මයික්‍රොසොෆ්ට් ඇකඩමික් එලායන්ස්

විකිපීඩියා වෙතින්

MSDN Academic Alliance (MSDNAA) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් උසස් අධ්‍යාපනික ආයතන සහ විශ්වවිද්‍යාල ආදිය සඳහා ඇතිකරන ලද මෘදුකාංග වැඩපිළිවෙලකි.මෙයට සහභාගී වන ආයතන විසින් එම්.එස්.ඩී.එන්.ඒ.ඒ සේවාව සඳහා වාර්ෂිකව යම් ගෙවීමක් කල යුතුය.අදාළ අංශ (පරිගණක විද්‍යා, පරිගණකඉංජීනේරු, තොරතුරු තාක්ෂණ, සහ ඊට අදාළ ක්ෂේත්‍ර වල අධ්‍යාපන ආයතන) මෙන්ම ශිෂ්‍යයන් හා අධ්‍යාපන ආයතන වලටද මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, විෂුවල් ස්ටුඩියෝ වැනි මෘදුකාංග වල අවසර ලත් පිටපත් ලබාගතහැක.

අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා ලැබෙන මෘදුකාංග ලැයිස්තුව එම ආයතන සමග එළඹී ඇති ගිවිසුමට අනුව රඳාපවතී.

මෙම මෘදුකාංග coursework සහ පෞද්ගලික, වාණිජ නොවන අරමුණු සඳහා යොදාගතහැක.අදාල ආයතනයන්හි ශිෂ්‍යය කාලය අවසන් වුවද, මෙම නිෂ්පාදන වාණිජ නොවන අරමුණු සඳහා තවදුරටත් භාවිතා කලහැක.[1]. ශිෂ්‍යය කාලය අවසන් වීමෙන් අනතුරුවද ආරක්ෂණ යාවත්කාල කිරීම්, සේවා ඇහුරුම් ආදී යාවත්කාල කිරීම් මයික්‍රොසොෆ්ට් බාගතකිරීම් මධ්‍යස්ථානය මගින් නොමිලේ ලබාගත හැක.

විශ්වවිද්‍යාල/උසස් පාසැල් හෝ e-academy මගින් පවත්වාගෙන යන විශේෂ වෙබ් අඩවි මගින් එම්.එස්.ඩී.එන්.ඒ.ඒ මෘදුකාංග පරිශීලනය කල හැක.e-academy මගින් පවත්වාගෙන යන සේවා ඊ-ඇකඩමි ලයිසන්ස් මැනේජ්මන්ට් සිස්ටම්(e-academy License Management System) හෝ ඊ.එල්.එම්.එස් ලෙස හැඳින්වේ. එම්.එස්.ඩී.එන්.ඒ.ඒ හි ගිවිසුම අනුව පරිශීලනය තීරණය කරන අතර, නිශ්චිත අවශ්‍යතා සපුරාලන සිසුන් හටද සාමාන්‍යයෙන් ලබාදෙනු ලැබේ.(දැනට විද්‍යා, තාක්ෂණ, ඉංජීනේරු විද්‍යාව හෝ ගණිතය ආදී ක්ෂේත්‍රයක ලියාපදිංචි වී හෝ ඉගැන්වීම පාඨමාලාවක නියුතු වී සිටිය යුතුය).

එම්.එස්.ඩී.එන්.ඒ.ඒ ගිණුම් MSDN හි සැබෑ දායකත්ව-ගිණුම් ලෙස නොසැලකන අතර එමගින් එම්.එස්.ඩී.එන් වෙබ් අඩවියේ ග්‍රාහක අංශයේ හෝ එහි බාගතකිරීම් සඳහා ප්‍රවේශ විය නොහැක.

ලබාගතහැකි මෘදුකාංග[සංස්කරණය]

පහත සඳහන් මෘදුකාංග මේ යටතේ බෙදාහැරේ:


මෙම ලැයිස්තුවේ මයික්‍රොසොෆ්ට් මෘදුකාංග සියල්ලමා පාහේ අඩංගුවේ.එලෙසම ඉන් බහුතරයක් පවත්නා සියලු සංස්කරණයන් සහ භාෂාවලින් ලබාගත හැක. සැලකියයුතුයි:

  • Desktop Windows (සර්වර් නොවන) හි සියලුම සංස්කරණය ලබාගත නොහැක (උදා: සාමාන්‍යයෙන් Ultimate සංස්කරණය එම්.එස්.ඩී.එන්.ඒ.ඒ හි අඩංගු නොවේ).
  • Office suite හි ඇක්සස්, Visio, Project, වන්නෝට් සහ ගෲව් පමණක් අඩංගු වේ (වර්ඩ්, එක්සෙල්,පවර්පොයින්ට් සහ අවුට්ලුක් අඩංගු නොවේ).

යොමුව[සංස්කරණය]

  1. "MSDN Academic Alliance Student Use Agreement". Microsoft Corporation. සම්ප්‍රවේශය 2009-10-14.

වැඩිදුර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Windows-software-stub සැකිල්ල:මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන