්‍ය සේවාව සහ මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා ප්‍රවේෂ වීම අතර වඩාත් පුළුල් විෂමතාවයන් පවතී. සංවර්ධනය වෙමින් පවතින රටවල මහජන සෞඛ්‍ය පිළිබඳව වූ යටිතල පහසුකම් තවමත් වර්ධනය වෙමින් පවතී. එම රටවල් හි රෝග වළක්වා ගැනීම හා සෞඛ්‍ය සේවය නගාසිටුවීම සදහා මූලික මට්ටමේ පහසුකම් සැපයීම සඳහා පවා ප්‍රමාණවත් තරම් පුහුණු සෞඛ්‍ය සේවකයන් හෝ මූල්‍යමය ප්‍රතිපාදන සපයා නොමැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල ප්‍රමාණයෙන් පවතින රෝග තත්වයන් සහ මරණ අනුපාතය එහි අතිශය දරිද්‍රතාවය සදහා බලපෑම් එල්ල කරනු ලබයි. උදාහරණයක් ලෙස බොහෝ අප්‍රිකානු අ‍ාණ්ඩු මගින් එක් වසරකදී එක් පුද්ගලයෙකු සඳහා සෞඛ්‍ය සේවාවන් ලබාදීම පිණිස ඇමරිකානු ඩොලර් 10 කට වඩා අඩු ප්‍රමාණයක් වැය කරන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජය මගින් වසර 2000 දී එක් පුද්ගලයෙකු වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 4500 ක් වැය කර ඇත.

බොහොමයක් රෝග සරළ වෛද්‍ය විද්‍යාත්මක නොවූ ක්‍රමොපායන් මගින් වළක්වා ගත හැකිය. උදාහරණයක් ලෙස පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ දෑත් සේදීම වැනි සරළ ක්‍රියාකාරකම් මගින් බොහෝමයක් වූ බෝවන රෝග වළක්වා ගත හැකි බවයි.

ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය සංසදය වැනි රාජ්‍ය නොවන සංවිධාන සහ දේශිය සෞඛ්‍ය පද්ධති භාවිතා කරමින් සංවර්ධනය වෙමින් පවතින සහ සංවර්ධනය වූ රටවල්වල රෝග වළක්වා ගැනීම සඳහා කැපීපෙනෙන ප්‍රයත්නයක් මහජන සෞඛ්‍ය වැඩ සටහන් සිදු කරනු ලැබේ.

මහජන සෞඛ්‍ය හා සම්බන්ධ පශ්චාත් උපාධි ක්ෂේත්‍රයන් වනුයේ Master of Public Health (MPH) සහ Doctor of Public Health (DrPH) වැනි ක්ෂේත්‍රයන්ය. බොහෝ මහජන සෞඛ්‍ය පර්යේෂකයන් සඳහා දර්ශනවේදී උපාධි සහිතවන අතර ඇතැම් පුද්ගලයන් හට ඒ වෙනුවට විද්‍යා විශාරද පිළිබඳ ආචාර්ය උපාධි ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මහජන_සෞඛ්‍යය&oldid=632853" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි