භාර නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
විශ්වාසය පිළිබඳ නීතිය

පොදු නීතිමය පද්ධතියක් තුළ විශ්වාසය යනු සැකසුමකි. එමඟින් මුදල් හෝ දේපල තනි පුද්ගලයෙකු මඟින් (පුද්ගලයෙකු හෝ ව්‍යාපාරයක්) තවත් පුද්ගයෙකුගේ වාසියක් උදෙසා පරිපාලනය කරයි. නමුත් මෙය විශ්වාසය මඟින් අත්කර ගන්නා ලද දෙයකි. විශ්වාසය නිර්මාණය කරනු ලබන්නේ ස්ථාපනකරුය. ස්ථාපනකරු යනු තමන් සතු දේපල තමන් තෝරාගත් පුද්ගලයන් (භාරකරු) හට විශ්වාසයෙන් පවරාදෙන්නෙකු ය. භාරකරුවන් වු කලී විශ්වාස ගත දේපලක නීතිමය භාරකරුය. නමුත් ඔවුන් වෙනත් පුද්ගලයින්ගේ හෝ ව්‍යාපාරයන්හි (අර්ථලාභීන්) වාසිය නිසා ඔවුන්ගේ දේපල භාරකාරත්වයේ තබා ගැනීමට හැකි වූ පුද්ගලයින්ය. මෙය ස්ථාපනකරු විසින් නිරූපනය කරයි.

අර්ථලාභින් හට (විශ්වාස දේපල තුළින් වාසිලබන්නන්) භාරකරු භාරකාර සේවයක් ඉෂ්ට කරයි.

විශ්වාසමය නීතිය පාලනය කරන්නේ විශ්වාස පත්‍රිකාවේ කොන්දේසි අනුවයි. එය ලිඛිත වූ අත්‍යවශ්‍ය මාධ්‍යයකි. මෙය පාලනය කරන්නේ දේශීය නීතිය මඟිනි.

ඇමරිකාවේ ස්ථාපනකරු, දීමනාකරු හා උත්පාදනකරු යන නම් ද භාවිතා කරයි.


භාර නීතියේ අරමුණ[සංස්කරණය]

භාරයක සාමාන්‍ය අරමුණු වනුයේ,

1. පෞද්ගලිකත්වය - භාරයක් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ම පිහිටුවිය හැකිය. අන්තිම කැමති පත්‍රයක වගන්ති ප්‍රසිද්ධ කළ හැකි නමුත්, භාරයක එසේ කළ නොහැක. සමහර පවුල්වල මෙය භාරයේ මනා පැවැත්මට උපකාරී වේ.

2. නාස්තිය වැළැක්වීමට - යමකුට මුදල් පරිපාලනයේ ඇති නොහැකියාව නිසා ද භාරයක් ඇති කළ හැකිය. භාර ලියවිල්ලෙහි සඳහන් නිශ්චිත හේතු මත පමණක් දේපළ පරිහරණය කිරීම සඳහා ජීවිත කාලය තුළ පමණක් අදාළ වන භාර ද ඇති කරනු ලැබේ. මේවා සාමාන්‍යයෙන් ඇති කරනු ලබන්නේ පවුලේ සාමාජිකයකුගේ හෝ මිතුරකුගේ නාස්තිකාර වියදම් වැළැක්වීම සඳහා ය.

3. අන්තිම කැමති පත්‍ර සහ දේපළ බලතල පැවරීම - පෙර බොහෝ විට අන්තිම කැමති පත්‍ර මගින් ඇති කරනු ලැබේ. (ඇත්තෙන්ම, මියගිය පුද්ගලයාගේ දේපළ පරිපාලනය කිරීම ද භාරයක් වේ) සාමාන්‍යයෙන් දිළිඳු පුද්ගලයකු පවා බොහෝ විට තම දේපළ කාලත්‍රයාට (සිටී නම්) සහ දරුවන්ට සමානව පවරයි. යම් හෙයකින් දරුවන් අවුරුදු 18ට අඩු නම්, හෝ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කරන නිශ්චිත වයසකට පැමිණෙන තෙක් (බොහෝ විට අවුරුදු 21 හෝ 25) දේපළ භාරකරුවකු යටතට පැවරේ. එහිදි දේපළ පරිපාලනය කරන්නා සාමාන්‍යයෙන් භාරකරු වන අතර, දරුවන් ප්‍රතිලාභ ලබන්නන් වේ. අඩු වයසේහි සිටින ප්‍රතිලාභ ලබන්නන්ට උදව් කිරීමේ බලය භාරකරුට හිමි වේ.

