මංජු වන්නිආරච්චි

විකිපීඩියා වෙතින්
ගොනුව:Manju wanniarachchi.jpg

මංජු දිනේෂ් කුමාර වන්නිආරච්චි (උපත : 1979 දෙසැම්බර් 2) ශ්‍රී ලංකාව නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයෙකි. නවදිල්ලියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැන්ටම් බර පන්තිය නියෝජනය කරමින් වේල්සයේ සින් මක්ග්රෝදික් පරාජය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම ජයග්‍රහණය කිරීම[1] ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් විය.

ක්‍රීඩා ජීවිතය[සංස්කරණය]

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩාවට ප්‍රවිෂ්ටවූ මංජු 1991 සිට 1998 දක්වා ස්ටබ්ස් පලිහ ජයගෙන දක්ෂතම පාසල් බොක්සිං ක්‍රීඩකයා ලෙස ඔහු සම්මාන දිනා ඇත. 1999 සිට මේ දක්වා ජාතික මට්ටමේ බොක්සිං තරග වලදී තම බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකය ලෙස ඔහු ජයග්‍රහණ ලබා ඇත.[2]

ඔහු පන්නල ස්ලිම්ලයින් ආයතනයේ සේවයේ යෙදෙන අතර වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකු වේ.

ජයග්‍රහණ[සංස්කරණය]

වර්ෂය තරගාවලිය පදක්කම
1995 Indo-Sri Lanka Dual Meet
1996 Adajania Cup, India කොටුවේ පෙළ
1996 K.P.T. Boxing Championships, Pakistan කොටුවේ පෙළ
2000 Presidents Cup Boxing Tournament, SAF Games, Indonesia කොටුවේ පෙළ
2001 Asian Games, Korea කොටුවේ පෙළ
2003 Commonwealth Games,Asian Games, Malaysia කොටුවේ පෙළ
2004 Olympic Selection Trials, China, Pakistan, Malaysia කොටුවේ පෙළ
2004 Goa International Tournament කොටුවේ පෙළ
2004 SAF Games, Islamabad කොටුවේ පෙළ
2004 Green Hill Tournament, Pakistan කොටුවේ පෙළ
2004 Indo-Sri Lanka Invitational Boxing Meet කොටුවේ පෙළ
2005 Philipine-Sri Lanka Dual Boxing Meet කොටුවේ පෙළ
2005 Kings Cup Boxing Tournament, Thailand කොටුවේ පෙළ
2005 Commonwealth Games, Glasgow, Scotland Asian Championships, Vietnam XIII World Boxing Championships, China කොටුවේ පෙළ

තහනම් උත්තේජක චෝදනා[සංස්කරණය]

2010 ඔක්තෝබර් 24 වන දින ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මංජු වන්නිආරච්චි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් ව ඇති බව නිවේදනය කරන ලදී. මංජු වන්නිආරච්චි විසින් සපයන ලද මුත්‍රා සාම්පලයේ නැන්ඩ්රෝලින් නම් තහනම් උත්තේජකය අඩංගු විය. වන්නිආරච්චි සදහන් කරන අන්දමට මෙය ඔහු ඇදුම රෝගයට ගන්නා ලද ඖෂධයක් නිසා හට ගෙන ඇත. ඔහුට දෙවන මුත්‍රා පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකි අතර එය අසමත් වුවහොත් ඔහුට ඔහු ලද පදක්කම අහිමි වීමේ අවදානමක් ඇත.[3]

ක්‍රීඩා තහනම[සංස්කරණය]

ශ්‍රී ලංකා ජාතික තහනම් උත්තේජක කමිටුව මංජු වන්නිඅරච්චිට 2011 මාර්තු මස 11 වන දින සිට තහනමක් පනවන ලදී. මෙය ඔහුට ලෝක තනහම් උත්තේජක කමිටුව පැනවූ තහනමට සමගාමී එකකි. මෙම තහනම ඔහුට එරෙහිව පොදු රාජ්‍ය ක්‍රීඩා සම්මේලනය පවත්වන පරීක්ෂණයක් සම්පුර්ණ වන තෙක් බල පවත්වනු ලැබේ. [4]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.slbc.lk/index.php/component/content/article/1-latest-news/4721-manju-wanniarachchi-wins-gold-in-boxing-event-at-the-commonwealth-games, ප්‍රතිෂ්ඨාපනය 2010-10-22 
  2. සංරක්ෂිත පිටපත, http://www.srilankaboxing.com/teamsl.html, ප්‍රතිෂ්ඨාපනය 2010-10-22 
  3. http://www.bbc.co.uk/sinhala/news/story/2010/10/101024_manju_dope.shtml
  4. සංරක්ෂිත පිටපත, http://www.news.lk/home/17653-sri-lanka-suspends-boxer-manju-wanniarachchi, ප්‍රතිෂ්ඨාපනය 2011-03-17 
"https://si.wikipedia.org/w/index.php?title=මංජු_වන්නිආරච්චි&oldid=592776" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි