බෙත්ලෙහෙමේ‍ තරුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉතාලියේ ෆ්ලොරන්ස්හි Giotto di Bondone විසින් පින්තාරු කරන ලද ශාස්ත්‍රවන්තයින්ගේ නමස්කාරය (1267-1337).බෙත්ලෙහෙමේ‍ තරුව ධූමකේතුවක් ලෙස ළදරුවාට ඉහළින් පෙන්නුම් කෙරේ. ක්‍රි.ව 1301හි ධූමකේතුවක දර්ශනයක් තිබූ බවට Giotto විසින් සාක්ෂි දරා ඇත.

ක්‍රිස්තියානි සම්ප්‍රදායේ බෙත්ලෙහෙමේ‍ තරුව නමින් තවද හැදින්වෙන,නත්තල් තරුව,[1]ශාස්ත්‍රවන්තයින් තිදෙනාට ජේසුස්වහන්සේගේ උපත අනාවරණය කිරීමටත් පසුව ඔවුන් හට බෙත්ලෙහෙමට ඒමටත් මගපෙන්වන ලදී.මෙම තාරකාවේ සිදුවීම පෙන්නුම් කරන්නේ මතෙව් සුභාරංච්යේ උත්පත්ති කථාවේ, ජෙරුසලමට[2] "ශාස්ත්‍රවන්තයින්ගේ පැමිණීම" කොටසේ පමණි.එහේදී ඔවුන් ජුදාහි රජු වන හෙරෝද්ව මුණගැසී ජුදයින්ගේ රජු කොතනකදී ඉපදුනුදැයි අසන ලදී.එවිට හෙරෝද්, මීකාගේ පොතෙහි සදහන් දිවැසිවැකිය පරිදි ඔවුන් හට බෙත්ලෙහෙම නම් වූ නුදුරු ගම්මානයට මග පෙන්වන ලදී. තරුව,ඔවුන්ව ජේසුස්වහන්සේ උපන් ස්ථානයට ගෙන යන ලද අතර එහේදී ඔවුන් උන්වහන්සේට නමස්කාර හා පඩුරු පුද කරන ලදී.ශාස්ත්‍රවන්තයින් හට නැවත හෙරෝද් හමුවට නොයන ලෙස දිව්‍යමය අණකින් දන්වන ලද අතර ඔවුන් වෙනත් මගකින් "සිය රට"බලා යන ලදී.[3]

ක්‍රිස්තුතුමාගේ උපත සලකුණු කිරීමට මෙම තාරකාව පෑයූ බවට ක්‍රිස්තියානුවන් බොහොමයක් විසින් විශ්වාස කරති.සමහර දේවධර්මචාරීන් විසින් මෙම තාරකාව "star prophecy"[4] නම් වූ දිවැසිවැකිය සම්පූර්ණ කිරීමක් ලෙස හදුන්වයි.තාරකාවිද්‍යාඥයින් මෙම තාරකාව අසාමාන්‍ය තාරකාවිද්‍යාත්මක සංසිද්ධීන් වන බ්‍රහස්පති හා සෙනසුරු සංගමනය,ධූමකේතුව(වල්ගාතරුව),අද්භූත තාරකාව[5][6] යන දෑ කෙරෙහි සබැදුම් කිරීමට බොහෝ උත්සහා දරා ඇත.

බොහෝ නූතන විද්වතුන් මෙහි එෙතිහාසික නිරවද්‍යතාවය පිළිබඳ සැක පල කරන අතර මෙය මතෙව් සුභාරංචි[7] කතුවරයාගේ හුදෙක් ධාර්මික ප්‍රබන්ධයක් බවට තර්ක කරති.

නත්තල් සමයේදී[8] මෙම මාතෘකාව ග්‍රහලෝකාගාර සංදර්ශන වල ජනප්‍රිය අංගයක් වන නමුදු බයිබලීය වාර්තා අනුව මෙම සිද්ධිය ජේසුස්වහන්සේගේ උපතින් මාස කිහිපයකට පසු සිදු වූ බව පැවසේ. බටහිර ක්‍රිස්තියානි[9] භක්තිකයන් මෙම ප්‍රාදර්ශභාවයේ දිනය(Epiphany) ජනවාරි 6 දා සමරති.මෙම තාරකාව ලූක් සුභාරංචියේ ගවඔරු සිදුවීමෙහි නිතරම නිරූපණය වන නමුදු තාරකාව හා ශාස්ත්‍රවන්තයින්ගේ පැමිණීම ලූක් සුභාරංචියේ උත්පත්ති කථාවේ ඇතුලත් නොවේ.


මතෙව් වෘතාන්තය[සංස්කරණය]

ශාස්ත්‍රවන්තයින්ගේ නමස්කාරය Chartres ආසන දෙව් මැදුර, Jehan de Beauce විසින්, ප්‍රංශය, 16වන සියවස.

මතෙව් සුභාරංචිය අනුව ශාස්ත්‍රවන්තයින් ජෙරුසලමේ හෙරෝද් රාජසභාවට පැමිණි අතර ජුදයින්ගේ රජ උපත සලකුණු කල තාරකාව පිළිබඳ හෙරෝද්ට සැල කරන ලදී.

හෙරෝද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමේ‍ ජේසුස්වහන්සේ උපන් කල පෙර දිගින් ශාස්ත්‍රවන්තයෝ[10] ජෙරුසලමට අවුත්,"ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද?අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක[11],එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු"යි කීහ.එපවත් ඇසූ හෙරෝද් රජ ද මුළු ජෙරුසලම් ජනතාවද කැළඹුණාහ.එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන්ද විනයධරයන්ද රැස් කරවා,"ක්‍රිස්තුන්වහන්සේ කොහේ උපදින සේක්දැ"යි ඔවුන්ගෙන් විචාළේය.[12]

හෙරෝද් රජ "කැළඹුණ" ,ලද්දේ තාරකාව පෑයූ නිසා නොව ජුදයින්ගේ රජු කොතනකදී ඉපදුනුදැයි ශාස්ත්‍රවන්තයින් විසින් අසන ලද නිසාය[13].අනතුරුව හෙරෝද් උපදේශකයන්ගෙන් මෙසියස් කොහේ උපදින්නට නියමිතදැයි අසන ලදී[14]. ඔවුන්, මීකාගේ පොතෙහි සදහන් දිවැසිවැකිය පරිදි දාවිත් රජ උපන් නුවර බෙත්ලෙහෙමේ‍ යයි පිළිතුරු දෙන ලදී. හෙරෝද් එම දිවැසිවැකිය පරිදි ඔවුන් හට බෙත්ලෙහෙමට මග පෙන්වන ලදී.[15]

එකල හෙරෝද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව හොඳින් දැනගෙන,"ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න;ඔබ විමසා සොයා ගත් පසු මාත් ගොස් උන්වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න" කියා,ඔවුන් බෙත්ලෙහෙමට යැවීය.රජුගේ බස් අසා ඔවුහු පිටත්ව ගියහ.පෙරදිගදී ඔවුන් දුටු තාරකාව,ළදරුවා උපන් තැනට අවුත් ඉහළින් නවතින තුරු,ඔවුන්ට පෙරටුවෙන් ගියේය.තාරකාව දැක ඔවුහු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූහ.[16]

මතෙව් වාර්තා අනුව ශාස්ත්‍රවන්තයින් ජෙරුසලමට පැමිණීමට පෙර පවා ජුදයින්ගේ රජ උපන් බව දැන සිටියෝය.ඔවුන් උන්වහන්සේට රන්ද,තුවරලාද,ගන්ධරස[17] යන පඩුරු පුදකළෝය.ශාස්ත්‍රවන්තයින් හට නැවත හෙරෝද් හමුවට නොයන ලෙස සිහිනයකින් දන්වන ලද අතර ඔවුන් වෙනත් මගකින් "සිය රට"බලා යන ලදී.[18] එකල හෙරෝද් තෙමේ ශාස්ත්‍රවන්තයින් විසින් තමා රවටනු ලැබූ බව දැක,අතිශයින් උදහස් විය.එවිට ඔහු ශාස්ත්‍රවන්තයින්ගෙන් විමසා,හරියාකාර දැනගත් කාලය අනුව,දෑවුරුදු වයස් වූද,ඊට බාල වූද,බෙත්ලෙහෙම හා ඒ අවට සියලු පිරිමි දරුවන් මරා දැමීමට අණ කළේය.තම පවුලේ ආරක්ෂාව සඳහා මිසරයට පලා යන ලෙස ජෝසප් හට සිහිනයකින් දන්වන ලදී.[19]සුභාරංචියේ මෙම පලා යාම "මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවා ගතිමි.[20]" දිවැසි වැකිය ඉටු වීම ලෙස සලකයි.මෙය මෝසස්ගේ නායකත්වය යටතේ හෙබ්‍රව්වරුන් ඊජිප්තුවෙන් පිටත්වීමේ සිද්ධිය සඳහා යොමුවක් සේ සලකයි.එමනිසා මෙම පාඨය මතෙව් තුමන් විසින් ජේසුස්වහන්සේගේ ජීවිතය ජුදෙව් කථාවේ පුනරාවර්ජනයක් ලෙස දැක ඇති අතර ජුදයාව ඊජිප්තුව නිරූපණය කරන අතර හෙරෝද්,පාරාවෝ නිරූපණය කරයි.[21]හෙරෝද් මිය ගිය පසු ජෝසප් සහ එම පවුල ඊජිප්තුවෙන් පෙරළා පැමිණ[22] ගලීලයේ නාසරෙත් නුවර පදංචි විය.[23]

විවරණ[සංස්කරණය]

දිවැසාවලි සම්පූර්ණත්වය[සංස්කරණය]

බොහෝ නක්ෂත්‍ර සංසිද්ධීන්,මෙලොව පිළිබඳ සංසිද්ධීන් හා සම්බන්ධ වන බව පැරැන්නෝ විශ්වාස කළහ.[24]

බෙත්ලෙහෙමේ‍ තරුව සම්ප්‍රදායිකව ගණන් කථාවේ එන "star prophecy" කෙරෙහි සබැදුම් කර ඈත.

මම එතුමන් දකිමි,එහෙත් දැන් නොවේ;
මට එතුමන් පෙනේ එහෙත් ළගපාත නොවේ;
ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත;
ඊශ්‍රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත,
එතුමන් මෝවබ් නායකයන්ට පහර දී,ඔද වැඩි,සැහැසියන් වනසනු ඇත.[25]

පැහැදිලිවම මෙය යොමු කිරීමට අදහස් කර ඇත්තේ නුදුරු අනාගතයටයි මන්ද සුභාරංචි රචනා කරන සමයේදී මෝවබ් රාජධානිය වැරීමට ලක්වි බොහෝ කල් ගතවී ඇති අතර එය මෙසියස්ගේ පැමිණීම හුවා දක්වයි.[4]උදාහරණයක් වශයෙන් ජෝසීෆස් සදහන් කරන අන්දමට ඔහු මෙය යොමු කර ඇත්තේ Vespasian අධිරාජයාටය.[26] ඔරිගන්(origen) නැමැති සුප්‍රකට දේවධර්මධරයා විසින් මෙම දිවැසිවැකිය බෙත්ලෙහෙමේ‍ තරුවට සම්බන්ධ කර ඇත.[27]

ඔරිගන්ට අනුව ශාස්ත්‍රවන්තයින් ජෙරුසලමට ඒමට තීරණය කරන ලද්දේ තාරකාව සමග සම්ප්‍රාප්ති වන මිනිසා ඇත්තෙන්ම ලෝකයට ආ බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙනි.[28]

සමහර අවස්ථාවලදී ශාස්ත්‍රවන්තයින් හට "රජවරු" ලෙස ආරූඨ කරයි.මන්ද යෙසායා හා ගීතාවලියේ සඳහන් විජාතික රජවරුන් ජෙරුසලමට පැමිණීමේ දිවැසිවැකිය ඔවුන් සම්පූර්ණත්වයට පත් කල නිසාය.[29] යෙසායා රන් හා සුවඳ ද්‍රව්‍යය යන පඩුරු පිළිබඳ සඳහන් කරයි.[30]Septuagint,නම් වූ පැරණි ගිවිසුමේ ග්‍රීක පරිවර්තනය මෙම පඩුරු රන් හා තුවරලා ලෙස සඳහන් කරන අතර මතෙව්හි යොදාගන ඇත්තේද රන් හා තුවරලා යන සමාන යෙදුම් වේ. [31]ඔරිගන්ට අනුව ගන්ධරස මර්ත්‍යතාව සංකේතවත් කරයි.මෙම තාරකාවේ සිදුවීම ඔරිගන්ට අනුව ස්වභාවාත්මක සංසිද්ධියක් වන අතර ජෝන් ක්‍රිසොස්ටම්ට අනුව හුදෙක් ප්‍රාතිහාර්යයකි."[32]

තාරකාවිද්‍යාත්මක වස්තුව[සංස්කරණය]

ශාස්ත්‍රවරුන් විසින් පෙරදිගින්"[33] තාරකාව පායා එනු[11] දුටු බවට හෙරෝද්ට පැවසූහ.මෙය තාරකා මණ්ඩල,තාරකා රාශිය නිරූපණය කරන්නක් විය හැක.මෙම පරිච්ඡේදයේ "පෙරදිග" සදහා යොදා ඇති ග්‍රීක වචනය ඒකවචනයක් වන අතර බහුවචනාර්ථයක් යෙදෙන පරිච්ඡේද ශාස්ත්‍රවන්තයින්ගේ මව්බිමවල් සංකේතවත් කරයි.[34]

1614 දී ජර්මානු තාරකාවිද්‍යාඥයෙකු වන ජොහෑන්ස් කෙප්ලර් විසින් ක්‍රි.පූ.7දී බ්‍රහස්පති හා සෙනසුරු සංගමනයක් තිබූ බවට නිරීක්ෂණය කර ඇත.[8]මෙම සංගමන, තාරකාශාස්ත්‍රය අනුව ඉතා වැදගත් සංසිද්ධියක් වන අතර කෙප්ලර්, තාරකාශාස්ත්‍රයට අනුව මෙම සංසිද්ධිය කෙරෙහි සිතා නැත.එබැවින් මෙම ග්‍රහ යෝගය නව තාරකාවක්(nova) නිර්මාණය කරන්නේයැයි සිතූ ඔහු එම නව තාරකාව බෙත්ලෙහෙමේ තාරකාවට ඈදන ලදී.[8]නූතන ගණනය කිරීම් මගින් මෙම ග්‍රහ යෝගයේ ග්‍රහයන් අතර ආසන්න වශයෙන් අංශකයක පමණ පරතරයක් තිබූ බව හුවා දක්වන ලද අතර එබැවින් එම ග්‍රහ යෝගය සිත් ගන්නාසුලු දෘශ්‍ය වීමක් පෙන්නුම් නොකරන ලදී.[35] බැබිලෝනියාවෙන් පෟෙරාණික ලිතක් සම්බ වූ අතර එයද කිසිම ආකාරයකින් මෙම ආකාරයේ විශේෂ ග්‍රහයෝගයක් පිළිබඳ තොරතුරු හෙළි නොකරයි.[35]විසිවනසියවසේ තාරකාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය කාලිස් කොෆ්මානිස් (karlis kaufmanis) මෙම තාරකාව බ්‍රහස්පති හා සෙනසුරු,මීන රාශිය සමග ත්‍රිත්ව සංගමනයක් වීමේ සංසිදධියක් බව පවසයි.[36][37]

අනෙකුත් කතුවරුන් විසින් මෙය ධූමකේතුවක්(වල්ගාතරුව) බව පවසයි.[35]හේලිගේ වල්ගාතරුව ක්‍රි.පූ.12දී දෘශ්‍ය වූ අතර තවත් නව තාරකාවක් හෝ වල්ගාතරුවක් ක්‍රි.පූ.5දී චීන හා කොරියානු නැකත්කරුවන් දුටු බව පවසයි.[35][38]මෙම වස්තුව සැත්තෑ දවසක් පුරා චලිතයකින් තොරව තිබූ බවට නිරීක්ෂණය කරන ලදී.[35]පුරාණ කතුවරුන් ධූමකේතුව විස්තර කරන ලද්දේ,යම් නිශ්චිත නගරයකට ඉහලින් ප්‍රලම්භව පිහිටන වස්තුවක් ලෙසය.උදාහරණයක් ලෙස බෙත්ලෙහෙමේ තාරකාව, ජේසුස්වහන්සේ උපන් ස්ථානයේ බෙත්ලෙහෙමට ඉහලින් පායන ලදී.[39]නමුදු පුරාණයේදී ධූමකේතු නරක පෙරනිමිත්තක් ලෙස දක්නා ලදී.[40]

බෙත්ලෙහෙමේ තාරකාව ලෙස නම් කරන ලද තවත් ග්‍රහයෝගයක් වන්නේ යුරේනස් ග්‍රහයා ක්‍රි.පූ.9දී සෙනසුරු ග්‍රහයාව පසුකිරීම හා ක්‍රි.පූ.6දී සිකුරු ග්‍රහයා ආසන්නයෙන් ගමන් කිරීමයි.නමුත් යුරේනස් ග්‍රහයා ඉතාම සෙමින් වලනය වන අතර පියවි ඇසින් දැකීමට ඉතාම අපහසු වන නිසා මෙයද සිදුවිය නොහැක්කක් බව පවසයි.[41]

6 වන සියවසේ, Beit Alpha, Israel හි සිනගෝගයක අදින ලද රාශි චක්‍රයක්

බෙත්ලෙහෙමේ තාරකාව සදහා මෑතකදී යෙදූ උපකල්පනය නම් ඇන්ඩ්‍රොමිඩා මන්දාකිණිය ආසන්නයේ හටගත් අත්භූත තාරකාවක් බවයි.අත්භූත තාරකා හට ගැනීම ඇන්ඩ්‍රොමිඩා මන්දාකිණිය ආසන්නයේ කලින් නිරීක්ෂණය කර ඇත.[42]

තාරකාවිද්‍යාත්මක සංසිදධීන්[සංස්කරණය]

මේජායී(magi)යන ග්‍රීක වචනය ඉංග්‍රීසි බසට පරිවර්තනය වන්නේ wise men(ශාස්ත්‍රවන්තයින්) ලෙස වුවත් මොවුන් ඇත්තෙන්ම නක්ෂත්‍රඥයන් වේ.[43]නක්ෂත්‍රඥයන්ගේ සම්බන්ධය මුල් ක්‍රිස්තියානි සභාවට යම් ගැටලුවක් වන ලද්දේ "නක්ෂත්‍රය" යක්ෂ බලවේගයකට ආරූඨ කර ඇති නිසාය.[44]

ක්‍රි.පූ.3-2 අතර සත් සංගමන පෙළක් සිදුවී ඇති අතර ඉන් තුනක් බ්‍රහස්පති හා රෙගියුලස් තාරකාව හා රෙගියුලස් ආසන්නයේ බ්‍රහස්පති හා සිකුරු ක්‍රි.පූ.2 ජූනි 17 දිනදීය.මෙය ඉතා චමත්කාර අංගයක් වූ බවට Roger Sinnott පවසයි.[45]පුරාවිද්‍යාඥයෙකු වන simo parpola ද මෙය සහතික කර ඇත.[46]කෙසේ වෙතත් මෙම සංසිද්ධිය ක්‍රි.පූ.4දී හෙරෝද් රජුගේ මරණින් පසුව හටගන්නා ලදී.තවද මෙම ග්‍රහයා්ග බටහිර දෙසින් ඉර බැසීමේදී දිස් වූ අතර එය ශාස්ත්‍රවන්තයින්ව දකුණට එනම් ජෙරුසලමේ සිට බෙත්ලෙහෙමට යොමු කරීමට අවකාශයක් නොතිබුන ලදී.[47]

තාරකාවිද්‍යාඥයෙකු Michael R. Molnar විසින් ක්‍රි.පූ.6 මර්තු 20 සහ අප්‍රේල් 17 දින චන්ද්‍රයා මගින් බ්‍රහස්පතිව Aries තාරකා රාශියේදී ද්විත්ව අන්තර්ධානයක්(මුවා කිරීම) යෝජනා කරන ලද අතර එය බෙත්ලෙහෙමේ‍ තරුවට සම්බන්ධ කරන ලදී.[48][49] චන්ද්‍රයා විසින් කෙරෙන මෙවැනි ග්‍රහ අන්තර්ධාන සුලභ වන අතර කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ තාරකාවිද්‍යාඥයෙකු වන Firmicus Maternus විසින් මෙවැනි අන්තර්ධානයක් දිව්‍යමය රජෙකුගේ උපත සළකුණු කිරීමක් ලෙස හදුන්වයි.[48][50]නමුත් මෙවැනි සංසිදධියක් සූර්යයාට ආසන්නව සිදුවන නිසා නිරීක්ෂණය කිරීම අපහසු වේ.[51]

ධාර්මික ප්‍රබන්ධය[සංස්කරණය]

සුභාරංචි උත්පත්ති කථා වස්තූන්, ජේසුස්වහන්සේගේ ක්‍රිස්තුභාවය ඇගවීමට පසුව නිර්මාණය කරන ලද බව වාර්තා බව බොහෝ විද්වතුන් විශ්වාස කරන අතර බෙත්ලෙහෙමේ‍ තරුව ධාර්මික ප්‍රබන්ධයක් සේ සලකයි.[52][53]

Jean Fouquet(15 වන සියවස) විසින් අදින ලද "ශාස්ත්‍රවන්තයින්ගේ නමස්කාරය". බෙත්ලෙහෙමේ‍ තරුව දකුණු කොනේ ඉහළින් පෙන්නුම් කෙරේ.

මතෙව් සුභාරංචියෙහි සදහන් මෙම වාර්තාව එෙතිහාසික සිද්ධිය කෙරෙහි යම් ගැටලුසහගත තත්වයක් උදා කරයි.එනම්,ශාස්ත්‍රවන්තයින් හට ජෙරුසලමේ සිට කිලෝමීටර 10ක් නුදුරින් වන බෙත්ලෙහෙම කරා යාමට තරුවක මග පෙන්වීමක් අවශ්‍ය වූයේ ඇයිද යන්නය.බෙත්ලෙහෙමේ‍ තරුව හෝ ශාස්ත්‍රවන්තයින් පිළිබඳ සඳහන් කරන එකම සුභාරංචිය මතෙව් පමණි.නූතන විද්වතුන් මාක් සුභාරංචිය පැරණිම සුභාරංචිය[54] ලෙස පිළගන්නා අතර එහි බෙත්ලෙහෙමේ උත්පත්ති කථාව පිළිබඳ සඳහන් නොවේ.[55]ජොහාන් සුභාරංචියේ එන චරිතය ජේසුස්වහන්සේ ගලීලයෙක් බව සඳහන් කරන අතර බෙත්ලෙහෙමෙන් නොවන බව කියයි.[56]

උත්පත්තිය විදහා දක්වන රුසියානු සිත්තම. බෙත්ලෙහෙමේ‍ තරුව, මැද ඉහළින්,අදුරු අඩ කවයක් ලෙස පෙන්නුම් කරන අතර තනි කිරණක් පමණක් පහළට ගලා එයි.

සුභාරංචි සියල්ලක්ම පාහේ ජේසුස්වහන්සේව "නාසරෙත්හි ජේසුස්"[57] ලෙස හඳුන්වන අතර බෙත්ලෙහෙමෙන් නොවන බව සඳහන් වේ.සමහර විද්වතුන් ජේසුස්වහන්සේ නාසරතයේ උපන් බව විශ්වාස කරන අතර බෙත්ලෙහෙම සඳහන් උත්පත්ති කථා වස්තූන්,සුභාරංචි කතුවරුන් විසින් යොදා ගන්නා ලද්දේ ජේසුස්වහන්සේගේ උපත දිවැසාවලිය සම්පූර්ණත්වයට පත් කිරීමක් ලෙස ඇගවීමටය.[58]

මතෙව් සුභාරංචියෙහි සඳහන් වන ප්‍රාතිහාර්යාත්මක හා පෙරනිමිති පිළිබඳ විස්තර අගෝස්තුස් අධිරාජයාගේ උපත හා සංසන්දනය කළ හැකිය.එකල ජනප්‍රිය විශ්වාසයක් වූ,යම් තාරකාවක් සෑම මිනිසකුගේම ජීවිතයට සම්බන්ධ වන බව ජේසුස්වහන්සේගේ උපත තාරකාවක පළමු දර්ශනයට සබැඳුම් කිරීම තුළින් නිරූපණය වේ.[59]ශාස්ත්‍රවන්තයින් හා නක්ෂත්‍ර සංසිද්ධීන් සබැදුම් කිරීම විවෘත මනසකින් කර ඇත්තේ මේජායි හට බලය පැවරීමක් මතෙව් සුවිශේෂය රචිත කාලයේදිම රෝමයේදී සිදුවී ඇති නිසා හා එම කාලය තුලදීම (ක්‍රි.ව.66) හේලිගේ වල්ගාතරුවක විශිෂ්ට දර්ශනයක් ඇති වී ඇති නිසාය.[39] Dio Cassius නම් ඉතිහාසඥයා මෙලෙස ලියා ඇත."The King did not return by the route he had followed in coming,"[39]මෙම පේළිය මතෙව්හිද අනුකරණය වී ඇත.[60]

ආගමික අර්ථවිවරණය[සංස්කරණය]

පෙරදිග ඕතොඩොක්ස් සභාව[සංස්කරණය]

පෙරදිග ඕතොඩොක්ස් සභාවන්හි බෙත්ලෙහෙමේ‍ තරුව අර්ථවිවරණය වන්නේ ආශ්චර්යවත් හෝ අධි ස්වභාවික සිදුවීමක් ලෙසය.එය හුදෙක් නක්ෂත්‍ර සිදුවීමක් ලෙස පිළි නොගනියි.ඒ මගින් ශාස්ත්‍රවන්තයින් හට ක්‍රිස්තු බිළිදිා සිටි ස්ථානයට දෙවියන් විසින් දූතයෙකු එවා ශාස්ත්‍රවන්තයින්ට මග පෙන්වූ බවය.මෙය troparion උත්පත්තියෙහි මෙලෙස පෙන්නුම් කෙරේ.

"Your birth, O Christ our God,
dawned the light of knowledge upon the earth.
For by Your birth those who adored stars
were taught by a star
to worship You, the Sun of Justice,
and to know You, Orient from on High.
O Lord, glory to You."[61]

මෝමෝන්[සංස්කරණය]

මොවුන් විශ්වාස කරන අන්දමට බෙත්ලෙහෙමේ‍ තරුව සත්‍ය සිදුවීමක් වේ.[62]මෝමෝන් ග්‍රන්ථයෙහි පුරාණ දිවැසිවරුන්ගේ ලියවිලි අඩංගු වන අතර Samuel the Lamanite දිවැසිවරයා විසින් ජේසුස්වහන්සේගේ උපත සංකේතවත් කිරීමට නව තාරකාවක දිස් වීමක් වන බවට දිවැසි දෙසීමක් කර ඇත.[63]

යෙහෝවා සාක්ෂිකරුවන්[සංස්කරණය]

යෙහෝවා සාක්ෂිකරුවන්ට අනුව බෙත්ලෙහෙමේ‍ තරුව දෙවියන්ගේ සලකුණකට වඩා එය සාතන්ගේ සළකුණක් වේ.මන්ද එම තාරකාව ශාස්ත්‍රවන්තයින්ව ජෙරුසලමට යොමු කිරීම තුලින් ජේසුස්වහන්සේව ඝාතනය කිරීම සදහා ප්‍රයත්නයකට හෙරෝද් හට ඉඩක් ලැබුන නිසාය.[64]

Seventh-day Adventist[සංස්කරණය]

The Desire of Ages, Ellen White මෙලෙස ප්‍රකාශ කරයි. "That star was a distant company of shining angels, but of this the wise men were ignorant."[65]

ජේසුස්වහන්සේගේ උපන් වර්ෂය නිර්ණය කිරීම[සංස්කරණය]

තාරකාව පිළිබඳ වෘතාන්තය සත්‍ය වන්නේ නම් එමගින් ජේසුස්වහන්සේ උපන් වර්ෂය නිර්ණය කිරීමට හැකි වනු ඇත.මතෙව් සුවිශේෂයට අනුව ජේසුස්වහන්සේ උපන්නේ හෙරෝද් පාලන සමයේය.[66] ජෝසීෆස්ට (josephus)අනුව හෙරෝද් මිය යන්නේ චන්ද්‍රග්‍රහණයකින් පසුවය.[67]මෙම චන්ද්‍රග්‍රහණය වූයේ ක්‍රි.පූ.4 මාර්තු 13 යැයි සැලකේ.[68]මෙම වෘතාන්තයට අනුව ජේසුස්වහන්සේ උපන්නේ තාරකාවේ පළමු දර්ශනය වීමේත්, ශාස්ත්‍රවන්තයින් හෙරෝද් මාළිගය බැහැ දැකීමත් අතර කාල පරාසය අතරය.දෑවුරුදු වයස් වූද,ඊට බාල වූද,බෙත්ලෙහෙම හා ඒ අවට සියලු පිරිමි දරුවන් මරා දැමීමට කල අණ කිරීම අගවන්නේ තාරකාව පෙර අවුරුදු දෙකක කාලය තුලදී දර්ශනය වී ඇති බවය.නූතන විද්වතුන්ට අනුව ජේසුස්වහන්සේගේ උපත ක්‍රි.පූ.6-4 අතර සිදුවී ඇත.[69]

ලූක්තුමන්ගේ වාර්තා අනුවද ජේසුස්වහන්සේ උපත ලබන්නේ හෙරෝද් රජ ජීවත්ව සිටියදීය.සිරියාවේ ආණ්ඩුකාර කුරේනියස්[70]විසින් කරන ලද සංගණනයක් අතරතුර ජේසුස්වහන්සේගේ උපත සිදුවී ඇත

කලාවේ සංවර්ණන[සංස්කරණය]

ශාස්ත්‍රවන්තයින්ගේ නමස්කාරය විදහා දක්වන සිතුවම් වල තාරකාවක ස්වරූපයක් යම ආකාරයකින් දිස්වේ.ඉතාලියේ ෆ්ලොරන්ස්හි Giotto di Bondone විසින් පින්තාරු කරන ලද ශාස්ත්‍රවන්තයින්ගේ නමස්කාරයේ (1267-1337),බෙත්ලෙහෙමේ‍ තරුව ධූමකේතුවක් ලෙස ළදරුවාට ඉහළින් පෙන්නුම් කෙරේ.Edward Burne-Jones විසින් නිර්මාණය කරන ලද ගෙත්තම් තිරයක මෙම තාරකාව දේවදූතයෙකු විසින් දරා සිටින ආකාරය පෙන්නුම් කර ඇත.

ජනප්‍රිය සංස්කෘතිය[සංස්කරණය]

1980 දී,Twilight Zone නමින් විකාශනය වූ රූපවාහිනී වැඩසටහනක "The Star" නැමැති ශ්‍රීමත් ආතර්.සී.ක්ලාක් විසින් රචිත විද්‍යා ප්‍රබන්ධ කෙටි කථාවක්, කථාංගයක් ලෙස විකාශනය විය.

ක්‍රි.පූ.3000දී පමණ ආලෝක වර්ෂ 3000 ක් දුරින් අද්භූත තාරකාවක ජනනය වීමක් සිදුවී ඇත.හොදින් වැඩුණු ශිෂ්ඨාචාරයක් එම අද්භූත තාරකාව විසින් මුලින් උපුටා දමන ලදී.ගගනගාමියෙකුවූ පියතුමකු හට මෙම සිදුවීම තම විශ්වාසය කෙරෙහි මහත් අර්බුධයක් ඇති කරන්නක් වී ඇත.මන්ද,ක්‍රිස්තු උපත නිවේදනය කිරීම සදහා දෙවියන් විසින් මෙවැනි ශිෂ්ඨාචාරයක් විනාශකලේ ඇයිද යන්නය.තවත් ගගනගාමියෙකු ඔහු හට වාර්තාවක් පෙන්වන ලදී. එම මිනිසුන් කියන ආකාරයට ඔවුන් තම උච්ච අවධියේ සිටි බවත් හා නව මිනිසුන් සදහා මාර්ගයක් නිර්මාණය කිරීමට සිටි බවත් සදහන් වේ.නව පරම්පරාවට කලාව හා සංගීතයේ උරුමයද දායාද කර ඇත.

නත්තල් කැරොල්[සංස්කරණය]

මෙම තාරකාව,බොහෝ අවස්ථාවලදී නත්තල් කැරොල් හා බද්ධ කර ඇත.උදාහරණයක් වශයෙන් "we three kings" හි අඩංගු ධ්‍රැව පදයක,

"O star of wonder, star of night,
Star with royal beauty bright,
Westward leading, still proceeding,
Guide us to thy perfect light."


සටහන්[සංස්කරණය]

යෙදුම්[සංස්කරණය]