4. පුණ්‍ය අරමුණු - සමහර පොදු නීති ක්‍රමයන්හි පුණ්‍ය අරමුණු සඳහා වන සියලූ දේපළ භාර වශයෙන් පැවතිය යුතුය. සමහර නීති ක්‍රමයන්හි ද භාර බවට පත් කළ හැකිය. බොහෝ නීති ක්‍රමයන් තුළ පුණ්‍ය දේපළ පොදු යහපත උදෙසා දැඩිව අධීක්ෂණය කෙරේ. (උදාහරණ : එක්සත් රාජධානියේ ‘පුණ්‍ය කොමිසම’)

5. කොටස් භාර - භාර සංකල්පය කෙතරම් නම්‍යශීලී ද කිවහොත්, සමහර විට එය ආයෝජන ක්‍රමයක් ලෙස ද භාවිත වේ.

6. විශ්‍රාම සැලසුම් - මේවා සාමාන්‍යයෙන් ඇති කරනු ලබන්නේ තමාගෙන් යැපෙන්නන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා ය.

7. සංස්ථාපිත ව්‍යුහයන් - මුල්‍ය හා රක්ෂණ සමාගම් වැනි සංකීර්ණ ව්‍යාපාර ජාලයන් තුළ සමහර අවස්ථාවලදී භාර ක්‍රියාත්මක වේ.

8. දේපළ ආරක්ෂා කිරීම - මෙම මූලධර්මය භාවිත වන්නේ අනාගත ණයකරුවන් තම දේපළ අත්පත් කර ගැනීමට පවත්නා ඉඩකඩ අවම කිරීමේ අරමුණින් දේපළ තම පෞද්ගලික සන්තකයෙන් බැහැර කිරීමයි. එහිදී, ඔහු/ ඇය, බංකොලොත්භාවයට පත් වීමට ද ඉඩ ඇත. මෙහිදී, ඇති කරනු ලබන භාරයේ ආරක්ෂකයා සහ ප්‍රතිලාභියා එකම අයකු වන නමුත්, ඔහු භාරකරු හෝ එකම ප්‍රතිලාභියා නොවේ. මෙහිදී භාරය ඇති කරන්නා, දේපළේ අයිතිය නොමැතිව එහි ප්‍රතිලාභියා වන අතර, මේ හේතුවෙන් ණයකරුවන්ගේ බැඳීම්වලට යටත් නොවේ.

මෙබඳු භාර සාමාන්‍යයෙන් නොඅදාළ නම්වලින් හඳුන්වනු ලැබේ. (උදාහරණ :‘ටෙඩි බෙයාර්’ භාරය) මෙය ආචාර ධර්ම පිළිබඳ සීමාවන් ඉතා පුළුල් වන අවස්ථාවකි. මෙබඳු සමහර අවස්ථාවන් නීති ගරුක වන අතර, (විවාදාත්මක ලෙස) සදාචාරාත්මක වන අතර, අනෙකුත් සමහර ඒවා එසේ නොවේ.

9. බදු සැලසුම් - භාර සම්බන්ධයෙන් අදාළ වන බදු, අනෙකුත් දේපළ සම්බන්ධයෙන් වන බදුවලින් වෙනස් වේ. මේවා බොහෝ විට බදු ගෙවීම මඟ හැරීම සඳහා ද භාවිත කෙරේ.

10. බදු ගෙවීම පැහැර හැරීම - ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සඳහා භාර පිහිටුවීම නීති විරෝධී වේ. මෙහිදී හිමිකරුවන්ගේ හිමිකාරිත්වය දේපළෙන් ඉවත් වන හෙයින් ඒ ආදායම් බදුවලින් වැළකීමට එය මනා පිටිවහලකි. එසේම, එක් රටක සිටින භාරකරුවෙක් තවත් රටකට ආදායම් බදු ගෙවිය යුතු නොවේ. මෙය ‘ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ වූ සංවිධානය’ විසින් විවිධ අවස්ථාවලදී සාකච්ඡාවට බඳුන් කොට ඇත.

11. මුදල් සැඟවීම - දේපළ ආරක්ෂා කිරීම සඳහා වන සමහර භාර නිසා, බොහෝ නීති ගරුක භාරකරුවන් පවා මුදල් සැඟවීමේ අරමුණට හසුවේ. (උදාහරණ : බැංකු දේපළ භාරකාර සමාගම)

12. සම අයිතිය - එක් අයකුට වඩා යම් දේපළකට උරුමකම් කියන විට ද භාරයක් ඇති කළ හැකිය. විශේෂයෙන්ම වෛවාහක නිවසක් භාරයක් බවට පත් කළ විට එහි ප්‍රතිලාභීන් ලෙස එක් කාලත්‍රයකු හෝ දෙදෙනාම පත් කළ හැකි අතර, ඔවුන් භාරකරුවන් ලෙස නෛතික හිමිකම් ද අත්කර ගනි.

භාර නීතියේ ඉතිහාසය[සංස්කරණය]

රෝම නීතියේ 'fidei commissa' යනුවෙන් භාර නීතියට තරමක් සමාන සංකල්පයක් පැවතුණ නමුත්, මෙය ලෙස නිර්මාණය වූවකි. පසුකාලීන පොදු නීති පද්ධතීන්හි දක්නට ලැබුනු 'inter vivos trust' නම් භාර සංකල්පය රෝම නීතියෙහි නොපැවතුණි. 'fidei commissa'සහ භාරයක් අතර පවතින තවත් වෙනසක් නම්, ”මින් පළමුවැන්න, දේපළක අයිතිවාසිකමක් ලබා ගැනීමේ නියම මාර්ගයක් ලෙස පවතින විට, දෙවැන්න, දේපළේ යහපත් කලමනාකරණය තහවුරු කිරීම හා හිමිකාරිත්වය දැරීම සඳහා යන වියදම් අවම කිරීම යන අරමුණු සඳහා පැවතීමයි.”

මධ්‍යතන ඉස්ලාම් නීතිය (7 වන සියවසේ සිට 9 වන සියවස තෙක්) තුළ වර්ධනය වූ මුස්ලිම් නීතියේ වාෆ් :අයිතීන් සංකල්පය ඉංග්‍රීසි භාර නීතියට සැලකිය යුතු සමානකමක් දක්වයි. සෑම වාෆ් දේපළකටම waqif - වාක්‍යිෆ් (අයිතිකරු), mutawillis - මුටාවිලීස් (භාරකරුවන්), masa - මසා (විනිසුරු) හා ප්‍රතිලාභ ලබන්නන් සිටිය යුතුය.

වාෆ් දේපළක් හා භාර දේපළක් යන දෙවර්ගය යටතේම, දේපළ සාමාන්‍යයෙන් පුණ්‍ය අරමුණක් උදෙසා හෝ නිශ්චිත පුද්ගලයින්ගේ යහපත පිණිස එහි මහා පරිපාලනය තහවුරු කිරීමට වෙන් කොට තබනු ලැබේ. එසේම දේපළ අන්සතු කළ නොහැකිය. ජීවිත කාලයටම ප්‍රතිලාභ ලැබීමට නියම කළ හැකිය. එසේම, දේපළ උරුම වීමේ නීතිය හෝ උරුමකරුවන්ගේ අයිතීන්ට පටහැනිව, භාරකරුවන් හෝ mutawallis පත් කිරීමට හැකිය.

මේ දෙක අතර ඇති එකම සැලකිය යුතු වෙනස නම්, වාෆ් දේපළක් එහි නිශ්චිත ප්‍රතිලාභ ලබන්නන් නොමැති විට ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් නැවත හැරවීමට ඉඩ දීමයි. මෙය waqf ahli (පුණ්‍ය අරමුණු සඳහා පිහිටුවන වාෆ් දේපළ) වලට වඩා waqf khairi (පවුල් භාර) වලදී පමණක් අදාළ වන්නකි. තවත් වෙනසක් නම්, ඉංග්‍රීසි නීතිය අනුව ප්‍රතිලාභියාගේ යහපත පිණිස භාරකරු භාරය දැරිය යුතු වුවද, ඔහුට දේපළ පිළිබඳ නෛතික බලයක් පැවරීමයි. මේ අර්ථයෙන් ගත් කළ mutawalli සහ ඉංග්‍රීසි නීතියේ භාර සංකල්පය අතර සැලකිය යුතු වෙනසක් නොමැත.

එංගලන්තයේ භාර නීතිය වර්ධනය වූයේ 12 වන 13 වන සියවස්හි කුරුස යුද්ධ සමයේදී ය. එහිදී මැද පෙරදිගින් පැමිණි මුස්ලිම් වාෆ් නීතිය බලපෑම් කරන්නට ඇත. එම කාලයේ දී එංගලන්තයේ ඉඩම් අයිතිය වැඩවසම් ක්‍රමය මත පදනම් විය. යුද්ධය සඳහා ඉඩම් හිමියන් රටින් බැහැරව ගිය විට ඒවා පාලනය කිරීම සඳහා ඔවුන්ට තව කෙනෙකු අත්‍යවශ්‍ය විය. එහිදි ඔවුන් තම මිතුරන්ට ඉඩම් පරිපාලනය භාර දී ගිය අතර, නැවත පැමිණි විට අයිතිය පවරා ගත හැකි විය. එහෙත්, බොහෝ විට සිදු වූයේ නැවත පැමිණි විට දේපළ යළි ලබා ගැනීමට අපහසු වීමයි. අවාසනාවක් ලෙස, ඉංග්‍රීසි නීතියේ මේ පිළිබඳ ව ප්‍රතිපාදන නොවීය. අධිකරණ මගින් තීරණය වූයේ දේපළ බලා ගත් පුද්ගලයාට එය නැවත භාර දීමට බැඳීමක් නැති බවයි. මෙහිදී ඔවුහු චාන්සලර් සාමිවරයා වෙත පෙත්සමක් යවමින් තම අයිතිය ඉල්ලා සිටියහ. චාන්සලර් සාමිවරයාට යුක්ති සහගත හා සාධාරණ තීන්දු ගැනීමේ බලය පැවතුණ අතර, ඔහුගේ හෘද සාක්ෂියට අනුව නඩු විසඳීමේ බලය පැවතිණි. ඒ අනුව සාධාරණත්වය පිළිබඳ මූලධර්මයේ බිහිවීම සිදුවිය.

