මහජන එක්සත් පෙරමුණ‍

විකිපීඩියා වෙතින්
මහජන එක්සත් පෙරමුණ
නායකයාදිනේෂ් ගුණවර්ධන
ආරම්භකපිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා
මහ ලේකම්ඩී. එම්. කරුණාතිලක දිසානායක
ආරම්භය1959
මූලස්ථානය10/4 වැව පාර, මහරගම
ජාතික අනුබැඳියඑක්සත් ජනතා නිදහස් සන්ධානය
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
3 / 225
මැතිවරණ ලාංඡනය
කරත්ත රෝදය
[[{{{country_adj}}} දේශපාලනය]]
[[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]]
[[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]]

මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයකි. වර්තමානයේදී පක්ෂයට නායකත්වය සපයන්නේ පිලිප් ගුණවර්ධනගේ පුත්, දිනේෂ් ගුණවර්ධන විසිනි.

ගුණවර්ධනයන්ගේ පෙර පක්ෂය පදනම් කරගෙන 1959දී පිලිප් ගුණවර්ධන හා පී. එච්. විලියම් සිල්වා විසින් මඑපෙ පිහිටුවා ගන්වා ලද්දේ පූර්වයෙහිවූ මඑපෙ හී ප්‍රතිපත්ති අනුව යමිනි. 1960 මාර්තු මහ මැතිවරණයෙහිදී, මඑපෙ විසින් පාර්ලිමේන්තු ආසන 10 දිනා ගන්නා ලදි. 1960 ගණන් වලදී මෙම කණ්ඩායම ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා එක්වෙමින් එක්සත් වාමාංශික පෙරමුණ පිහිටුවා ගත්හ. 1963, සැප්තැම්බර් 29 දිනදී කම්කරුවන් මිලියනයක් නියෝජනය කළ නියෝජිතයන් 800 විසින් ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ ඉල්ලීම් හා එල්ලයන් ඇතුලත් ඉල්ලීම් 21 අඩංගු අධිකාර පත්‍රයක් අපරානුමත කළහ.[1]

1983දී, මඑපෙ නායක, දිනේෂ් ගුණවර්ධන, මහරගම අතුරු මැතිවරණය සඳහා පොදු අපේක්ෂකයා වූ අතර එය අතිශය බහුතරයකින් දිනා ගනිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි විපක්ෂ මන්ත්‍රීවරුන් 8 දෙනාගෙන් එක් අයෙකු විය.

මඑපෙ 1989දී, නව සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තනිවම තරග වැදුනු අතර පාර්ලිමේන්තු ආසන 225 අතුරින් ආසන තුනක් දිනා ගැනුමට සමත් වූයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාම දිනේෂ් ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාම බන්දුල ගුණවර්ධන සහ ජාතික ලැයිස්තු පාම ලෙස ගීතාංජන ගුණවර්ධන ලෙසිනි.

2000දී , මඑපෙ ජනතා සන්ධානයේ පාර්ශව සාමාජීකයෙක් වූ අතර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාම දිනේෂ් ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාම බන්දුල ගුණවර්ධන සහ ජාතික ලැයිස්තු පාම ලෙසින් සෝමවීර චන්දුසිරි යන අයුරින් නියෝජිතයන් තිදෙනෙක් පාර්ලිමේන්තුව තුල මඑපෙ නියෝජනය කළහ.

මඑපෙ පක්ෂය 2004 අප්‍රේල් 2 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී, ජනප්‍රිය ඡන්දයෙන් 45.6% ක් දිනා ආසන 225 න් 105 දිනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් විය. එක් ජාතික ලැයිස්තු පාම වරයෙකුද ඇතුළුව පාර්ලිමේන්තුවේ මඑපෙ නියෝජිතයන් දෙදෙනෙකු වූහ. නියෝජිතයන් දෙදෙනා නම් නාගරික සංවර්ධන හා පූජනීය ප්‍රදේශ සංවර්ධන ඇමති සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, දිනේෂ් ගුණවර්ධන පාම සහ නිවාස ඇමති, ගීතාංජන ගුණවර්ධන පාම වූහ.

මඑපෙ පක්ෂය 2010 අප්‍රේල් මස පැවැති අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී, පාර්ලිමේන්තු ආසන 225 කින් 143 දිනා 2/3 කිට්ටු බලයක් දිනාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස්කරුවකු විය. වර්තමාන පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු පාම වරයෙකු ඇතුළුව මඑපෙ නියෝජිතයන් තිදෙනෙකු සිටිති. නියෝජිතයන් තිදෙනා නම් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ජලාපවාහන හා ජලසම්පාදන ඇමති සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන පාම, ජාතික ලැයිස්තු පාම නියෝජ්‍ය විදේශ කටයුතු ඇමති ගීතාංජන ගුණවර්ධන සහ දිගාමඩුල්ල (අම්පාර) දිස්ත්‍රික්කය වෙනුවෙන් නීතිඥ ශ්‍රියානි විජේවික්‍රම පාම යන අය වෙති.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහජන_එක්සත්_පෙරමුණ‍&oldid=592841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි