මලයාසියා-ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා වෙතින්
මලයාසියානු – ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of මලයාසියාව and ශ්‍රී ලංකාව

මලයාසියාව

ශ්‍රී ලංකාව

මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ථමාන නිල සම්බන්ධතා ගොඩනැගෙන්නේ 1957 වර්ෂයේ සිටයි. ශ්‍රී ලංකාව තුල මලයාසියානු මහ කොමසාරිස් කාර්යාලය කොළඹ නගරය තුලත්,[1] මලයාසියාව තුල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ක්වාලාලම්පූර් අග නුවරත් පිහිටුවා තිබෙයි.[2]

ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටක් වන මලයාසියාව අතර ඈත ඉතිහාසයේ පටන් සබඳතා පැවැති බවට සමහර මූලාශ්‍ර තොරතුරු හෙලි කරයි.[3] එම කාලයේ දී, මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු සිදුවූ බවට සාධක පවතින්නේ යැයි, 1961 දී ප්‍රකාශයට පත් වූ සෙනරත් පරණවිතාන මහතාගේ "Ceylon and Malaysia" යන ග්‍රන්ථයේ දැක්වෙයි.[3]

මෑත කාලීනව, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නේ 1957 වර්ෂයේ සිටයි.

සංචාර[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1997 වසරේදී මලයාසියාවේ නිල සංචාරයක යෙදුනාය.[4]

ආර්ථික සබඳතා[සංස්කරණය]

ආසියාව තුල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවෙකු ලෙස මලයාසියාව හැඳින්විය හැකිය.[5] 2015 වන විට දෙරට අතර වෙළඳ ගණුදෙණු වල අගය අමෙරිකා ඩොලර් බිලියන 1 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.[6][7] 2011 වසරේදී, මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර අමෙරිකා ඩොලර් මිලියන 814 වෙළඳ ගනුදෙණු ප්‍රමාණයක් සිදුව ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට සිදු කෙරුණු මලයාසියානු අපනයන ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 644 ක් පමණ වේ. එම වසරේ මලයාසියාවට ශ්‍රී ලංකාවෙන් සිදුකල අපනයන වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 169 කි.[8]

මීට අමතරව දෙරට අතර සංචාරක, සංස්කෘතික, ක්‍රීඩා, සංක්‍රමණ සහ මානව සම්පත් සංවර්ධනය කිරීම යන අංශ ඔස්සේ ඒකාබද්ධ කොමිසමක් ක්‍රියාත්මක වෙයි.[9]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Official Website of High Commission of Malaysia, Colombo". Ministry of Foreign Affairs, Malaysia. සම්ප්‍රවේශය 27 January 2014.
  2. "Sri Lanka High Commission, Kuala Lumpur". High Commission of Sri Lanka in Malaysia. සම්ප්‍රවේශය 27 January 2014.
  3. 3.0 3.1 W. M. Sirisena (1 January 1978). Sri Lanka and South-East Asia: Political, Religious and Cultural Relations from A.D. C. 1000 to C. 1500. Brill Archive. pp. 3–. ISBN 90-04-05660-2.
  4. "Sri Lanka - Malaysia Relations". High Commission of Sri Lanka in Malaysia. සම්ප්‍රවේශය 27 January 2014.
  5. "Sri Lanka Major Trade Partners". Bridgat. සම්ප්‍රවේශය 27 January 2014.
  6. "Malaysia has emerged the biggest investor in Sri Lanka". News.lk. 26 June 2012. සම්ප්‍රවේශය 27 January 2014.
  7. "Trade between Sri Lanka and Malaysia to reach US$1 billion by 2015". Asia News Network. 19 July 2013. සම්ප්‍රවේශය 27 January 2014.
  8. "Malaysia -Sri Lanka business Council to be set-up". Sunday Observer. 8 July 2012. සම්ප්‍රවේශය 27 January 2014.
  9. "Sri Lanka - Malaysia bilateral ties strengthened". Ministry of External Affairs Sri Lanka. 23 June 2006. සම්ප්‍රවේශය 27 January 2014.