මනෝ චිකිත්සාව

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
මිනිස් හිසෙහි හා මොළයේ එම්.ආර්.අයි. ස්කෑන් ජායාරෑපයක්. මනෝචිකිත්සකයින් විසින් අධ්‍යනය කරනු ලබන වැදගත්ම අවයවය වන්නේ මොළයයි.

මනෝ චිකිත්සාව යනු මිනිසාගේ මානසික රෝග පිළිබදව අධ්‍යනය කෙරෙන, ඒවා වළක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා උපයෝගි කර ගන්නා වෛද්‍ය විද්‍යා‍ෙව් සුවිශේෂි අංශයකි. මනෝ විද්‍යාවේ සායනික යොදාගැනීම් අවට ලෝකය හා මානසික රෝගීන් අතර ප්‍රතකාර කිරීමේදි පාලමක් බවට පත්ව ඇත. මෙහි වූ පර්යේෂණ හා සායනික යොදා ගැනීම් විෂයාන්තර වේ. මේ නිසා මනෝ විද්‍යාවේ පර්යේෂණ හා ප්‍රයෝගික යෙදීම් අතර විවිධ උප ක්ෂේත්‍ර පවතී. මනෝ විද්‍යාඥයින් මනෝ විද්‍යාවේ නවීනතම ඖෂධ, රෝග නීර්ණය ක්‍රම හා රෝග/ වර්ගී කරනයන් භාවිතයට ගන්නා වෛද්‍ය වරයා හා රෝගියා අතර ඇති සම්බන්ධතාවය ඉතා හොද විශේෂඥාණයක් ඇති වෛද්‍යවරැන්වේ.

බුද්ධ වර්‍ෂ පස්වන සියවසේ සිට පැවත එන මනෝ විද්‍යාව, මානසික රෝග අත්භූත බලවේගයක් නිසා හටගන්නා බවට ඇති වූ සංකල්පයත් සමග හටගත්තකි. එකල මෙකී මානසික රෝග සුව කිරීමේ වගකීම හා හැකියාව පැවරැනේ පුජක වරැන් වෙතය. මෑදභාගයේදී මානසික රෝගීන් සදහා රෝහල් ඉදි කරන ලද්දේ භාරකාර ආයතනයක් ලෙසටය. ඒවා විසින් මුලික ප්‍රතිකාර ක්‍රම ලබාදුනි. දහ අට වන සියවස වන විට මානසික රෝගීන් සදහා වඩාත්ම පුළුල් වූ ප්‍රතකාර ලබාදීම සදහා මානසික සෞඛ්‍ය ආයතනයක් පිහිටු වන ලදී. මෙලෙස මුල් අවදී වලදී ලද මැදිහත් වීම නිසා දහ නව වන සියවස වන විට රෝගීන් සංඛ්‍යාව ඉහළයත්ම ලබාදෙන ප්‍රතිකාර වල ගුණාත්මක භාවය පහල බැසීමක් හා අදාල ආයතන වල හා මනෝ විද්‍යාවේ කිර්තියටද හානිවීමක් සිදු වී ඇත. නමුත් විසි වන ශතවර්ෂයේදී රෝග පිලිබදව ජීව විද්‍යාත්මක අවබෝධයක් ලගබාගැනීම හා නව රෝග වර්ගී කරණ පද්ධතියක් හදුන්වා දීම නිසා මනෝ විද්‍යාව නව ජීවයක් ලබාගනී. මනෝ විද්‍යාව අසීරැ විද්‍යාත්මක දිශාවක් වෙත ගමන් කිරීම නසා එහි වෛද්‍ය වරයා හා රෝගියා අතර සබදතා වෙනස් මුහුණු වරක් ගනී. මේ වෙනස් වීම නිසා සමාජය තුල මනෝ විද්‍යාව කෙරෙහි සෘණාත්මක ආකල්පය නැතිවුණි. චින්තන රටාවේ වෙනස්වීම හා නව ප්‍රතිකාර ක්‍රම වල හදුන්වාදීම නසා මානසික රෝහල් ඉවත් කැර ගැනීමට පවා සිදුවුණි. මානසික රෝග හදුනා ගැනීම හා ප්‍රතිකාර ක්‍රම වේදයන්හි වූ කැපී පෙනෙන වෙනස්කම් නිසා ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක යන අංග දෙක අතර ඇති කුසලතාව හදුනා ගැනීමට ක්ෂේත්‍රය තුල වඩා නැඹුරැතාවක් ඇත. මේ නිසා වෙන් මානසික රෝග වල උපත, වර්ගී කරණය හා ප්‍රතිකාර ක්‍රම පිලිබදව කෙරෙන පර්යේෂණ සදහා කැපීපෙනෙන ඉල්ලුමක් ඇත.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Psychiatry



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."