මෙහිදී සැබෑ හිමිකරුට සිදුවන අසාධාරණය පිළිබඳ ව චාන්සලර් සාමිවරයාට පෙනී ගියේය. කාලයත් සමග ලෝඞ් සාමිවරයාගේ අධිකරණයට (Court of Chancery) පෙනී ගියේ මෙබඳු ඉල්ලීම් වැඩි වන බවයි. ඒ අනුව, එහි නියම හිමිකරු ‘ප්‍රතිලාභ ලබන්නා’ ලෙස ද, පරිපාලනය කළ තැනැත්තා ‘භාරකරු’ ලෙස ද නම් කෙරිණි. භාරකරු එම දේපළ ප්‍රතිලාභියා නැවත පැමිණි විට භාර දීමේ වගකීමට යටත් කෙරිණි. එය, ‘ඉඩමේ ප්‍රයෝජන ලැබීම’ ලෙස හඳුන්වනු ලැබූ අතර, ‘භාරය’ ලෙස විකාශනය වී තිබේ.

එසේම, දේපළ පවුලේ පළමු දරුවාට උරුම වීමේ ක‍්‍රමය ද එක්තරා ආකාරයක භාරයක් ලෙස හැඳින්විය හැකිය. එහිදී පළමු දරුවා දේපළවල භාරකාරත්වය පිළිබඳ වගකීම් දරන්නා වන අතර, ඒවා පිළිබඳ උද්ගත වන ගැටළු නිරාකරණය කිරීමට ද බැඳී සිටී.

භාර නීතිය - ප්‍රධාන මූලධර්ම[සංස්කරණය]

ඕනෑම ආකාරයක දේපළක් භාරයක් කළ හැකිය. එහි ප්‍රයෝජන විවිධාකාරය. භාරයක් යමෙකුගේ ජීවිත කාලය තුළ දී හෝ යමෙකුගේ මරණින් පසු අන්තිම කැමති පත්‍රයක් මගින් ඇති කළ හැකිය.


නිර්මාණය කිරීම[සංස්කරණය]

සාමාන්‍යයෙන් පහත ක්‍රමවලින් එකකින් භාර නිර්මාණය කළ හැකිය.

1. දේපළ සමථකරුවකු විසින් නිර්මාණය කොට ඔහු විසින් හා භාරකරුවන් විසින් අත්සන් තබන ලද භාරකාරත්ව ලියවිල්ලක් මගින්, 2. වාචික ප්‍රකාශයක් මගින්, 3. මියගිය පුද්ගලයකුගේ අන්තිම කැමති පත්‍රයක් මගින්.(මේවා තෙස්තමේන්තු කාරක නම් වේ) 4. අධිකරණ නියෝගයක් මගින් (නිදසුනක් ලෙස පවුල් නීති කටයුතුවලදී)

සමහර නීති පද්ධතිවල, සමහර වර්ගවල දේපළ ලිඛිත ලියවිල්ලක් රහිතව භාර බවට පත් කළ නොහැක.

නීත්‍යානුකූල පියවර[සංස්කරණය]