  1. A Christmas Star for SOHO, NASA, archived from the original on December 24, 2004, http://web.archive.org/web/20041224171230/http://science.nasa.gov/headlines/y2000/ast16May_1.htm, retrieved 2008-07-04 
  2. Matthew 2:1–2
  3. Matthew 2:1–2
  4. 4.0 4.1 Freed, Edwin D. (2001), The Stories of Jesus' Birth: A Critical Introduction, Continuum International, p. 93, ISBN 0-567-08046-3, http://books.google.com/?id=sF-ZKEssEGwC&printsec=frontcover&q 
  5. "Star of Bethlehem." Cross, F. L., ed. The Oxford dictionary of the Christian church. New York: Oxford University Press. 2005
  6. "Jesus was born in June", The Daily Telegraph (London), 2008-12-09, http://www.telegraph.co.uk/topics/christmas/3687843/Jesus-was-born-in-June-astronomers-claim.html, retrieved 2011-12-14 
  7. For example, Paul L. Maier, "Herod and the Infants of Bethlehem", in Chronos, Kairos, Christos II, Mercer University Press (1998), 171; Geza Vermes, The Nativity: History and Legend, London, Penguin, 2006, p22; E. P. Sanders, The Historical Figure of Jesus, 1993, p.85; Aaron Michael Adair, "Science, Scholarship and Bethlehem's Starry Night", Sky and Telescope, Dec. 2007, pp. 26–29 (reviewing astronomical theories).
  8. 8.0 8.1 8.2 John, Mosley. "Common Errors in 'Star of Bethlehem' Planetarium Shows". http://www.ips-planetarium.org/planetarian/articles/common_errors_xmas.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-06-05. 
  9. Ratti, John, First Sunday after the Epiphany, http://www.episcopalchurch.org/sermons_that_work_6772_ENG_HTM.htm, retrieved 2008-06-05 
  10. Brown, Raymond Edward (1988). An Adult Christ at Christmas: Essays on the Three Biblical Christmas Stories, Liturgical Press, p. 11 ISBN 0-8028-3931-2; Eerdmans Dictionary of the Bible, Eerdmans (2000), p. 844.
  11. 11.0 11.1 Matthew 2:2. New Revised Standard Version.
  12. සැකිල්ල:Bible verse New King James Version (1982).
  13. Thomas G. Long, Matthew (Westminster John Knox Press, 1997), page 18.
  14. Matthew 2:4.
  15. Matthew 2:8.
  16. Matthew 2:7–10.
  17. Matthew 2:11
  18. Matthew 2:12.
  19. Matthew 2:13–14
  20. Matthew 2:15 The original is from Hosea 11:1.
  21. "An Exodus motif prevails in the entire chapter." (Kennedy, Joel (2008), Recapitulation of Israel, Mohr Siebeck, p. 132, ISBN 978-3-16-149825-1, http://books.google.com/?id=byeQn2T93LAC&pg=PA156&dq=Matthew+recapitulates+story+of+Jewish#PPA132,M1, retrieved 2009-07-04 )
  22. Matthew 2:10–21
  23. Matthew 2:23
  24. Vermes, Geza (December 2006), "The First Christmas", History Today 56 (12): 23–29, http://www.historytoday.com/MainArticle.aspx?m=31928&amid=30235606, retrieved 2009-07-04 
  25. Numbers 24:17
  26. Josephus, Flavius, The Wars of the Jews, http://www.gutenberg.org/etext/2850, retrieved 2008-06-07  Translated by: William Whiston.
    Lendering, Jona, Messianic claimants, http://www.livius.org/men-mh/messiah/messianic_claimants13.html, retrieved 2008-06-05 
  27. Adamantius, Origen. "Contra Celsum". http://www.ccel.org/ccel/schaff/anf04.vi.ix.i.lx.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-06-05. , Book I, Chapter LIX.
  28. Adamantius, Origen. "Contra Celsum". http://www.ccel.org/ccel/schaff/anf04.vi.ix.i.lxi.html. . Book I, Chapter LX.
  29. France, R.T., The Gospel according to Matthew: an introduction and commentary, p. 84. See Isaiah 60:1–7 and Psalms 72:10.
  30. Isaiah 60:6
  31. Isaiah 60:6 (Septuagint)
  32. Schaff, Philip (1886), St. Chrysostom: Homilies on the Gospel of Saint Matthew, New York: Christian Literature Publishing Co., p. 36, http://www.ccel.org/ccel/schaff/npnf110.VI_1.html, retrieved 2009-07-04 
  33. Matthew 2:2
  34. Nolland, John (2005), The Gospel of Matthew: A Commentary on the Greek Text, Wm. B. Eerdmans Publishing, p. 109, ISBN 0-8028-2389-0, http://books.google.com/?id=dSkozMG7j8wC&printsec=frontcover&q 
  35. 35.0 35.1 35.2 35.3 35.4 Mark, Kidger. "Chinese and Babylonian Observations". http://www.astrosurf.com/comets/Star_of_Bethlehem/English/Chinese.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-06-05. 
  36. Minnesota Astronomy Review Volume 18 – Fall 2003/2004 "The Star of Bethlehem by Karlis Kaufmanis". http://www.astro.umn.edu/news/vol18.pdf. 
  37. Audio Version of Star of Bethlehem by Karlis Kaufmanis "The Star of Bethlehem by Karlis Kaufmanis". http://sites.google.com/site/astrologicalstarofbethlehem/. 
  38. Colin Humphreys, 'The Star of Bethlehem', in Science and Christian Belief 5 (1995), 83–101.
  39. 39.0 39.1 39.2 Jenkins, R.M. (June 2004). "The Star of Bethlehem and the Comet of AD 66". Journal of the British Astronomy Association (114): pp. 336–43. http://www.bristolastrosoc.org.uk/uploaded/BAAJournalJenkins.pdf. Retrieved 2009-07-04. 
  40. Mark Kidger, Astronomical Enigmas: Life on Mars, the Star of Bethlehem, and Other Milky Way Mysteries, (Johns Hopkins University Press, 2005), page 61.
  41. Kidger, Mark (2005), Astronomical Enigmas: Life on Mars, the Star of Bethlehem, and Other Milky Way Mysteries, Baltimore: Johns Hopkins University Press, pp. 60 
  42. Tipler, F.J.,The Star of Bethlehem: a Type Ia/Ic Supernova in the Andromeda Galaxy. Dept. of Mathematics and Dept. of Physics, Tulane University; New Orleans, LA 70118. 20 March 2005.
  43. Raymond Edward Brown, An Adult Christ at Christmas: Essays on the Three Biblical Christmas Stories, Liturgical Press (1988), p. 11.
  44. S. J. Tester, A History of Western Astrology, (Boydell & Brewer, 1987), page 111–112.
  45. Sinnott, Roger, "Thoughts on the Star of Bethlehem", Sky and Telescope, December 1968, pp. 384–386.
  46. Simo Parpola, "The Magi and the Star," Bible Review, December 2001, pp. 16-23, 52, and 54.
  47. Kidger, Mark (2005), Astronomical Enigmas: Life on Mars, the Star of Bethlehem, and Other Milky Way Mysteries, Baltimore: Johns Hopkins University Press, p. 63, ISBN 0-8018-8026-2, http://books.google.com/?id=DKYJaBd-znAC&printsec=frontcover&q 
  48. 48.0 48.1 Molnar, Michael R. (1999), The Star of Bethlehem: The Legacy of the Magi, Rutgers University Press, pp. 86, 89, 106–107, ISBN 0-8135-2701-5, http://www.eclipse.net/~molnar/index.html, retrieved 2009-07-04 
  49. For a similar interpretation, see Minnesota Astronomy Review Volume 18 – Fall 2003/2004 "The Star of Bethlehem by Karlis Kaufmanis". http://www.astro.umn.edu/news/vol18.pdf. 
  50. Stenger, Richard (December 27, 2001), "Was Christmas star a double eclipse of Jupiter?", CNN, http://edition.cnn.com/2001/TECH/space/12/27/star.coverup/index.html, retrieved 2009-07-04 
  51. Kidger, Mark (December 5, 2001), "The Star of Bethlehem", Cambridge Conference Correspondence, http://abob.libs.uga.edu/bobk/ccc/cc120501.html, retrieved 2007-07-04 
  52. Brown, Raymond E. (1993), The Birth of the Messiah, Anchor Bible Reference Library, p. 188 
  53. Markus Bockmuehl, This Jesus (Continuum International, 2004), page 28; Vermes, Géza (2006-11-02), The Nativity: History and Legend, Penguin Books Ltd, p. 22, ISBN 0-14-102446-1 ; Sanders, Ed Parish (1993), The Historical Figure of Jesus, London: Allen Lane, p. 85, ISBN 0-7139-9059-7 ; Believable Christianity: A lecture in the annual October series on Radical Christian Faith at Carrs Lane URC Church, Birmingham, October 5, 2006
  54. Witherington, Ben (2001), The Gospel of Mark: A Socio-Rhetorical Commentary, Eerdmans, p. 8 
    France, R. T. (2002), The Gospel of Mark: A Commentary on the Greek Text, Eerdmans, p. 16 
    Head, Peter M. (1997), Christology and the Synoptic Problem: An Argument for Markan priority, Cambridge: Cambridge Univ. Press, ISBN 0-521-58488-4, http://www.tyndale.cam.ac.uk/Tyndale/staff/Head/Christology.htm, retrieved 2009-07-04 
  55. Mark 6:1–4
  56. See John 1:46, John 7:41–42, and John 7:52.
  57. In Greek, Nazarēnos (Nazarene) or Nazōraios (Nazorean).
  58. Nikkos Kokkinos, "The Relative Chronology of the Nativity in Tertullian", in Ray Summers, Jerry Vardaman and others, eds., Chronos, Kairos, Christos II, Mercer University Press (1998), page 125–6.
    Funk, Robert W. and the Jesus Seminar, The Acts of Jesus: The Search for the Authentic Deeds of Jesus, HarperSanFrancisco, 1999, ISBN 0-06-062979-7. pp. 499, 521, 533.
    Paul L. Maier, "Herod and the Infants of Bethlehem", in Chronos, Kairos, Christos II, Mercer University Press (1998), 171.
    For Micah's prophecy, see Micah 5:2.
  59. Nolland, p. 110.
    Pliny the Elder, Natural History, II vi 28.
  60. Matthew 2:12
  61. {{cite web
    | title = Hymns of the Feast
    | url = http://www.goarch.org/special/listen_learn_share/nativity
    | work = Feast of the Nativity of our Lord and Savior Jesus Christ
    | publisher = Greek Orthodox Archdiocese of America
    | year = 2009}}
  62. Smith, Paul Thomas (December 1997), "Birth of the Messiah", Ensign, http://www.lds.org/ensign/1997/12/birth-of-the-messiah?lang=eng 
  63. සැකිල්ල:Lds; සැකිල්ල:Lds
  64. Awake! July 8, 1994, pp.6-7; The Greatest Man who ever lived, ch.7 / www.watchtower.org
  65. Desire of Ages, pp. 60. http://text.egwwritings.org/publication.php?pubtype=Book&bookCode=DA&lang=en&collection=2&section=4&pagenumber=60&QUERY=company+of+shining+angels&resultId=1
  66. Matthew 2:1
    Luke 2:2
  67. Josephus, Antiquities XVII:7:4.
  68. Timothy David Barnes, “The Date of Herod’s Death,” Journal of Theological Studies ns 19 (1968), 204–19.
    P. M. Bernegger, “Affirmation of Herod’s Death in 4 B.C.,” Journal of Theological Studies ns 34 (1983), 526–31.
    Steinmann, Andrew E., "When Did Herod the Great Reign?", Novum Testamentum, Volume 51, Number 1, 2009 , pp. 1-29(29). Steinmann concludes that Herod most likely reigned until 1 BC.
  69. "Jesus Christ." Encyclopædia Britannica. Chicago, 2010.
  70. Luke 2:2.

බාහිර සබැඳුම්[සංස්කරණය]

Star of Bethlehem
Life of Jesus: The Nativity
Preceded by
Infant Jesus at the Temple
  New Testament 
Events
Followed by
Adoration of the Wise Men

සැකිල්ල:Christmas

"http://si.wikipedia.org/w/index.php?title=බෙත්ලෙහෙමේ‍_තරුව&oldid=308013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි