බුරුම ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය

විකිපීඩියා වෙතින්
ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය
အာဇာနည်နေ့
Observed byමියන්මාරය
Typeජාතික නිවාඩු දිනය
Dateජූලි 19
Frequencyවාර්ෂික

ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ දිනය (බුරුම: အာဇာနည်နေ့) යනු, 1947 වසරෙහිදී මෙම දිනයේදී ඝාතනය කෙරුණු ලැබූ ජනරාල් අවුන් සන් සහ පූර්ව-නිදහස් අන්තර්වාර රජයේ තවත් නායකයන් සත් දෙනෙකු —තකින් ම්යා, බා චෝ, අබ්දුල් රසක්, බා වින්, මාන් බා කයින්, සාඕ සන් ටුන් සහ ඕන් මෝන්— සැමරීමට ජූලි 19 දින පැවැත්වෙන බුරුම ජාතික නිවාඩු දිනයකි. රජයේ ඉහළ-නිල දරන නිලධාරින් විසින්, මෙම දිනයේ උදෑසන, රැන්තුන් නගරයේ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ සමාධිය වෙත පැමිණ, උපහාර දැක්වීම සාම්ප්‍රදායික වෙයි.

1947 ජූලි 20 දිනදී රැන්ගුන් හිදී මයෝමා ඌ තන් ච්වෙයි විසින් පළමු බුරුම ප්‍රාණපරිත්‍යාග දින උත්සවයට නායකත්වය දුනි.[1]


ඉතිහාසය[සංස්කරණය]

1947 ජූලි 19 දිනදී, දළ වශයෙන් පෙ.ව. 10:37 BST වත්ම, නිල ඇඳුමෙන් සැරසුනු අවි ගත් මිනිසුන් පිරිසක් විසින්, බුරුමයේ නිදහස් ව්‍යාපාරයේ නායකයන් කිහිප දෙනෙක් වෙඩි තබා මරා දැමුණේ, ඔවුන් යැන්ගුන් නගරයේ මණ්ඩියෙහි පිහිටි ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීමක් පවත්වමින් සිටියදීය.

ආශ්‍රිත[සංස්කරණය]