මයිකල් පෝටර්ගේ පස් විධි බලවේග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
A graphical representation of Porter's Five Forces

පෝටර්ගේ පස් විධි බලවේග යනු හාවඩ් ව්‍යාපාර පාසලේ මයිකල් ඊ පෝටර් විසින් 1979 දී කර්මාන්ත විශ්ලේෂණය සහ ව්‍යාපාරික උපායමාර්ග සංවර්ධනය සඳහා සකස් කරන ලද රාමුවකි. එය වෙළඳපළ තරඟයේ තීව්‍රතාවය සහ ආකර්ශණීය බව තීරණය කරණ බලවේග සොයාගැනීමට කාර්මික සංවිධාන ආර්ථික විද්‍යා සංකල්ප ප්‍රයෝජනයට ගනු ලබයි. මෙහිදී ආකර්ශණීය බව යනු සමස්ත කර්මාන්තයේම ලාභදායිත්වයයි. ආකර්ශණීය නොවන කර්මාන්තයක් යනු සමස්ත ලාභදායිත්වය අඩුකිරීමට බලපාන බලවේග වල සංයෝජනයක් වේ. බොහෝ ආකර්ශණීය නොවන කර්මාන්තයක් "අසංකීර්ණ තරඟකාරීත්වයකට" ළඟාවන්නක් විය හැකියි.

සාර්ව පරිසරය යන පොදු යෙදුම සමග වෙන්කර දැක්වීමට පෝටර් මෙම බලවේග සඳහන් කරන්නේ ක්ෂුද්‍ර පරිසරය ලෙසයි.මෙය ආයතනයකට පාරිභෝගිකයන්ට සේවය කිරීමේ හැකියාව සහ ලාභයක් ලබාගැනීමට අදාළ ඉතාම ආසන්න බලවේග වලින් සමන්විත වේ.ආයතනයකට වෙළඳපල නැවත අගය කිරීම සඳහා මෙම ඕනෑම බලවේගයක වෙනස්වීමක් අවශ්‍ය වේ. සමස්ත කර්මාන්තයේ ආකර්ශණීය බව එම කර්මාන්තයේ ඇති සෑම ආයතනයක්ම සමාන ලාභ ලබන බව නොඅඟවයි. ආයතන වලට කර්මාන්තයේ සාමාන්‍යයට වඩා වැඩි ලාභයක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ හර දක්ෂතා, ව්‍යාපාර ආකෘති හෝ ජාල යොදාගත හැකියි. මේ සඳහා ඉතා හොඳ උදාහරණයක් වන්නේ ගුවන් ප්‍රවාහන කර්මාන්තයයි. කර්මාන්තයක් ලෙස ලාභදායිත්වය අඩු නමුත් පෞද්ගලික සමාගම් වලට අද්විතීය ව්‍යාපාර ආකෘති යොදාගැනීම මගින් කර්මාන්තයේ සාමාන්‍යයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකිවී තිබේ.

උපායමාර්ග උපදේශකවරුන් ආයතනයේ උපායමාර්ග තත්ත්වය නිර්මාණය කරන ඇතැම්විට පෝටර්ගේ පස්විධි රාමුව ප්‍රයෝජනයට ගනියි. කෙසේ වෙතත් බොහෝ උපදේශකවරුන්ට මෙම රාමුව ආරම්භක ලක්ෂ්‍යයක් හෝ පිරික්සුම් ලැයිස්තුවක් පමණි. සියළුම පොදු රාමු මෙන්ම එක්තරා තත්ත්වයක් පිළිබඳ නිශ්චිත බැහැර කිරීමකට භාවිතා කරන විශ්ලේශණයක් බොළඳ ලෙස සළකයි.

පෝටර්ගේ පස්විධි බලවේග තිරස් තරඟයෙන් එනම්, ආදේශක භාණ්ඩ වලින් එල්ලවන තර්ජන, සංස්ථාපිත තරඟකාරීන්ගෙන් එල්ලවන තරඟය සහ අළුතින් ඇතුළත් වන්නන්ගෙන් එල්ලවන තර්ජන සහ සිරස් තරඟයෙන් එනම්, සැපයුම්කරුවන්ගේ කේවල් කිරීමේ බලය සහ පාරිභෝගිකයින්ගේ කේවල් කිරීමේ බලයෙන් සමන්විත වේ.

පෝටර්ට අනුව පස්විධි බලවේග ආකෘතිය කර්මාන්ත මට්ටමේදී භාවිතා කළ යුතු වන අතර එය කර්මාන්ත කණ්ඩායම් හෝ කර්මාන්ත අංශ මට්ටමේදී භාවිතා කිරීම සඳහා නිර්මණය කර නොමැත. කර්මාන්තය යන්න වඩා පහත්, බොහෝ මූලික මට්ටමේදී නිර්වචනය කරන්නේ සමාන හෝ ඉතා සම්බන්ධ නිෂ්පාදන සහ/හෝ සේවා ගැණුම්කරුවන්ට අලෙවි කිරීම සිදුකරන වෙළඳපළක් ලෙසයි.තනි කර්මාන්තයක් තුළ තරඟ කරන ආයතනයක් එම කර්මාන්තය සඳහා අවම ලෙස එක් පස්විධි බලවේග විශ්ලේෂණයක්වත් කළ යුතුයි.පෝටර් පැහැදිළි කරන ආකාරයට විවිධාංගකෘත සමාගම් සඳහා සංස්ථාපිත උපායමාර්ගයේ පළමු වැනි මූලික කාර්යය වන්නේ සමාගම තරඟ කළ යුතු කර්මාන්තය තෝරා ගැනීම (ව්‍යාපාර අංශ ) සහ එම සෑම ව්‍යාපාර අංශයක්ම තමන්ට ආවේණික කර්මාන්ත විශේෂී පස්විධි බලවේග සකස්කිරීමයි. සාමාන්‍යයෙන් ගෝලීය වශයෙන් සමාගම් 1000ක් තරඟ කරනු ලබන්නේ ආසන්න වශයෙන් කර්මාන්ත 52ක් තුළයි (ව්‍යාපාර අංශ ).

මෙම පස්විධි බලවේග විශ්ලේෂණය පෝටර්ගේ සම්පූර්ණ උපායමාර්ග ආකෘතියේ එක් කොටසක් පමණකි. අනෙකුත් අංග වනුයේ හර දම්වැල සහ වර්ගීය උපායමාර්ගයි. [තහවුරු​ කරන්න]


පටුන

[සංස්කරණය] පස්විධි බලවේග

[සංස්කරණය] ආදේශක භාණ්ඩවල තර්ජනය

පොදුවේ භාණ්ඩයේ සාමාන්‍යය සීමාවෙන් පිට ක්ෂේත්‍රයේ භාණ්ඩ පැවතීම පාරිභෝගිකයින් විකල්ප භාණ්ඩ වලට මාරුවීමේ නැමියාව වැඩි කරයි.

  • ගැනුම්කරුවන් ආදේශක වලට පවතින රුචිය
  • ආදේශකවල සාපේක්ෂ මිල නැමියාව
  • ගැණුම්කරුවන්ගේ මාරුවීමේ පිරිවැය
  • නිෂ්පාදන විභේදනය තේරුම් ගනු ලබන ආකාරය
  • වෙළඳපලේ පවතින ආදේශක සංඛ්‍යාව

[සංස්කරණය] නව තරඟකරුවන් ඇතුළත්වීමේ තර්ජනය

ඉහළ ප්‍රතිලාභ උපයාදෙන ලාභදායී වෙළඳපළවල් වලට සමාගම් ආකර්ශණය වේ. මෙය නව තරඟකරුවන් ඇතුළත්වීම නිසා ප්‍රබල ලෙස සමාගම් වල ලාභදායිත්වය අඩු වීමට හේතුවකි. ව්‍යාපාර ආයතන මගින් නව සමාගම් ඇතුළත්වීම අවහිර නොකළහොත් තම ලාභ ප්‍රතිශතය තරඟකාරී මට්ටමකට පහළ යා හැකියි (පරිපූර්ණ තරඟය ).

[සංස්කරණය] තරඟකරුවන්ගෙන් ඇතිවන ප්‍රතිරෝධය

බොහෝ කර්මාන්ත සඳහා තරඟකරුවන්ගෙන් ඇතිවන ප්‍රතිරෝදය කර්මාන්තයේ තර්ඟකාරීත්වය තීරණය කරන නිර්ණායකයකි.

  • අනු ප්‍රතිපාදනය මගින් තරඟකාරී වාසිදායකත්වය නොනැසී පවත්වා ගැනීම

[සංස්කරණය] පාරිභෝගිකයින්ගේ කේවල් කිරීමේ බලය

පාරිභෝගිකයින්ගේ කේවල් කිරීමේ හැකියාව නිෂ්පාදිත වෙළඳාම ලෙසද විස්තර කළ හැක.ආයතනය පීඩනයට ලක්කිරීමට පාරිභෝගිකයින්ට පවතින හැකියාවට මිල වෙනස්වීම්වලට පාරිභෝගිකයින්ගේ ඇති සංවේදීතාවයද බලපායි.

  • ආයතනයේ එකඟතාවයට පාරිභෝගිකයින් එකඟවීමේ අනුපාතය
  • බෙදාහැරීමේ නාලිකා මත රඳා පැවතීමේ ප්‍රමාණය
  • විශේෂයෙන් ඉහළ ස්ථාවර පිරිවැයක් ඇති කර්මාන්ත වල කේවල් කිරීමේ ප්‍රමාණය
  • ගැණුම්කරුවන්ගේ ප්‍රමාණය
  • ආයතනයේ මාරුවීමේ පිරිවැයට අනුරූපීව ගැණුම්කරුවන්ගේ මාරුවීමේ පිරිවැය
  • ගැණුම්කරුවන්ගේ තොරතුරු ලබාගත හැකි බව
  • පසුපසට සමෝධානය කළහැකි බව
  • ආදේශක භාණ්ඩ පැවතීම
  • ගැණුම්කරුවන්ගේ මිල සංවේදීතාවය
  • කර්මාන්තයේ භාණ්ඩවල ආන්තර වාසිදායකත්වය (විශේෂත්වය )
  • ආර්.එෆ්.එම්විග්‍රහය