නයිට් එ. නයිට් නඩුවෙන් තීරණය වූ අන්දමට, භාරයක් නිශ්චිත ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. 1. චේතනාව - භාරයක් නිර්මාණය කිරීමේ පැහැදිලි චේතනාවක් පැවතිය යුතුය. (ඇඩම්ස් සහ කෙන්සින්ග්ටන් නඩුව) 2. විෂය වස්තුව - භාරයට බඳුන් වන දේපළ පැහැදිලිව හඳුනා ගත යුතුය. (පාර්මර් එ. සයිමන්ඞ්ස්) නිදසුනක් ලෙස යමෙකුට ‘දේපළෙන් වැඩි ප්‍රමාණයක්’ භාරයක් ලෙස නම් කළ නොහැකිය. එය ඕනෑම ආකාරයක පොදු හෝ පෞද්ගලික, ස්පර්ශ කළ හැකි හෝ නොහැකි දේපළක් විය හැකිය. එය බොහෝ විට ඉඩම්, සමාගම් කොටස් හෝ මුදල් විය හැකිය. 3. අරමුණු - භාරයේ ප්‍රතිලාභ ලබන්නන් පැහැදිලිව හඳුනා ගත යුතුය. එසේ නොමැති නම්, ඔවුන් කවුදැයි තීරණය කිරීමේ හැකියාව පැවතිය යුතුය. භාරකරුවන්ට එහි ප්‍රතිලාභ ලබන්නන් කවුරුන්දැයි තීරණය කිරීමේ අයිතිය ඇති අවස්ථාවක, ප්‍රතිලාභ ලබන්නන් පැහැදිලිව හඳුනාගෙන තිබිය යුතුය.

(මැක්පිල් එ. ඩෝල්ටන්) භාරය පිහිටුවන අවස්ථාවේ නූපන් පුද්ගලයන් ද ප්‍රතිලාභ ලබන්නන් ලෙස නම් කළ හැකිය. (උදාහරණ ලෙස ”මගේ අනාගත මුණුපුරු මිණිපිරියන් . . .”) එසේ නැති නම් එහි අරමුණ පෞද්ගලික එකක් නොව පුණ්‍ය චේතනාවක් ද විය හැකිය.


භාරකරුවන්[සංස්කරණය]

භාරකරුවන් නෛතික පුද්ගලයින් මෙන්ම සමාගමක් වැනි ආයතනයක් ද විය හැකිය. භාරය විසින් එහි භාරකරුවන්ට තීරණ ගැනීමේ අයිතිය ලබා දෙන කල්හි, භාරකරුවන් එක් අයකුට වඩා සිටිය හැකිය. භාරකරුවන් නොමැති අවස්ථාවලදී, දේපළෙහි හිමිකම දරන ඕනෑම පුද්ගලයකු භාරකරුවකු බවට පත් වේ. එසේ නැත්නම්, අධිකරණය භාරකරුවකු පත් කරයි.

භාරකරුවන් යනු භාර දේපළෙහි නීත්‍යානුකූල හිමිකරුවන් ය. දේපළට අදාළ සියලූ කටයුතු පරිපාලනය වන්නේ භාරකරුවන් අනිසි, එනම්, භාර දේපළ ආයෝජනය කිරීම, ප්‍රතිලාභ ලබන්නන්ගේ යහපත පිණිස දේපළ ආරක්ෂා කිරීම, භාර දේපළට අදාළ සියලූ ගනුදෙනු ගිණුම්ගත කොට ප්‍රතිලාභ ලබන්නන්ට වාර්තා කිරීම, දේපළට අදාළ බදු ගණනය කිරීම සහ වෙනත් නොයෙකුත් පරිපාලන කටයුතු ය. සමහර අවස්ථාවලදී, ප්‍රතිලාභ ලබන්නන්ට දේපළ භාවිත කළ හැකිද යන්න පිළිබඳ ව භාරකරුවන් විසින් තීරණය කරනු ලැබේ. භාර ලියවිල්ල මගින් මීට අදාළ බලතල භාරකරුවන්ට ලබා දෙයි. එහෙයින්, ප්‍රතිලාභ ලබන්නන්ට විශේෂිත අවස්ථාවල යම් දේපළක් හෝ මුදලක් ලබා දෙන්නේ ද යන්න තීරණය කිරීම භාරකරුගේ වගකීමකි.

භාරකාරත්වය සාමාන්‍යයෙන් වැටුප් නොලබන සේවයකි. එහෙත්, බොහෝ විට වත්මන් භාරකරුවන් වන්නේ නොමිලේ සේවය සැපයිය නොහැකි නීතිඥවරුන් හෝ වෙනත් වෘත්තිකයන් ය. එහෙයින් බොහෝ විට භාර ලියවිල්ල මගින් භාරකරුවන්ට සාධාරණ වැටුපක් ගෙවීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි. භාරකරුවන්ට එම දේපළ පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්වා වුවද භාරයක් ඇති කළ හැකිය. එහෙත්, (මිතුරන් හෝ වෘත්තිකයන් වැනි) භාරකරුවන් සමග භාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සමථ කරන්නාගේ වගකීමකි.

