මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල්

විකිපීඩියා වෙතින්
මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල්
ගොනුව:Microsoft Security Essentials.png
මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල් 2.0 වෙනි අනුවාදය
සංවර්ධක(යෝ)මයික්‍රොසොෆ්ට්
ප්‍රථම නිකුතුව29 සැප්තැම්බර් 2009; වසර 14 කට පෙර (2009-09-29)
ස්ථායි නිකුතුව
2.1.1116.0 / 27 ජුනි 2011; වසර 12 කට පෙර (2011-06-27)[1]
මෙහෙයුම් පද්ධතියවින්ඩෝස් එක්ස්පී සමඟ සේවා ඇහුරුම 2
වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7
පරිගණක වේදිකාවIA-32 සහ x64
SizeIA-32: 7.5 MB
x64: 9.5 MB[1]
Virus Definitions: 64 MB (almost)
NIS definitions: 0.8 MB[2]
ලබාගත හැකි භාෂා ගණනEnglish, Bulgarian, Chinese (Simplified), Chinese (Traditional), Croatian, Czech, Danish, Dutch, Finnish, French, German, Greek, Hungarian, Italian, Japanese, Korean, Norwegian, Polish, Portuguese (Brazilian), Portuguese (Portugal), Romanian, Russian, Swedish, Slovakian, Spanish, Thai, Turkish and Ukrainian
වර්ගයAntivirus and Network intrusion detection system
බලපත්‍රයFreeware[3]
වෙබ් අඩවියmicrosoft.com/security essentials

මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල් (MSE) යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිවයිරස මෘදුකාංගයකි. නිදහස් මෘදුකාංගයක් වන මෙය විවිඬ වර්ගයේ කරදරකාරි මෘදුකාංග, පරිගණක වයිරස,චරපුරුශ මෘදුකාංග සහ ට්‍රොජන් අශ්වයාගෙන් පරිගණකය ආරක්‍ෂා කර දෙයි. මෙය මයික්‍රොසොෆ්ට් ෆොෆර්න්ට් ආරක්‍ෂක නිෂ්පාදනයන්ට වඩා මයික්‍රොසොෆ්ට් සිකුරිට් එසෙන්ශල් පාරිභෝගිකයන් ගේ භාවිතයට හොදින් ගෑලපෙයි.

මයික්‍රොසොෆ්ට් සිකුරිට් එසෙන්ශල් මෘදුකාංගය හට එළි දෑක්වු දින පටන් ධනාත්මක ප්‍රතිචාර රාශියක් ලෑබි තිබේ. 2011 වර්ශයේ සෑප්තෑම්බර් මාසයේ දි උතුරු ඇමෙරිකාවේ වඩාත්ම ජනප්‍රිය ප්‍රතිවයිරස මෘදුකාංගය බවටත් ලෝකයේ දෙවැනියට ජනප්‍රියම ප්‍රතිවයිරස මෘදුකාංගය බවට පත්ව තිබේ.


සංවර්ධනය[සංස්කරණය]

වර්ශ 2005 දි මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිව්යෝර්ක් නුවර පිහිටි ආරක්‍ෂක මෘදුකාංග සමාගමක් වු සයිබ්‍රි සමාගම මිලට ගත් අතර ඉන් පසු මයික්‍රොසොෆ්ට් ෆොෆ්රන්ට් නමින් නව ආරක්‍ෂක නිපැයුම් මාලාවක් සේවා සැපයුම් පරිගණකවෙත ඉදිරිපත් කරන ලදි.ඉන් පසු මයික්‍රොසොෆ්ට් සමාගම නව නිවෙදනයක් නිකුත් කරමින් තමන් පාරිභෝගිකයන් වෙත නිදහස් පරිගණක ආරක්‍ෂක නිෂ්පාදනයක් ලෙසින් මොරො මෘදුකාංගය 2008 නොවැම්බර් 18 වැනිදා නිකුත් කරන ලදි. එකළ භාවිතයෙහි පැවති ප්‍රතිවයිරස වෙළදපොළෙහි පැහැදිලි වෙනසක් ඇති කිරිමට මෙම මෘදුකාංගයට හැකි වු අතර අනෙකුත් සත්කාරක දායකත්වයෙන් පැවති ප්‍රතිවයිරස වෙනුවට මෙය භාවිතා කළ හැකි විය. උදාහරණ ලෙස උපස්ඨ සහ පුද්ගලික ආරක්‍ෂක ෆයර්වෝලය දැක්විය හැක. සියළුම නිර්ව්‍යජ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සදහා මොරො මෘදුකාංගය නිදහස් ලෙස භාවිතා කළ හැකි මුත් ව්‍යාපාරික කටයුතු සදහා ඇති පරිගණක සදහා එම වලංගුභාවය අදාල නොවිනි. මෙමගින් සියළුම වර්ගයේ කරදරකාරි වයිරස වලට එරෙහි ආරක්‍ෂාවක් සැපැයිනි. මයික්‍රොසොෆ්ට් ෆොෆ්රන්ට් ව්සින් ප්‍රඬාන කළමණාකාරී මෙවලම් පරිත්‍යාග කිරිමක් මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල් වෙත සිඳුනොවු අතර එය මයික්‍රොසොෆ්ට් ෆොෆ්රන්ට් තාක්‍ෂණය ද මුලික වු 2005 වර්ශයේ දි මිලට ගත් සයිබ්‍රි සමාගමේ තාක්‍ෂණයෙන් ගොඩනැගිනි.

දෙවැනි සංස්කරණය[සංස්කරණය]

2010 වර්ශයේ මයික්‍රොසොෆ්ට් සමාගම තාක්‍ෂණික පෙරහුරුවක් සදහා මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල් 2.0, 2010 වර්ශයේ දෙසැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් කළහ. මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශල් 2.0 එම තාක්‍ෂණික පෙරහුරුව සමත් වීමට හැකි වු බැවින් සාමාන්‍ය ජනයා වෙත මෘදුකාංගය නිදහස් කෙරින. මෙම නව සංස්කරණයෙන් ජාල පරීක්‍ෂණ පද්දතියක්, ජාලයට බලෙන් ඇතුල් වන්නන් හදුනා ගැනීමේ පද්දතියක් ඇතුලත් වන අතර එය ව්න්ඩෝස් ව්ස්ටා සහ ව්න්ඩෝස් 7 යන මෙහෙයුම් පද්දති සදහා හොදින් ක්‍රියාත්මක වෙයි. මෙම නව සංස්කරණයෙහි අළුතෙන්ම ඇතුලත් වන ප්‍රති-කරදරකාරී උපකරණය මගින්, ස්වයං ගවෙශණයේන් කරදරකාරී මෘදුකාංග හදුනා ගැනිමේ හැකියාව ලබා දෙයි. මෙම දෙවැනි සංස්කරණය ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා සමග සංඝඬනය වී අන්තර්ජාලයෙන් පැම්නෙන තර්ජණයන් ගෙන් භාවිතා කරන්නන් හට ආරක්‍ෂාව ලබා දෙයි.

අනාගතය[සංස්කරණය]

2011 වර්ශයේ සැප්තැම්බර් 13 වැනි දින මයික්‍රොසොෆ්ට් බිල්ඩි සමිමන්ත්‍රණය කැලිෆොනියාවේ ඇන්හෙයිමි හිදී පැවති අතර එහිදි මයික්‍රොසොෆ්ට් විසින් නිවෙදනය කළ ආකාරයට අනාගතයේ දී එකටම සංඝඨිත ප්‍රති-කරදරකාරී ගති ගුණ ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය නිදහස් කරනු ඇත. මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වු ආකාරයට නව ප්‍රතිවයිරස මෘදුකාංගය දුෂිත් ෆ්ලෑෂ් මෙමරි වලින් හානි වීම වැළැක්විමේ හැකියාවෙන් යුක්ත වන අතර එය පරිගණකය ආරම්භ වීමේ ක්‍රියාවලියේ දි සිදු වනු ඇත. 2011 සැප්තැම්බර් 18 දින මයික්‍රොසොෆ්ට් සමාගම විසින් භව්‍ය සහභාගිවන්නන් හට නව සිකුරිටි එසෙන්ශල් සංස්කරණය අත්හදා බැලිමට ආරාධනා කරන ලදී.

ලක්ෂණ[සංස්කරණය]

මයික්‍රොසොෆ්ට් සිකුරිටි එසෙන්ශලය ප්‍රති-වයිරස මෘදුකාංගයක් ලෙස වින්ඩෝස් එක්ස්පී(32 bit) වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7(32 and 64 bit) සදහා භාවිතා කළ හැක.මෙම මෘදුකාංගය මයික්‍රොසොෆ්ට් ෆෝෆරන්ට් මගින් සිය පාරිභෝගිකයන් වෙත ලබා දී තිබු මධ්‍යගත කළමණාකාරී ගතිගුණ වල අඩු පාඩු මග හරිමින් සැළසුම් කළ මෘදුකාංගයකි. මෙමගින් වින්ඩෝස් ලයිව් කෙයාර් වාණිජමය අරමුණු සහිත ප්‍රති-වයිරස සෙවාව සහ පාරිභෝගිකයන් හට කරදරකාරී මෘදුකාංග සහ ස්වයං ක්‍රියාකාරි දැන්වීම් මෘදුකාංග මගින් ආරක්‍ෂාව ලබා දුන් නිදහස් වින්ඩෝස් ඩිෆෙන්ඩර් මෘදුකාංගය ප්‍රතිස්ථාපනය කරන ලද්දෙ ය.

සික්‍යූරිටි එසෙන්ශලය තුළ අනෙකුත් පුද්ගලික පරිගණක ප්‍රති-කරදරකාරී නිශ්පාදන එකතුව ඇතුලත් ෆෝෆ්‍රන්ට් පාරිභෝගික ආරක්ශක පද්දතිය හා වින්ඩෝස් ලයිව් වන්කෙයා සහ වින්ඩෝස් ඩිෆෙන්ඩර් යනාදී සියලුම ආරක්ශක පද්දති තුළ ඇතුලත් සමාන ප්‍රති-කරදරකාරී යන්ත්‍රයකි. සික්‍යූරිටි එසෙන්ශලය ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියට ප්‍රථම මයික්‍රොසොෆ්ට් ලයිව් වන්කෙයා සහ වින්ඩෝස් ඩිෆෙන්ඩර් යනාදී සියලුම ආරක්ශක පද්දති තුළ ඇතුලත් සමාන ප්‍රති-කරදරකාරී යන්ත්‍රයකි. සික්‍යුරිටි එසෙන්ශලය ස්ථාපනය වීමේ ක්‍රියාවලියට ප්‍රථම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් තුළ ස්ථාපිත පිටපත් වල වලංගුතාවය පරීක්ෂා කරනු ලැබේ, සික්‍යූරිටි එසෙන්ශලය මගින් වින්ඩෝස් ඩිෆෙන්ඩර් අඩපන කිරීමක් සිදු කරන අතර ඉන් චරපුරුශ මෘදුකාංග හා ස්වයංක්‍රීය දැන්වීම් මෘදුකාංග වලට එරෙහිව ආරක්ශාවක් ලබාදේ. පෙර පැවති සැකසුම් එලෙසින්ම භාවිතා කිරීමෙන් සම්පීඩිත ලිපිගොනු දිගහැරී ඒවා සුපරික්ශනයට ලක්කරයි. භාගත ලිපිගොනු සහ විද්‍යුත් තැපෑලේ ඇනවුම්ද මෙලෙස පරීක්ශනයට ලක්වේ. මෙහි ඇති වෙනස් වන අනන්‍යතා සේවාව මගින් කරදරකාරී ලිපිගොනු ඒවා විසින්ම යාවත්කාලීන කිරීමට පරීක්ෂා කරනවිට එම මෘදුකාංගයේ සැක සහිත හැසිරීමක් පෙන්නුම් කළහොත් ඒවා දක්ෂ ලෙස හදුනා ගැනීමට උත්සාහ කරයි. සැක සහිත ලිපිගොනුවකට එරෙහි පියවරක් ගැනීමට ප්‍රථම මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය විසින් ඉගියක් පරිහරනය කරන්නාට ලබා දේ. මිනිත්තු 10 තුළ පරිහරකයා විසින් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් හදුනාගත් සැක සහිත කරදරකාරී මෘදුකාංගය පිලිබද ස්ථාපිත ක්‍රියාමාර්ග ගැනීම ඇරබීමෙන් මයික්‍රිසොෆ්ට් සික්‍යූරිටි සෙලෙන්ශලය හට එම මෘදුකාංගය කෙරෙහි ගතයුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීමට ඉඩ ලැබේ. එන මෘදුකාංගය ඉවත් කිරීමට ප්‍රථම නැවත ප්‍රතිස්ථාපනය කළහැකි ලකුණු තබා ගැනීමක්ද සිදුවේ.

මයික්‍රිසොෆ්ට් යාවත්කාල කිරීම් මගින් දවසකට තෙවරක් ප්‍රකාශයට පත් කරන ප්‍රති ව‍යිරස අර්ථ දැක්වීම් ස්වයංක්‍රීයව භාගත කරගැනීමට සෙක්‍යුරිටි එසෙන්ශලය සොයා බැලීම් සිදු කරයි, විකල්පයක් වශයෙන් භාවිතා කරන්නන් හට මෙම යවත්කාලීන කිරීම් තමන් විසින්ම මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි පෝටලය මගින් සිදුකරගත හැක.

බලපත්‍ර ගැනිම[සංස්කරණය]

ගොනුව:Microsoft Security Essentials Genuine Notification.PNG
If the operating system is found to be not genuine, Microsoft Security Essentials will notify the user of the issue, and will cease to operate after a period of time

