භූගෝල විද්‍යා තොරතුරු පද්ධති තාක්ෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

භූගෝල විද්‍යාව තුළින් අනෙක් සියලු ම විෂයයන්ගේ වර්ධනය අධ්‍යයනය කරමින් ද පරිගණක තාක්ෂණයේ මහානිශංශ භුක්ති විඳිමින් ද ‍සමස්ත විශ්වයේ යහ පැවැත්ම උ‍දෙසා නිර්මාණය වූ ආශ්චර්යමත් තාක්ෂණික මෙවලම භුගෝල විද්‍යා තොරතුරු පද්ධතියයි

භූගෝල විද්‍යා තොරතුරු වර්ග දෙකකි.

  • ස්ථානීය තොරතුරු
  • විස්තරාත්මක තොරතුරු

භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියක මූලික කාර්ය 2 කි.

  • භූමියෙහි තොරතුරු (අංග ලක්ෂණ) ඉදිරිපත් කිරීම (අනුදැක්වීම)

සිතියම්, චන්ද්‍රිකා ඡායාරූප සහ ගුවන් ඡායාරූපවලින් විශ්වයෙහි තොරතුරු රූපාකාරයෙන් අනුදැක්වීම සිදු කෙරේ. මෙහිදී ස්ථානීය සම්බන්ධය (Spatial Reference) සහ නිවැරදි පරිමාණයකින් ඉදිරිපත් කිරීම ඉතා ම වැදගත් ය.

  • තොරතුරු සම්බන්ධ කිරීම

සිතියමක සඳහන් වන අංග ලක්ෂණවලට අදාළ දත්ත අඩංගු කර දත්ත පද්ධතියක් නිර්මාණය කර සිතියම හා දත්ත පද්ධතිය අතර සම්බන්ධතාව ඇති කිරීම භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියෙන් සිදු වේ.

විශ්වයේ සිදුවන වෙනස්වීම් මුද්‍රිත සිතියමක දැක්විය නොහැක. භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය එම අපහසුතාවය ජයගෙන ඇත. දත්ත පද්ධතිය යාවත් කාලීන කිරීමෙන් සිතියම වෙනස් කර ගනී.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්