බීටු දෝෂ අනුපාතිකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.

බීටු දෝෂ අනුපාතිකය (BER) යනු අධ්‍යයනයට ලක් වූ කාල පරාසයකදී ඇතිවූ බීටු දෝෂ සංඛ්‍යාව, සමර්පිත මුළු බිට් ගණනින් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවයි. BER යනු ඒකක විරහිත කාර්යසාධන මිම්මක් වන අතර බොහෝවිට ප්‍රතිශතයක් ලෙසින් දැක්වේ.

බීටු දෝෂ සම්භාව්‍යතාවය pe යනු BER හී ඇවෙක්සුම් අගය වෙයි. BER අගය, බීටු දෝෂ සම්භාව්‍යතාවයෙහි ආසන්න නිමානයක් (ඇස්තමේන්තුවක්) ලෙසින් සැලකිය හැක. දිගු කාල පරාසයක් තුලදී හා ඉහල බීටු දෝෂ සංඛ්‍යාවක් සඳහා මෙම නිමානය නිරවද්‍ය අගයක් ලබා දෙයි.

පටුන

[සංස්කරණය] නිදසුන

නිදසුනක් ලෙසින්, පහත බීටු අනුක්‍රමය සම්ප්‍රේෂණය කෙරුණේ යැයි උපකල්පනය කරන්න:

0 1 1 0 0 0 1 0 1 1,

පහත බීටු අනුක්‍රමය ප්‍රතිග්‍රහණය වූයේ යැයි උපකල්පනය කරන්න:

0 0 1 0 1 0 1 0 0 1,

මෙම අවස්ථාවෙහිදී බීටු දෝෂ සංඛ්‍යාව (යටින් ඉරි ඇඳි බීටු ගණන) 3 කි. BER වන්නේ සාවද්‍ය බීටු 3 සමර්පිත බීටු ගණන වන 10 න් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව වන අතර, මෙනයින් BER වන්න් 0.3 හෝ 30% කි.

[සංස්කරණය] පැකට්ටු දෝෂ අනුපාතිකය

පැකට්ටු දෝෂ අනුපාතිකය (PER) (නැතහොත් සංකේත හෝ කට්ටි දෝෂ අනුපාතිකය) යනු සාවද්‍ය ලෙසින් සමර්පිත දත්ත පැකට්ටු (ආදි ලෙසින්.) ගණන සමර්පිත පැකට් ගණනෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවය. එහි එක් බීට්ටුවක් හෝ සාවද්‍ය නම්, පැකට්ටුවක් සාවද්‍ය ලෙසින් සැලකෙයි. PERහි ඇවෙක්සුම් අගය දැක්වෙන්නේ පැකට් දෝෂ සම්භාව්‍යතාවය pp ලෙසින් වන අතර, N බීටු ගණනක දත්ත පැකට් දිගක් සඳහා එය පහත පරිදී දැක්විය හැක:

p_p = 1 - (1 - p_e)^N,

මෙහිදී බීටු දෝෂ එකිනෙකින් ස්වායත්ත බවට උපකල්පනය කෙරෙයි. කුඩා බීටු දෝෂ සම්භාව්‍යතාවන් සඳහා මෙය දළ වශයෙන් පහත පරිදී වෙයි:

p_p \approx p_eN

[සංස්කරණය] BER කෙරෙහි බලපාන සාධක

සන්නිවේදන පද්ධතියකප්‍රතිග්‍රාහකය දිසාවෙහි BER වෙත බලපැම් ඇති කරන්නේ, සම්ප්‍රේෂණ නාලිකාවේ ඝෝෂාව, නිරෝධනය, කුරූපණය, බීටු සමමුහූර්තකරණ ගැටළු, භායනය, නොරැහැන් බහුපථ මැලයීම, ආදිය විය හැකිය.

[සංස්කරණය] මෙයද බලන්න

[සංස්කරණය] ආශ්‍රිත

සැකිල්ල:FS1037C MS188

"http://si.wikipedia.org/w/index.php?title=බීටු_දෝෂ_අනුපාතිකය&oldid=211526" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්