බුධ ග්‍රහයාගේ අභ්‍යන්තර ව්‍යුහය

විකිපීඩියා වෙතින්
ලබා ගත හැකිය. (පෘථිවියේ වැඩි ඝනත්වයට හේතුව ගුරුත්වාකර්ෂණ සංකෝචනය වන අතර) වන අතර බුධ ග්‍රහයා ඊට වඩා ඉතා කුඩා වනඅතර ඇතුලු ප්‍ර‍දේශ එතරම් තදින් සංකෝචනය වී නැත. ‍එබැවින් එයට මෙතරම් ඉහත ඝනත්වයක් හිමිවන්නට නම් එහි හරය විශාලවීම සහ යකඩ වලින් පිරි තිබිය යුතුය. භූ විද්‍යාඥයින් විසින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට බුධ ග්‍රහයාගේ හරය එහි පරිමාවෙන් 42% ක් වන අතර පෘථිවිය සදහා මෙම ප්‍රතිශතය 17% කි. මෑත කාලීන  පර්යේෂණ වලින් හෙළි වන්නේ බුධ ග්‍රහයා සතුව ද්‍රව වූ හරයක් ඇති බවයි.

හරය වටා කි.මී. 600 ක මැන්ටලය ඇති අතර ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග විශාල දේහයක් ගැටීමෙන් එහි මුල් මැන්ටල ද්‍රව්‍ය බොහොමයක් ඉන් ඉවත් වී විශාල හරයට සාපේක්ෂව තුනී මැන්ටලයක් ඉතිරි වන්නට ඇත.

බුධ ග්‍රහයාගේ ක‍‍‍බොල්ල කි.මී. 100 -200 දක්වා ඝනකමකින් යුක්තය. බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයේ ඇති එක් විශේෂ ලක්ෂණයක් වන්නේ කි.මී. ගණනාවක් දුරට විහිදෙන හෙල්වැටි දක්නට ලැබීමය. බුධ ග්‍රහයාගේ කබොල්ල ඝන තත්ත්වයේ පවතින අවස්ථා‍වේදී එහි හරය සහ මැන්ටලය සීතලවී සංකෝචනය වීම නිසා මෙම හෙල්වැටි සෑදෙන්නට ඇති බව විශ්වාස කෙරේ.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ප්‍රධාන ග්‍රහයන් සැමට වැඩි යකඩ සංයුතියක් බුධ ග්‍රහයා සතුය. මෙය පැහැදිලි කිරිමට මත බොහොමයක් ඉදරිපත් වී ඇත. බොහෝ දෙනා විසින් පිලිගත් මතය වන්නේ මුල් කාලයේ දී බුධ ග්‍රහයාගේ ලෝහ - සිලිකා අනුපාතය සාමාන්‍ය කොන්ඩ්‍රයිට් ධූම කේතු වලට සමාන වන්නට ඇති බවය. මෙම අනුපාතය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සාමාන්‍ය පාෂාණ ද්‍රව්‍ය වල ලක්ෂණයක් බවට විශ්වාස කෙ‍රේ. කෙසේ නමුදු සෞරග්‍රහ මණ්ඩලයේ මුල් ඉතිහාසයේ දී බුධ ග්‍රහයා සමග ඇති වූ ගට්ටනයකින් එහි මුල් මැන්ටලය සහ කබොල්ලෙන් වැඩි ප්‍රමාණයක් ගැලවී ගොස් හරය වැඩි වශයෙන් ඉතිරිවන්නට ඇත. පෘථිවි චන්ද්‍රයා සෑදුනු අයුරු පැහැදිලි කිරීමටත් මෙවැනිම ක්‍රියාවලියක් යොජනා වී ඇත. සාරා