[සංස්කරණය] සැපයුම්කරුවන්ගේ කේවල්කිරීමේ බලය

සැපයුම්කරුවන්ගේ කේවල්කිරීමේ බලය යෙදවුම් වෙළඳාම් කිරීම ලෙස විස්තර කළ හැකියි. ආයතනයට අමුද්‍රව්‍ය, සංරචක, ශ්‍රමය සහ සේවා (ප්‍රවීණත්වය වැනි ) සැපයුම්කරුවන් ශක්ති ප්‍රභවයක් විය හැකියි.සැපයුම්කරුවන් ආයතනය සමග වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ උදා:- අසහාය සම්පත් සඳහා අතිශයින් ඉහළ මිලක් අයකිරීම කළ හැකියි.

  • ආයතනයේ මාරුවීමේ පිරිවැයට අනුරූපව සැපයුම්කරුවන්ගේ මාරුවීමේ පිරිවැය
  • යෙදවුම් ප්‍රභේදනයවීමේ ප්‍රමාණය
  • ආදේශක යෙදවුම් පැවතීම
  • ආයතනයේ එකඟවීමේ අනුපාතයට සැපයුම්කරුවන්ගේ එකඟතාව
  • සේවකයන්ගේ ඒකමතිකත්වය උදා:-කම්කරු සංගම්

[සංස්කරණය] පස්විධි බලවේග ආකෘතියේ විවේචන

ස්ටිවෝට් නීල් වැනි අනෙකුත් ශාස්ත්‍රීය උපාය දක්ෂතා මගින් පෝටර්ගේ රාමුව අභියෝගයට ලක්කර තිබේ.එලෙසම කෙවින් පී කොයින්ගේ රුචියන් සහ සෝමු සුබ්‍රමනියම් පහත අස්ථිර උපකල්පන තුන පස්විධි බලවේග වලට යටත්වන බව දක්වා තිබේ.

  • ගැණුම්කරුවන්, තරඟකරුවන් සහ සැපයුම්කරුවන් අසම්බන්ධ, අන්තර් සම්බන්ධතා නොපවත්වන සහ වංචා සහගත බව
  • වටිනාකමේ මූලාශ්‍රය ව්යුහාත්මකව වාසිදායක බව (ඇතුලුවීමට බාධක නිර්මාණය කිරීම )
  • අවිනිශ්චිතතාවය අඩු වෙළඳපළ හවුල්කරුවන්ට තරඟකාරී හැසිරීම සැළසුම් කිරීමට හා ප්‍රතිචාර දැක්වීමට හැකිබව

බ්රෑන්ඩෙන්බර්ගර් සහ නැලිබෆ් 1990 මැද භාගයේදී පෝටර් හට ඉතා වැදගත් විස්තාරිතයක් සොයාගන්නා ලදි.ක්‍රීඩා න්‍යාය භාවිතයට ගනිමින් ඔවුන් උපාය මාර්ගික මිත්‍ර සම්බන්ධ සඳහා උදව්වන අනුපූරක සංකල්ප එකතු කළේය.(හය වන බලවේගය ලෙසද හඳුන්වනු ලැබේ.අනුපූරකයන් හයවන බලවේගය ලෙස දක්වන අදහස ඉන්ටෙල් සමාගමේ පූර්ව ප්‍රධාන විධායක නිළධාරීවන ඇන්ඩෲ ග්රෝව් වෙත හිමිවේ.බොහෝ යොමුවන්ට අනුව හයවන බලවේගය රාජ්‍ය හෝ පොදු වේ. 1993දී ස්කොට්ලන්තයේ බුල් සමූහයේ උපදේශන කරන අතර මාර්ටින් රිචර්ඩ් ජෝන්ස් විසින් වර්ධනය කළ පස්විධි බලවේග ආකෘතිය නිර්මාණය කළේය.එය පෝටර්ගේ ආකෘතිය මත පාදක වන අතර රාජ්‍ය(ජාතික හා ප්‍රාදේශීය )මෙන්ම පීඩිත කාණ්ඩ කාල්පනික හයවන බලවේගය ලෙස අතුලත් වේ.මෙම ආකෘතිය බුල් සමූහයේ කොටසක් ලෙස දියත් කළ දැනුම වත්කම කළමණාකරණ සංවිධානය මූලාරම්භයේ ප්‍රථිඵලයකි. සමහරවිට ආයතනයත් එම කර්මාන්තයට ගෙන එන සම්පත්වලින් ස්වාධීනව කර්මාන්තයේ ආකර්ශණීය බව විශ්ලේෂණය කළ නොහැක.වඩා වැඩි ස්ථිර උපායමාර්ග සංවර්ධනය සඳහා මෙම න්‍යාය සම්පත් මූලික න්‍යාය සමග ඒකාබද්ධ කළ යුතුයි.

[සංස්කරණය] තවදුරටත් බලන්න

[සංස්කරණය] යොමුව

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්