මත්ද්‍රව්‍ය

විකිපීඩියා වෙතින්
විවිධ මත්ද්‍රව්‍ය වර්ග

මොළයේ ක්‍රි‍යාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ. මරිජුවානා හා බ්‍රවුන් ෂුග' (පිරිපහදු නොකළ හෙරොයින්), වැනි දේවල් ද උද්‍රහරණ ලෙස දැක්විය හැක.පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය.ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.බොහෝ සංස්කෘතින් තුළ ඊට ආ‍වෙණික වූ සුවිශේෂී වූ මත්ද්‍රව්‍ය ඇත.දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ද්‍රව්‍ය ආගමික හා විනෝද කටයුතු සඳහා ද භාවිතා කරයි.

මත්ද්‍රව්‍ය භාවිතය[සංස්කරණය]

ගොනුව:Drugss.jpg

මෙ අනුව සෑම දෙනාම පාහේ සිය ජීවිතයේ කිසියමි කාලයකදී හෝ අවස්ථාවකදී මත්ද්‍රව්‍ය භාවිතා කර තිඛෙන්නට පුළුවන.නිදි කිරා වැටීම වැළැක්වීමට ද ශරීරය ප්‍රාණවත්ව තබා ගැනීමට ද අපි කෝපි පානයකරමු.බුලත් කෑමට දූම්කොළ භාවිතා කරයි.එසේ නැතහොත් වෛද්‍යමය හේතූන් මත ‍මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙන ද්‍රව්‍යයන් නියම කර භාවිතා කිරීම සිදූවෙයි .

මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම[සංස්කරණය]

ගොනුව:CB012649.jpg
මත්ද්‍රව්‍ය ශරීරයට ඒන්නත් කර ගැනීම

මත්ද්‍රව්‍ය සියල්ලම වාගේ සමාජීය වශයෙන් පිළි ගැනීමට පාත්‍ර වන අතර වෛද්‍යමය වශයෙන් විඳ දරා ගත හැකි ආරක්ෂා සහිත ප්‍රමාණවලින් පරිහරණව කළ හැකි වුවද,මෙම සීමා වලින් බැහැර වීම නිසා වෛද්‍යමය,සමාජයීය,මනෝවිද්‍යාත්මක හා නෛතික ප්‍රශ්නවලට මඟ සැලසේ.අනිසි ලෙස මත්ද්‍රව්‍ය පරිහරණව යනු මෙයයි.පුද්ගලයෙකු අත්හදා බැලීමක් ලෙස සෙමින් සෙමින් නිතිපතා භාවිතා කරන විට හුරුපුරුදු වීම නැතහොත් වෛද්‍යවරයෙකු විසින් නියම කරනු ලබන මත්ද්‍රව්‍යක් එබඳු නිර්දේශයක් හෝ වෛද්‍යමය අවශ්‍යතාවයකින් තොරව භාවිතා කිරීම ද අනිසි ලෙස පරිහරණය කිරීමකි.මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට බලපෑම් කරන සාධක අතර පුද්ගලයා,මත්ද්‍රව්‍ය වර්ගය සහ භාවිතයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භය වෙයි.පුද්ගලයා මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට යොමු වන්නේ මත්ද්‍රව්‍ය හා එහි බලපෑම පිළිබඳ විශ්වාසයන් ද ,මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතුවන පුද්ගලයාගේ භාවික තත්ත්වය ද , පීඩාකාරී අවස්ථාවලට මුහුණ දීමේ උපක්‍රම හා ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රශ්න ද හේතු වෙයි.අනිසි ලෙස භාවිතය රඳා පවතින මත්ද්‍රව්‍ය වර්ගය සහ එහි බලපෑම් වන්නේ එම ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය සහ පිරිසිදු බව තනි ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයන් ගණනාවක සංයෝජනයක් ලෙස භාවිතා කිරීමයි.අයථා පරිහරණයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භයන්වලින් ද මෙ සඳහා ඉඩ ප්‍රස්ථා සැලසේ.ඒ යටතේ මත්ද්‍රව්‍ය සපයා ගැනීමට හා මිලට ගැනීමට හැකියාව,ද්‍රව්‍යයේ නෛතික තත්ත්වය,මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වන සැටි,භාවිතය පිළිබඳ පොදු විශ්වාසයන්,අගය කරන කණ්ඩායම්,සමාජ තත්ත්වය පීඩාකාරී තත්ත්වයන් හා ස්ත්‍රී පුරුෂභාවයට අදාළ ගැටළු වෙයි.

මත්ද්‍රව්‍යවලට පුද්ගල ඇබ්බැහි වීම[සංස්කරණය]

ගොනුව:Drugs-are-bad.jpg


කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම යන්නෙන් අදහස් වන්නේ වෛද්‍යමය,සමාජයීය හා නෛතික ප්‍රතිඵල කුමක් වුවද,ඒ ගැන නොතකා අදාළ මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම භාවිතා කිරීමට යොමු වීමයි.අදාළ චර්යා වෙයි නියැලීම අනිවාර්ය යන හැඟීම,චර්යාව පාලනය කර ගැනීමට ඇති හැකියාව හීන වීම, චර්යාව නැවැතැවු විට ඇතිවන සිත් ‍වීදනාව හා එම චර්යාව නිසා අයහපත් ප්‍රතිඵල උද්ගත වන බව සනාථ කෙරෙන සාක්ෂි තිබුණ ද,දිගින් දිගටම එම චර්යාවෙහි නිරත වීම ඇබ්බැහි වීමේ මෙහි ප්‍රධානතම ලක්ෂණයකි.දුම් නොබොන මිත්‍රයන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ විරුද්ධත්වය නොතකා සිගරටි බීමට පුරුදු වූවෙකු මොවුන්ය.මෙවැනි ප්‍රශ්න ඇතිවන ආකාරයට මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතයට ඇබ්බැහි වූවන් සමාජය විසින් ලේබල් කිරීම සිදුවෙයි.එනම් බේබද්දා,කුඩුකාරයා,සිගරටි පිස්සා ලෙසයි.

සහිෂ්ණුතාවය[සංස්කරණය]

කිසියමි පුද්ගලයෙකු සිරිතක් වශයෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නට වූ කළ කායික ක්‍රියාවලියේ දී එම මත්ද්‍රව්‍යය ශරීරය තුළ රුඳි තිබීමට ඉඩ සැලසෙන පරිද්දෙන් ශරීරය ද අනුවර්තනය ද විම ආරමිභ වෙයි.එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙි ප්‍රමාණය වැඩිවන තරමට ඒ සඳහා ශරීරය විසින් කරනු ලබන අනුවර්තනය ද විශාල වෙයි.මත්ද්‍රව්‍ය වලින් අපගේ මොළයේ ස්වභාවිකව නිපදවෙන ඇතැමි රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය අක්‍රිය කරවයි.ඒ අනුව මෙකී රසායනික ද්‍රව්‍යවල ස්වභාවික නිෂ්පාදන ප්‍රමාණය හා ක්‍රියාකාරිත්ව හැකියාව අනුක්‍රමයෙන් හීන වී යයි.ඒ හේතුව මත අදාළ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් හෝ ඉදහිට භාවිතයෙන් ලබා ගත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා ඇබිබැහි වූවන්ට වඩාත් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නිරතුරුව ම ගැනීම අවශ්‍ය වෙයි .මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කිසියමි මත්ද්‍රව්‍යයකට සහිෂ්ණුතාවය වර්ධනය වීම ලෙසින්ය.ඇතැමි මත්ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරෙහි සීඝ්‍රයෙන් සහිෂ්ණුතාවය වර්ධනය වෙයි.උදා-නිකොටින්,දුඹුරු සීනි,එමෙන් ම මත්පැන් වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රතිඵලය ඇතිවනුයේ වඩාත් සෙමෙන්ය.

ගොනුව:Drugs.3.gif

රැඳි පැවැත්ම[සංස්කරණය]

කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබිබැහි වීමේ ලක්ෂණ හා චර්යාවන් මිනිසුන් වෙතින් ප්‍රදර්ශනය වන්නට පටන් ගත් කළ ඔවුන් එකී මත්ද්‍රව්‍ය මත රැඳි සිටීමට පටන් ගනියි.කිසියමි මත්ද්‍රව්‍යයන් භාවිතය මත කායික (භෞතික)හෝ මානසික වශයෙන් මිනිසුන් රැඳි සිටීමට පුළුවන.එ මගින් අදාළ පුද්ගලයා බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බොහෝ කාලයක් අපතේ යවමින් හෝ ඒවායේ භාවිතයෙන් පසු පැන නගින කායික මානසික ප්‍රතිඵල වලට මුහුණ දෙමින් සිටීමට හැකිවෙයි .ශාරීරික සෞඛ්‍ය පිරිහීමට පුළුවන.පවුලේ සාමාජිකයන් හෝ යහළු මිත්‍රාදින්ගේ නොසලකා හැරීමට භාජනය වෙයි.නැත්නමි ඔවුන්ට අක්‍රෝෂ පරිභව කරමින් සිටියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස හිතවත් පිරිසගෙන් හුදකලා වීම හා දුරස් වීම සිදුවෙයි.මත්ද්‍රව්‍ය භාවිතය නිසා රැකියා අහිමි වීමට ද ඉඩ ප්‍රස්ථා උදා වෙයි.මෙකී ගැටළු මත පුද්ගලයා තුළ උද්ගත වන මානසික අවපීඩන තත්ත්වයෙන් තාවකාලික සහනයක් ලබා ගැනීමට පුද්ගලයා මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතය කරා යොමු වෙයි.මෙසේ ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය මත යැපීම,නැත්නම් රැඳි පැවැත්ම නම් වෙයි.එමගින් පුද්ගලයාට ශාරීරිකවද මානසිකවද ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙයි.

කායික හා මානසිකව ඇතිවන බලපෑම[සංස්කරණය]

මත්ද්‍රව්‍යය භාවිතා කළ කාල පරිච්ඡේදය භාවිතා කළ ප්‍රමාණය අනුව පුද්ගලයා වෙත වන බලපෑම් ද වෙනස් වෙයි.ඇතැම් බලපෑම් ක්‍ෂණිකය.කෙටි කාලීනය.දිගු කාලයක් පුරා අනිසි ලෙස පරිහරණය කර තිබීමෙහි ප්‍රතිඵලයක් ලෙස බලපෑම් පැන නගියි.ඇතැමි බලපෑම් තාවකාලිකය.එම බලපෑම් රඳා පවතින්නේ ද්‍රව්‍ය භාවිතා කරන කාලය තුළ දී පමණි.අනෙක් අතට තවත් සමහර ද්‍රව්‍ය භාවිතය අතහැර දමා තිබීමෙන් පසුව වූවද යළිත් උද්ගත වන්නට ඉඩ තිඛෙයි.මෙම බලපෑම් මානසික හා කායික බලපෑම් යනුවෙන් දෙවර්ගයකට වෙන් කර හඳුනා ගත හැකිය.

මනස තුළ ඇතිවන බලපෑම්[සංස්කරණය]

  • මතක ශක්තියට හානි පැමිණීම.
  • සමීපූර්ණ සිහි බූද්ධියට හානි පැමීණීම.
  • කෙටි කාලීනව අමතක වන සූළු ගතිය.
  • විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම.
  • සංවෙදනාවන්ට බාධා පැමිණේ.
  • අභිප්‍රේරණ ගැටළු මතු වෙයි.
  • ආක්‍රමණශීලී ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම.
  • තදින් කලබල වීම/නොසන්සුන්කම/නොරිස්සුමි ගතිය/ආවෙගශීලීත්වය/කෝපය හා තරහින් නිතර පසු වීම.
  • නින්දට බාධා ඇති වීම.
  • අදහස් විරහිත බව.
  • සිත එක එල්ලය තබා ගැනීමෙ අපහසුතාවය.
  • ඉචිඡාභංගත්වයට පත් වීම.
  • උත්සුක බව /මානසික පීඩනය /අවපාතය.
  • මානසික රෝග උද්ගත වීමේ අවධානය.
  • හුදකලා වීම ,දුරස් වීමට ප්‍රිය කිරීම.

ශාරීරිකව ඇතිවන බලපෑම්[සංස්කරණය]

  • අක්මාව වකුගඩු හා මොළයට ආශ්‍රිතව ඇතිවන බලපෑම්.
  • හෘදය හා පෙනහලූ ආශ්‍රිත රෝග උදා,ස්වසන රෝග
  • ඒඩීස් හා සෙංගමාලය බී සහ සී වැළදීමෙ අවධානම.
  • ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම.
  • බඩගිනින /කෑම අරුචීය.
  • සිහි නැතිව යාමෙ හා මිය යෑමේ අවධානම.
  • තිගැස්ම.
  • විකාරයෙන් නන් දෙඩවිම.
  • ලිංගික අප්‍රාණිකත්වය.

තමන් සමඟ හා සෙසු අය සමඟ පවත්නා සමිබන්ධතාවලට වන බලපෑම්[සංස්කරණය]

  • දැඩි ලජ්ජාව වරදකාරී හැඟීම්.
  • ආත්ම ගෞරවහ නැතිවීම.
  • පාලන බලය විරහිතබව හා අසරණ වූ බවට ඇතිවන හැඟීම.
  • ප්‍රශ්නයක් ඇතිබව ප්‍රතික්ෂේප කිරීම.
  • පවුලේ සාමාජිකයන් සමඟ පවත්වන සබඳතා අඛණ්ඩව සිදු නොවීම.
  • පවුලෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ වීම.
  • පවුලේ සාමාජිකයන් නොසලකා හැරීම.
  • අඹුසැමියන් අතර ගැටුම් ඇතිවීම.
  • පවුලේ ප්‍රශ්න නිසා නිතරම ගේ දොර අඩදබර බහුල වීම.
  • නිවස තුළ කායික හා ලිංගික ප්‍රචණ්ඩත්වය පැන නැඟීම.
  • පවත්නා තත්ත්වය පිළිබඳ පිළිකුලක් කෝපයක් හා අසරණ බවක් පවුලේ සාමාජිකයන් තුළ පැන නැගීම.
  • මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වූ විට සෙසූ සාමාජිකයන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමෙහි නොහැකියාව.
  • මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පිිළිබඳ අවිශ්වාසය නොරිස්සුම ලජ්ජාව පැන නැගීම.
  • සේවයට නොපැමිණීම,කාර්යයයේ අදක්ෂබව,අකාර්යයක්ෂමතාවය හේතුවෙන් රැකියාව අහිමිවීම ද සිදුවිය හැකිය.
  • මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි හේතුවෙන් සිර ගත වීමට ද හැකිය.


ගොනුව:Are u on drugs.jpg

මුදා ගැනීම[සංස්කරණය]

කිසියමි මත්ද්‍රව්‍යයක් භාවිත කිරීම අනුක්‍රමයෙන් අඩු කිරිම හෝ එය භාවිතා කිරීමෙන් මුළුමනින්ම මුදා ගැනීම අත්හැර දැමීමට සැලැස්වීම යන්නෙන් අදහස් වෙයි.මෙම ක්‍රියාවලිය හා බැඳී පවත්නා මනෝ විද්‍යාත්මක හා භෞතික ලක්ෂණ මුදා ගැනීමෙහි ලක්ෂණ ලෙස අර්ථකතනය කළ හැකිය.මෙම ලක්ෂණ රඳා පවතින්නේ ඒ ඒ නියත මත්ද්‍රව්‍ය මතය.නිදසුන් ලෙස,දුඹුරු සීනි හා මත්පැන්වලින් වැළකී සිටීම නිසි උණ,සීතල,ගැස්ම,වමනය,මස්පිඩු පෙරළීම, හිසරදය,පාචනය හා තදබල වේදනා පහළ වීමට ඉඩ තිඛෙයි.ගංජා භාවිතය නැවැත්වීම නිසා නිනිදට බාධා ඇති වෙයි.එනම් නින්ද නොයාම,නපුරු හීන පෙනීම ආදියයි.තවද ආහාර අරුචිය,උද්දීපනය,ව්‍යාකූලතා,දහඩිය දැමීම,හැඩීම,උණ හා සීතල ද,අද්භූත හීන පෙනීම වැනි ලක්ෂණ පහළ වීමට ඉඩ තිඛෙයි.මත් ද්‍රව්‍යය භාවිතය නැවැත්වීම නිසා පැන නගින ලක්ෂණවල තීව්‍රතාව රදා පවතින්නේ සහිෂ්ණුතා මටිටම මතය.අඩු නිරීම හෝ නවත්තා දැමීම දිගින් දිගටම පවත්වා ගෙන යන විට නිශ්චිත කාලයක් තුළ ඉතා උග්‍ර අතට හැරී අනුක්‍රමයෙන් අඩුවී ගොස් අදාළ මත්ද්‍රව්‍යයේ බලය විරහිත වන විට ඒ අනුව ශරීරය යළි හැඩ ගැසෙන්නට පටන් ගනියි.ඒ අනුව මෙකී තීව්‍ර ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් සෙමෙන් අතුරුදහන් වී යයි.

පින්තුර ගැලරිය[සංස්කරණය]

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටුත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මත්ද්‍රව්‍ය&oldid=617033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි