භාෂාවේ සම්භවය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

භාෂාවේ ප‍්‍රභවය කෙසේ වීද යන ප‍්‍රශ්නය මානව ඉතිහාසය තුළ සැළකියයුතු මතිමතාන්තර රැසක් බිහිවීමට තුඩුදුන් එකකි. හෝමෝසේපියන්ස් යන නමින් හඳුන්වන මානවයා සෙසු විශේෂයන්ගෙන් වෙන්කර හඳුනාගතහැකි කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස භාෂා භාවිතය හඳුන්වා දිය හැකිය. කෙසේවුව ද ලිඛිත භාෂාව මෙන් නොව කථික භාෂාව කිසිදු ශේෂයක් නොතබයි. මේ හේතුව නිසා භාෂාවේ ප‍්‍රභවය සොයාගැනීම පිණිස උත්සාහයන් හි නිරත වාග්විද්‍යාඥයින්ට ඒ සඳහා වක‍්‍රක‍්‍රම උපයෝගී කර ගැනීමට සිදුව ඇත.


ප‍්‍රාථමික භාෂාවන්ගෙන් කිසිවක් දැන් ඉතිරිව නැති බවත්, නූතන මිනිසා කථා කරනුයේ සාපේක්ෂකව සංකීර්ණ භාෂා බවත් යන අදහසට වාග්විද්‍යාඥයෝ එකඟ වෙති. අද පවත්නා භාෂා, ප‍්‍රමාණයෙන් ද ඒවායේ වාග් මාලාවෙන්ද ආවරණය වන විෂයයෙන් ද වෙනස් වන අතර ඒ සියල්ල ම ව්‍යාකරණයකින් ද පද ඝටනාවකින් ද සමන්විතය. එමෙන් ම එම භාෂාව කථාකරන පුද්ගලයාගේ සංකල්ප මැනැවින් ප‍්‍රකාශකිරීමට අවශ්‍ය වාග්මාලාවෙන් ද ඒවා සමන්විතය. සියලූම මනුෂ්‍යයෝ එක හා සමාන භාෂා හැකියාවන්ගෙන් යුක්ත වේ. කිසිදු සුවිශේෂ භාෂාවක් භාවිත කිරීමේ සහජ ජෛවවිද්‍යාත්මක හැකියාවකින් යුතුව මෙලොව කිසිදු දරුවෙක් උපත නොලබති.


[සංස්කරණය] සටහන්

"http://si.wikipedia.org/w/index.php?title=භාෂාවේ_සම්භවය&oldid=203041" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්