භූ-දේශපාලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

භූ-දේශපාලනය යනු කිසියම් දේශභූමියක් පුරා දේශපාලන බලය භාවිතා කිරීමේ කලාව හා පිළිවෙතයි. සාම්ප්‍රදායික ලෙසින්, මෙම පදය භාවිත වී ඇත්තේ දේශපාලනය වෙත භූගෝලයෙහි බලපෑම විස්තර කෙරුම සඳහා වුවද, පසුගිය සියවස තුළදී එහි භාවිතය පරිණාමයට ලක්ව පුළුල් ලක්ෂණාර්ථයක් පෙන්නුම් කිරීම දක්වා පැමිණ ඇත.

ශාස්ත්‍රීය මණ්ඩලයන්හි, භූ-දේශපාලනය පිළිබඳ හැදෑරීම සමන්විත වන්නේ භූගෝලය, ඉතිහාසය සහ සමාජ විද්‍යාව පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී අවකාශ දේශපාලනය සම්බන්ධයෙන් සහ විවිධ පරිමාණයන් හිදී (රාජ්‍ය මට්ටමෙහි සිට ජාත්‍යන්තර මට්ටම දක්වා යන පරාසය තුළ ) එහි රටාවන් ගැන අවධානය යොමු කරමිනි.(භූ-ආර්ථීක විද්‍යාව)


20වන සියවස ආරම්භයේදී, ස්වීඩන ජාතික දේශපාලන විද්‍යාඥයෙකු වූ රුඩොල්ෆ් ෂෙලේන් විසින් මෙම පදය මුලින්ම භාවිතයට ගන්නා ලදී. පෙනිසෙල්වේනියා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර මණ්ඩල සාමාජීකයෙක් හා ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ රොබට් ස්ටෝස්-හූපෙ විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කොට ප්‍රචලිත කරන ලද්දාවූ පොලිටිෂේ ජියොග්‍රෆි (දේශපාලන භූගෝලය) යන ග්‍රන්ථය 1897 දී ලියූ ජර්මානු භූගෝලඥ ෆ්‍රෙඩ්රික් රට්සෙල් වෙතින්, ෂෙලේන් ආභාෂය ලැබ සිටියේය. හැල්ෆර්ඩ් මැක්කින්ඩර් පවා මෙම ක්ෂේත්‍රයෙහි පුරෝගාමියෙකු වූ මුත්, භූ-දේශපාලනය යන වදන භාවිතා කලේ නැත

[සංස්කරණය] සටහන්

"http://si.wikipedia.org/w/index.php?title=භූ-දේශපාලනය&oldid=207035" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්