මයික්‍රොසොෆ්ට් සික්‍යූරිටි එසෙන්ශල් පාරින්හෝගික බලපත්‍ර ගිවිසුමෙන් සාමාන්‍ය භාවිතාකරුවන් හට භාගත කිරීමට, ප්‍රතිස්ථාපනය කිරීමට හා නිවෙස් තුල පරිහරණය කෙරෙන පරිගණක සදහා ඕනෑම වාර ගණනක් භාවිතා කිරීමට අවසර ලබා දෙයි. එනමුත් එම සෑම පරිගණකයක් තුළම නිර්ව්‍යාජ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දතියක් ස්ථාපිතව තිබීම අනිවාර්ය වේ.කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර සදහා මෙම නිෂ්පාදනය පරිගණක 10ක් සදහා ඉඩ ලබා දේ.කෙසේ නමුත් මෙම බලපත්‍රය මගින් මයික්‍රොසොෆ්ට් සික්‍යූරිටි එසෙන්ශල් අධ්‍යාපනික ආයතන,ව්‍යවසාය කටයුතු හා රාජ්‍ය කටයුතු සදහා පරිහරනය වළක්වා ඇත. එමෙන් ම මෙම බලපත්‍රය මගින් පාරිභෝගිකයන් හට නැවත කියවීම,කොටස් වලට වෙන් කිරීම හෝ බෙන්ච්මාර්ක් පරීක්‍ෂණයේ ප්‍රතිථල තුන්වැනි පාර්ශ්වයකට මයික්‍රොසොෆ්ට් සංස්ථාවෙන් ලිඛිත අවසරයකින් තොරව ප්‍රකාශ කිරීම අත්හිටුවා ඇත.[3]

මයික්‍රොසොෆ්ට් සික්‍යූරිටි එසෙන්ශල් මගින් මෙහෙයුම් පද්දතියේ නීත්‍යානුකූල භාවය ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය තුල දී හා පසුව පරීක්‍ෂා කරනු ලැබේ.එහිදී මෙහෙයුම් පද්දතිය ව්‍යාජ එකක් බව සනාථ වුවහොත් පාරිභෝගිකයා ට දන්වන අතර ක්‍රියාකාරීත්වය යම් කාළ සීමාවකට පසුව අත්හිටුවනු ලැබේ.

පිළිගැනීම[සංස්කරණය]

කර්මාන්තයේ ප්‍රතිචාර[සංස්කරණය]

2008 වර්ශයේ නොවැමිබ්‍ර් මස 19 දින මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රසිද්දියේ මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් මොරෝ සංකේත නාමය යටතේ නිවෙදනය ට පත් කිරිමෙන් පසු සිමැන්ටෙක් සහ මැකාෆි වෙළදපොළ කොටස් පිළිවෙලින් 9.44 සහ 6.62 ප්‍රතිශතයකින් පහළ වැටින. මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෘදුකාංග අංශයේ අන්තර්ජාල සේවා නිෂ්පාදන කළමණාකරන මණ්ඩල‍යේ ජේෂ්ඨ අඬ්‍යක්‍ෂක ඇමී බ්‍රිස්ඩුකස් (Amy Brazdukas) ප්‍රකාශයට පත් කළ ආකාරයට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය අනෙකුත් වාණිජමය ප්‍රති-වයිරස මෘදුකාංග සමග සෘජුව තරග වැදිමක් සිදු නොවනු ඇත. ඒ වෙනුවට එය අවඬානය යොමු කර ඇත්තේ සියයට 50 ක් 60 ක් වු ප්‍රති-වයිරස ප්‍රති-කරදරකාරී මෘදුකාංග වලින් ආරක්‍ෂණයක් නොමැති සහ එවැනි ආරක්‍ෂණයක් ලබා ගැනිමට වත්කමක් නොමැති සාමාන්‍ය පුද්ගලික පරිගණක භාවිතා කරන්නන් වෙත ය.

සිමෙන්ටෙක්, මැකාෆි සහ කැස්පර්ස් කී යන තරගකාරී ප්‍රති-ව්යිරස විකුණුම්කරුවන් තිදෙනා මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් තරගකරුවෙක් ලෙස නොසළකා ඇත්තේ ඔවුන් ගේ මෘදුකාංගය තරම් මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් සුදුසු නොවන බව පවසමිනි.සිමෙන්ටෙක් සමාගමෙහි ටොම් පොව්ලෙඩ්ජ් (Tom Powledge) චෝදනා කරන පරිදි වන්කෙයාර් මගින් පිරිනමන උප ප්‍රාමාණික ආරක්‍ෂාව සහ භාවිතා කරන්නන් ගේ අඩු අද්දැකිම් මගින් හැගි යන්නේ ද මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය ද එලෙසම වනු ඇති බව ය. මැකාෆි සමාගමේ අඬ්‍යක්‍ෂක ජොරිස් ඉවර්ස් (Joris Evers) ප්‍රකාශ කරනු ලැබුවේ වන්කෙයාර්හි වෙළදපොළ කොටස 2% ටත් වඩා අඩු බැවින් ඔවුන් හට මෙයින් හැහී යන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම සිය තීරණයන් වෙනස් කොට ඔවුන් ගේ අවධානය සිය මූලික ව්‍යාපාරය කෙරෙහි යොඳවා ඇති බව ය. කැස්පර්ස් කී සමාගමේ ජස්ටින් ප්‍රිස්ට්ලි(Justin Priestly) ප්‍රකාශ කරනු ලැබුවේ මයික්‍රොසොෆ්ට් සමාගම පාරිභෝගික වෙළඳපොළෙහි මෙම ඉතා අඩු වෙළඳපොල කොටස දිගටම පවත්වා ගෙන යනු ලැබුවත්, වන්කෙයාර් තඳින් බැදී ඇති ක්ෂේත්‍රයෙහි වෙනස් වීමක් ඔවුන් අපේක්‍ෂා නොකරනු බවයි.

කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය කෙරෙහි ධනාත්මක දෘෂ්ඨි කෝණයකින් ඒවීජි තාක්‍ෂණායතනය (AVG Technologies) බලනු ලබයි. ඒවීජි තාක්‍ෂණායතනය ප්‍රකාශ කරනු ලැබුවේ ඔවුන් මෙය ප්‍රති-වයිරස භූමි ක්ෂේත්‍රයේ ධනාත්මක පියවරක් ලෙස දකිනු ලබන බවයි. ප්‍රති-වයිරස මෘදුකාංග නිදහස් ලෙස භාවිතා කළ හැකි වීම අයිතියක් ලෙස ඒවීජි සමාගම පසුගිය අට වසරක් මුළුල්ලේ විශ්වාෂ කළ බවයි. එසේ වුවත් මෘදුකාංග නිෂ්පාදයෙහි සහ බෙදා හැරිමේදී එවිජි මගින් ඇති කරන ලද උසස් තත්වය හා සැසදිමෙ දි මයික්‍රොසොෆ්ට් සමාගම හට නිෂ්පාදනය එළිදැක් වු පමණින් සෑහිය නොහැකි බවත් තවදුරටත් කළ යුතු කාර්යයන් බොහෝමයක් තිබෙන බවත් ප්‍රකාශ කරන ලදි.

විරෝධතාවන් තිබියදීත් මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය අගය කරනු ලබන්නේ එය නිදහස් නිෂ්පාදනයක් වන බැවිනි. ඒවීජි තාක්‍ෂණායතනය කරුණු දැක්වු ආකාරය ට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සමග ඒකාබද්ධ වීම තරඟකාරී නීතිය (competitive law) උල්ලංඝණය කිරීමක් වනු ඇත. මැකාෆි සහ සොෆොස් සමාගම් දෙකම සහතික කළ පරිදි මයික්‍රොසොෆ්ට් සමාගම මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය සහ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඒකාබද්ධ කළහොත් නිසැක වශයෙන් ම ප්‍රතිභාරකාර නඩුවක් ගොනු කළ හැක.

2009 වර්ශයේ ජුනි මස 10 වෙනි දා මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කල ආකාරයට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය බීටා සංස්කරණය නුදුරු අනාගතයේදී ම නිදහස් කරනු ලබන බවට නිවේදනය කළත් නිෂ්චිත දිනයක් ප්‍රකාශ කරනු ලැබුවේ නැත.දෙවනුව මයික්‍රොසොෆ්ට් හි කොටස් සියයට 2.1 කින් ඉහළ ගිය අතර සිමෙන්ටෙක් සහ මැකාෆි දෙකෙහිම කොටස් පිළිවෙළින් සියයට 0.5 සහ 1.3 පහත වැටෙන ලදී. FBR ලෝක වෙළදපොලෙහි (FBR Capital Market) විශ්ලේෂක ඩැනියෙල් ලිව්ස් (Daniel Levs) ට අනුව මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය තරඟකාරී වෙළදපොළට නුදුරු අනාගතයේ දී ඇති කරන බලපෑම නොසළකා හැරිය හැකි මුත් දීර්ඝකාලීනව තර්ජණයක් ඇති කරනු ලැබිය හැකි බවයි.

අවසාන වශයෙන් 2009 වර්ශයේ ඔක්තෝබර් මස 2 දා අවාස්ට් මෘදුකාංගයතනය (Avast) විවේචනය කළ ආකාරයට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය දෙස දෙගිඩියාවක් ඇති වි ඇත. අවාස්ට් මෘදුකාංගයතනයෙහි විධායක අඬ්‍යක්‍ෂක වින්සන්ට් ස්ටෙක්ලර් (Vincent Stecler) ප්‍රකාශයට අනුව "MSE රිදී උණ්ඩයක් නොවන නමුත් එය යම් කරදරයකට උරුම කියන නරක ප්‍රතිඵලයක් ද නොවේ" යන්නෙන් පැහැදිළි වෙයි.

විමර්ශණය[සංස්කරණය]

ගොනුව:MSE Threat Alert.png
A pop-up notification stating malware was found.

බීටා සංස්කරණයට සාමාන්‍ය ජනතාවගෙන් ධනාත්මක ප්‍රතිචාර රාශියක් ලැබී තිබේ.අවම සම්පත් භාවිතය, සරළ අතුරුමුහුණත සහ මූල්‍යම කරුණු කාරනා ඉන් ප්‍රධාන තැනක් ගනී. ද වොෂින්ටන් පෝස්ට් (The Washington Post) පුවත්පතෙහි බ්‍රයන් කර්බිස් (Brian Krebs) වාර්ථා කළ ආකාරය ට ක්ෂණික පිරික්සුමට මිනිත්තු 10 ක කාලයක් සහ සමස්ථ පිරික්සුමට මිනිත්තු 45 ක පමණ කාළයක් වින්ඬොස් 7 මෙහෙයුම් පද්දතිය ස්ථාපිත මෘදුකාංගය ගනු ලබයි.

ආස් ටෙක්නිකා (Ars Technica) ධනාත්මක විචාරයක් කරමින් සංවිධානාත්මක අතුරුමුහුණත,අවම සම්පත් භාවිතය සහ නිදහස් මෘදුකාංගයක් ලෙස පැවතිම අගය කර තිබෙයි.

PC වර්ල්ඩ් හදුනාගත් ආකාරයට පැහැදිලි අඩු කිරීම් සහ පැහැදිලිව සැළසුම් කරන ලද අතුරුමුහුණත් වලින් යුක්ත වෙයි. ප්‍රධාන තීරුවෙහි මුදුනෙහි පැහැදිලිව ආරක්‍ෂක තත්වය පෙන්වා ඇත. අනෙකුත් තීරු තුනෙන් භාවිතා කරන්නන් හට තමන් විසින් ම මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය යාවත්කාලීන කිරීම්, ඉතිහාසය නීරීක්‍ෂණය කිරිම් හා වැඩසටහන් පරිස්ථිය වෙනස් කිරිමට ඉඩ ලබා දී තිබේ. කෙසේ වුවත් PC වර්ල්ඩ් විසින් හදුනාගත් සමහර් පරිස්ථියන් අභිරහස් හා ව්‍යාකූල වන අයුරින් පවතියි. කරදරකාරී මෘදුකාංගයක් හදුනාගත් පසු පාරිභෝගිකයා විසින් කුමක් කළ යුතු ද යන්න ප්‍රතිස්ථාපිත මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලයෙහි අනුමත ක්‍රියාවෙහි විස්තර කිරිමක් උපකාර ලිපිගොනුවෙහි හැර දක්වා නොතිබීම පෙන්විය හැක. එසේම සංස්කාරකවරයා ද ව්‍යාකූලත්වයට පත් කරමින් ස්වයංක්‍රිය යාවත්කාලීන කිරිම් ගැන මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල්හි අතුරුමුහුණතෙහි කිසිදු සදහන් කිරිමක් සිදු නොවිනි. එබැවින් සමහර භාවිතාකරුවන් විශ්වාෂ කරනුයේ ඔවුන් විසින් ම මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල්හි යාවත්කාලීන කිරිම අදාළ තීරුවෙන් සිදු කළ යුතු බව ය.කෙසේ වෙතත් මෙය අවසන් නිකුතුවෙහි ඇතුලත් නොවේ.


PC මැගසින් (PC Magazine) දකින ආකාරය ට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය සතුව කුඩා ප්‍රමාණයේ ස්ථාපිත කට්ටලයක් (Installation Package) [7 MB පමණ, මෙහෙයුම් පද්දතිය මත රදා පවතී] සහ වේගවත් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියක් පවතී. එමෙන් ම පූර්ණ ප්‍රතිස්ථාපනයෙන් ගනු ලබන්නේ 110 MB තැටි ඉඩ ප්‍රමාණයක් වීමත්,ආරම්භක යාවත්කාලින කිරීම මිනිත්තු 5 ත් 10 ත් අතර සිදු වීම තවත් වැදගත් කමක් වෙයි. කතෘවරයා හදුනාගත් පරිදි මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් මගින් වින්ඩෝස් යාවත්කාලින කිරිම් ද පුර්ණ ස්වයංක්‍රිය තත්වයට පත් කරන අතර එමගින් ස්වයංක්‍රිය භාගත කිරීම් සහ යාවත්කාලින වීම් ප්‍රතිස්ථාපනය වීම ද සිදු වෙයි.කෙසේ වුවද මෙම ක්‍රියාවලිය පාලක පුවරුව මගින් ක්‍රියාවිරහිත කළ හැක. ප්‍රතිස්ථාපනයෙන් කරදරකාරී ආසාධිත පද්දති 12 ක් මත සාර්ථක වෙයි.සමහර පුර්ණ සුපරික්සනයන් පැයකට වඩා වැඩි කාලයක් ආසාධිත පද්දති සදහා ගනු ලබයි. කෙසේ වෙතත් සුපිරිසිදු පද්දති සුපරික්සනය මිනිත්තු 35 ක කාලයක් තුළ සිදු කරයි.

PC මැගසින් මගින් පැවැත් වු පරීක්‍ෂණයක් මගින් මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල්හි බීටා සංස්කරණය ඉතා අසතුටුදායක බව පැවසුවත් අවසන් නිළ නිකුතුව කැපී පෙනෙන ලෙස වැඩි දියුණු වී ඇති බව AV-test.org මගින් පැවැත් වු පරීක්‍ෂණයෙන් පිළිගෙන තිබේ. PC මැගසින් හි කතෘ නීල් රුබන්කින් (Niel Rubenking) ට අනුව පැවති ඉල්ලුම මත ඔහු විසින් සිදු කළ සුපරික්සයේ දී මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් බීටා සංස්කරණය මගින් කරදරකාරී මෘදුකාංග නියැදියේන් සියයට 89 ක් හදුනා ගෙන ඇති අතර වාණිජමය කීලොගර්ස් (keyloggers) සියයට 30 ක් ද රූට්කිට්(Rootkits) සියයට 67 ක් සහ ස්කෙයාවෙයාර්(scareware) සියයට 50 ක් අදාළ නියැදි වලින් හදුනා ගෙන ඇත. මෙම වසරේ ඔක්තෝබර් මස අවසානයේ දි AV.Test.org මගින් පවත්වනු ලැබු අත්හදා බැලිම් මාලාවකින් පසු නිළ වශයෙන් ප්‍රකාශිත සංස්කරණයෙහි මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් මගින් අනාවරනය කර ගත් සහ අල්ලාගත් පරිගණක වයිරස, පරිගණක වොර්ම්ස් (Coputer Worms) සහ ට්‍රොජන් අශ්වයා මෘදුකාංග ප්‍රතිශතය සියයට 98.44 ක් වන්නේ එම මුළු මෘදුකාංග 545,034 අතරිණි. එමෙන් ම 90.95 ක ප්‍රතිශතයක් 14,222 ක චරපුරුශ සහ ඇඩිවෙයාර් නියැදියෙන් ද හදුනා ගැනිමට සමත් විය. තවද 25ක් වු පරීක්‍ෂිත රූට්කිට් සියල්ලම හදුනා ගැනිමට සමත් විය.

සම්මාන[සංස්කරණය]

2010 වර්ශයේ මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් PC ඇඩ්වයිසර් හොඳම නිදහස් මෘදුකාංගයට හිමි සම්මානය දිනා ගන්නා ලදී. පසුව 2010 දෙසැම්බර් මස දී AV-Comparatives.org මගින් මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් පළමු නිකුතුව සදහා, හදුනා නොගත් කරදරකාරී මෘදුකාංග සියයට 50ක් කලින් අනාවරණය කර දීම වෙනුවෙන් ලෝකඩ පදක්කමින් ද අවම වැරදි භාවිතය වෙනුවෙන් රීදි පදක්කමින් ද සමස්ථ කාර්ය සාදනය වෙනුවෙන් ලෝකඩ පදක්කමින් ද පිදුම් ලබන ලදී. මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් දෙවන නිකුතුව නිදහස් කරනු ලැබුවේ ඉන් කෙට් කළකට පසුව ය.

2011 ජුනි මස 8 දා PC ඇඩ්වයිසර් හි හොඳම නිදහස් ආරක්‍ෂක කට්ටල පහ තුලට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් දෙවන නිකුතුව ඇතුලත් වුනු අතර එහි අනෙකුත් ආරක්‍ෂක පද්දති වුයේ අවාස්ට් සික්ස් ෆ්‍රි එඩිශන්, කොමොඩො ඇන්ටිවයිරස් 5.4 , AVG ඇන්ටිවයිරස් 2011 සහ බිට්ඩිෆෙන්ඩර් ටෝටල් සික්‍යුරිටි 2012 බීටා සංස්කරනය යි.

වෙළදපොළ කොටස[සංස්කරණය]

ආරම්හක නිකුතුවෙන් පසු 2010 වර්ශයේ සැප්තැම්බර් මස 29 දින වන විට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් මිලියන 30 ජනතාවක් අතරට යෑමට සමත් විය. 2011 ජුනි මස OPSWAT මගින් ප්‍රකාශිත ආරක්‍ෂක ව්‍යාපාර වෙළඳපොල කොටස් විශ්ලෙෂණ වාර්ථාවෙහි සදහන් ආකාරයට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් ලොව ජනප්‍රියම ප්‍රති-වයිරස මෘදුකාංගය බවට පත් වෙමින් තිබේ. එම වාර්ථාවට අනුව මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශල් සතුව 10.66% ක් ලෝක වෙළදපොලෙහි ද 15.68% උතුරු ඇමෙරිකානු වෙළදපොලෙහි ද හිමි කර ගෙන තිබේ.එම වාර්ථාවෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම උතුරු ඇමෙරිකාවේ ප්‍රති-වයිරස වෙළෙන්දන්ගෙන් ප්‍රථම ස්ථානයට නම් කර ඇත්තේ ඔවුන් 17.07% වෙළඳපොල කොටසක් හිමි කර ගෙන ඇති බැවිනි. එමන් ම මුළු ලෝකයෙන් ම ප්‍රති-වයිරස වෙළදාමෙන් සිව් වැනි ස්ථානයට ඔවුන් නම් කර තිබේ.

මෙම වාර්ථාව විශ්ලේෂණය කළ PC වර්ල්ඩ් හි ජෝන් ඩුන් සදහන් කරන පරිදි නිදහස් ප්‍රති-වයිරස මෘදුකාංග භාවිතයෙහි කිසියම් අළුත් නැඹුරුතාවයක් පෙන්නුම් කරයි."මෙම සියල්ලටම පසුව නිදහස් ප්‍රති-වයිරස අළුත් පෙනුමෙන් ඔබ වටා වසර ගණනාවක් පවතින විට ඉතා අඩු නැඹුරුතාවයක් මිල දී ගත යුතු මෘදුකාංග කෙරෙහි ඇති වනු ඇත. " ඔහු නම් කළ ආකාරයට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය මගින් මූලික අනුබලයක් පුද්ගලික පරිගණක භාවිතා කරන්නන් නිදහස් ප්‍රති-වයිරස මෘදුකාංග තොරා ගැනීම කෙරෙහි ඇති කර තිබේ.

2011 වර්ෂයේ සැප්තැම්බර් මස OPSWAT වාර්ථාව පෙන්වා දෙන ආකාරයට මයික්‍රොසොෆ්ට් සික්‍යුරිටි එසෙන්ශලය ලොව ජනප්‍රියම ප්‍රති-වයිරස මෘදුකාංගය බවට පත් වෙමින් තිබෙන අතර ඇමෙරිකාවේ ජනප්‍රියම මෘදුකාංගය ලෙස පවතිනු ඇත.

වගකීම් විරහිත ප්‍රති-වයිරස මෘදුකාංග[සංස්කරණය]

2010 වර්ශයේ පෙබරවාරි මාසයේ දී වංක මෘදුකාංග කට්ටලයක් තමන් විසින් ම සික්‍යුරිට් එසෙන්ශල් 2010 යනුවෙන් අන්තර්ජාලයේ පෙනී සිටියේය.මෙම කරදරකාරී මෘදුකාංගය හදුන්වා දෙනු ලැබුවේ ට්‍රෝජන් භාගතකරණය විසින් වන අතර එය නමින් හැර අන් කිසිදු අයුරකින් මයික්‍රොසොෆ්ට් සික්‍යුරිට් එසෙන්ශල් හා සමාන කමක් නොමැත.නැවත 2010 නොවැම්බර් මස මයික්‍රොසොෆ්ට් සික්‍යුරිට් එසෙන්ශල් 2011 නමින් පෙනි සිටියේ ය.

වඩාත් අන්තරාදායක ආකෘතියකින් මෙම කරදරකාරී වංක මෘදුකාංගය පෙනී සිට්යේ 2010 ඔක්තෝබර් මාසයේ දීය. එවිට මෙය සැළසුම් කර තිබුණේ Rogue:Win32/FakePAV මගින් වන අතර එය මයික්‍රොසොෆ්ට් සික්‍යුරිට් එසෙන්ශල් හට ඉතාමත් ආසන්න පෙනුමෙන් යුක්ත වන බැවින් විවක්ෂණශීලී භාවිතා කරන්නන් පවා සමාජ මෙහෙයවීමෙන් (Social Engineering)කරදරකාරී මෘදුකාංගය හදුන්වා දෙමින් ඔවුන් ගේ පද්දතියට ඇතුල් කර ගැනීමට බල කර සිටී.මෙම මෘදුකාංගය මගින් වැඩසටහන් අවසන් කිරීමක් හෝ වලක්වාලීමක් සිදු කළ හැකි අතර එකිනෙකට වෙනස් මෘදුකාංග 156 ක් කෙරෙහි ක්‍රියාත්මක වෙයි.එය තුල රෙජිස්ට්‍රි එඩිටර්, කමාන්ඩ් ප්‍රොම්ට්, ඉන්ටර්නෙට් එක්ස්ලෝරා, මොසිල්ලා ෆයර්ෆොක්ස්, ඔපෙරා, සෆාරි, ගූගල් ක්‍රොම් සහ වෙනත් වෙබ් බ්‍ර්ව්සර් ද විද්‍යුත් තෑපෑල,අන්තර්ජාල පණිවුඩ සේවා, මීඩියා ප්ලේයර්ස් ප්‍රධාන තැනක් ගනී.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "Download Details: Microsoft Security Essentials". Microsoft Download Center. Microsoft Corporation. 16 December 2010. සම්ප්‍රවේශය 16 December 2010. Note: This web page contains wrong version information; however, downloading the installation package and examining its metadata and digital signature reveals that it is v2.1.1116.0 published on 2011-06-27.
  2. "Install the latest Microsoft Security Essentials definition updates". මයික්‍රොසොෆ්ට් සමාගම. 11 March 2010. සම්ප්‍රවේශය 15 March 2010.
  3. 3.0 3.1 "MICROSOFT SOFTWARE LICENSE TERMS". Microsoft Security Essentials web site. Microsoft Corporation. 22 September 2010. සම්ප්‍රවේශය 8 October 2010.

.