භාර වර්ග[සංස්කරණය]

ව්‍යංග භාර - ප්‍රකාශිත භාරයක් මෙන් මේවා භාරකරු හා භාරය පිහිටුවන්නා අතර ගිවිසුමක් මගින් නිර්මාණය නොවේ. මේවා නීතිය මගින් ‘සාධාරණත්ව ප්‍රතිකර්මක්’ ලෙස පිහිටුවනු ලැබේ. මෙය සාමාන්‍යයෙන් යම් වැරදි ක්‍රියාවක් කළ පුද්ගලයකුට, ඉන් හානියට ලක් වූ තැනැත්තා වෙනුවෙන් එම දේපළෙහි භාරකාරත්වය දැරීමට කරනු ලබන නියෝගයකි. මෙහිදී භාරකරු අනිවාර්යයෙන්ම වරද සිදු කළ පුද්ගලයා විය යුතු නැත. බොහෝ විට බැංකුවක් හෝ වෙනත් එබඳු ආයතනයක් වීමට ද ඉඩ ඇත.


ප්‍රකාශිත භාර - ප්‍රකාශිත භාරයක් යනු දේපළක හිමිකරුවකු විසින්, ඒ අවස්ථාවේ දී හෝ සිය මරණයෙන් පසු භාරයක් පිහිටුවන ලෙස කරනු ලබන ප්‍රකාශයක් මගින් ඇති කරන භාර වේ. මෙය අන්තිම කැමති පත්‍රයකින් හෝ භාර ඔප්පුවකින් සිදු කළ හැකිය. භාර ක්ෂේත්‍රයේ ඇති බොහෝ භාර මෙබඳු ඒවා වේ. අදාළ පාර්ශවයන්ගේ කැමැත්ත වචනවලින් හෝ හැසිරිම මගින් පැහැදිලිව පෙනී යා යුතුය. එසේම, භාර දේපළ හා එහි අරමුණු පැහැදිලිව හඳුනා ගත යුතුය. එක්සත් ජනපදයේ වංචා පිළිබඳ ව්‍යවස්ථාව අනුව, භාර දේපළ නිශ්චිත වටිනාකමකට වඩා වැඩි නම් හෝ එය නිශ්චල දේපළක් නම් එය ප්‍රකාශිත භාරයක් වීම අත්‍යවශ්‍ය වේ.


ස්ථාවර භාර - මෙහිදී ප්‍රතිලාභියාගේ අයිතීන් භාරය පිහිටුවන්නා විසින් නිශ්චිතව තීරණය කර ඇත. භාරකරුට ඉතා සීමිත අභිමත බලයක් පවති. නිදසුනක් ලෙස :

  • බාල වයස්කරුවකු සඳහා වන භාර (”X ට අවුරුදු 21 වන විට")
  • ජීවිත ප්‍රතිලාභ (”X ගේ ජීවිත කාලය තුළ”)
  • ඉතිරිය (”X ගේ මරණින් පසු ප‍්‍රාග්ධනය හ ට හිමි වේ”)


සංයුක්ත භාර - මෙහි අභිමතානුසාරි බලය සහිත භාර සහ ස්ථාවර භාර යන දෙකෙහිම ලක්ෂණ අඩංගු වේ. භාරය පිහිටුවන්නා විසින් නියම කරන ලද සෑම ප්‍රතිලාභියෙකුටම භාරකරු විසින් නිශ්චිත මුදලක් ගෙවිය යුතුය. එහෙත්, එම නිශ්චිත මුදල් ගෙවා අවසන් වු විට ඉතිරි ප්‍රතිලාභීන්ට මුදල් ගෙවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අභිමතයක් භාරකරුට ඇත.


ව්‍යංග භාර - මේවා පිහිටුවනු ලබන්නේ, ප්‍රකාශිත භාරයක් පිහිටුවීමට අවශ්‍ය සියලූ සාධක සම්පූර්ණ වී නැතත්, පාර්ශවයන්ට ඒ සඳහා වන කැමැත්ත ඇති විටකදී ය. භාර ලියවිල්ල නිශ්චිතව ලේඛනගත නොකිරීම හෝ භාර දේපළ නිශ්චිතව හඳුනා නොගැනීම මත මෙබඳු භාර ඇති විය හැකිය. එහිදී භාරය ඇති කරන්නාගේ යහපත පිණිස නීතිය මගින් ව්‍යංග භාරයක් ඇති කළ හැකිය. එනම්, භාර ලියවිල්ලෙහි සඳහන්ව නැතත් ප්‍රතිලාභියාට සිය අයිතීන් හිමි වේ.


පෙළඹවීමේ භාර- ප්‍රතිලාභියාගේ යම් හැසිරීමක් ධෛර්යමත් කිරීම සඳහා හෝ අධෛර්යමත් කිරීම සඳහා මෙබඳු භාර පිහිටුවනු ලාබේ. මෙම යෙදුම සමහර විට ස්ථාවර භාර අභිමතානුසාරි භාරවලින් වෙන් කර දැක්වීම සඳහා ද උපයෝගී කරගනු ලැබේ.


ජීවිත කාලය තුළ පිහිටුවන භාර - එනම්, භාරය පිහිටුවන්නාගේ ජීවිත කාලය තුලම භාරය ආරම්භ වන අවස්ථාවකි.


නැවත හැරවිය නොහැකි භාර - භාරයේ වගන්ති හෝ අරමුණු සම්පූර්ණ වන තෙක් නැවත වෙනස් කළ නොහැකි භාර මේ නමින් හැඳින්වේ. එහෙත් දුර්ලභ අවස්ථාවලදී අනපේක්ෂිත හේතු මත අධිකරණය විසින් එහි වගන්ති වෙනස් කරනු දක්නට හැකිය.


විදේශීය භාර - මෙහිදී භාරය පිහිටුවන්නේ එහි නිර්මාපකයාගේ අධිකරණ කලාපයෙන් පිටත වේ. මෙම යෙදුම බොහෝ විට විදේශීය මුල්‍ය මධ්‍යස්ථානවල පවන්නා භාර හැඳින්වීමට යොදා ගැනෙති. පොදු නීති රටවල බොහෝ දුරට මේවාට අදාළ රෙගුලාසි සමාන නමුත්, සමහර රටවල පොදු නීතියේ සීමාවන් ඉවත් කොට තිබේ.


පෞද්ගලික හා පොදු භාර - පෞද්ගලික භාරයකදී නිශ්චිත ප්‍රතිලාභීන් එක් අයකු හෝ වැඩි ගණනක් දක්නට ඇත. පොදු භාරයක දී (පුණ්‍ය භාර ලෙසද හඳුන්වයි) භාරයේ අරමුණ පුණ්‍ය චේතනාවකි. නිදසුනක් ලෙස පුණය භාරයක් වීමට නම් එහි අරමුණ දිළිඳුකම තුරන් කිරීම, අධ්‍යාපනය, ආගමික අරමුණු ආදිය විය යුතුය. පුණ්‍ය භාර, භාර නීතිය තුළ මෙන්ම බදු නීතිය තුළ ද අනෙක් භාරවලින් වෙනස් කොට සලකනු ලැබේ.


ආරම්භක භාර - මෙය එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ වෙනස් ලෙස භාවිත වේ.

1. එක්සත් රාජධානියේ ආරක්ෂිත භාර යනු යම් නිශ්චිත සිදුවීමක දී ක්‍රියාත්මක වීම නවතින භාර වේ. (උදාහරණ : ප්‍රතිලාභියා බංකොලොත් වීම, දේපළ විකිණිමට උත්සාහ කිරීම) මෙම භාර ඉතා අඩුවෙන් දක්නට ලැබේ.

2. එක්සත් ජනපදයේ මෙය භාවිත වන්නේ, ඉඩම් සැලසුම් කිරීම සඳහා ය. (සමහර නීති ක්‍රමයන්හි මෙය දේපළ ආරක්ෂා කිරීමේ භාරයක් ලෙස හඳුනා ගනී.) උදාහරණ ලෙසෂ, A නම් පුද්ගලයා B ට දේපළක් ලබා දීමට අදහස් කරයි. එහෙත්, තමා මිය යාමට පෙර තම ණයකරුවන් එම දේපළ අත්පත් කර ගනු ඇතැයි A බිය වෙයි. එහිදී A විසින් පිහිටුවන ලබන භාරයේ ප්‍රතිලාභියා ඊ වන අතර, B ට කිසිදු ප්‍රතිලාභයක් හිමිකර ගැනීමේ ඉඩකඩ ඇහිරේ. මීට විසඳුමක් ලෙස A සහ B යන දෙදෙනාම ප්‍රතිලාභීන් ලෙස භාරය පිහිටුවිය හැකි අතර, A මියයන තෙක් A ද, ඉන්පසුව B ද ප්‍රතිලාභ ලබයි. මෙහිදී A ගේ ණයකරුවන්ට දේපළ පිළිබඳ අයිතිවාසිකම් කීමේ අවස්ථාව අහිමි වේ.


අරමුණු භාර - සියලූ පුණ්‍ය භාර අරමුණු භාර වන අතර, පුණ්‍ය නොවන භාර ද නිශ්චිත අරමුණු සඳහා පිහිටුවිය හැකිය. සාමාන්‍යයෙන් 18 වන සියවසේ පොදු නීති සම්ප්‍රදායන් තුළ බිහි වූ සමහර අවස්ථාවන් හි දී හැර, නීතිය පුණ්‍ය නොවන භාර අරමුණු භාර ලෙස නොසලකයි. සමහර නීති පද්ධතීන් පුණ්‍ය නොවන අරමුණු භාර නීතිගත කොට තිබේ.


ප්‍රතිඵල භාර - මෙහිදී භාරය අසාර්ථක වුවහොත් භාරය පිහිටුවන්නාට දේපළෙහි හිමිකම පැවරේ. නැතහොත්, ත්‍යාග දීමේ අවස්ථාවක් නොමැති විටක කරනු ලබන ත්‍යාගයක් මගින්, ත්‍යාගය ලබන්නා එහි භාරකරු බවට පත්වීමක් ද ප්‍රතිඵල භාරයක් වේ.


අවලංගු කළ හැකි භාර- භාරය පිහිටුවන්නා මානසිකව යහපත් තත්ත්වයක සිටී නම් ඔහුට එහි වගන්ති ඕනෑම විටක වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට අවසරය ඇති භාර මෙනමින් හැඳින්වේ. මේවා එක්සත් ජනපදය තුළ බහුලව දක්නට ලැබේ. එසේ වනුයේ, එමගින් අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීම හා මියයාමෙන් පසු දේපළ භාරකරුවකු පත් කිරීම සඳහා වන අධික වියදම මෙම ක්‍රමය මගින් අවම වන හෙයිනි.


රහස්‍ය භාර - මෙය අන්තිම කැමති පත්‍රයට පරිබාහිරව පත් කරන භාරයක් වේ.


සරල භාර - මෙය එක්සත් ජනපදය තුළ පමණක් භාවිත වන යෙදුමකි. මීට අර්ථ 2ක් ඇත. එනම්,

1. භාරකරුට, ප‍්‍රතිලාභීන්ට යම් අවස්ථාවක දේපළ භාර දීම හැරෙන්නට වෙනත් වගකීම් නැත. මෙය ධාරක භාර ලෙස ද හඳුන්වයි. භාරකරුට වගකීම් පැවරෙන අනිකුත් සියලූ භාර ‘විශේෂ භාර’ නම් වේ.

2. ෆෙඩරල් නීතිය යටතේ භාරයක ශුද්ධ ලාභය වාර්ෂිකව බෙදා හැරෙන භාරද මෙනමින් හැඳින් වේ.


විශේෂ භාර- සරල භාර නොවන සියල්ල විශේෂ භාර වේ.


නාස්තිකාරත්වය වැළැක්වීමේ භාර - ප්‍රතිලාභියාට දේපළ නිසි ලෙස වියදම් කළ නොහැකි විට මෙබඳු භාර පිහිටුවනු ලැබේ. එහිදී භාරකරුට ප්‍රතිලාභ ලබා දීම පිළිබඳ ව අභිමත බලයක් හිමි වේ.


කොන්දේසි භාර- මේවා ව්‍යවස්ථාපිත භාර වන අතර, නිර්මාණය කරන අවස්ථාවේ දී කිසිවක් හිමි නොවන නමුත්, මරණයෙන් පසුව භාරය ඇති වේ.


තෙස්තමේන්තු භාර - අන්තිම කැමති පත්‍ර තුළින් පිහිටුවනු ලබන භාර වේ. මෙහිදී ද, භාරය ඇති කරන්නාගේ මරණයෙන් පසු එය ක්‍රියාත්මක වේ.


කොටස් භාර - මෙහිදී ප්‍රතිලාභ ලබන්නන්ට භාරයෙන් නිශ්චිත කොටස් හිමි වන අතර, ඒවායේ ආදායම් භාරකරු මගින් ඔවුන්ට ගෙවනු ලැබේ. භාරකරුද ප්‍රතිලාභියකු විය හැකි අතර, මෙය ‘සාමූහික ආයෝජනයක්’ ලෙස හැඳින්විය හැකිය.

ප්‍රතිලාභ ලබන්නන්[සංස්කරණය]

ප්‍රතිලාභ ලබන්නන් යනු භාර දේපළෙහි ප්‍රතිලාභ (හෝ සාධාරණ) අයිතිය ලබන්නන් ය. ඉක්මනින් හෝ ප්‍රමාද වී, ඔවුන්ට භාර දේපළ මගින් ආදායමක් හෝ එම දේපළ හිමි වේ. එක් ප්‍රතිලාභියකුට බාර දේපළක ආදායමක් (උදාහරණ : බැංකු ගිණුමක පොලිය) හිමිවන විට, අනෙක් භාරකරුට වයස 25 සම්පූර්ණ වන විට භාර දේපළ හිමිවිය හැකිය. සමථකරුට නීතිය මගින් නියම කරන ලද සීමාවන්ට යටත්ව, භාරය නිර්මාණය කිරීම පිළිබඳ අභිමතයක් හිමි වේ.

"http://si.wikipedia.org/w/index.php?title=භාර_නීතිය&oldid=251266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි